නන්දෙගේ පඩිය ලක්ෂ 4 යි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පසුගිය වසර කිහිපය තුළ ආන්දෝලනාත්මක කරුණක් විය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළ හා සමාජ මාධ්‍ය තුළද දැඩි සේ කතාබහට, විවේචනයට ලක්වීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් නිල තොරතුරු අනුව අනාවරණය කර ගැනීමට හැකි වූයේ, 2015 වර්ෂයේ රුපියල් 70,000ක්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ වැටුප, 2021 වර්ෂයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය සඳහා පැමිණීමෙන් අනතුරුව වැටුප මසකට රුපියල් 400,000ක් දක්වා වැඩි වී තිබෙන බවයි.

    විශේෂයෙන්ම වැටුප් වැඩි වීම මතභේදයට තුඩු දී ඇති හේතු කිහිපයක් තිබේ. පළමුව එය දුර්වල කාර්යසාධනය සඳහා විපාකයක් ලෙස සැලකේ. එමෙන්ම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් මහ බැංකුව විවේචනයට ලක්ව තිබේ. දෙවනුව,


    වැටුප් වැඩි වීම සැලකෙන්නේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ යථාර්ථයට පිටින්ය. තෙවනුව, වැටුප් වැඩි වීම දූෂණයේ සහ ගජමිතුරුභාවයේ සලකුණක් ලෙස සැලකීමයි.

    එමෙන්ම මහ බැංකු අධිපතිවරයෙකු ලෙස රුපියල් ලක්ෂ 25ක වැටුපක් ලැබෙන බවට පැතිර ගිය කතාව තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බව වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා විසින් 2022 නොවැම්බර් මස 24වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ”මහ බැංකු අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසයකට ලක්ෂ 4ක්. කාලයක් තිබුණා මහ බැංකු අධිපතිවරයෙකු විශ්‍රාම යන විට විශ්‍රාම වැටුපක් ලැබුණේ නැහැ. පසුගිය අධිපතිතුමා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන කාලේ මඟ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගත්ත තීරණයක් මත, පසුගිය අධිපතිතුමාත් යම්කිසි ආකාරයකට ඉල්ලීම් කරලා,


    පසුගිය අධිපතිතුමයි ඊට කලින් අධිපතිතුමයි විශ්‍රාම වැටුපක් හදාගත්තා. ඒ අයට මහ බැංකු අධිපතිතුමන් ලෙස මාසයක් වැඩ කළත්, යම්කිසි විශ්‍රාම වැටුපක් ලැබීමට නියමිතයි.”

    කෙසේ නමුත් තමන් එහෙම විශ්‍රාම වැටුපක් ගැනීමට කටයුතු කරන්නේ නැති බවත්, සාමාන්‍ය රජයේ සේවකයෙක් විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන්න ඕන නම් වසර දහයක්වත් වැඩ කරන්න ඕන බවද ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කරන ලදී.

    කෙසේ වෙතත් වැටුප් වැඩි වීම දිගින් දිගටම මතභේදයට තුඩු දී තිබිණි. ඒ අනුව මහ බැංකු අධිපතිවරුන්ගේ වැටුප 2015 සිට 2022 කාලය තුළ දී වැඩි වී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් තොරතුරු ලබාගනිමින් සිදුකළ විශ්ලේෂණයේදී අනාවරණය වූයේ, 2006 - 2016 කාලය තුළදී මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට හා අර්ජුන මහේන්ද්‍රන් යන අයට වැටුප 70,000ක වූ අතර, 2016 වර්ෂයේ මැද භාගයේ සිට මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ කාලය තුළදී වැටුප රුපියල් 93,500 දක්වා වැඩි වී තිබේ. එමෙන්ම ඔහු මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ වසර දෙකහමාරකට ආසන්න කාලය තුළදී සෑම වසරකම වැටුප් වැඩි වී ඇති අතර, එය 2017දී රුපියල් 100,000ක්, 2018දී 115,000ක්, 2018 ඔක්තෝම්බර් 15 සිට 150,000ක් දක්වා වැඩි වී තිබේ. එමෙන්ම 2019 අප්‍රේල් 1 සිට 2021 සැප්තැම්බර් 14 දක්වා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ කාලය තුළදී මූලික වැටුප වශයෙන් රුපියල් 115,000ක් ලබාදෙනු ලැබුවත්, විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන අමතර ස්ථිර මාසික දීමනාවක් ලෙස තවත් රුපියල් 51,376ක මුදලක්ද ලබා දී තිබේ. එම දීමනාව එතැන් සිට අද දක්වා සියලු මඟ බැංකු අධිපතිවරුන්ට හිමිවේ.


    එමෙන්ම 2015 වර්ෂයේ සිට සියලු මහ බැංකු අධිපතිවරුන්ට රුපියල් 1500ක මාසිකව සංග්‍රහ දීමනාවක්ද ලබා දී තිබේ.

    කෙසේ නමුත් මෑත කාලයේ දැඩි කතාබහට ලක්වූ මහ බැංකු අධිපතිවරුන් පඩිය ලක්ෂ හතර දක්වා වැඩි වීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වූයේ 2021 සැප්තැම්බර් 15 සිට නැවතත් මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කාලය තුළදී එතෙක් රුපියල් 150,000ක් ලෙස පැවතුණු මූලික වැටුප ලක්ෂ 400,000 දක්වා වැඩි කරගෙන තිබෙන බවයි. 2021 සැප්තැම්බර් 21වැනි දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මෙම වැඩි වීම සිදුකර ඇත.

    කෙසේ නමුත් වැටුප් වැඩි වීම ඇතැම් ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලනඥයන්ගේ විවේචනයට ලක්වූයේ එම වැටුප් වැඩි වීම මහජන මුදල් නාස්තියක් ලෙසටයි. කෙසේ නමුත් වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය වන්නේ සුදුසුකම් ඇති පුද්ගලයන් එම තනතුරට ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට මෙම වැඩි වීම අවශ්‍ය බවයි.


    රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
     
    • Haha
    Reactions: Nanosudha

    monson

    Well-known member
  • May 7, 2007
    25,566
    28,465
    113
    collage.webp
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,748
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩි පඩියක් දුන්නට කමක් නෑ. හැබැයි උන් ප්‍රසිද්ධියේ පිළිගන්න ඕන රුපියල් ලක්ෂෙකින් විතර උන්ට ලංකාවෙ ජීවත්වෙන්න බෑ කියල. ☝️ :-D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂ 4 අරන් ඉන්නව කියල මං නං හිතන්නෙ නෑ කීයටවත්.

    වෙන බෙනිෆිට්ස්, බෝනස් ඇති කිව්වෙ නැති. වැඩිය ඕන නෑ උන් EPF එකට සල්ලි දාන්නෙ නෑ ඒ වෙනුවට වෙන එකක් හදෙගෙන පට්ට ගානක් ගහගන්නවා. ඒ මදිවට EPF එකෙන් කැපුවට උන්ගෙ එකෙන් කපන්නෙ නෑ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :lol: අඩෝ ඒ කියන්නෙ මහ බැංකුවෙ අදිපතියත් ගන්නෙ SEලා ගන්න ගානමනෙ.. හරි හමන් dev කෙනෙක්ගෙ පඩියටත් වඩා අඩුයි එහෙම බැලුවොත්...
    siravatah .. feels like 2x adipathi
     
    • Haha
    Reactions: Rahula Kasun