නදීෂා

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මම දකුණට උඩින් පාත්වුණේ නෑ

    ප‍්‍රශ්නය: රංගන ශිල්පිනියක් ලෙසින් කාගේත් ආදරයට පාත‍්‍ර වූ ඔබ ඇයි දේශපාලනයට පිවිසුණේ?

    පිළිතුර: ජනතා සේවකයෙක් වෙන්නයි. මම නායකයෙක් කියලා කියන්නේ හොඳම සේවකයාටයි. හොඳම සේවකයා නායකයායි. මට අණ දෙන්නෙක් වෙන්න ඕනේ නෑ. සේවකයෙක් වෙන්නයි අවශ්‍ය. ඒ හින්දයි දේශපාලනයට ආවේ.



    ප‍්‍රශ්නය: කලා ක්‍ෂේත‍්‍රයෙන් ඇවිත් ඉන්න අය කරන දේශපාලනය මදි හින්ද ද ඔබත් මෙතැනට තල්ලූ වුණේ?

    පිළිතුර: මම දේශපාලනයට ආවේ අනෙක් අය කරන්නේ නොකරන්නේ මොනවාද කියන කාරණය උඩ නොවෙයි. මම දේශපාලනයට ආවේ මම මොනවද කරන්න ඕනේ කියන කාරණය උඩයි. මට මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි ඉස්සරහට බලමු.



    ප‍්‍රශ්නය: ඔබ එජාපය තෝරාගත්තේ ආණ්ඩු පක්‍ෂයෙන් එන්න බැරිවූ හින්ද ද?

    පිළිතුර: මම එක්සත් ජාතික පක්‍ෂය තෝරා ගත්තේ කරුණු 2 ක් මතයි. එකක් මගේ පවුල් පසුබිම එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන සම්බන්ධයයි. අනෙක් කරුණ මට ඇත්තටම මේ ක‍්‍රමයේ වෙනසක් දකින්න ඕනේ හින්දයි එජාපය තෝරා ගත්තේ.
    මෙය පුද්ගලයකුට විරුද්ධව කරන සටනක් නොවෙයි. මේ දියවෙලා, කුණුවී යන ක‍්‍රමයට විරුද්ධව කරන සටනක්. ඒ සටනට ප‍්‍රධාන බලවේගය තමයි එක්සත් ජාතික පක්‍ෂය, ඒ හින්දා මගේ ගමන එජාපයෙන් ආරම්භ කළා.


    7605638891Actress_Nadeesha_Hemamali_Latest_Hot_Stills_.jpg


    ප‍්‍රශ්නය: එජාපය මොනවගේ බලාපොරොත්තුවක් ඇතිවද ඔබ මෙතැනට තල්ලූ කළේ?
    පිළිතුර: ඒක නම් අහන්න ඕනේ එජාපයේ මහලේකම් තුමාගෙන්. මම ඉල්ලගෙන ගිය එකක් නොවෙයි. මට ආරාධනා කළා. ඒ ආරාධනාව මම බෘරගත්තා. එච්චරයි.



    ප‍්‍රශ්නය: උපේක්‍ෂා එජාපයෙන් ඇවිත් ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ වුණා. ඔබත් ඒ වගේ කරණමක් ගහන්නද ලෑස්තිවෙන්නේ?
    පිළිතුර: නෑ. පැහැදිලිවම නෑ. ඒක ඉදිරියේදී ඔබලාට දැකගන්න පුළුවන් වේවි.


    ප‍්‍රශ්නය: කලාකරුවන් දේශපාලනයට එන එක දැන් වැඩිවෙලා. එහෙම වෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ?
    පිළිතුර: විශේෂ හේතුවක් නෑ. මේක පශ්චාත් මධ්‍යතන සමාජයක්. ඒ සමාජයේ ජනප‍්‍රිය සංස්කෘතියට විශාල තැනක් තිබෙනවා. ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුළේ ප‍්‍රසිද්ධ චරිතවලට සාමජයේ ඉල්ලූමක් තිබෙනවා. එහි නරක දේ තමයි සමාජයේ අය හරයට වඩා පෙනුම වැදගත් කොට සැළකීමයි.
    අපේ වගකීම තමයි පෙනුම විතරක් නොව හරයත් එයට එකතු කරන්න ඕනේ කියන එකයි. ඒ සඳහා දැනුම හා පළපුරුද්ද අපි ලබාගත යුතුයි.




    ප‍්‍රශ්නය: කලාකරුවෝ මේ දේශපාලනයට ඇවිත් අනාගන්නවා. ඇවිල්ලා හැමෝගෙන්ම බැනුම් අහනවා. ඔයා ගෙනුත් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද?
    පිළිතුර: දේශපාලනයේදී විතරක් නොවෙයි හැම ක්‍ෂේත‍්‍රයම හොඳ නරක වගේම බැණුම්ද අහන්න ලැබෙනවා. ඒක පොදු දෙයක්. ඒ වගේම අනෙක් අයගෙන් හොඳක් අහනවා වගේම මට වැදගත් වෙන්නේ අනෙක් අයගේ අඩි කෝදුවලින් මාව මැනගන්න එක නොවෙයි. මට මාව මනින්න මගේම මිනුමක් තිබෙනවා. මගේ හතුරාත් මමයි. මගේ මිතුරාත් මමයි.

    Nadeesha-Hemamali-stills-new-_62_.jpg


    ප‍්‍රශ්නය: දකුණු පළාත් සභාවට ඉල්ලන්න ඔයාට තිබෙන සුදුසුකම මොකක්ද?
    පිළිතුර: පළමු කාරණය මම දකුණේ කෙනෙක් වීම. දෙවැන්න නීත්‍යානුකූලව මම ඡුන්දේ ඉල්ලන්න නුසුදුස්සෙක් නොවීමයි. මම දකුණට උඩින් පාත් වූ කෙනෙක් නොවෙයි.
    මම ඉපදුණේ අම්බලන්ගොඩ පොල්වත්ත ඉස්පිරිතාලේ. මොන්ටිසෝරි ගියේ පොඩි ඉඳුරුව හා මැටිවල, තෙල්වත්ත ප‍්‍රදේශවල මොන්ටිසෝරිවලටයි. පාසල් 1 වැනි ශ්‍රේණියේ ඉඳලා 8 වැනි ශ්‍රේණිය දක්වා අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහලේ ඉගෙන ගත්තේ. සා.පෙළ හා උ.පෙළ විභාග කැලණිය ප‍්‍රදේශවල විදුහල් 2 කින් ලබාගත්තා. මගේ ආච්චි අම්මා ඉන්නේ පොඩි ඉඳුරුවේ. සීයා ඉන්නේ හික්කඩුව, තෙල්වත්ත ප‍්‍රදේශවල. මගේ තාත්තාගේ අම්මයි, තාත්තයි බලපිටිය, මහලදුව, වතුගෙදර ප‍්‍රදේශවල. අනෙක් පවුලේ ඥාතීන් බටපොළ, දෙහිවල ඉන්නේ. එහෙම බලනකොට මුළු දිස්ත‍්‍රික්කය පුරාම අපේ සම්බන්ධය තිබෙනවා. මේවා සමහරු දන්නේ නෑ. ඒ හින්දයි සමහරුන්ට මම දකුණට ඉල්ලනවා කිව්වාම පුදුම හිතෙන්න ඇත්තේ.




    ප‍්‍රශ්නය: ඔබ හිතනවාද, රංගන ශිල්පිනියක් ලෙස තරුණ පරපුරේ අයගේ හිත දිනාගන්නත්, දේශපාලනයේදී දකුණේ තරුණ පරපුරේ විශ්වාසය දිනාගන්න පුළුවන් කියා?
    පිළිතුර: ඔව්. මම කරන ප‍්‍රතිපත්ති, මගේ දර්ශනය එක්ක තමයි මම දකුණට යන්නේ. ඉතිං ඒ දර්ශනය තරුණ තරුණියන් පිළිගනියි කියා මා හිතනවා. අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්ති හා දර්ශනයයි. ඒ තුළ තමයි ඔවුන් මට කැමතිද? නැද්ද? කියා තීරණය කරන්නේ. මට ඔවුන් විශ්වාසයි.

    nadee_Ruwan_HarIn_600px_20_.jpg


    ප‍්‍රශ්නය: මෙවර දකුණු පළාත් සභාවට ගීතා කුමාරසිංහ, අනර්කලී ආකාර්ෂා සමගයි ඔබට තරග වදින්න සිදුවන්නේ. අන්තිමේදී නදීෂාත් කෙහෙවලූ පටලවා ගනියිද?
    පිළිතුර: පුද්ගලිකව නොවෙයි. නමුත් දේශපාලන මතවාද ඔස්සේ හොඳට කෙහෙවලූ පටලවා ගනියි ඉස්සරහට. ඒක ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි.

    ප‍්‍රශ්නය: ගීතා හා අනර්කලී කලා ක්‍ෂේත‍්‍රයේ දිදුලන තරු දෙකක්. ඔබත් ජනප‍්‍රිය දිදුලන තාරකාවක්. ඔවුන් දෙදෙනා ඔබට අභියෝගයක්ද?
    පිළිතුර: මට කවුරුත් අභියෝගයක් නොවෙයි. මගේ අභියෝගය තිබෙන්නේ මගෙත් එක්කයි. මොකද මගේ ප‍්‍රතිපත්ති තිබෙනවා. මට අභියෝගය තිබෙන්නේ මගේ ජනතාවත් එක්කයි. මට ආදරය කරන පිරිස මාව පිලිගත්තොත් ඒක තමයි මට වටින්නේ.



    ප‍්‍රශ්නය: දේශපාලනයේදී මඩ වදින්න පුළුවන්. නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. ඔබට ඊට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද?
    පිළිතුර: දේශපාලනයේදී විතරක් නොවෙයි අපේ දහම් පාසලේ උගන්වන ගුරුවරුන්ටත් මඩ වදිනවා. බුදුහාමුදුරුවන්ටත්, ජේසු සමිඳානන්ටත්, නබිනායක තුමාටත් මඩ වැදුණා. මඩවලට ඔරොත්තු දීලා යන හැටි ඉගෙනගන්න තිබෙන හොඳම ජීවමාන උදාහරණය තමයි අපේ නායකතුමා රනිල් වික‍්‍රමසිංහ. ඒ නිසයි එජාපය මා තෝරාගත්තේත්. මට ඕනෑම දෙයකට මුහුණ දෙන්න ශක්තිය තිබෙනවා.



    ප‍්‍රශ්නය: මේ කරණමක් සමග නදීෂා කියන නිළියට මොකද වෙන්නේ?
    පිළිතුර: මම රඟපෑම අත්හරිනවාද කියන ප‍්‍රශ්නයක් නම් ඔබ අහන්නේ, නෑ. මම රඟපෑම අත්හරින්නේ නෑ. නමුත් මට එතනින් එහාට යන්න බලාපොරොත්තු වෙනවා යන්නයි.
    හොලිවුඞ් සිනමාව ගත්තොත්, එහි දේශපාලන කලාව, සමාජීය ප‍්‍රශ්න ගැන ඉතාම ගැඹුරු මට්ටමින් කතා කරනවා. අපේ කලාව තුළ එහෙම කතා කරපු නිර්මාණ තිබෙන්නේ බොහොම කීපයයි. ඒක කරන්න කලාව ගැන වගේම දේශපාලනය ගැනත් හොඳ අවබෝධයක් තිබීම වැදගත්. මම මගේ කලා ජීවිතයේ දේශපාලනය එක්ක අලූත් මාවතකට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනවා.
    ඒ හින්දා මම හැම කෙනෙකුගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමතියි. මාව විශ්වාස කරන්න කියලයි. මම කරන දේ කියන කෙනෙක්. අනෙක එජාපයෙන් මට තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක පත්වීමක්ද දුන්නා. එහි ප‍්‍රතිඵල ළඟදීම දැකගන්න පුළුවන් වේවි. දැන් දකුණේ සිට මගේ දේශපාලන ගමන ආරම්භ කරනවා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියමයි අක්කි. අපි ඔයාවත් පත් කරන්නම්. අනර්කලී අක්කි වගේම දකුණ දියුණු කරන්න ඔයත් එකතු වෙන්න. අපි බලන් ඉන්නේ ඔයා ඇවිත් දකුණ දියුණු කරනකම්. ගීතා නැන්දත් මහා ඇමති වුණාම කට්ටියටම එකතු වෙලා ලොකු වැඩක් කරන්න පුළුවන් වෙයි අහිංසක අපි වෙනුවෙන්. ඔබට ජය.

    මීට ඔබේ චන්ද දායකයෙක්.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම මගේ කලා ජීවිතයේ දේශපාලනය එක්ක අලූත් මාවතකට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනවා.
    ඒ හින්දා මම හැම කෙනෙකුගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමතියි. මාව විශ්වාස කරන්න කියලයි. මම කරන දේ කියන කෙනෙක්. අනෙක එජාපයෙන් මට තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක පත්වීමක්ද දුන්නා. එහි ප‍්‍රතිඵල ළඟදීම දැකගන්න පුළුවන් වේවි. දැන් දකුණේ සිට මගේ දේශපාලන ගමන ආරම්භ කරනව.

    :rolleyes::rolleyes: redda ussala pennaida danne na ne? :oo::oo:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    නදීෂා මහින්දගේ පැත්තෙන් ආව නං දැන් ඔය ඒකිට බණින උන් එකෙක්වත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ.:D.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    අනර්කලීට,මාලනීට,උපේක්ෂට,ගීතට පුලුවන්නම් නදීෂට බැරි මොකෝ???:rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනර්කලීට,මාලනීට,උපේක්ෂට,ගීතට පුලුවන්නම් නදීෂට බැරි මොකෝ???:rolleyes:

    අනිවා මේ කට්ටියට තියන එකම තමා මෙයාටත් තියෙන්නෙ වටිනාකම තියෙන්නෙ ඔකෙනෙ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජිනා මැඩම් පොදු අපෙක්ශිකාව කරන්න යනවලු 2014 ජනාදිපතිවරනෙ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලො දේශපාලනේට එන එකේ ඇති වැරැද්ද මොකක්ද? තොපි හම්බයොද?:baffled:

    ඩොකාලා ඉන්ජොන්ට වැඩිය නිලියො දේශපාලනේට ගැලපෙනව. දන්නෙ නැත්තන් දැනගනින්
    :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    කෙල්ලො දේශපාලනේට එන එකේ ඇති වැරැද්ද මොකක්ද? තොපි හම්බයොද?:baffled:

    ඩොකාලා ඉන්ජොන්ට වැඩිය නිලියො දේශපාලනේට ගැලපෙනව. දන්නෙ නැත්තන් දැනගනින්
    :P

    :yes:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කෙල්ලො දේශපාලනේට එන එකේ ඇති වැරැද්ද මොකක්ද? තොපි හම්බයොද?:baffled:

    ඩොකාලා ඉන්ජොන්ට වැඩිය නිලියො දේශපාලනේට ගැලපෙනව. දන්නෙ නැත්තන් දැනගනින්
    :P
    ඔව් උබලා වගෙ උන්ට නියෙමෙට ගැලපෙනවා