නතාෂා සමග යන්න හැදූ පැතුම්ගේ ගමනත් නවතී

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ඊයේ රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව බලා යන්නට සූදානමින් සිටි යූටියුබ් ප්‍රහසන ශිල්පිණී ජයනි නතාෂා එදිරිසූරිය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අද (28) පැවති පොලිස් මාධ්‍ය හමුවකදී ඇය අත්අඩංගුවට ගැනීම පැහැදිලි කර තිබෙයි.
    පසුගිය අප්‍රෙල් 01 වන දින මෝඩාභිමානය නමින් කොළඹ බිෂොප් විද්‍යාලයීය ශාලාවේ පැවති වැඩසටහනකදී ‘සුද්ධෝදනගේ පොඩි එකා‘ යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට අනුව වරදක් සිදුකර තිබීම නිසා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
    පනතේ 03 වන වගන්තිය අනුව ජාතීන් අතර හෝ ආගමික නොසන්සුන්තාවයක් ඇති වන ප්‍රකාශ සිදුකිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
    අත්අඩංගුවට පත් ඇය පොලිස් සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.

    31 හැවිරිදි නතාෂා එදිරිසූරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් පුද්ගලයෙකු ද ඇය සමග දිවයිනෙන් පිටත්ව යාම සදහා සූදානමින් සිටි බව පොලිසිය පවසයි.ඔවුන් දෙදෙනා මැලේසියානු ගුවන් යානයකින් ක්වාලාලම්පූර් වෙතත් එතැන් සිට සිංගප්පූරුව බලාත් පිටත්ව යාමට සැළසුම් කර තිබූ නමුත්
    නතාෂා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැතුම් බණ්ඩාර නමැත්තා ගුවන් ගමන අතහැර නැවත නිවෙස් බලා ගොස් ඇත.
    අත්අඩංගුවට පත් නතාෂා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිතය.
    අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝවක් මේ සමග පළවේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    3some daanne pethum ekkada @riduna pm ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නතාෂා සමග නානසාරගේ ගමනත් නවතී @2osama @N A K A M U R A @weer 11

    ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඩුවමක් නියම කර තිබේ.
    2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම තීන්දුව අධිකරණය ලබා දුන්නේය.

    ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්
    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

    මෙම නඩුව මීට මසකට පමණ පෙර පසුගිය පෙබරවාරියේ කැඳවූ අවස්ථාවේ හිමියන්ට අවාසි සහගත ආකාරයේ තීන්දුවක පූර්ව ලක්ෂණ පෙන්නුම් කර තිබුනි. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදින පවසා තිබුණි.
    සාක්ෂි විභාගය එදින අවසන් වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වැනි දින ලබාදෙන බවට විනිසුරුවරයා නියම කර තිබූ අතර ඒ අනුව වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම විය.

    මීට පෙර ද ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වුවද ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී නිදහස් කර තිබුණි.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩුවක් විභාග වන අවස්ථාවක අධිකරණයට බලෙන් පැමිණ
    අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබියදී ජනපති සමාව ලබාදී තිබුනි.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කුරගල අපහාස නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙද්දී
    නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග නීතිඥ සංජය ආරියදාස විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.
     
    tharaka.f

    Junior member
  • Mar 28, 2024
    65
    75
    18
    mage wifetath rassawak na, wada karapu SPA eka foliciyen wahuwa. mun ekka rata pannawaganna bari weida