නගිනවා බහිනවා අනේ මන්දා බං

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇමරිකානු ඩොලරය පහත වැටීමත් සමග විශාල ලෙස පහත වැටුනු රත්රන් මිල මේ වන විට නැවත වරක් ඉහළ ගොස් තිබේ.

    අද දිනයේ කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබේ.

    පසුගිය සතිය අවසානයේ කැරට් 22 රන් පවුමක මිල දැක්වූයේ රුපියල් 134,000ක් ලෙසයි.

    පසුගිය සතියේ 145,000 දක්වා පහළ ගොස් තිබූ කැරට් 24 රන් පවුමක් අද වන විට රුපියල් 173,000 දක්වා මිල වැඩි වී තිබේ.


    හොරු එක්ක මොන රටවල් හැදිලිද ?

    අවම මිල ගණන් යටතේ ලබාගත හැකි පිළිකා නාශක ඖෂධ තොගයක් ඉතා අධික මිල ගණන් යටතේ ලබාගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ ලබා දී ඇතැයි අනාවරණය වේ. මෙලෙස මුදල් නාස්ති කරමින් හදිසි මිලදී ගැනීමක් ලෙස මෙම ඖෂධ ලබාගැනීමට සැරසෙන බවද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

    මීට පෙර ඩොලර් තුනකට මිලදී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස්එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳ පොළේ රුපියල් තුන්දහසකට පමණ මිලදී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත. මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බව ද ඉහත ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික ය.

    ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය. එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයන්හි සඳහන් වෙයි.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ටෙන්ඩර් කැඳවා ඇත්තේ ඖෂධ වර්ග හතළිස් තුනක් වෙනුවෙනි.

    මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සඳහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කළද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේ දී රැස්වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    335923075_702658591596419_1744896782659749882_n.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අවුරුදු 70 පැන්න එකෙක් රටක් හදයි හිතනවා නම් විහිළුවක්
    මේ රට හැදෙන්න ගන්නේ බ්‍රෝ ඔය ඉරෝසන් ලා වගේ ලගම ඉන්න හිපටුවන්ගේත් පොකට් එකට තට්ටු වෙන දවසට තමා. එතකන් හැදෙන්නේ නැ බන්
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේ රට හැදෙන්න ගන්නේ බ්‍රෝ ඔය ඉරෝසන් ලා වගේ ලගම ඉන්න හිපටුවන්ගේත් පොකට් එකට තට්ටු වෙන දවසට තමා. එතකන් හැදෙන්නේ නැ බන්
    okun merenakan kade yanava, mokada unge job ekane
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඉතින් කනකන් රනිල් පොන්නයා වගේ බලන් ඉඳලද ?
    ඇයි අර පොර ටොක් කන්චනයා බුදි ද
    ඇමතිකම කරන්න පුලුවන් එකක් ට දිලායන්න පුලුවන්
    උට කරන්න බැරිදෙයක් නෑ නෙහ්
    😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි අර පොර ටොක් කන්චනයා බුදි ද
    ඇමතිකම කරන්න පුලුවන් එකක් ට දිලායන්න පුලුවන්
    උට කරන්න බැරිදෙයක් නෑ නෙහ්
    😂😂

    එකනේ බන්. කාපු උන්ගේ කට්ටියක්ලු. ඒ කට්ටියට 2018 පඩි දීමනා 15% වැඩිත් කරලා මෙයාල දීලා. ඒවා ඇයි ඒ ඇහුවමත් සද්ද නෑ

    @hirashgeff