නම වෙනස් කර නව ජාතික හැදුන්ම්පත සැකසීම
ඔන්න එළකිරි වාසියනි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ..
පසුගිය මාස 4ක් විතර මම හිටියේ ලෝකේ කිසිම රටක පුරවැසියෙක් විදියට නෙමෙයි..
ලංකාවේ හිටියට කිසිම හැදුනුම්පතක් ලග තිබුනේ නෑ. සියල්ල නැති වුණා. ඒ අස්සේ මගේ නම වෙනස් කරන්න පත්තරේ අැඩ් දාලා තිබුනේ.. විවාහ සහතිකයේ තිබුණේ එක නමක්. අනිත් ලියකියවිලි වල වෙන නමක්.. අාතල් කෝටියයි.. යන්තම් ගිය සතියේ අලුත් නමක් යටතේ අලුත් හැදුනුම්පත හදාගත්තා.. දැන් ඉතුරු රියදුරු බලපත්‍රය හදාගන්න එක විතරයි. ඒකත් මේ සතියේ හදලා ඉවර කරගන්න ඔ්න.
නිදාන කතාව ඉවරයි. දාන්න යන්නේ තමාගේ දැනට පවතින නම වෙනස් කරගන්නේ කොහොමද සහ අලුත් හැදුනුම්පත ලබා ගන්නේ කොහාෙමද කියන විස්තර ටික.
උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම
උප්පැන්න සහතිකයේ නම වෙනස් කරන්න මේ ලියකියවිලි ටික ඔ්න.
1. නම වෙනස් කිරීම සදහා පුවත්පතක පළකල දැන්වීම- මේක පළකල දිනයේ සිට අඩුම වසරක් වත් පරණ වෙන්න ඔ්න.
2.ග්‍රාම නිළධාරී සහතිකය - මතක අැතිව සහතිකය ගන්න වෙලාවට ග්‍රාමසේවකට කියන්න සහතිකය ගන්න හේතුව නම වෙනස් කිරීම කියල ලියන්න කියල. ඒ වගේම නිර්දේශ තීරුවේ දැනට පවතින නම අලුත් නමට හැරවීම නිර්දේශ කරනවා කියලත් ලියව ගන්න.
3. සාම විනිසුරු සහතිකය
4. වර්තමාන උප්පැන්නය
5. අලුත් නම භාවිත කළ බවට තියෙන වෙනත් සාක්ෂි - මම විවාහ සහතිකයට දැම්මේ අලුත් නම. ඒ නිසා මම විවාහ සහතිකයේ මුල් පිටපතකුත් අරන් ගියා.
මේ ටික අරන් යන්න ප්‍රා.ලේ කාර්යාලයේ රෙජිස්ටාර් ලගට. ලියකියවිලි හරියට තියෙනවනම් එවෙලෙම උප්පැන්නේ නම වෙනස් කරගන්න පුලුවන්..නම වෙනස් කරාම මතක අැතිව මුල් පිටපත් 3ක් විතර අරගන්න.
අලුත් නම දැනට තියෙන උප්පැන්නේම 13වන තීරුවට තමයි අැතුලත් කරන්නේ.
ජාතික හැදුනුම්පත ලබා ගැනීම
ජාතික හැදුනුම්පත හදන්න මේ ටික ගෙනියන්න ඔ්න
1. නව හැදුනුම්පතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය-මේක ග්‍රාම සේවකගෙන් අරගන්න.
2.නම වෙනස් කළ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් - මම අරන් ගියපු උප්පැන්න සහතිකය එයාලා තියාගත්තා.
3. පැරණි හැදුනුම්පත - මගේ ID එක නැතිවුන නිසා මම පොලිස් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපි එකක් අරන් ගියා.
4. නව හැදුනුම්පත සදහා නිර්දේශිත ප්‍රමාණයේ ෆොටෝ 3ක්
සාමාන්‍ය ක්‍රමයට ID එක එන්න මාස දෙකක් විතර යනවා කියල ග්‍රාමේ කිව්වා, ඒ නිසා එක්දින සේවයෙන් තමයි මම හැදුනුම්පත හදාගත්තේ..
එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා ගැනීම..
ඉල්ලුම්පත්‍රය පුරවගෙන ෆාෙටෝ 3 අදාල තැන්වල අලවලා අායිම අරන් යන්න ග්‍රාම සේවක ලගට.මතක අැතිව රු15ක මුද්දර අරන් යන්න.. ග්‍රාම සේවක ඉල්ලුම්පත්‍රයේ අඩුපාඩු බලලා සහතික කරල අායිම අපිට දෙනවා ප්‍රා. ලේ කාර්යාලයට අරන් ගිහින් සහතික කරගන්න කියල.
ප්‍රා. ලේ කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගිහින් භාර දෙන්න. එයාලා ඉතුරු ටික කරල සහතික කරලා අයිම සීල් කරපු ලියුම් කවරෙක දාලා ඉල්ලුම්පත අපිට දෙනවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න කියල.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
මේක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ.. පාන්දරින් යන තරමට වැඩේ ලේසියි..
මෙන්න මැප් එක
https://www.google.lk/maps/place/De...d=0ahUKEwim-e6uia_aAhVKi5QKHeHzDi8Q_BIIpQEwDQ
මම යද්දි නම් 8 විතර වුනා. අැතුල් වෙන තැන් සිවිල් අාරක්ෂක නිළධාරියෙක් අංක දෙනවා. (මගේ අංකේ 528
) එතනම නිළධාරියෝ දෙන්නෙක් අපේ ලියකියවිලි වල සීල් එකක් ගහනවා. අංක පිලිවෙලට තමයි ගන්නේ.. මෙතනින් සීල් ගහගෙන යන්න එතනම වම්පැත්තේ තියෙන බිල්ඩින් එකේ 9 වෙනි තට්ටුවට..එතන තමයි ID හදන්නේ.. 9 වෙනි තට්ටුවේ D පර්යන්තයට ගිහින් තමන්ගේ අංකය එනකම් වාඩි වෙලා TV එක දිහා බලාගෙන AC එකේ ඉන්න තමයි තියෙන්නේ.. අංක 10න් 10ට තමයි ගන්නේ. තමන්ගේ අංක කතා කරාම ඉල්ලුම් පත්‍ර භාරගැනීම කියල තියෙන කවුන්ටර් එකකට Application භාර දෙන්න, එතනම තියෙනවා මුදල් ගෙවීමේ කවුන්ටර් එකත්.. මට රු 1000ක් ගියා ID එකට.
සල්ලි ගෙවලා එතනින් දෙන Receipt එක අරන් යන්න A කාෙටසට.. එතන තමයි එක්දින සේවා හැදුන්ම්පත් නිකුත් කරන්නේ.. දැන් ඉතින් වාඩි වෙලා කෙල්ලෙක් දිහා බලන් ඉන්න තමයි පුතා තියෙන්නේ.. ID එක හදලා ඉවර වුනාම නම කියල කතාකරනවා, Receipt එක දීලා ID එක ගන්න.
මම 8t විතර ගිහින් 12.30 වගේ වෙද්දි එළියට අාවා.. පාන්දරින් ගියොත් ඉක්මනට එන්න පුලුවන් වෙයි..
මේ තියෙන්නේ අලුත් හැදුන්ම්පත..
ඔන්න එළකිරි වාසියනි වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ..
පසුගිය මාස 4ක් විතර මම හිටියේ ලෝකේ කිසිම රටක පුරවැසියෙක් විදියට නෙමෙයි..
ලංකාවේ හිටියට කිසිම හැදුනුම්පතක් ලග තිබුනේ නෑ. සියල්ල නැති වුණා. ඒ අස්සේ මගේ නම වෙනස් කරන්න පත්තරේ අැඩ් දාලා තිබුනේ.. විවාහ සහතිකයේ තිබුණේ එක නමක්. අනිත් ලියකියවිලි වල වෙන නමක්.. අාතල් කෝටියයි.. යන්තම් ගිය සතියේ අලුත් නමක් යටතේ අලුත් හැදුනුම්පත හදාගත්තා.. දැන් ඉතුරු රියදුරු බලපත්‍රය හදාගන්න එක විතරයි. ඒකත් මේ සතියේ හදලා ඉවර කරගන්න ඔ්න.නිදාන කතාව ඉවරයි. දාන්න යන්නේ තමාගේ දැනට පවතින නම වෙනස් කරගන්නේ කොහොමද සහ අලුත් හැදුනුම්පත ලබා ගන්නේ කොහාෙමද කියන විස්තර ටික.
උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම
උප්පැන්න සහතිකයේ නම වෙනස් කරන්න මේ ලියකියවිලි ටික ඔ්න.
1. නම වෙනස් කිරීම සදහා පුවත්පතක පළකල දැන්වීම- මේක පළකල දිනයේ සිට අඩුම වසරක් වත් පරණ වෙන්න ඔ්න.
2.ග්‍රාම නිළධාරී සහතිකය - මතක අැතිව සහතිකය ගන්න වෙලාවට ග්‍රාමසේවකට කියන්න සහතිකය ගන්න හේතුව නම වෙනස් කිරීම කියල ලියන්න කියල. ඒ වගේම නිර්දේශ තීරුවේ දැනට පවතින නම අලුත් නමට හැරවීම නිර්දේශ කරනවා කියලත් ලියව ගන්න.
3. සාම විනිසුරු සහතිකය
4. වර්තමාන උප්පැන්නය
5. අලුත් නම භාවිත කළ බවට තියෙන වෙනත් සාක්ෂි - මම විවාහ සහතිකයට දැම්මේ අලුත් නම. ඒ නිසා මම විවාහ සහතිකයේ මුල් පිටපතකුත් අරන් ගියා.
මේ ටික අරන් යන්න ප්‍රා.ලේ කාර්යාලයේ රෙජිස්ටාර් ලගට. ලියකියවිලි හරියට තියෙනවනම් එවෙලෙම උප්පැන්නේ නම වෙනස් කරගන්න පුලුවන්..නම වෙනස් කරාම මතක අැතිව මුල් පිටපත් 3ක් විතර අරගන්න.
අලුත් නම දැනට තියෙන උප්පැන්නේම 13වන තීරුවට තමයි අැතුලත් කරන්නේ.
ජාතික හැදුනුම්පත ලබා ගැනීම
ජාතික හැදුනුම්පත හදන්න මේ ටික ගෙනියන්න ඔ්න
1. නව හැදුනුම්පතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය-මේක ග්‍රාම සේවකගෙන් අරගන්න.
2.නම වෙනස් කළ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් - මම අරන් ගියපු උප්පැන්න සහතිකය එයාලා තියාගත්තා.
3. පැරණි හැදුනුම්පත - මගේ ID එක නැතිවුන නිසා මම පොලිස් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපි එකක් අරන් ගියා.
4. නව හැදුනුම්පත සදහා නිර්දේශිත ප්‍රමාණයේ ෆොටෝ 3ක්
සාමාන්‍ය ක්‍රමයට ID එක එන්න මාස දෙකක් විතර යනවා කියල ග්‍රාමේ කිව්වා, ඒ නිසා එක්දින සේවයෙන් තමයි මම හැදුනුම්පත හදාගත්තේ..
එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා ගැනීම..
ඉල්ලුම්පත්‍රය පුරවගෙන ෆාෙටෝ 3 අදාල තැන්වල අලවලා අායිම අරන් යන්න ග්‍රාම සේවක ලගට.මතක අැතිව රු15ක මුද්දර අරන් යන්න.. ග්‍රාම සේවක ඉල්ලුම්පත්‍රයේ අඩුපාඩු බලලා සහතික කරල අායිම අපිට දෙනවා ප්‍රා. ලේ කාර්යාලයට අරන් ගිහින් සහතික කරගන්න කියල.
ප්‍රා. ලේ කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගිහින් භාර දෙන්න. එයාලා ඉතුරු ටික කරල සහතික කරලා අයිම සීල් කරපු ලියුම් කවරෙක දාලා ඉල්ලුම්පත අපිට දෙනවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න කියල.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
මේක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ.. පාන්දරින් යන තරමට වැඩේ ලේසියි..
මෙන්න මැප් එක
https://www.google.lk/maps/place/De...d=0ahUKEwim-e6uia_aAhVKi5QKHeHzDi8Q_BIIpQEwDQ
මම යද්දි නම් 8 විතර වුනා. අැතුල් වෙන තැන් සිවිල් අාරක්ෂක නිළධාරියෙක් අංක දෙනවා. (මගේ අංකේ 528
) එතනම නිළධාරියෝ දෙන්නෙක් අපේ ලියකියවිලි වල සීල් එකක් ගහනවා. අංක පිලිවෙලට තමයි ගන්නේ.. මෙතනින් සීල් ගහගෙන යන්න එතනම වම්පැත්තේ තියෙන බිල්ඩින් එකේ 9 වෙනි තට්ටුවට..එතන තමයි ID හදන්නේ.. 9 වෙනි තට්ටුවේ D පර්යන්තයට ගිහින් තමන්ගේ අංකය එනකම් වාඩි වෙලා TV එක දිහා බලාගෙන AC එකේ ඉන්න තමයි තියෙන්නේ.. අංක 10න් 10ට තමයි ගන්නේ. තමන්ගේ අංක කතා කරාම ඉල්ලුම් පත්‍ර භාරගැනීම කියල තියෙන කවුන්ටර් එකකට Application භාර දෙන්න, එතනම තියෙනවා මුදල් ගෙවීමේ කවුන්ටර් එකත්.. මට රු 1000ක් ගියා ID එකට. සල්ලි ගෙවලා එතනින් දෙන Receipt එක අරන් යන්න A කාෙටසට.. එතන තමයි එක්දින සේවා හැදුන්ම්පත් නිකුත් කරන්නේ.. දැන් ඉතින් වාඩි වෙලා කෙල්ලෙක් දිහා බලන් ඉන්න තමයි පුතා තියෙන්නේ.. ID එක හදලා ඉවර වුනාම නම කියල කතාකරනවා, Receipt එක දීලා ID එක ගන්න.