නගානන්ද සහ හිට්ලර්
සති කිහිපයකට පෙර අපේ යහළුවන් කීපදෙනෙකු සමග ලංකාවේ වර්තමාන තත්වය ගැන සාකච්චා කළෙමු. එක යහළුවෙක් පමණක් අපිත් එක්ක දිගින් දිගටම විවාද කළේය. ඔහුගේ අතීතය ගත්තොත් ජවිපෙ හිතවාදියෙකි (හිටපු?). එදා ෆොන්සේකාගේ සහ 2015 දී හංසයාගේ දැඩි අධාරකරුවෙක්. දැන් නාගනන්දගේ දැඩි මතාධාරියෙකි. ඔහු නිතරම මේ ක්‍රමය හරි නැහැ "සම්පුර්ණ සිස්ටම් එකේ" වෙනසක් කරන්න ඕනේ යනුවෙන් හැම විටම පවසයි.
"සම්පුර්ණ සිස්ටම් එකේ" වෙනසක් කරන්න අවශ්‍ය කාටද ? මේ අදහස 1971 දී මතුවිය. මැතිනිය ගෙන් කිසිවෙක් බලාපොරොතු වෙන්න බැහැ. රට හදන්න නම් ... රට නිවැරදි මාවතකට ගෙනියන්න නම්.... "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" අවශයි. මෙය අයිත් 1989 දී මතුවිය . වෙනසක් කරන්න ගොහින් 60,000 වඩා මිය ගිය අතර, රට දශක ගණනාවකින් පිටිපස්සට ගියේය. "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" එදා උනානම් රට කෙසේ වෙතත් අපි මෙතන මේ ලිපිය ලියන්න නැතිවෙන්න ඉඩ තිබිණි. මේ බිහිසුණු විනාශයක් කර, අවුරුදු 70 ඉදන් දේශපාලුවෝ රට පාලනය කරනවා, රටේ දියුණුවක් ඇත්තදැයි අසති. ඒ නිසා "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" ඕන යයි පවසති.
මා මේ සටහන ලිව්වෙ "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" තදන්ම දැනී ඇති පුද්ගයලන්ගේ පසුබිම මතක් කරදීමටයි. "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කෙසේ වෙතත් පොඩි වෙනසක් කරන්න 2015 දී චන්දය දුන්නේය. සමහරු කියන්නේ මහින්දගේ ප්‍රජතන්තර්වාදය නැහැයි කියාය. සංවර්දනය මදියි කියාය. හොරකම් නැවත්තුවහම් රට ඉබේම සංවර්දනය වෙනවා යයි සිතුවෝය.
පොඩි වෙනසක් කරන්න ගොහින් දැන් රටේ ආර්ථිකය, ආරක්ෂාව, ණය බර, සංවර්දනය යන සම අංශයකින් ම දැඩි පසුබෑමක් ඇතිවිය. රටේ වියවස්තව වෙනස් කර රටේ වියවුලක් ඇති කළේය. තවමත් ජනපති උසාවි ගානේ යන්නේ රටේ මැතිවරණ පැවැත්වීමට පුළුවන් දැයි දැනගැනීමටය !. අදෝමැයි!!!!!!.
චන්ද එන්න එන්නම පරක්කු විය. රටක ප්‍රජතන්තර්වාදයේ හරය මැතිවරණයයි. මැතිවරණ නිසිකලට පැවැතිවීමට නොහැකිවීමෙන් රටේ ජනතාවගේ ප්‍රජතන්තර්වාදී අයිතිය අමු අමුවේ උල්ලගනය විය. අනුර කුමාර උදේ සිට සවස් වනතුරු යටි ගිරියෙන් මහා පරිමාන හොර වංචා ගැන කතා කලද එකදු මහාපරිමාණ හොරකමක් ගැන පිළිගත හැකි සාදක සාක්ෂි පෙන්නීමට අපොහොසත් විය.
ඇඩොල්ෆ් හිට්ලට් බලයට පැමිණියේ බලහත්කාරකමින් නොවේ සර්වජන චන්ද බලයෙනි. හිට්ලර් මැතිවරනෙට අවේ "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කරන්නය. ඇවිත් ප්‍රජතන්තර්වාදය නැතිකොට රට අගාදයට ගෙන ගියේය. මුසෝලිනි, ස්ලිටාන් එහෙමය. එනිසා අදටත් ජර්මන් වියවස්තව තුල ප්‍රරජතන්තර්වාදය තුලින් ප්‍රරජතන්තර්වාදය විනාශ කල නොහැකි යයි වගන්තියක් තියෙන්නේ මේ නිසාය.
පැරණි සෝවියට් දේශය එක්වරම "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" කොරගත්ත හැටි අපිට මතකය. චීනය පාඩමක් ඉගෙන ගෙන ක්‍රමයෙන් සිස්ටම් එකේ වෙනසක් ඇති කළේය. අද චීනය ලෝකයේ දෙවෙනි ආර්ථික බලවතාය. රුසියාව?
නාගනන්ද "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" බලාපොරොත්තු වෙයි. ඔහුගේ බොහෝ හොද අදහස් තිබේ. අපිත් ඒවා අනුමත කරමු. එහෙත් ප්‍රශ්නය වන්නේ මේවා කරන විදිය සහ මේවා කරන පුද්ගලයන්ය සහ ඔවුන්ගේ ප්‍රයෝගික හැකියාවයි. සාර්ථක යෝජනාවලියක් සහ ජනතවගේ පිළිගැනීම ලබාගැනිම එකක් නොව දෙකකි. නගන්දට අනුව 225 එපාය. එයාගේ රජ වැඩකාර දුෂණ වංචා නැති ටීම් එකක් සිටිනවාලු. එතකොට මේගොල්ලෝ පත් කරන්නේ ජනතව නෙවිද? නගනන්දද? පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්කිරීමේ රටේ ජනතාවගේ ප්‍රජතන්තර්වාදී අයිතිය යනු කුමක්ද?
නාගනන්ද හෝ වේවා වෙනයම් පුද්ගලයෙක් හෝ වේවා ප්‍රරජතන්තර්වාදය ගැන කටමත් දොඩවමින් "සම්පුර්ණ සිස්ටම් එකේ වෙනසක්" ඇති කරන්න එන්නේ බිහිසුණු ඒකාධිපතිවාදීන් බව ඉතිසාහය අපිට කියා දෙයි. අපි විස්වාසකරන්නේ වෙනස කල යුත්තේ යමක් ප්‍රයෝහිකව ක්‍රියාත්මක කළහැකි දක්ෂතා සහිත මිනිසුන් බලයට පත් කොට, සාකච්චා කොට ක්‍රම ක්‍රමයෙන් බවයි. වියවස්තාව වැනි දේවල් බොහෝ පරිස්සමෙන් වෙනකස කල යුතුයි. (නැතිනම් රට අරාජික වෙන්න ඉඩ තිබේ (එක වරක් සිදුවිය))
මන්ද ඕනවටත් වඩා ඉතිහාසයෙන් පාඩම් අපි ඉගෙන ගෙන් ඇති නිසාය. බිද වැටුණු රට පොලවටම වැටෙන්න ඉඩ නොතැබිය යුතුයි. ජනතාවගේ සර්වජන චන්දයෙන් පත්වන 225 අයින් කරලා, තමුන්ගේ සෙට් එකක දමල රට පාලනය කරන්න වුනොත්, ජනතාව ආයුද අතට ගන්න වෙනවා නිසැකයි.
- BINGU_PUTHA

Last edited:

මෝඩයො බං.අවුරුදු 70ක් කරපු උන්ට දෙන්න ඵපාලු අළුත් හොරෙක්ට දෙන්‍නලු