නත්තල_මුස්ලිම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නත්තල_මුස්ලිම්

නත්තල: 'මුස්ලිම් ජේසුස්' සිහි කරන සමය



_104883201_kuran.jpg





(බීබීසී ලෝක සේවයේ එම්රේ අසිස්ලේර්ලි (Emre Azizlerli) සකස් කළ ලිපියක් ඇසුරෙනි)


"ඔබ කොහොමද තුර්කියේ නත්තල සමරන්නේ?"


නත්තල උත්කර්ෂවත් ලෙස සමරන රටකට ගිය විට නොවරදවා අසන්නට ලැබෙන ප්‍රශ්නයකි. ඔබ නත්තල සාමාන්‍ය දිනයක් ලෙස පැවසුවහොත් ඔවුන් පුදුමය පළ කරනු ඇත.
එය යුදෙව්, හින්දු හෝ මුස්ලිම් දින දර්ශනවලට අනුව නිවාඩු දිනයක් ද නොවේ.


_104882073_berlinchristmaslights.jpg




කවුද මේ 'ඊසා'?


නමුත්, විශ්මය දනවන තොරතුරු නැතුවා නොවේ. ඉස්ලාම් දහමට අනුව ඔවුන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ උපන් දිනය සමරන්නේ නැතිමුත් ක්‍රිස්තුන්වහන්සේ පුජනීයත්වයෙන් වන්දනා කරයි. තමන්ගේ ආගමික විශ්වාසයේ කොටසක් ලෙස ක්‍රිස්තියානි දහමේ නායකයාට මුස්ලිම්වරු මහත් ගෞරවයක් දක්වති. නබිනායකතුමන් අනුව යමින්, ජේසුස් වහන්සේ වඩාත් වන්දනාමානයට ලක්වන පුද්ගලයන්ගෙන් කෙනෙක් ලෙස කුරානය සලකයි. කෙසේවුවත් ජේසුස් වහන්සේ, එසේත් නැත්නම්, අරාබි භාෂාවෙන් හඳුන්වන 'ඊසා' පිළිබඳ, නබි නායකතුමන් ගැන සඳහන් වන වාර ගණනට වඩා වැඩි වාරයක් කුරානයේ සඳහන් වී තිබේ. තවදුරටත්, මෙම පූජනීය ග්‍රන්ථයේ එක් කාන්තාවක් ගැන පමණක් නමින් හඳුන්වා දී ඇත.



කවුද මේ 'මරියම්'?

ඇය කන්‍යා මරියතුමිය වන අතර, අරාබි භාෂාවෙන් මරියම් ලෙස හදුන්වයි. කුරානයේ සම්පුර්ණ පරිච්ඡේදයක් කන්‍යා මරියතුමිය වෙනුවෙන් වෙන්කර ඇත. නමුත්, ඉස්ලාම් උත්පත්ති කතාවේ ජෝසෆ් හෝ අනාවැකිකරුවන් පිළිබඳ සඳහනක් නැත. කුරානයට අනුව, මේරි දරුවා බිහි කර ඇත්තේ වියළි කාන්තාරයක් මධ්‍යයේ මැරුණු ඉඳි ගසක් යට තනිවමය.

_104882505_maryam_412x549_col_bgd_1.jpg


එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එහිදී ඇයට ආහාරයට ගැනීම පිණිස ඉදුණු රට ඉඳි කඩා වැටී ඇති අතර, පය පාමුලින් දිය උල්පතක් ද මතු වී තිබේ. දරුවා සමග සිටි අවිවාහක කාන්තාවගේ සිල්වත් භාවය පිළිබඳ ප්‍රශ්න කිරීමකට ලක්වූ අතර අලුත උපන් ජේසු බිලිඳා දෙවියන් ලෙස කතා කිරීමට පටන් ගත්තේය.


ආත්මයේ ශාස්තෘවරයා

_104883192_mediumjesusandmary.jpg


ජේසුස් වහන්සේ පිළිබඳ සඳහන් කරද්දී "සාමය ඔහු සමග පවතීවා" යනුවෙන් යාඥා කිරීමට මුස්ලිම්වරු කටයුතු සිටිති. ඉස්ලාමීය විශ්වාස අනුව, විනිශ්චයට භාජනය වන දිනයේ මිහිමත යුක්තිය ඇති කිරීමට මුලින්ම පැමිණෙන්නේ ජේසුස් වහන්සේය. කෙසේවෙතත්, මුස්ලිම් සාහිත්‍යය මෙහිදී කුරානය අභිබවා යන්නේය. සුෆී දාර්ශනිකයෙක් වූ අල්-ගසාලි (Al-Ghazali) ඔහු "ආත්මයේ ශාන්තුවරයා" ලෙස හඳුන්වයි.ඉබ්න් ඇරබි, ජේසුස් වහන්සේ හඳුන්වා ඇත්තේ, "සාන්තුවරයන්ගේ මුද්‍රාව" ලෙසිනි. 'ඊසා' ලෙස නම් කළ දරුවන් ද, මරිය මව්තුමිය සිහි කරමින් 'මරියම්' ලෙස නම් කළ දැරියන් ද මුස්ලිම් සමාජය පුරා හමුවේ. 7 වන සියවසේ ඉස්ලාම් දහම ආරම්භ වන විට ක්‍රිස්තියානි දහම මැද පෙරදිග හොඳින් තහවුරු වී තිබුණි.


_104883198_basilica.jpg



_104883200_imamlarkilisedebirlikte.jpg



ඉස්ලාම් දහමෙන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ පූජනියත්වයෙන් සැලකුවද, කතෝලික පල්ලිය සැම විටම ඊට කෘතවේදී නොවීය. 15 වෙනි සියවසයේ ඉතාලියේ බොලොග්නා නගරයේ ඉදිවූ 'San Petronio' පල්ලියේ ඇති සුප්‍රකට බිතු සිතුවමක අපායේදී යක්‍ෂයන් විසින් වද දෙන මුස්ලිම් සාන්තුවරයෙක් නිර්මාණය කර තිබේ. යුරෝපය පුරා නිර්මාණය වූ කළා කෘති තුළ මේ අන්දමේ නින්දා කිරීම් හමුවේ. එනමුත් වර්තමාන කතෝලික පල්ලිය මෙලෙස අවඥා සහගතව නොබලයි.


csm-bbc-talkwalker-19d02b929a..png

images
 
Last edited:

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    එහෙනම් ඇයි උන් දෙගොල්ලො කුරුස යුද්දේ කාලෙ ඉදන්ම මරා ගන්නේ?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් ඇයි උන් දෙගොල්ලො කුරුස යුද්දේ කාලෙ ඉදන්ම මරා ගන්නේ?




    සමහර අතීත සිදුවීම් අපිට තාමත් දැනගන්න ලැබිලා නැ .... කතෝලික සහ මුස්ලිම් ආගම සහ අප පෘතුවියේ තියෙන බොහෝ ආගම් ගැන බොහෝ විස්තර වතිකානුවේ පුස්තකාලේ තියෙනවා ..... ඒවා තියෙන්නෙත් එලියට දාන්නේ නැති සෙට් එකේ ...... වතිකානේ බොහොම අතලොස්සක් වූ කිහිප දෙනෙක්ට තමා ඒවා බලන්නත් පුළුවන්





    සමහර කරුණු අනුව මුස්ලිම් ආගම කියන්නේ කතෝලික ආගමේ බයිබලයේ පරණ ගිවිසුම කියන එක ... මොකද ඒ කාලේ ඔය චර්මචේදනය වගේ දේවල් තිබිලා තියෙනවා ...... කතෝලික ආගම දැනට තියෙන පසුබිම පදනම් වෙන්නේ බයිබලයේ නව ගිවිසුම සමග.



    ඔන්න ඔය වගේ සිදුවීම් තියෙනවා සංසන්දනය කරන්න පුළුවන් .... එත් කවුරුවත් ඔය ගැන එළිපිට කතා කරන්නේ නැ ... ඇත්ත හැමදේකින්ම හංගලා තියෙන්නේ
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force


    සමහර අතීත සිදුවීම් අපිට තාමත් දැනගන්න ලැබිලා නැ .... කතෝලික සහ මුස්ලිම් ආගම සහ අප පෘතුවියේ තියෙන බොහෝ ආගම් ගැන බොහෝ විස්තර වතිකානුවේ පුස්තකාලේ තියෙනවා ..... ඒවා තියෙන්නෙත් එලියට දාන්නේ නැති සෙට් එකේ ...... වතිකානේ බොහොම අතලොස්සක් වූ කිහිප දෙනෙක්ට තමා ඒවා බලන්නත් පුළුවන්





    සමහර කරුණු අනුව මුස්ලිම් ආගම කියන්නේ කතෝලික ආගමේ බයිබලයේ පරණ ගිවිසුම කියන එක ... මොකද ඒ කාලේ ඔය චර්මචේදනය වගේ දේවල් තිබිලා තියෙනවා ...... කතෝලික ආගම දැනට තියෙන පසුබිම පදනම් වෙන්නේ බයිබලයේ නව ගිවිසුම සමග.



    ඔන්න ඔය වගේ සිදුවීම් තියෙනවා සංසන්දනය කරන්න පුළුවන් .... එත් කවුරුවත් ඔය ගැන එළිපිට කතා කරන්නේ නැ ... ඇත්ත හැමදේකින්ම හංගලා තියෙන්නේ

    හංගන්න තරම් දෙයක් නම් මන් දන්න තරමින් නැ. කතොලික මුස්ලිම් කියන්නේ ජුදා ආගමේ කොටස්. මන් දන්න තරමින් නම් ජේසු ගෙ පැමිණි මෙන් පස්සේ තමයී ඕවා කොටස් වලට කැඩෙන්නේ.

    කතොලික අය කියනවා ජේසු කියන්නේ දෙවියන් පොරොන්දු උනා පුත්‍රයා කියලා, මුස්ලිම් අය කියනවා ඔය බොරු එ නිකම් ශාස්තෘ වරයෙක් විතරයි කියලා. ජුදා අය කියනවා මේ ජේසු කියන්නේ නිකං හොරෙක් කියලා. මේ 3 ගොල්ලො ගෙම පරණ ගිවිසුම එකමයි මන් දන්න විඳියට. ජේසු උගන්නන්න ඒවා ගොඩක් නිවැරැදි පරන ගිවිසුමේ තියෙන එවලට වඩා. පරන ගිවිසුමේ තියෙන්නේ ගැහුවොත් මරපන් කියන ඒවා.

    කොහොම හරි මේවා පස්සේ එන නායකයෝ තමගේ වාසියට පාවිචිචි කරනවා රටවල් අල්ලගන්න සහ ආගම පතුරවන්න. මේ වලදී කරපු අපරාධ ගැන පල්ලිය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා මන් හිතන්නේ.

    කුරුස යුද්ධ ඇති වෙන්න නම් හේතු වෙන්නේ කොන්ස්තන්තිනෝපලය මුස්ලිම් අය අල්ලගන්න එක නේද?