නංගි facebook ඇතුළුව social media වල ඉන්න කෙනෙක් නම් මොන lock එකක් වත් ඕනේ නෑ.
බය නැතිව ඕනේ app එකක් දාලා phone එක දෙන්න. තවත් රකින්න තරම් පෞද්ගලිකත්වයක් නෑ.
එහෙම නෙවෙයි නම්,
තමන්ගේ ආරක්ෂාව = පෞද්ගලිකත්වය බව,
whatsapp භයානක වෙන්න පුළුවන් විදිය, පරෙස්සමට පාවිච්චි කරන්න ඕනේ බව, මොළේට වදින විදියට කියලා දෙන්න.
නංගි එක්ක හොඳ සහෝදර සම්බන්ධයක් තියනවා නම්, ඒ කියන්නේ කියන දෙයක් අහන මට්ටමේ ඉන්නවා නම්,
තාක්ෂණික පැත්ත සරලව පැහැදිලි කරන්න digital data, internet කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි බව.
ජීවිතයක් විනාශ ම වෙලා යන්න bytes කිහිපයක් ඇති බව.
එහෙම නැත්නම්, අම්මා, තාත්තා ලවා හෝ පැහැදිලි කරන්න.
පැහැදිලි කරලා දුන්නට පස්සේ, ඕක එයාටම තේරුම් ගන්න බැරිනම් මොන lock දැම්මත් වැඩක් නෑ.
අනිත් අය කියලා තියනවා වගේ බලෙන් "හිරකරලා" තේරුමක් නෑ.
whatsapp, telegram... වගේ කිසිම එකක් නරක නෑ. පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
Smart phone එකක දෙනවාට වඩා පවුලේ අයට නිතරම පේන තැනක තියන PC එකකට දාලා දෙන්න පුළුවන් නම් තවත් හොඳ වෙයි.