නන්දන ගුණතිලක අස්‌වී පොදු විපක්‍ෂයට එක්‌

Oct 2, 2014
164
22
0
නන්දන ගුණතිලක අස්‌වී පොදු විපක්‍ෂයට එක්‌

ado onna nadana gunathilaka avith vipakshayata poranam gu wansha wage hora kawe naha neda anduwe idala?
nandana200.jpg

රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු තනතුරුවලින් සහ පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්‌වූ නන්දන ගුණතිලක මහතා ඊයේ (14 වැනිදා) පොදු විපක්‍ෂය සමග එක්‌ විය.

ඉදිරියේදී ඇරැඹෙන මහා දේශපාලන සංග්‍රාමයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම පවුල් බලය පැරදවීමේ සටනට එක්‌වීම වෙනුවෙන් තමා තනතුරුවලින් ඉවත් වීමට තීරණය කළ බව ඊයේ (14 වැනිදා) පිටකෝට්‌ටේ සෝලිස්‌ ශාලාවේදී විශේෂ මාධ්‍ය හමුවක්‌ කැඳවමින් ගුණතිලක මහතා සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ පළමු සභාපතිවරයා තමා බවත් එම සන්ධානය නිසි මග නොයන්නේ නම් ඉන් ඉවත් වීමට තමාට සුජාත අයිතියක්‌ ඇති බවත් රටට සුබ අනාගතයක්‌ වෙනුවෙන් තමා සටන් වදින බවත් ඔහු සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයෙන් ඉවත්ව ගියද එක්‌සත් ජාතික පක්‍ෂය හෝ වෙන කිසිදු පක්‍ෂයක සාමාජිකත්වය ලබා නොගන්නා බවත් මෙම වෑයම වත්මන් පාලනය පෙරළා දමා පොදු අපේක්‍ෂකයකු පත්කර ගැනීම වෙනුවෙන් බවත් නන්දන ගුණතිලක මහතා කියා සිටියේය.

තමාට පොදු අපේක්‍ෂකයකු වීමට අවශ්‍ය නොමැති බවත් මෙහිදී පැවසූ හෙතෙම පොදු අපේක්‍ෂකයා කවුරුන්ද යන්න ඉදිරියේදී දැනගත හැකි වනු ඇති බවත් කීවේය.

මෙම තීරණය මීට කලින් ගත යුතු තීරණයක්‌ වුවද යකඩය රත්වන තෙක්‌ බලන් සිටීමට සිදුවූ බවත් ගුණතිලක මහතා කියා සිටියේය.

සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කර ගුණතිලක මහතා පිටු හයක ලිපියක්‌ ජනාධිපතිවරයාට යොමු කර ඇත.

තමන් භාවිත කළ නිල වාහනය ඇතුළු ද්‍රව්‍ය නාගරික ලේකම්වරියට භාර දීමට කටයුතු කළ බවත් හෙතෙම පැවසීය.

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එක්‌සත් ජාතික පක්‍ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරු ද එක්‌ව සිටියහ.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙයාව jvp එකන් අයින් කලේ පුද්ගලික හේතුවකට. පුද්ගලිකව කරපු වරදක් නිසා. දේශපාලනමය වරදක් නෙමයි. මේවගේ මිනිහෙක් තිය ගන්න හොද නැහැ කියන තීරණය තමයි jvp එකන් ගත්තේ. ඒ හේතුව එලියට ආවේ නැහැ. එත් පුද්ගලික කාරණාවක්. විමල් විරවංශ කැඩෙන්න කාලෙකට කලින් තමයි මෙයා jvp එකඟ අයින් උනේ. විමල් කැඩුනම විමල් එක්ක එකතු උනා. එටපස්සේ විමල්ගෙන් කැඩිලා නිදහස් පක්ෂෙට එකතු උනා.
     
    pudgalika warada mokak unath meya rata adaraya athi minihek neda :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒ පැත්තෙන් මේ පැත්තට..
    මේ පැත්තෙන් ඒ පැත්තට
    පැන පැන යන මේ වගේ ගෙම්බෝ ඡන්දේ දීල පත් කරන මේ රටේ මිනිස්සු තමයි හැමදාම අසරණ වෙන්නේ..
    ආසියාවේ ආශ්චර්යමත් දේශපාලුවෝ :dull::dull:
     
    • Like
    Reactions: Apparently Kid

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මෙයාව jvp එකන් අයින් කලේ පුද්ගලික හේතුවකට. පුද්ගලිකව කරපු වරදක් නිසා. දේශපාලනමය වරදක් නෙමයි. මේවගේ මිනිහෙක් තිය ගන්න හොද නැහැ කියන තීරණය තමයි jvp එකන් ගත්තේ. ඒ හේතුව එලියට ආවේ නැහැ. එත් පුද්ගලික කාරණාවක්. විමල් විරවංශ කැඩෙන්න කාලෙකට කලින් තමයි මෙයා jvp එකඟ අයින් උනේ. විමල් කැඩුනම විමල් එක්ක එකතු උනා. එටපස්සේ විමල්ගෙන් කැඩිලා නිදහස් පක්ෂෙට එකතු උනා.

    :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිං සැරෙ;17382635 said:
    pudgalika warada mokak unath meya rata adaraya athi minihek neda :D

    විමල්ට වඩා නම් නම්බුවක් තියන මිනිහෙක්. මොන උනත් රෙදි දගගෙන් ඉන්න පුළුවන් විදියට හැසිරුනා