නබිGay-උපන්දිනේඅදයි
නබිගේ උපන්දිනය අදයි රාජ්‍ය උත්සවය බදුල්ලේදී පැවැත්වේ
ශ්‍රී ලාංකික මරක්කලයන් ද අද (12) නබි නායක ගේ උපන්දිනය සමරනවා.
රාජ්‍ය උත්සවය බදුල්ලේ දී පැවැත්වෙන බවයි මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ. එච්. එම්. හලීම් කියා සිටියේ.
එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගීවීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශුද්ධ වූ නබි නායක තුමන්ගේ ජන්ම දිනය සමරන අද දිනයේ දී උන්වහන්සේගේ ඉගැන්වීම් ජීවිත තුළ පුහුණු කිරීමට ද අදිටන් කරගත යුතු බවයි.
මිනිසෙකු තවත් මිනිසෙකුට වඩා උසස් යැයි සිතීම මෙන්ම මිනිසුන් අතර ඇති වෛරය ද හෙලා දකින බව ශුද්ධ වූ නබි නායක තුමන් උගන්වා ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශුද්ධ වූ නබි නායක තුමන්ගේ ඉගැන්වීම් සහෝදරත්වය, සමානාත්මතාව සහ පරිත්‍යාගශීලිත්වය පදනම් කරගත් එකක් බවයි.
එම ජීවන මාර්ගය ප්‍රජාතන්ත්‍රික පාලන ක්‍රමයකට ද පදනම සකසන බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ජාතීන් අතර ප්රතිසන්ධානය සහ සමගිය ඇති කිරීමේ දී ශුද්ධ වූ නබි නායක තුමන්ගේ ඉගැන්වීම් ඉතා වැදගත් වන බවයි.
සියලු මරක්කල භක්තිකයින්ට අද දිනය වෙනුවෙන් සුභ පතන බව ද එහි සඳහන් කර තිබෙනවා.