මටත් හරිම කනගාටුවක් මේ පොර ගැන තියෙන්නෙ.. එයා මරණින් පස්සෙ බොහොම භයානක දෙයක් ලඟා කරගත්ත කියල හිතෙනව.
මූ හදපු වීඩියො තාම නෙට් එකේ තියෙන නිසා, යම් විදියකින් හරි කවුරු හරි ඒවා බලල බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ශ්රද්ධාව, ධර්මය කෙරෙහි වූ ශ්රද්ධාව, මහ සඟරුවන කෙරෙහි වූ ශ්රද්ධාව නැති කර ගත්තානම්, මිස දිටු උනා නම්.. මේ පොර ඊට මුල් වෙච්ච නිසා ප්රතිඵල භයානකයි. තවත් කෙනෙකුගෙ ශ්රද්ධාව නැති කරල, අධර්මයට යොමු කලොත් ඒක මහා පවක්. ආනතරීය පාප කර්ම කල අයත් කවදා හරි නිරයෙන් නිදහස් වෙනවා.. ඒත් මිසදිටුවන් නිරයේ පැසෙන කාලය ඊටත් වඩා වැඩී..
මේ පොරව දන්න කට්ටියට කියන්න එයා හැදුන එක බොහොම හොඳයි වගේම.. තවත් අය නොමගට යොමු කරන එයාගෙ වීඩියෝ ටිකත් මකාගන්න කියල.
මම හිතන්නෙ මෙයාට තවමත් පරක්කු නැතුව ඇති. මේ පොරට පින් කර ගන්න කියන්න, කුසල් වඩන්න කියන්න, ආලවක යකාත් අන්තිමට සසරින් බේරුනාලු.