නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..

ඔන්න හැමෝටම සුබ දවසක් කියන ගමන්ම පටන් ගන්නන් ..අපි ආපහු ගියා පොඩි ට්‍රිප් එකක්..පොඩි කිව්වට පොඩිම නෑ.දවස් 4ක් කිලෝමීටර් 26ක් විතර.මේ පාරත් ගියේ නකල්ස් තමා..එත් මේ සැරේ වෙන පාරක්..මේ ගමනේ භාගයක් ගොඩක් අය ගිහින් ඇති.ඉතුරු ටික ගිය අය අඩුයි..

හැමෝම අහල ඇති නකල්ස් කඳු මුදුන් 5ක් ගැන..අන්න ඒකට තමා අපි ගියේ..ඊට පස්සේ එතනින් අළු ගල්ලෙන හරහා මීමුරේට බහින එක තමා plan එක උනේ.ගමනට මේ සැරේ 6ක් හිටිය..හැම පාරම වගේ මුලින් 9ක් ඉඳල පස්සේ දෙන්නෙක් බෑ කිව්ව..ඊටත් පස්සේ තව දෙන්නෙක් බෑ කිව්ව වහිනවා කියල..ඊට පස්සේ වෙන එකෙක් සෙට් උනා..ඔහොම තමා 6ක් උනේ..

ඒ දවස්වල හොඳට වහිනවා.එහෙම කියල සැලෙන්නෙ නෑ අපි නං..වැස්සෙ තියෙන්නේ වෙනම ආතල් එකක්..ඒක දන්නෝ දනිති.

ගොඩක් ගමන් වලදී වගේම රෑ කෝච්චියෙන් නුවර ගිහින් එතනින් මාතලේ උකුවෙල ඉන්න යාලුවෙක්ගෙ ගෙදරට ගිහින් එහෙ රෑ ඉඳල පහුවදා උදේ එතනින් වත්තේගම හරහා බඹරැල්ලට යන එක තමා plan එක.අපි යන සෙට් එක sure නැති නිසා ticket ගන්න අන්තිම වෙනකන් ඉඳල book කරන්න ticket නැති උනාලු..වෙලාවට අපේ office එකේ එකෙක්ගේ යාලුවෙක් මාර්ගයෙන් අපි මරදානෙන් නගින්න සෙට් කර ගත්තපොඩි පොඩි වැඩ වගයක් නිසා මට එන්න පරක්කු උනා..මම හිතුවෙම මට නුවරට බස් එකක යන්න වෙයි කියල..අව්ලක් උනේ නෑ වෙලාවට.

අපි train එකේ
vzsyaXw.jpg


අපි නුවරට ගිහින් එතනින් උකුවෙල යන්න බස් එකක් එනකන් ඉඳල ගියා කියල වැඩක් නෑ එක නං..අපේ යාළුවා පාරට ඇවිල්ල අපිව උන්ගේ ගෙදරට අරන් ගියා..හොඳට සැපට නිදා ගෙන උදේට උන්ගේ ගෙදරින් කාල අම්මට වැඳලා යාලුවටත් ස්තුති කරලා පිටත් උනා ගමනට.උන්ගේ අම්ම එක දෙයයි කිව්වෙ පුතාල නොදන්න තැන්වල නාන්න යනවා නං පරිස්සන් වෙන්න කියල මේ වහින කාලේ..යාළුවම ගෙනල්ලත් දැම්ම උකුවෙල ටව්මට.එක තමා නියම යාළුකම..අපිට දවල්ට කන්න කෑමත් බැඳලා දුන්න.ගොඩක් පින් මචන් අංජුල..

ඔතනින් වත්තෙගමට බස් එකේ එනකොටම බඹරැල්ල ට බස් එකක් තිබුන..අපි බැලුවේ ඊළඟ එකේ යන්න අපිට බඩු වගයක් ගන්න තිබුන හින්ද..එත් driver කිව්ව බස් එකට නගින්න,මගින් ගමු කියල..ඇත්තටම මාර හිත හොඳ මිනිස්සු..පාර මැද්දේ බස් එක නවත්තල කිව්ව අර බඩු වගයක් ගන්න ඕන කට්ටිය ඉක්මනට බැහැල ගන්න කියල..බස් එකේදී ගොඩක් අය අපිත් එක්ක කතාවට වැටුන,අපිට උපදෙස් දුන්න.හැමෝම කිව්වේ එක දෙයයි,මේ දවස්වල ගොඩක් වහිනවා.ඒ නිසා පරිස්සමින් ,නාන්න යනවනං ගොඩක් පරිස්සමින් කියල තමා..

බස් එකේ යනකොට නකල්ස් පෙන විදිය
subRoCg.jpg


බස් එකේ යන අපි.
MrGwE8W.jpg


යාලුවෝ හම්බවෙලා.හැබැයි මේ මනුස්සය කියපු වතුර පාර නං අපිට හම්බුනෙත් නෑ.
c65XwIo.jpg


බඹරැල්ල හෝල්ට් එකෙන් බැහැල බස් එකේ දෙන්නටත් ස්තුති කරලා ලෑස්ති උනා ගමනට..ඊට කලින් එතන කඩෙන් කෑවා වඩේ ටිකක්..ටිකක් නෙමෙයි ගොඩක්..

මේ තියෙන්නේ කඩේ.
QDD1gNL.jpg


මේ තියෙන්නේ වඩේ.
1BSaxDR.jpg


එතැනදී අන්කල් කෙනෙක් ටිකක් අමුතු උපදෙසක් දුන්න.පුතාල මේ දවස්වල ගොඩක් මීදුම තියෙනවා ,වහිනවා, ඒ නිසා දොට්ට පිලට ගියත් දෙන්නෙක් එක්ක යන්න කිව්ව..

පිටත් උනා
aFzP1mV.jpg


ටිකක් දුර ගියාම දේවාලයක් තිබුන..පඬුරක් දාල ආශිර්වාද අරගෙන පිටත් උනා එතනින්.
Od06RuZ.jpg


මුලින් තේ වතු මැද්දෙන් ගොඩක් දුර ගියාම තමා නකල්ස් වලට ඒ කියන්නේ කැලේට ඇතුල් වෙන තැන හම්බෙන්නෙත්.

එතකන් මග නැවතී නැවතී ගියා ගොඩක් වෙලා.
Ovt7IAN.jpg


එතනට පේන නකල්ස්
0RTDATq.jpg


කන්දසාමි ගල
wVbCQvz.jpg


තව ටික දුරක් ඇවිල්ල නැවතුනා වතුර ටිකක් බොන්න ගෙයක් ළඟ..ඒ ගෙදර ලස්සන නංගි කෙනෙක් ටීවී බල බල හිටිය..
xs8cx3A.jpg


mXOhZwm.jpg


මේ හරියේදී අපේ යාලුවෙක්ට ගමේ ඩයල් එකකුත් සෙට් උනාලු..
gE0w5LK.jpg


මග දිගට මේ වගේ පොඩි පොඩි ඒවා හදල නං තිබුන..
mes3UFW.jpg


මෙතැනදී අපිට හම්බුනා නකල්ස් යන තව සෙට් එකක්.උන් නං අපිව පහු කරන් ගියා..
MExTjBj.jpg


nombIPG.jpg


ටික වෙලාවකින් අපි කැලේට ඇතුල් වෙන තැන.
2UwWZaD.jpg


ගැහුවා group photo එකක්.
v1olMeE.jpg


එතන ඉඳන් ගොඩක් දුර යනකන් ලොකුවට කන්ද තිබුනේ නෑ.

ටික දුරක් ගියාම හම්බවෙනව ලස්සන පොඩි දිය ඇල්ලක්..එතනින් නාගෙන දවල්ට කාල එහෙම පිටත් උනා ඉතුරු ටිකට.

දිය ඇල්ලට පොඩ්ඩක් හැරිලා යන්න ඕන.
0U2WUYP.jpg


rT9pOmA.jpg


GghR9pE.jpg


වතුර නං පට්ට හීතලයි..!
g9XtbGf.jpg


LZuQNhE.jpg


ආපහු ගමනේ.
0HlTbOC.jpg


A7fB8aZ.jpg


මේ හරිය ටිකක් එළිමහන් තැන්නක් වගේ.
cQSFXJk.jpg


Qg2RQb4.jpg


මග දිගට නැවතී නැවතී තමා ඉතින්.
yj9ENBP.jpg


Nrhnq9W.jpg


ටික වෙලාවකින් අපිට හම්බුනා කලින් අපිව පහු කරන් ගිය සෙට් එක.උන් උඩට යන්නේ නැතුව මග camp කරනවලු..

මේ එතන.
MpJryUO.jpg


එතන පොඩ්ඩක් කතා කරල ආව අපි
08NNizc.jpg


ඔතනින් පස්සෙ ටිකක් කන්ද වැඩි උනා.

මගදී හම්බුනා මෙතන.
3f2Jjlb.jpg


ටික දුරක් ගියාම කඳු මුදුන් ඔක්කොම මීදුමෙන් වැහිලා වහින්න පටන් ගත්ත..අපි නං නෙමෙයි නැවතුනේ..rain coat දාගෙනම ගියා.
Pf73THq.jpg


අපේ plan එක උනේ උඩට ගිහින් එතන tent එක ගහන්න..අපි අහල තිබුනේ camp site තියෙන්නේ පලවෙනි peak එකෙයි දෙවැනි peak එකෙයි හතරවෙනි එකෙයි කියල.. එත් අපි උඩට යනකොට මෙලෝ දෙයක් පෙන්නේ නෑ..පලවෙනි එක පහු කරන ගියා පණ්ඩිත කමට.දෙවැනි peak එකට යනකොට කළුවරත් වැටිලා.එතන තියෙනෙ site එකේ tent එකට ඉඩ මදි..අපි ලේසියෙන් වැඩේ අතාරින්නෙ නැති සෙට් එකක් හින්ද ගියා කළුවරේම 4 වෙනි peak එකට..එතකොට තිබුන අනික් ප්‍රශ්නේ තමා වතුර නෑ බොන්න..

මේ මම ඉන්නේ දෙවැනි peak එකේ..එතන තමා නකල්ස් කඳු මුදුන් 5 අතරේ උසම තැන..
YEjDLW8.jpg


ටික වෙලාවකින් අපි වතුර තියෙන පොඩි වලක් හොයාගෙන බොහොම පරිස්සමට වතුර ටිකක් ගත්ත..
මෙතනින් තමා ඒ..
u7Oh2gD.jpg


මේ photo එක focus වෙලා නෑ..
pZ5yRrH.jpg


කොහොමහරි tent එක ගහන්න තැනක් හොයාගෙන එක අටවාගෙන රෑ නිදා ගත්ත..ඒ අත්දැකීම නං ලේසියෙන් කෙනෙක්ට ගන්න වෙන්නේ නැති එකක්..ඒ තරන් හීතලයි හුලඟයි..උදෙත් ඒ විදියටම හුලන්..එත් වැස්ස නෑ..

අපි tent එකේ..
hK6bXQD.jpg


පහුවදා උදෙන්ම ඇහැරිලා පාන් ටිකක් කන ගමන් ගැහුවා ඕමියක්.නැත්තන් ලොකු අඩුවක්නෙ.ටික වෙලාවක් ඉඳල අපි පටන් ගත්ත පල්ලම් බහින්න.ඒ කියන්නේ අපේ ගමනේ අමාරු ටිකට.එතකොටත් මීදුම නං අඩුවක් නෑ.

පොඩි photo shoot එකකුත් කළා.
ott1xug.jpg


අපි සෙට් එක දෙවැනි peak එකේ.
1NSxFLT.jpg


camera ගොඩක් වෙලා එළියේ තියන් ඉන්න බෑ පින්න සැර වැඩියි.ඔතන ටික වෙලාවක් ඉඳල ආව පහලට..ඇත්තටම මාර අමාරුයි .පොලව තෙමිලා නිසා ගොඩක් ලිස්සනව.අනික් එක ලොකු බෑවුම..ඔක්කොම වගේ බිම ඇන ගත්ත..

T6PXjEl.jpg


1249iHx.jpg


8BFtHq8.jpg


මෙහෙ පරිසරය හරියටම හෝටන් තැන්න වගේ..
vHFGTW5.jpg


nntQnGx.jpg


XsmP7kE.jpg


qmkCdWv.jpg


ටික දුරක් එනකොට අපිට හම්බුනා කලින් දවසේ මග නැවතුන සෙට් එක..
jIog2Ms.jpg


පාර බෙදෙන තැනක් හම්බුනාම එතනින් පහලට ගියොත් අළුගල්ලෙනයි තන්ගප්පුවයි යතහැකි..දකුණට හැරිලා ගියොත් අපි ආපු බඹරැල්ලටම තමා.

මෙතනින් තමා හැරෙන්නෙ.
sMeaPdO.jpg


මේ මොකෙක්ද බන් මේ..
b6sNJwC.jpg


චූටි සතෙක් දැක්ක.
URGKEFw.jpg


බෑවුම අඩු උනාම මේ වගේ තමා පාර.
n9DuKfs.jpg


තව ටිකක් අවම හම්බුනා පොඩි එළිමහනක්..එතන ටිකක් නැවතිලා වාඩි වෙලා හිටිය..පොඩි පොඩි බහිශ්‍රාවී කටයුතු එහෙම කරලා පොඩ්ඩක් ඉඳල පිටත් උනා ආපහු.

මෙතන තමා තැන්න
yz4nL5t.jpg


pmJZCPs.jpg


dUB0oyk.jpg


මෙතන ඉන්නැද්දි උඩහ තිබුන මීදුම ටිකක් අඩු වෙලා peak ටික පෙන්න පටන් ගත්ත..ඒත් පොඩි වෙලාවකට විතරයි..

එතනට peak 4ක් වගේ පෙනුන..අළුගල්ලෙනත් පැහැදිළිව පේනවා ටිකක් ඈතින්.
R8LE0nB.jpg


මේ තියෙන්නේ අළුගල්ලෙන තියෙන කන්ද..ඔකේ පාමුල තමා ගල් ගුහාව තියෙන්නෙ.
npOzMTZ.jpg


එන්න කලින් ගැහුවා පොඩි සෙල්ෆියක්..
7UA1BQj.jpg


ටික දුරක් ආවම ආපහු සෙට් වෙනව පාර බෙදෙන තැනක් ,එතනින් යන්න ඕන වමට..දකුණට ගියොත් තන්ගප්පුව.හැබැයි පාර දිගටම වගේ තැන්න..අ නිසා ඉක්මනට යන්න පුළුවන්..
MKAKGew.jpg


ffBdcP4.jpg


මග දිගට පොඩි පොඩි ලස්සන තැන් තිබුන..
nWEZY5r.jpg


smNynsW.jpg


CysAoV6.jpg


R0I1xJz.jpg


මගදී පහු වෙනව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල කඳවුරු භූමිය..බර වැඩිද මන්ද..මේක දැන් නං කැලේට ගිහින් ඇයි දන්නේ නෑ..

මෙන්න මේ හරියේදී.
Q411vsA.jpg


ටික වෙලාවකින් අපිට ඈතින් පේන්න ගන්නව අළුගල්ලෙන..ඇත්තටම ඒක මහා විසාල තනි ගලක්..
uk6kt8t.jpg


K1VgN7p.jpg


ඊට පස්සේ තනිකරම පල්ලන් බැහිල්ලක් තමා තිබුනේ..
VOIsGo2.jpg


දවල් දෙක වගේ වෙනකොට අපි ගල් ලෙනේ..ඇවිල්ල ටිකක් වෙලා rest කරල ලෑස්ති උනා දවල්ට උයන්න.අනික් එක තමා අපි මුලින් හිතන් ආවේ දිගටම ගිහින් මීමුරේටම බැහැල එදා රෑ camp කරනව කියල.ඒත් අපිට තිබ්බ මහන්සියි වැස්සයි ඊට කලින් දවසේ අපිට හරියට enjoy කරන්න බැරි උන එකයි ගැන හිතල අපි කල්පනා කළා එදා රෑත් ගුහාවේම ඉන්න..ඇත්තටම ඒක හොඳ තීරණයක්.

උයන්න ලෑස්ති කරන අපි.
zX9vaOz.jpg


WEHlnW6.jpg


ගල් බිත්තිය
OaAjcP9.jpg


ඕකට ඉස්සරහ තියෙන්නෙ කරඳමුංගු වගාවක්..ඒවා අතැරලා දාල තියෙන්නෙ.
lolH57Q.jpg


PdSxAeS.jpg


මෙතන ගොඩ දෙනෙක්ට ඉන්න පුළුවන්..tent එක ඉහලල තියෙන්නේ කලින් දවසේ තෙමුණ නිසා වේලෙන්න.
EdmDwxr.jpg


දවල්ට කෑවා.
Ych0MNX.jpg


ඒ වෙලාවේම රෑටත් හොදි උයල තිබ්බ..ඒක ලේසි..

එදා රෑ නං හොඳට නින්ද ගියා..එත් මාර හීතලයි.හුලඟයි..දෙන්නෙක් බැරිම තැන tent එක ගුහාව ඇතුලේ ගහගෙන ඒකෙ නිදා ගත්ත..

ඔකේ ඉන්නකොට හරි කල්පනාවෙන ඉන්න ඕන..ඔලුව වදිනව උඩ..මගේ දෙපාරක් වැදුන.

හොඳට පොරව ගත්තම හරි.
XtfMMLz.jpg


Good morning knuckles..!
1YIgxzE.jpg


එදත් උදේට මයිලෝ බීල ඉව්ව උදේටයි දවල්ටයි එකට.උදේට කාල දවල් එක pack කරගත්ත.උදෙන්ම එන්න හිතන් හිටියත් කට්ටියගේ එක එක ආතල් නිසා ටිකක් විතර පරක්කු උනා.

මූ නැත්තන් කාල හමාරයි.
k5QBzPT.jpg


පේනවනෙ
OkNuiDl.jpg


කරවල
vyUmxqe.jpg


කෑම බෙදනවා
Jlu0u5C.jpg


උදේට කන අපි
FPE3E6X.jpg


ගැහුවා group photo එක.
UyK7gWI.jpg


ඊට පස්සේ පිටත් උනා ගමනේ අමාරුම කොටසට..මීමුරේට බහින්න.අපි ඇත්තටම පාර දැනන් හිටියෙ නෑ හරියටම..පොඩි පොඩි මග සලකුණු ටිකක් විතරයි මතක photo දැකල.අනික් එක තමා අපි දන්න විදියට ගඟක් එගොඩ වෙන්න තිබුන .කලින් දවසේ රෑ තිස්සෙම වැහැල එගොඩ වෙන්න බැරි වෙයිද කියලත් පොඩි සැකයක් තිබුන.

අපි පාරක් දැනන් හිටියෙත් නෑ පාරක් හරියට තිබුනෙත් නෑ..එක තැනකදී පාර ඉවරයි..එක පාරටම හෙන හෙලක්..ටික වෙලාවකින් ඈතින් ඇහෙනවා කව්ද කෑගහනවා..අපිත් කෑගැහුව..ටික ටික ලං උනා කට හඬ..අපි ආපහු ටිකක් උඩට ඇවිල්ල හරි පාර හොයා ගත්ත..ටිකකින් කට හඬ ඇහෙන්නෙ නැතුව ගියා.

හරි ලස්සන වගේම තමා ගොඩක් භයානක තැන් තිබුනේ..අඩියක් ලිස්සල ගියොත් කෑලි ටිකවත් ගන්න වෙන්නෙ නෑ.ලිස්සනව හැම තැනම.

කරුමේ කියන්නෙ photo ගැහුවෙ නෑ..
dUePUNG.jpg


මුල් හරියේදී දිගටම කරදමුංගු
Ln0nkGp.jpg


ඔය ගොඩක් ගස් කටු..
YkiFoLm.jpg


nYmh81j.jpg


අනික් එක තමා මාඋස්ස ගස් තියෙනවා..දන්නෝ දනිති ගෑවුනාම තියෙන ආතල් එක..office ගිහිල්ලත් කහන්ව.
UufCr8Q.jpg


මෙහෙම අත දික් කරන් හිටියට අත දෙන්න කලින් ඕක වැටුන ඔතන..
TlCz9P3.jpg


මග හම්බුන දිය ඇලි.
9pZyOk4.jpg


qL8yVfo.jpg


මග සලකුණක්
I9trQdA.jpg


තව එකක්.
PPXg6vM.jpg


පාරක් නෑ වගේ සමහර තැන්වල.
Q50I1Ag.jpg


ටික දුරක් ආවම පොඩි ගල් ගුහාවක් වගේ තැනක් හම්බුනා..ඒ වෙනකොට කන්ද ගොඩක් ඉවරයි වගේ..අපි එතනම දවල්ට කාල යමු කියල හිතාගෙන කෑවා.මොකද ඊළඟට අපිට ඒ වගේ හෙවනක් හම්බ වෙයිද දන්නෙ නැති නිසා..

අපි කාපු හැටි ගල් ගුහාව දනී කිව්වලු..
hq9nYBa.jpg


ඊට පස්සේ ටිකක් හයියෙන් ආව..මොකද තැන්න වගේ ටිකක්..සැහෙන දුරක් ආවම අපි ඉස්සරහට මිනිහෙක් ආව කියපල්ලකො..පොර මලක් කපන්න යන ගමන්ලු..මීමුරේට යන පාර හරිද ඇහුවම හරිලු..ඉස්සරහින් වමට හැරිලා යන්න කිව්ව..අපි ගියා හැරුනෙත් නෑ හැරෙන්න හම්බුනෙත් නෑ හම්බුනාද දන්නෙත් නෑ..ටික දුරක් ගියාම පාරත් නෑ.හෙන පල්ලමක්..සජ්ජ ඇහුව පකෑස් උනා නේද කියල..ඊට පස්සේ locus map එක බලනකොට අපි පාර ළඟටම ඇවිල්ල..එත් බැහැගන්න තමා දැන් බැරි..කොහොමහරි හෙල දිගේ ගිහිල්ල ටික ටික පහලට ආව..

මේක දැක්කේ මගදී
5XERPNY.jpg


එක වෙලාවක අපිට වාහනයක් හෝන් ගහන සද්දෙත් ආව..පාර ඈතින් පේනවා ඒත් බැහැගන්න බෑ..සමහර තැන්වල පොලව ලෙස්සනවා මාර විදියට..කොළ වැටිලා වැටිලා මඩ වෙලා.දකුණු පැත්තට හෙල..තියෙන්නේ පොඩි ගස් තැනින් තැනින්..ගියොත් මළාම තමා..කොහොමහරි ආව මීමුරේ හුන්නස්ගිරිය පාරට..එතකොට 5ට වගේ ඇති..

ආපු ගමන්..
DQ6Th4c.jpg


පොඩ්ඩක් ඇඟ හෝදගත්ත ..මොකද මෙතනින් එහාට මිනිස් වාසයක් නිසා..මීහරක් වගේ ගෙදරකට යන්න බෑනෙ.ඒකයි.
wGUITqP.jpg


ඊට පස්සේ ඇවිදන් ගියා මීමුරේ පැත්තට නවතින්න තැනක් හොයාගෙන..මුලින්ම හම්බුන ගෙදරට ගිහින් කතා කළා..පස්සේ එහෙ හිටපු ඩයල් එකක් අපිව එක්කන් ගියා වෙන ගෙදරකට..එහෙ නවතින්න පුළුවන් කෑමත් දෙන්නන් කිව්ව.. ගොඩක් උන්ට කූඩැල්ලෝ shot එක දීල හොඳට..ඒවටත් බෙහෙත් දාගත්ත .හොඳට නාල කෝපි එකක් බීල ඕමියක් එහෙම ගහල කාල නිදා ගත්ත.හේතුව තමා අපි plan කරන් හිටියෙ උදෙන්ම මීමුරේ ඉඳන් හුන්නස්ගිරිය යන වෑන් එකට සෙට් වෙන එක.අපේ වෙලාවට ඒක පාර්ක් කරන්නෙත් අපි නැවතිලා හිටපු ගෙදරට ඉස්සරහ ගෙදර...

අපි.
rI1OX4I.jpg


අපි plan කළා වගේම උදේ වෑන් එකට සෙට් උනා..අපි ගෙදරින්ම වාඩි වෙලා ගියා..වෙලාවට එහෙම ගියේ..නැත්තන් හිටගෙන කට්ට කන්න වෙනව..

අපේ සෙට් එක වෑන් එකේ.
PUInOwX.jpg


මේ තියෙන්නෙ අපි ගිය trail එකේ details..
පළවෙනි දවස
iSqDF45.jpg


දෙවැනි දවස
S9gnDzY.jpg


තුන්වෙනි දවස.මේකේ පේනවා අපිට පාර වැරදුන දෙපාරම අපි කොච්චර එක තැන කැරකිලා තියෙනවද කියල.
A1rbFc2.jpg


හුන්නස්ගිරියට ඇවිල්ල එතන තියෙන කඩෙන් හොඳට කාල ඉතුරු සල්ලි ටිකත් බෙදල පිටත් උනා ගෙවල් වලට එන්න..සෙට් එක නුවරදී දෙකට කැඩුන මම ගියා අනුරාධපුර අනික් අය කොළඹ..

ඔන්න ඔහොමලු අපේ තවත් ට්‍රිප් එකක් ඉවර උනේ..හිතාගෙන ගිය ඔක්කොම දේවල් කලේ නැති උනාට අත්දැකීම් ආතල් නං එමටයි..නකල්ස් වලට යනව නං ඒක එච්චර අමාරු නෑ.පාරත් තියෙනවා හොඳටම.අළුගල්ලෙනටත් එහෙමයි..එතන ඉඳන් තමා නැත්තේ..අපේ GPS file එක දෙන්නන් ඕන නං.

අනික් වැදගත්ම දේ තමා මීමුරේ කියන්නෙ තවත් එක් නාන pot එකක් විතරයි..වෙනසකට තියෙන්නෙ phone signal නෑ..මට ඔය කතාව කිව්වෙ වෑන් එකේ driver.එකට හේතුව තමා දැන් හැම කෙනෙක්ම හැම දෙයක් දිහාම බලන්නේ ව්‍යාපාරික මානසිකත්වයෙන්,අනික් එක තමා අපේ මිනිස්සුන්ගේ ඔළු හැදිලා තියෙන විදිය.

ගොඩක් උන් පම්පෝරි ගැහුවට පරිසරයට ආදරේ නෑ.තමන් ගැන විතරයි හිතන්නේ.අපිට කුණු ගොඩවල් කීයක් හම්බුනාද උඩහට යන ගමන්.ලංකාවේ දේශපාලනය කරන මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටගෙන උන් ආතල් එකේ වැජඹෙන්න හේතුවත් ඒක තමා.තමන් ගැන විතරයි හිතන්නේ.අනික අපේ මිනිස්සු කොන්ද පන නෑ..වැරදි දේට විරුද්ද වෙන්නෙ නෑ..හොඳට කල්පනා කරලා බලපල්ලා මම කිව්වෙ බොරුද කියල..අපිට තියෙන හයිය අපි පෙන්නලා නෑ..ඒකයි මේ ගහකොළ විනාස කරලා සත්තු මරල තමන්ගේ ජාතිය ආගම ගැන හිතන්නේ නැතුව ඉන්නේ..උන් දන්නවා උන්ව අපි ගෙදර යවන්නේ නෑ කියල..

ඉතින් මුලින්ම මට සමා වෙන්න ඕන මේකේ photo සමහර ඒවා කොලිටි මදි ඇති.ඊළඟට මේකට පොලු තියන්නේ නැතුව ආපු මල්ලිලා 4 ට ස්තුතියි..ඊළඟට අපිට නවාතැන් දීල කන්න බොන්න දීල ගොඩක් සලකපු සනස සංවර්ධන බැංකුවේ නුවර එළිය ශාඛාවේ සහකාර කළමනාකාර අංජුල මහතාටත් ගොඩක් ස්තුතියි..එතනින් පස්සෙ අපිට කෝච්චියේ මරදානෙන් නගින්න සෙට් කරලා දීපු අපේ නාමල් බෙබිටත් ස්තුතියි.අපේ හැම ට්‍රිප් එකටම මිනිහ මොනවා හරි උදව්වක් කරනවම තමා ඉතින්.ඊට පස්සේ බඹරැල්ල බස් එකේ සේවක මහත්වරු දෙන්නටයි අපි පාර කියපු අවවාද දීපු හමොටයි ස්තුතියි..අන්තිමට ඉතින් මේක බලල කියවපු උඹල හැමෝටමත් ගොඩක් ස්තුතියි.

ළඟදීම තව ට්‍රිප් එකකින් හම්බවෙනකන් හැමෝටම බුදු සරණයි..! නමෝ බුද්ධාය..!!

එලම මචන්ලා
 
Last edited:

Palihawadana1990

Well-known member
  • අඩෝ ඇත්තටම පට්ට ට්‍රිප් එක.... මට ඒක කියවද්දී හිතුනේ මම ගියා වගේ... සිරාවට.. පට්ට ලස්සනයි. උපරිමයි. තව යන්න, පරිස්සමින් යන්න, ගිහිල්ල අපිට බලල සැනසෙන්න දාන්න පට්ට පොස්ටුවක්.... ජයෙන් ජය මචං....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    පට්ට ත්‍රෙඩ් එකක්..:love:
    මාර ආසාවෙන් උඩ ඉඳන් පහළටම කියවන් ආවා.:yes:
    හෙන වැඩ ගොඩක් කරන්න බලාගෙන ඔෆිස් එකට ආවත් ත්‍රෙඩ් එක කියවන්නේ නැතුව යන්න ලොභ හිතුනා කියහංකෝ..:cool:
    ඒ තරම් ලස්සන ටුවර් එකක්.:love:
    බොහොම ස්තූතියි මචන් බෙදා හදා ගත්තට..:)
     

    neobrac

    Member
    Aug 24, 2007
    1
    0
    1
    Nice report and Beautiful pictures. Apith yanna hithan innawa Alugallena indala Meemureta. Path eke GPS map ekak ganna puluwanda.