නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුව&

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුව&

    බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුවන් සරණ යයි


    බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යු‍ටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා.
    ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී ආරංචි වුණේ ඔහු ඊට පෙර යහපත් පුද්ගලයෙක් බවත්, උසස් අධ්‍යාපනය මැනවින් ලැබූ උගතෙක් මෙන්ම ස්වෝත්සාහයෙන් දියුණු වීමට උත්සාහ ගත් තරුණයෙක් බවයි. කෙසේ නමුත් කැනඩාවේ සිටියදී යම් හේතුවක් මත අන් අයව ප්‍රකෝප කරන සුළු වීඩියෝ අප්ලොඩ් කිරීමට ඔහු යොමු වී තිබෙනවා. සමහරුන් පවසන ආකාරයට සීතල දේශගුණය හෝ තනිකම නිසා ඇතිවූ යම් රෝගී තත්ත්වයක් හෝ තම වීසා දික් කර ගැනීමේ අරමුණින් අන් අය ලවා බන්නවාගැනීමට තමයි එවැන්නක් කර ඇත්තේ, නමුත් හරියටම හේතුව දන්නේ නෑ.

    කෙසේ නමුත් ඔහුව බොහෝ අයගේ වෛරයට ලක් වුණත්, බොදුනුවෙක් වශයෙන් ඔහුට නිවැරදිවීමට අත දීම අපගේ යුතුකමක් නිසා ඔහුව කිසි සේත්ම විවේචනය කිරීමට අප උත්සාහ ගත්තේ නෑ. එසේම ප්‍රියංකර ලියනගේ සහෝදරයා ඔහුට ඉතාමත් අගනා පිළිතුරක්ද වීඩියෝවකින්ම ලබා දෙනු ලැබුවා.

    මීට සති කිහිපයකට පෙර අප හට ආරංචි වූයේ නයන හෙට්ටිආරච්චි නැමැත්තා කැනඩාවේ සිට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එවිට සමහර අන්‍යාගමිකයින් මූණුපොතේ මෙලෙස පවසා තිබුණා.
    “අන්න උඹලගෙන් ගේම ඉල්ලපු නයන හෙට්ටිආරච්චි ලංකාවට ඇවිල්ල, මහ ලොකුවට කෑ ගහපු උඹල දැන් ගලේ පැහැරපු බළල්ලු වගේ දත නියවාගෙන ඉන්නවා නේද? කෝ උඹල මොනවද ඌට කළේ?”
    එවැනි ප්‍රකාශ වලටත් අපනම් පිළිතුරු නොදෙන්න ගියේ එම චෝදනාව අපට අදාළ නොවන නිසයි. සමහර උදවිය කේන්ති ගෙන නයනට බැන්නද අපට ඔහු කෙරෙහි කිසිදු වෛරයක් නොතිබුණේ ඔහු කිසියම් බලවේගයක් (මාර බලවේගය විය හැකියි) නිසා නොමග ගොස් ඇති බව සිතුණ නිසයි. කෙසේ නමුත් අප වෙන්නේ කුමක් දැයි බලාගෙන සිටියා.

    දින කිහිපයකට පෙර ඔහු, සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන, ශ්‍රී දළදා මාලිගාවට ගොස් පන්සිල් ගෙන නැවතත් සැදැහැති බෞද්ධයෙක් බවට පත් වූ බව දැනගන්නට ලැබුණා. මේ තියෙන්නේ ඔහුගේ පියා විසින් අන්තර්ජාලයට එක් කර තිබූ පින්තූර.





    527511_289015757841754_100001999973987_623607_649063794_n-550x412.jpg





    528509_367338249972026_100000875615827_1012156_774000875_n-550x309.jpg





    562416_367334823305702_100000875615827_1012144_73223473_n-550x412.jpg









    582409_367337119972139_350514427_n-550x412.jpg










    ඉතින් මිතුරනේ, ඕනෑම කෙනෙක් නොමග යන වෙලාවල් තියෙනව. උදාහරණ ලෙස මේ දිනවල ගොසිප් කාරයින් විසින් පතුරු ගසන පිටිදූවේ සිරිධම්ම හිමිත් ඔය ආකාරයෙන්ම නොමග ගිය කෙනෙක් විය හැකියි. බොහෝ විට මේ සියල්ලම පසුපස මාර බලවේගයක් තිබෙනවා විය හැකියි. එනිසා ඔවුන් ගැන වෛරය ඇතිකරගෙන අපිත් ඒ තත්ත්වයටම පත් වී පවි‍ටු මාරයාව වැළඳ ගන්නවා වෙනුවට ඔවුන්ට හැකි අයුරින් උපකාර කිරීමයි වැදගත් වෙන්නෙ.

    මීට පෙර ඔහු විසින් යු‍ටුයුබ් වෙතට එක් කර තිබුණ වීඩියෝ 200 කට අධික ප්‍රමාණයක් ඔහු විසින්ම ඉවත්කරගෙන (ප්‍රයිවෙට් කර) තිබෙනවා. දැන් නයන හෙට්ටිආරච්චි මහතා සැබැවින්ම යහමගට ඇවිත් තිබේනම් ඔහුට අපගේ හෘදයාංගම ආශීර්වාදය පළ කරමු.

    බුදු දහමට විරුද්ධව නැගී සිටින ඕනෑම බලවේගයක් අවසානයේදී මතවාදී වශයෙනුත් ආධ්‍යාත්මික වශයෙනුත් පරාද වන බවට, පුන් පොහෝ දාට සවනක්ගන බුදු‍රැස් මාලාවන්ගෙන් දිලිසි දිලිසී විරාජමානව වැඩ සිටින සිරි දළදා හිමිගේ බුද්ධ තේජසත්, ඇස් පනාපිටම සිදුවන මෙවන් සිදුවීමුත් සාක්ෂි දරනවා ඇති.

    “යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
    සග්ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්ථි තථාගතෙන
    ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
    එතෙන සච්චේන සුවත්ථි හොතු”
    මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් වහන්සේ හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.


    from
    Code:
      sinhalabuddhist.com
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා මූ ඈවිල්ලද.....?? දැන් මොලේ අමාරුව හොද වෙලා ඈති එහෙනම්...... :) හොදයි හොදයි...... කැනඩාවේ තනියම ඉන්නකොට මොලේ කොලොප්පම් වෙලා වෙන්න ඈති..... පව් අසරණයා.......!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකා පොන්ස් බන් මූ ටුවිට්ස් කරන්න ඇවිල්ල හොදට අහගත්තා
    එදායින් පස්සේ මූ ගැන සද්දයක්වත් නෑ
    රියල් පොන් කෙනෙක්
    මූ දැන් නොදන්න කෙනෙක් නැති තරම් නෙට් එකේ ඉන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    awasanedi katath sathya therum yanawa oka loka subayawa mutath sathya yanu kumakda therum gihin an ayath therum ganna dinaya wadi athaka neme:D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම නයනත් එක්ක කතාකරලා තියනවා......නයනයා පව්...අන්තිමට හරි වැරැද්ද හදාගත්තට.... සන්තෝසයි...:):)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕකා පොන්ස් බන් මූ ටුවිට්ස් කරන්න ඇවිල්ල හොදට අහගත්තා
    එදායින් පස්සේ මූ ගැන සද්දයක්වත් නෑ
    රියල් පොන් කෙනෙක්
    මූ දැන් නොදන්න කෙනෙක් නැති තරම් නෙට් එකේ ඉන්න
    තෝ පොන්නයා කියලා හැම එකාම පොන්නයෙක් නෙවේ
     
    • Like
    Reactions: urajdrlk

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඕක තමයි මචන් අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ..කුමන අයෙක් කොපමණ දේ කලත් අවසානයේදී සත්‍ය කියන දෙය මතුපිටට එනවා...ඔය පුද්ගලයට අවසානයේදී සත්‍ය අසත්‍ය වැටහෙන්න යන්න...
    අපි බුදුහාමුදුරුවෝ කියල තියෙන විදියට ඔය පුද්ගලයට අනුකම්පා කරමු....මොකද බුදුහාමුදුරුවෝ ගේ කාලයේ සිද්ධ වුණා වගේම උන්වහන්සේට අපහාස කල අය අන්තිමට උන්වහන්සේගේ පිහිට පැතුවා වගේ මොහුටත් උන්වහන්සේගේ පිහිට අවශ්‍ය වෙන්න ඇති.....


    බුදු සරණයි ................ :)

    66886865.png
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මෙහෙමයි මචන්. කොහොම හරි මූ වැරැද්ද හදා ගනිපු එක ගැන අපි සතුටු වෙන්න ඕන. අනික දැන් මුට හිනා වෙන්න වත් , මුට බනින්නවත් වැඩක් නෑ.හොඳත් නෑ.අපි දැන් ලෝකෙටම කියල දෙන්න ඕන මෙන්න මේකයි බුද්ධාගම කියන්නේ කියල.