නගානන්ද සහ හිට්ලර්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    නගානන්ද සහ හිට්ලර්

    54b7cb60a525119a778b6228.jpg

    සති කිහිපයකට පෙර අපේ යහළුවන් කීපදෙනෙකු සමග ලංකාවේ වර්තමාන තත්වය ගැන සාකච්චා කළෙමු. එක යහළුවෙක් පමණක් අපිත් එක්ක දිගින් දිගටම විවාද කළේය. ඔහුගේ අතීතය ගත්තොත් ජවිපෙ හිතවාදියෙකි (හිටපු?). එදා ෆොන්සේකාගේ සහ 2015 දී හංසයාගේ දැඩි අධාරකරුවෙක්. දැන් නාගනන්දගේ දැඩි මතාධාරියෙකි. ඔහු නිතරම මේ ක්‍රමය හරි නැහැ "සම්පුර්ණ සිස්ටම් එකේ" වෙනසක් කරන්න ඕනේ යනුවෙන් හැම විටම පවසයි.

    "සම්පුර්ණ සිස්ටම් එකේ" වෙනසක් කරන්න අවශ්‍ය කාටද ? මේ අදහස 1971 දී මතුවිය. මැතිනිය ගෙන් කිසිවෙක් බලාපොරොතු වෙන්න බැහැ. රට හදන්න නම් ... රට නිවැරදි මාවතකට ගෙනියන්න නම්.... "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" අවශයි. මෙය අයිත් 1989 දී මතුවිය . වෙනසක් කරන්න ගොහින් 60,000 වඩා මිය ගිය අතර, රට දශක ගණනාවකින් පිටිපස්සට ගියේය. "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" එදා උනානම් රට කෙසේ වෙතත් අපි මෙතන මේ ලිපිය ලියන්න නැතිවෙන්න ඉඩ තිබිණි. මේ බිහිසුණු විනාශයක් කර, අවුරුදු 70 ඉදන් දේශපාලුවෝ රට පාලනය කරනවා, රටේ දියුණුවක් ඇත්තදැයි අසති. ඒ නිසා "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" ඕන යයි පවසති.

    මා මේ සටහන ලිව්වෙ "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" තදන්ම දැනී ඇති පුද්ගයලන්ගේ පසුබිම මතක් කරදීමටයි. "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කෙසේ වෙතත් පොඩි වෙනසක් කරන්න 2015 දී චන්දය දුන්නේය. සමහරු කියන්නේ මහින්දගේ ප්‍රජතන්තර්වාදය නැහැයි කියාය. සංවර්දනය මදියි කියාය. හොරකම් නැවත්තුවහම් රට ඉබේම සංවර්දනය වෙනවා යයි සිතුවෝය.

    පොඩි වෙනසක් කරන්න ගොහින් දැන් රටේ ආර්ථිකය, ආරක්ෂාව, ණය බර, සංවර්දනය යන සම අංශයකින් ම දැඩි පසුබෑමක් ඇතිවිය. රටේ වියවස්තව වෙනස් කර රටේ වියවුලක් ඇති කළේය. තවමත් ජනපති උසාවි ගානේ යන්නේ රටේ මැතිවරණ පැවැත්වීමට පුළුවන් දැයි දැනගැනීමටය !. අදෝමැයි!!!!!!.

    e2537108a387deaaa2a1e7c0d21e62df0476934db5bf5809ddpimgpsh_fullsize_distr.jpg

    චන්ද එන්න එන්නම පරක්කු විය. රටක ප්‍රජතන්තර්වාදයේ හරය මැතිවරණයයි. මැතිවරණ නිසිකලට පැවැතිවීමට නොහැකිවීමෙන් රටේ ජනතාවගේ ප්‍රජතන්තර්වාදී අයිතිය අමු අමුවේ උල්ලගනය විය. අනුර කුමාර උදේ සිට සවස් වනතුරු යටි ගිරියෙන් මහා පරිමාන හොර වංචා ගැන කතා කලද එකදු මහාපරිමාණ හොරකමක් ගැන පිළිගත හැකි සාදක සාක්ෂි පෙන්නීමට අපොහොසත් විය.

    ඇඩොල්ෆ් හිට්ලට් බලයට පැමිණියේ බලහත්කාරකමින් නොවේ සර්වජන චන්ද බලයෙනි. හිට්ලර් මැතිවරනෙට අවේ "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කරන්නය. ඇවිත් ප්‍රජතන්තර්වාදය නැතිකොට රට අගාදයට ගෙන ගියේය. මුසෝලිනි, ස්ලිටාන් එහෙමය. එනිසා අදටත් ජර්මන් වියවස්තව තුල ප්‍රරජතන්තර්වාදය තුලින් ප්‍රරජතන්තර්වාදය විනාශ කල නොහැකි යයි වගන්තියක් තියෙන්නේ මේ නිසාය.

    පැරණි සෝවියට් දේශය එක්වරම "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කොරගත්ත හැටි අපිට මතකය. චීනය පාඩමක් ඉගෙන ගෙන ක්‍රමයෙන් සිස්ටම් එකේ වෙනසක් ඇති කළේය. අද චීනය ලෝකයේ දෙවෙනි ආර්ථික බලවතාය. රුසියාව?

    නාගනන්ද "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" බලාපොරොත්තු වෙයි. ඔහුගේ බොහෝ හොද අදහස් තිබේ. අපිත් ඒවා අනුමත කරමු. එහෙත් ප්‍රශ්නය වන්නේ මේවා කරන විදිය සහ මේවා කරන පුද්ගලයන්ය සහ ඔවුන්ගේ ප්‍රයෝගික හැකියාවයි. සාර්ථක යෝජනාවලියක් සහ ජනතවගේ පිළිගැනීම ලබාගැනිම එකක් නොව දෙකකි. නගන්දට අනුව 225 එපාය. එයාගේ රජ වැඩකාර දුෂණ වංචා නැති ටීම් එකක් සිටිනවාලු. එතකොට මේගොල්ලෝ පත් කරන්නේ ජනතව නෙවිද? නගනන්දද? පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්කිරීමේ රටේ ජනතාවගේ ප්‍රජතන්තර්වාදී අයිතිය යනු කුමක්ද?

    නාගනන්ද හෝ වේවා වෙනයම් පුද්ගලයෙක් හෝ වේවා ප්‍රරජතන්තර්වාදය ගැන කටමත් දොඩවමින් "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" ඇති කරන්න එන්නේ බිහිසුණු ඒකාධිපතිවාදීන් බව ඉතිසාහය අපිට කියා දෙයි. අපි විස්වාසකරන්නේ වෙනස කල යුත්තේ යමක් ප්‍රයෝහිකව ක්‍රියාත්මක කළහැකි දක්ෂතා සහිත මිනිසුන් බලයට පත් කොට, සාකච්චා කොට ක්‍රම ක්‍රමයෙන් බවයි. වියවස්තාව වැනි දේවල් බොහෝ පරිස්සමෙන් වෙනකස කල යුතුයි. (නැතිනම් රට අරාජික වෙන්න ඉඩ තිබේ (එක වරක් සිදුවිය))

    මන්ද ඕනවටත් වඩා ඉතිහාසයෙන් පාඩම් අපි ඉගෙන ගෙන් ඇති නිසාය. බිද වැටුණු රට පොලවටම වැටෙන්න ඉඩ නොතැබිය යුතුයි. ජනතාවගේ සර්වජන චන්දයෙන් පත්වන 225 අයින් කරලා, තමුන්ගේ සෙට් එකක දමල රට පාලනය කරන්න වුනොත්, ජනතාව ආයුද අතට ගන්න වෙනවා නිසැකයි.

    - BINGU_PUTHA

    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    නාගනන්ද "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" බලාපොරොත්තු වෙයි. ඔහුගේ බොහෝ හොද අදහස් තිබේ. අපිත් ඒවා අනුමත කරමු. එහෙත් ප්‍රශ්නය වන්නේ මේවා කරන විදිය සහ මේවා කරන පුද්ගලයන්ය සහ ඔවුන්ගේ ප්‍රයෝගික හැකියාවයි. සාර්ථක යෝජනාවලියක් සහ ජනතවගේ පිළිගැනීම ලබාගැනිම එකක් නොව දෙකකි. නගන්දට අනුව 225 එපාය. එයාගේ රජ වැඩකාර දුෂණ වංචා නැති ටීම් එකක් සිටිනවාලු. එතකොට මේගොල්ලෝ පත් කරන්නේ ජනතව නෙවිද? නගනන්දද? පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්කිරීමේ රටේ ජනතාවගේ ප්‍රජතන්තර්වාදී අයිතිය යනු කුමක්ද?

    ජනතාවගේ සර්වජන චන්දයෙන් පත්වන 225 අයින් කරලා, තමුන්ගේ සෙට් එකක දමල රට පාලනය කරන්න වුනොත්, ජනතාව ආයුද අතට ගන්න වෙනවා නිසැකයි.

    - BINGU_PUTHA
    ඉතිහාසේ අපි පොඩ්ඩක් පැත්තකින් තියමු.
    මොකද ලෝකේ හැමදාම එකමදේ වෙන්නෙත් නැ ඒවා ක්‍රියාත්මක කරන්නෙත් විවිද පුද්ගලයින්.
    උබ ඔය කිව්ව පුද්ගලයින්ගේ අබිප්‍රයනුත් වෙනස්.

    නගානන්ද ගාව ඉන්නේ උපදේශක මණ්ඩලයක්. ඒ ලිස්ට් එක නගානන්ද අපේක්ෂක උනොත් (NPM එක එක්ක ඉන්න නිසා නාග ගේ ව්‍යවස්ථාව එක්ක වෙන කෙනෙක් එන්නත් පුළුවන්) ඉදිරියේදී හෙළි කරයි. උබට ගිහින් බැලුවකි මොනතරම් සුදුස්සොද ඉන්නේ කියල.

    උබ හිතනවා නම් මේ යන දුෂිත ක්‍රමයට ගිහිල්ල ක්‍රමයෙන් රට හොද තැනකට ගන්න පුළුවන් කියල උබ ගැන කතාකරන්න වචන නැ. දුෂණයට විරුද්ද්දව හඩක් නොනගා උබට රට යහමගට යෑමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    උබ රාජපක්ෂ ආණ්ඩුවේ පොඩි වැරද්දක්වත් පෙනිලා නැතුව ඇති කියල මට හිතෙනවා. එක තමා වහල් බව.

    නව ව්‍යවස්ථාව සම්මත කරන්නේ බහුතර ජනතාවගේ චන්දය ලැබුනොත් (බහුතර කැමැත්ත). එක තමා ප්‍රජාතන්ත්‍රවාදය.
    නව ව්‍යවස්ථාව ජනතා කැමැත්තෙන් සම්මත උනාම පරණ ව්‍යවස්ථාවට අනුව සිදුවුණු පත්වීම් අහෝසි වෙනවා. එහෙම තමා 225 ගෙදර යන්නේ.
    අයෙ නව ව්‍යවස්ථාව අනුව මැතිවරණ තියල සුදුසෝ පත් වෙයි. සල්ලි හොයන්න නෙවේ රටට වැඩ කරන්න.

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක නෙවේ.
    උබල කලින් කියා කියා හිටියේ හිට්ලර් පාලනයක් ඕනි. ගොට තමා උබලගේ හිට්ලර් කියල නේද.
    හාමුදුරුවෝ කෙනෙකුත් කිව්වා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    ඉතිහාසේ අපි පොඩ්ඩක් පැත්තකින් තියමු.
    මොකද ලෝකේ හැමදාම එකමදේ වෙන්නෙත් නැ ඒවා ක්‍රියාත්මක කරන්නෙත් විවිද පුද්ගලයින්.
    උබ ඔය කිව්ව පුද්ගලයින්ගේ අබිප්‍රයනුත් වෙනස්.

    Those who do not learn history are doomed to repeat it - George Santayana. ඉතිහාසය අමතක කරන්නා හැමදාම ඉතිහාසයේ වැරදි නැවත කරයි

    ලංකාව කියන්නේ මියන් ඉන්න පරික්ෂනාගාරයක් නොවේ හිතෙන හිතෙන දේවල් අත්හදබලන්න. ඕක ඉසෙල්ලා කරලා පෙන්නන ප්‍රාදේශීය සබවකට.2015 පස්සේ රට පසුබෑමකට පත්වුනානේ. දැන් අපහු 2015 හිහිල්ල හදන්න බැහැනේ

    නගානන්ද ගාව ඉන්නේ උපදේශක මණ්ඩලයක්. ඒ ලිස්ට් එක නගානන්ද අපේක්ෂක උනොත් (NPM එක එක්ක ඉන්න නිසා නාග ගේ ව්‍යවස්ථාව එක්ක වෙන කෙනෙක් එන්නත් පුළුවන්) ඉදිරියේදී හෙළි කරයි. උබට ගිහින් බැලුවකි මොනතරම් සුදුස්සොද ඉන්නේ කියල.

    සුදුස්සෝ කියන්නේ නගනන්දටයි ඔයගොලොන්ටයි ගැලපෙන සෙට් එකක්

    උබ හිතනවා නම් මේ යන දුෂිත ක්‍රමයට ගිහිල්ල ක්‍රමයෙන් රට හොද තැනකට ගන්න පුළුවන් කියල උබ ගැන කතාකරන්න වචන නැ. දුෂණයට විරුද්ද්දව හඩක් නොනගා උබට රට යහමගට යෑමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    උබ රාජපක්ෂ ආණ්ඩුවේ පොඩි වැරද්දක්වත් පෙනිලා නැතුව ඇති කියල මට හිතෙනවා. එක තමා වහල් බව.

    දුෂණයට විරුද්දව උදේ ඉදන් හවස් වෙනකම් කතා කරන කට්ටිය ඉන්නවනේ. ගිරවා වගේ කතා කිරීම විතරක් මදි . ඒ සදහා පිළිගතහැකි සාදක, සාක්කි පෙන්නන් ඕනේ.රාජපක්ෂ පාලනේ වැරදි තිබ්බ 30% විතර. අපි එක පිලිගන්නවා. එත් 70 % සාර්ථකයි.

    නව ව්‍යවස්ථාව සම්මත කරන්නේ බහුතර ජනතාවගේ චන්දය ලැබුනොත් (බහුතර කැමැත්ත). එක තමා ප්‍රජාතන්ත්‍රවාදය.
    නව ව්‍යවස්ථාව ජනතා කැමැත්තෙන් සම්මත උනාම පරණ ව්‍යවස්ථාවට අනුව සිදුවුණු පත්වීම් අහෝසි වෙනවා. එහෙම තමා 225 ගෙදර යන්නේ.
    අයෙ නව ව්‍යවස්ථාව අනුව මැතිවරණ තියල සුදුසෝ පත් වෙයි. සල්ලි හොයන්න නෙවේ රටට වැඩ කරන්න.

    දැන් පත් වෙලා ඉන්න 225 ජනතාව තෝරපු අය. ජනතාවට අවශ්ය අය තමයි 225 පත් කරන්නේ. එක හරිද වැරදිද කියන්නේ කාටවත් බැහැ. එක ජනතවගේ පරමදිපත්‍ය අයිතිය.

    එක නගනන්දගේ හෝ ඔබගේ අයිතිය නෙවි සුදුස්සෝ නුසුදුස්සෝ කියන්න.

    cc
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    එක නෙවේ.
    උබල කලින් කියා කියා හිටියේ හිට්ලර් පාලනයක් ඕනි. ගොට තමා උබලගේ හිට්ලර් කියල නේද.
    හාමුදුරුවෝ කෙනෙකුත් කිව්වා

    ගොටා හෝ වේවා නගානන්ද හෝ වේවා වෙන කවුරු හෝ වේවා ජනතාවට පාර්ලිමේතුවේ සාමාජිකයන් පත් කිරීමේ අයිතිය අහෝසි වෙනවනම් ජනතාව නැගී සිටිය යුතුයි. මම හිතන්නේ නැහැ ගොට ඒ වගේ දෙකයි පනහේ මෝඩයෙක් කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    නාග ජනාදිපති වෙන්නෙ නෑ.ෆෙස්බුක් චන්ද බලපාන්නෙ ලක්ෂ 50ක් විතර ජන්ද ගත්තට පස්සෙ. ඒක නිසා මේ ටිකේ ඔය ආතල් එක ගන්න ඇරපන්. ඊට පස්සෙ සල්ලි ටිකත් අරගෙන දිනුවත් පැරදුනත් මම දිනුම් කියල මාරු වෙයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,878
    113
    canada
    හෙළයෙක්;24728364 said:
    නාග ජනාදිපති වෙන්නෙ නෑ.ෆෙස්බුක් චන්ද බලපාන්නෙ ලක්ෂ 50ක් විතර ජන්ද ගත්තට පස්සෙ. ඒක නිසා මේ ටිකේ ඔය ආතල් එක ගන්න ඇරපන්. ඊට පස්සෙ සල්ලි ටිකත් අරගෙන දිනුවත් පැරදුනත් මම දිනුම් කියල මාරු වෙයි.

    නගා කීයකටවත් ජනපති වෙන්න නැහැ . එත් තරුණයන් මේ මුසා බස්වලට රැවටෙන්න පුළුවන්.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Machan uba kiyana eka patta athha..Me nagananda kiyanne patta kapatiyek..Oya constitutional amendement kathawa general election ekata nathuwa Presidential election ekata genapu ekenma therenawa nagata realistic and practical widihata rata hadanna kisima uwamanawak na kiyala..Thanikarama thamanwa highlight karagnna wedak..

    A unata uu kiyana de threum aran boruwak karanne kiyala athhatama mole tiyana oona eketa therenawa..

    Eeekata nagage surangana katha witharak ahala madi uu kiyana de realisticda kiyala history eken aran balanna one..paw ahinsaka minissu nikan ravatenawa..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    Those who do not learn history are doomed to repeat it - George Santayana. ඉතිහාසය අමතක කරන්නා හැමදාම ඉතිහාසයේ වැරදි නැවත කරයි

    ලංකාව කියන්නේ මියන් ඉන්න පරික්ෂනාගාරයක් නොවේ හිතෙන හිතෙන දේවල් අත්හදබලන්න. ඕක ඉසෙල්ලා කරලා පෙන්නන ප්‍රාදේශීය සබවකට.2015 පස්සේ රට පසුබෑමකට පත්වුනානේ. දැන් අපහු 2015 හිහිල්ල හදන්න බැහැනේ

    ගලේ ගැහුවා වගේ ඇත්ත කියල තියෙනවා. හැබැයි තොප්පිය හරියට දාගෙන නැ.
    අවරුදු 71ක් ගිහිල්ලත් ඒ වැරද්දම කරනවනේ.
    2015 උනේ වෙනසක් නෙවේ තවත් පැති මාරුවක් පමණි.

    නිදහස ලබනකොට ආසියාවේ දෙවන ආර්ථිකේ තිබ්බ රට තමා අද මෙච්චර ණය වෙලා තියෙන්නේ.
    උබ ගෙන ආණ්ඩුව ආවත් ණය අරගෙන පාරවල් හදයි. බාගෙකට වැඩිය ගසාකයි.

    උබගේ අනිත් ඒවාට උත්තර දෙන්න යන්නේ නැ. මොකද උබට මම කියන ඒවා තේරෙන්නේ නැ හෝ තේරුම් ගන්න ඔනිකමක් නැ. වෙලාව අපරාදේ විතරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    එක නෙවේ.
    උබල කලින් කියා කියා හිටියේ හිට්ලර් පාලනයක් ඕනි. ගොට තමා උබලගේ හිට්ලර් කියල නේද.
    හාමුදුරුවෝ කෙනෙකුත් කිව්වා

    ඒ කියන්නෙ උඹ පිළිගන්‍නවා නාගත් හිට්ලර් කෙනෙක්.කියල..:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Machan uba kiyana eka patta athha..Me nagananda kiyanne patta kapatiyek..Oya constitutional amendement kathawa general election ekata nathuwa Presidential election ekata genapu ekenma therenawa nagata realistic and practical widihata rata hadanna kisima uwamanawak na kiyala..Thanikarama thamanwa highlight karagnna wedak..

    A unata uu kiyana de threum aran boruwak karanne kiyala athhatama mole tiyana oona eketa therenawa..

    Eeekata nagage surangana katha witharak ahala madi uu kiyana de realisticda kiyala history eken aran balanna one..paw ahinsaka minissu nikan ravatenawa..

    :yes:මෝඩයො බං.අවුරුදු 70ක් කරපු උන්ට දෙන්න ඵපාලු අළුත් හොරෙක්ට දෙන්‍නලු
    .:lol:
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    jayawewa. api horu tikama pathakaraganimu.

    ow ban ,. ara horu tikata demu .ita passe me horu tikata aye demu .ohoma digatam yan . ,,,paw ban me sinhalu.. owa gan katha kalama api radical lu..pisso lu.. e kale mehe ma lu e kale aramalu ... paw ape sinhalunta thamange puke hilata arala giyath ... ah eya yudde dinnane . ah eya wolkswagon genawane . ah eya ora marakam nawattuwane .. sanwardane karane .. eka nisa ariyata kamanna ...... oka thama kiyanne