නයා_සහ_එම්බාම්
මාතොට ආතා වාරු නැති දෙපා ආයාසයෙන් බිම තියමින් හැරමිටියේ වීරියෙන් ඕවිට කෑල්ලට එන විට ඉර මුදුන් වන්නට හෝරා කීපයක් තිබුනේය. නිදහසේ හමාගිය සුළං රොදක දැවටුන අතු ඉති ඒ මේ අත වැනෙද්දී ඇලෙක්සැන්ඩර් තවත් දුම් උගුරක් ඉහළට ඇද තූ යන හඩින් කෙළ පිඩක් අසල වූ දිය හබරල කොළයක් මතට අත ඇරියෙන්. ඒ අසලම උන් කහ පැහැති සමනලයෙක් හබරල ගාලෙන් මිදී ඉහළට ඇදෙන දසුන දෙස පොඩි එකෙකු මෙන් බලාසිටින්නට ඔහුට හැකි විය. අනේ ඇත්තට ඒකාට වගේ නිදහසක් මටත් තිබුනා නම්....ඔහුට එසේ සිතෙන්නටද ඇත.
ඇලෙක්සැන්ඩර්... ඇලෙක්සැන්ඩර්..... ඇලෙක්සැන්ඩරයෝ.....
උඹ මොකද බොල මෙතන මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කර කර කැවුත්ත පිරෙන්න දුං අදින්නෙ. අන්න අරහෙ මුලු ගමම ඇල්බට් මුදලාලිගෙ ගෙදරට එකදු පහදු වෙලා.
ආනේ...මාතොට මුත්තෙ...බොලා එනවා මට නිනව්වක් උනේ නෑ නොවැ...මං මේ කල්පනාවෙ උන්නෙ අහස් දිය වැටෙන්න තව දෙපෝයක් වත් යයිද කියලා.... දැනටමත් සුනංගුයි. එහා ගමේ ඒබරං ගොයියා මම ටවුම පැත්තෙ පද්දපු වතාවක මුලිච්චි වෙලා කිව්වා නොවැ උන්ගෙ ගමේ කුඹුරු දැන් මඩවන්නත් පටන් අරං විත්තිය...අපේ ඉරිගේසං ඇළේ වතුර කාන්දුව තමයි මෙදා පාර හෙනේට හිටියෙ....
අනේ හැබෑටම කොලුවො...උඹ කේඩෑරි වීගෙන යනවා දවසෙන් දවස...මක්කට බොනවද බං...ඔය දහ ජරාව...ඔන්න ඔය දුං කූර විසි කරලා ගාටහං විගහට ඇල්බට් මුදලාලිගෙ ඉසව්වට...
හැබෑටම මට මේ වෙන කල්පනාවක හිටිය හින්දා අහන්නත් ඉස්පාසුවක් නැති උනා....මොකෑ ආතෙ කාරණේ.
ඇල්බට් මුදලාලි ගොයියට දෙණිය වත්තෙ පොල් මුරේ කඩවලා ආපහු එන ගමනෙදි නයෙක් දෂ්ඨ කොලාය කියන්නෙ. හීන් එකීලගෙ ගෙවල් මණ්ඩියෙදි. ඕන්න සෙයිලමේ ඉස්පිරිතාලෙට අරන් ගොහිල්ලලු.
හැබෑට...මමත් වතාවක් යන්තමින් බේරුනා නොවැ ඔය කියන හරියෙදිම...ඔය කියන නාගයා බොහොම පතාරියං එකෙක්. මෙන්න ප යන්න....වකුටු කල තම අත්ලෙන් නයාගේ ප යන්නේ පරිමාණය පෙන්වූ ඇලෙක්සැන්ඩර්...අඩියට දෙකට මුදලාලි නිවෙස බලා යන ගමන ආරම්භ කලේය.
මේ කියන පිටිසර ගමේ සිටි ධනවතා මෙන්ම බලවතාද ඇල්බට් මුදලාලිය. ගම්මුන්ගේ දුකේ මෙන්ම සැපතේද එකට සිටි විරල ගනයේ පුද්ගලයෙකු නිසාදෝ ඔහුට මිතුරන් මිස හතුරන් සිටියේ නැත. අඩාදොඩා කණපින්දම් ගසාගෙන එන දුප්පත් ගැහැණියකගේ දරුවකුගේ අසනීපයකට ඇගේ කණකර බඩුවක් කෙරෙහි ලෝභ නොවී මුදලක් අත තබන්නට තරම් තෙත් පපුවක් සහිත තැනැත්තෙකි ඇල්බට් මුදලාලි.
ඒ ආනුභාවයෙන්මදෝ කරන කියන හැම වැඩක්ම උන්දැගෙ වාසියටම හැරිනි. ගෙයි තිබෙන ලොකු වී බිස්ස වසර පුරාම පිරී පවතිනවා සේම මුදලාලිගේ වතුපිටි වලින් මෙන්ම අනෙකුත් මාර්ග වලින්ද ලැබුනු ආදායම් පැටවු ගැහුවේ අහැ පොවන මානයේදීමය. දරුවන් නොමැති වුවත් මේ දෙමහල්ලෝ සතුටෙන් සමාදානයෙන් පවුල් කෑවෝය.
හයියෝ මට තවත් ඉදලා වැඩක් නැතියෝ...මුදලාලි මහත්තයාට මොනවා හරි උනොත් මමත් මැරෙනවා එමලියො...මෙච්චර දොහක් පවුල් කෑවා...එක දවසක් මට නිය පිටින් පාරක් පතබාලා නෑ මේ උන්දැ...අපිට මේ මොන නස්පැත්තියක් උනාද හැබෑටම....
අනේ හාමිනේ එහෙම හිතන්න එපා....දෙයියො බුදුන් පිහිට වෙලා මුදලාලි මහත්තයා ආයෙත් කකුල් කෙටි දෙකෙන් නැගිටීවි. එසේ කියූ එමලිං ජනෙල් කණ්ඩිය අද්දරට වූයේ ඈතින් එන වාහනයක හඩක් ඇගේ සවනත වැකුණ හෙයිනි.
මල් ශාලාවක පාවිච්චි කරනා ආකාරයේ කලු පැහැති දිග කාර් රථයක් පිටුපස ගමේ කොලු කුරුට්ටෝ රැසක් දුවගෙන එති. ඉතාම කලාතුරකින් වාහනයක් යනෙන මේ ගම්මානයේ මේ දසුන පොඩිහිටියන්ට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කුහුලක් ගෙන දෙන සෙයකි. පොල්වත්තේ ඈතින් පිහිටි ගේට්ටුවෙන් ඇතුලු වූ රථය නිවස අද්දරට පැමිණෙන්නට වංගු ගනිමින් නයා ගියා බදු දීර්ඝ මගක් ගෙවිය යුතුය. මේ ආගන්තුක දසුනෙන් කැළඹුන නිවසේ හුන් නෑදෑ හිතවතුන් මෙන්ම ගමේ උන්ද දෑස් දල්වාගෙන දැන් දැන් ලග ලග පැමිණෙන රථය දෙස බලා සිටිති.
නිවසේ ආලින්දය අසල නැවතුන රථයෙන් ඉක්මනට බැස ගත්තේ සරම කැසපට කවාගෙන සිටි සිරිදාසයි. ටවුමේ අලුතින්ම ආරම්භ කල පද්මා මල් ශාලාවේ සේවය කරන හෙතෙම මේ ගමේම එකෙකි.
අනේ හාමිනේ දැනුම් දෙන්න එකලාසයක් තිබුනෙ නෑ.....මුදලාලි මහත්තයා තීන්දු ගමන් ගියා කියලා ආරංචි වෙච්ච හැටියෙම තමයි මම ඉස්පිරිතාලෙට බඩගාලා මේ වැඩ ටික ඉක්මනට එකලාසයක් කොලේ.
අයියෝ.......මගෙ දෙයියා....මහා විලාපයක් තබමින් සිහිසුන්ව බිම පත බෑවුනු මුදලාලි හාමිනේ අස්වසන්නට මැගිලියාට තනියෙන් නම් නොහැක. ශරීරය කෘෂ එකියක වූ ඇය වටිනා කියන ආහාරයෙන් සන්තර්පනය වී සැපවත් ජීවිතයක් ගත කල මුදලාලි හාමිනේගේ විශාලා ශරීරය අභියස කුඩා එකියක් මෙනි....
මොකද බොලව් බලාන ඉන්නෙ...ඉක්මනට වරෙල්ලා....මේ හාමිනේව ඇතුලෙ කාමරේකට ඇන්න යන්න...මැගිලිං...තම ස්වාමි දියණිය කෙරේ පිළිපන් සැබෑ ස්නේහයකින් කෑ කොස්සං ගැසුවාය.
ඇලෙක්සැන්ඩර් මලයො...මෙන්න මේ මෘත කළේබරය ගේ ඇතුලින් තියලා මේ සැරසිලි ටික කරන්න වරෙංකො සුනංගු නොවී. සිරිදාස වටේ පිටේ හිටි උන් සමග ඇලෙක්සැන්ඩර්ටද ආරාධනා කලේය.
හැබෑට සිරිදාස අයියෙ....ගහක් ගලක් වගේ හිටිය මේ මනුස්සයට මොකද වුනේ බොලං....මට නම් විශ්වාස කරන්නත් බැරි ගානයි...දරුවො නැති උනත් හරිම සමගියෙන් හිටිය ජෝඩුවක් නොවැ....දැන් ඉතිං හාමිනේ කොහොම හිත හදාගනීද මන්දා....
ඒවා එහෙම තමයි මලයො....උන්දැ ගෙනාව ආයුෂ ඉවර වෙන්ට ඇති...
පොඩි එකෝ මෙහෙ වරෙන්....අන්න අර මිදුලෙ තියෙන ඇන්තූරියම් ගස් වලින් මල් ටිකක් කපාගෙන ඇවිල්ලා මේ මල් පෝච්චි වලට දාහං...හොද එකා වගේ...
ඔන්න ඔය ඇත් දල ජෝඩුවත් ගත්තා නං මෙහෙට....
මැගිලියො...
සිරිදාස පුක කැඩුන කඩියෙකු මෙන් ඒ මේ අත දුවමින් විවිධ කටයුතු එකිනෙකාට පවරයි.
හාමිනේගෙ සුදු සාරි තියේ නම් අරං වරෙංකො මෙතන වියනක් බැදලා දාන්න...සිරිදාස තනියම යමක් මුමුණමින් පැවසුවේය.
කවුද සිරිදාස අයියෙ මුදලාලිව ටවුමෙ ඉස්පිරිතාලෙට ඇන්න ගියේ....
අර කන්ද ලග රබර් වත්ත සල්ලි වලට ගත්ත කොළඹ මහත්තැන් කියන්නෙ...අද උදේ වත්ත බලන්න ඇවිල්ලා ඉදලා ඒ තකහනියෙම...ලෙඩා අරන් ඉස්පිරිතාලෙටත් බඩගාලා.... අපේ ගමේ උන්ට ඉතිං මොටෝ කාර් තියෙන එකක්යැ....
ඒ උනාට වෙද මුහන්දිරම් උත්තමයට කියලා බෙහෙතක් හේතක් කලා නම් මුදලාලිව බේරගන්නත් තිබුනා...ඇලෙක්සැන්ඩර් මිනී පෙට්ටිය යටට වෙන්නට බුමුතුරුණක් අතුරන ගමන් පැවසුවේය.
කොළඹ මහත්තයා තමයි කියලා තියෙන්නෙ...ලෙඩා බේරගන්න ඕනෙ නම් ඉස්පිරිතාලෙ යන එක හොදා කියලා....ඉතිං ගමේ උනුත් එතකොට ඔලුව පාත් කොර ගත්තලු. මට ඔය සංගෙදිය කිව්වෙ වංගුවෙ ගෙදර ඇන්තනියා.
මල්ශාලාවෙන් ගෙනා අඩුම කුඩුම නිසි ආකාරයෙන් ඒ ඒ තැන්හි තැන්පත් කල සිරිදාස...අවසන් වශයෙන් මිනී පෙට්ටිය අසබඩට වන්නට කඩදාසි මල් වලින් යුතු මල් වඩමක්ද කෙළින් කර සිටවා නිවසේ ආලින්දය අද්දරට වන්නට තිබුන සැපතිල්ලා ගසට පිට දී සිගරැට්ටුවක් පත්තු කොර ගත්තේය...ඉදා උඹටත්....
ඇලෙක්සැන්ඩර් සිගරැට්ටුව අතට ගත්තේ සිරිදාස කෙරේ උපන් අනුපමේය භක්තියකිනි. මාතොට මුත්තාගේ අවවාදය ඔහුට අමතක වූයේය. හැමදාමත් මුත්තයියා බීඩි දුම ඉහළට ඇද කට කාරවන ජරා රහ යන්නට හිතෙන හිතෙන තැන කෙළ ගසන ඇලෙක්සැන්ඩර්ට මෙය මහානර්ඝ වස්තුවකි.
කොහෙන්ද බං අයියෙ......
මල් ශාලාවට ආව මහත්තයෙක් දුන්නා බොල....දවල්ට කාලා බොන්න හිටියෙ....උඹත් හිටි හින්දා පත්තු කොලේ.....
මලයො...හනිකට මාටියගෙ රා මණ්ඩියට ගාටමුද...රා සුට්ටක් සප්පායං වෙලා දෙණිය වත්තෙ පීල්ලෙන් දිය ඩිංගිත්තක් ඔලුවෙ හලාගෙන හැන්දැ කොරේ මේ පැත්තට ආයෙම එමු. ගොඩවෙයංකො එහෙනං කාර් එකට....රථයේ පසුපසින් නගින්නට තැත් කල ඇලෙක්සැන්ඩර් දෙස බලා සෝපාසය මුසු වූ බැල්මකින් සංග්‍රහ කල රියදුරු තෙමේ....ඉදිරියට එන ලෙස අතින් සංඥා කලේය.
කොහෙද බොල පිටිපස්සෙ බඩගාන්නෙ...තෝ මිනියක්ද. ?
මෙන්න මෙහෙන් නැගපිය....සිරිදාස බොරු තරහක් ආරූඩ කරගනිමින් පැවසූයේ ටවුමේ එකෙකු වූ රියදුරා ඉදිරියේ කැපී පෙනෙන්නට වෙන්නට ඇතැයි ඇලෙක්සැන්ඩර් පසුව සිතීය.
මේ ගම ගමේ කම පිරුනු ගමක් නිසාම අනාරාධිතවම තම තමන්ට කාර්යයන් පවරාගෙන ගම්මු වැඩෙහි යෙදෙති. සමහරු ගොක් කොළ තොරන්...ඉදිකරන්නට ගොක් කොළයක් කපන්නට පොල් ගස් බඩ ගාති. කාන්තාවෝ ඒ මේ අත ඇවිදිමින් වැඩෙහි යෙදෙන උන්ට තේ කහට ටිකකින් හෝ බෙලිමල්, රණවරා කෝප්පයකින් හෝ සංග්‍රහ කරති. මේ ඇසිල්ලේ නිවසට පැමිණියේ වයෝවෘද්ධ මුත් තේජස් පෙනුමක් ඇති ගමේ වෙද මුහන්දිරම් උත්තමයාය.
කවුද යකෝ.....මේ රටක් වටින මිනිහෙක්ව බලෙන්ම වල පල්ලට යැව්ව බැල්ලිගෙ පුතාලා......නිවසේ උළු උඩ යන තරමේ හඩකින් එක්වරම සලිත වූ ගම්මු භය පක්ෂපාතව වෙද මුහන්දිරම් වටා එකතු වූහ.
ඒ කිව්වෙ වෙද මහත්තයො....
දෑසින් නැගුන කදුලක් පිටි අල්ලෙන් පිස දමමින් මුදලාලි හාමිනේ මහත් ආයාසයකින් වෙද මහතා කරා ආවාය.
මේ අපේ මුදලාලි තවම තීන්දු ගමන් ගිහින් නෑ... සිහිනැතිවෙලයි මේ ඉන්නෙ...පරම්පරාවෙන් මට ලැබිලා තියෙන සාස්තරෙන් මම පෙන්නන්නම් වරුවෙන් දෙකෙන් මේ මනුස්සයව දෙපයින් හිට්ටවලා....උඹලා ඔලුව ඉදිමිච්ච උන් වගේ සුද්දගෙ බේත් හේත් පස්සෙ දිව්වට ඒවට කරන්න පුලුවන් කෙං ගෙඩියක් නෑ බොලව් නාගයො දෂ්ඨ කොලාම.
තේජස් බැල්මෙන් ඒ මේ අත බලමින් දකුණතේ වූ බස්තම බිම හප්පමින් උඩට කැරකවූ රැවුළ අතපත ගාමින් වෙද මුහන්දිරම් උන්නාන්සේ කියන දෙයක් නොකර සිටින්නට ගම්මුන්ට නොහැකිය.
තවත් මොනවද යකුනේ බලාන ඉන්නෙ....මේ මනුස්සයට තවත් අගෞරව නොකර සුනංගු නොවී බාවපල්ලා ඇදක් උඩ. රට වෙද්දු පස්සෙ දුවන්නෙ නැතුව මා ගාවට එක එල්ලේ ඇන්න ආවා නම් මෙළහකටත් මුදලාලිව කෙළින් කරලා....
ඉක්මනින් මේ බෙහෙත් කාණ්ඩෙ හොයාගෙන වරෙව්....තමාට ආසන්නයේ උන් ගම්මුන් ඇමතූ වෙද මහතැන අතේ වූ කොළයක ලියා තිබූ ලැයිස්තුවක් ඔවුනට දැක්වූයේය.
තොපි හැකි ඉක්මනින් එන තරමට ලෙඩාට ගුණයි. එහෙ මෙහෙ නඩලං ගහන්න තනනවා නෙමෙයි.
අනේ වෙද දෙයියො.....මගේ දෙයියව ආයෙත් ජීවත් කරවලා දුන්නොත් ඔබ තුමාට බුදු බව අත්වෙයි. දණින් වැටී තම දෙපා අල්ලා සිටින වෙද හාමිනේ දෙස බලා ඇගේ හිස මත අත තැබූ වෙද මුහන්දිරම්....
නැගිටින්න හාමිනේ...මොකෑ මේ....පරම්පරාවෙන් මට දායාද වෙලා තියෙන දේ තමයි මම මේ කොරන්නෙ....මට මේ ගමේ කොයි මිනිහත් එකයි...අසරණයාට පිහිට වෙන්න කියලා තමයි මේ දේවල් පුරාණයේ ඉදලම අපේ මුතුන් මිත්තො පරිස්සං කරලා ඇන්න දීලා තියෙන්නෙ.
කඩි ගුලක් මෙන් හදිසියේ ඇවිස්සුන මුදලාලි නිවසේ වූ ගැමියෝ බෙහෙත් බඩු සොයා බැද්ද පීරති...සමහරු කසාය උණු කරන්නට විශාල ලිපක් සාදති. අලුත් බලාපොරොත්තුවකින් විකසිත වූ මද සිනහවක් සමගින් මුදලාලි හාමිනේ ඒ මේ අත ඇවිදිමින් සෑම දෙයක්ම සොයා බැලුවාය.
මැගිලිං...මේ වැඩ කරන මිනිස්සුන්ට බත් ඩිංගක් කන්න දෙන්න පිළිවෙලක් යොදපං...
එහෙමයි හාමිනේ.... බිමට නැමුන හිසින් යුත් මැගිලිං....මුදලාලි නැවතත් ජීවතුන් අතරට එන සිහිනය දකිමින් කුස්සියේ ඔබ මොබ ඇවිද්දාය.
......................................................................................................
සිරිදාස අයියා...බොට දැන් ජය පාටයි....
රා පොලේ මාටියා කැන්ද කොළයක තබා සම්බෝල සහ තැම්බූ මයියොක්කා කැබැල්ලක් සිරිදාස වෙත ලං කරමින් කීවේය.
උඹ ඇයි එහෙම කිව්වෙ...ඇස් හීන් කරමින් මාටියා දෙස බලා සිරිදාස ඇසුවේය.
නෑ ඉතිං...දැන් මොටෝ කාර් වල යන එන මහත්තැන් කෙනෙක් නොවැ.....
හා හා....සිරිදාසගේ මුවෙන් හදිසියේ එළියට පැනගත් හිනාව නිසාදෝ කටට වත්කර ගත් රා, රා පොලේ ඒ මේ අත විසිර ගියේ මල් වෙඩිල්ලක් පිපිරුනු අයුරිනි.
උඹ තව පොඩ්ඩෙන් මාව හිනස්සලා මරනවා මාටියො....මිනී අදින වාහනේ එල්ලිලා ගියා කියලා මම කොහොමද බොල මහත්තැන් කෙනෙක් වෙන්නෙ...ටවුමෙ ඉස්පිරිතාලෙ පැත්තෙ ගාටලා මිනියක් දෙකක් බදොයියගෙන ආවොත් තමයි අපේ ලොකු මුදලාලි මට කියලා කීයක් හරි මිට මොළවන්නෙ...
හැබෑට.... මත් ගතිය නිසාවෙන් බොදවී පෙනෙන සිරිදාසගේ රුව පැහැදිලි කරගැනීමේ අටියෙන් එක් ඇසක් තම අතින් ඈත් මෑත් කරන ගමන් ඇලෙක්සැන්ඩර් විමසුවේය.
දැන් හෝරා දෙක තුනකුත් ගත වුනා නෙව...එහෙනං අදට අහවරයි මාටියො...පංකාදු පහයි රා සුට්ට...නැද්ද බොල ඇලෙක්සැන්ඩරයො.
නැත්තං නැත්තං...මාටියා මිසක් වෙන කොයි එකාද මෙහෙම රහට ගිලින්න රා සුට්ටක් දෙන්න ඉන්නෙ මේ ගමේ....
පීල්ලෙන් නාගෙන මළ ගේ පැත්තට යමු මලයො....මාටියො රෑ වෙලා ගාටහං ඒ පැත්තට....මම වියදම එහෙදි පියවන්නං....
ආ...ඒක කොරගන්න බැරියැ සිරිදාස අයියෙ..... මාටින් රා බොන්නට තැබූ පොල්කටු කිහිපය එකතුකරමින්ම පැවසුවේය.
ඇල්බට් මුදලාලිගේ නිවස්නය වෙත නැවතත් පැමිණෙන විට සිරිදාසට මළ ගෙයක සිරියක් පෙනෙන්නට නොතිබුනේය....
නෙදකිං අවලං හැත්ත....මුන්ට මම පවරලා ගිය එක වැඩක් කරලා නෑ...කපාගෙන ආව ගොක් අතු තාම ඒ තැන් වලමයි...අනේ ඇත්තට මුං වගේ ශරීර හොරු....
රා මත තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති නිසාම දෙපසට පැද්දෙමින් පැමිණි සිරිදාස ආලින්දය අද්දර සැපතිල්ලා ගසට පිටදී තවත් මොහොතක් ගත කලේය. පිල්ලෙන් නා කියා ගත් පසු නැවතත් නිවසට ගොස් පැමිණෙනවා කියූ ඇලෙක්සැන්ඩර් එන්නටත් තව මොහොතක් ගත වෙනු ඇත.
කෝ යකෝ සාලෙ කෑල්ලෙ තිබ්බ මිනිය....සිරිදාසට එක් වරම කියවුනේය....තමා මේ දකින්නේ සිහිනයක්දෝයි සිතමින් සිරිදාස තම දෙ ඇස් පිස දමා නැවතත් ඒ දෙස බැලුවේය.
නිවස ඉදිරිපසින් කිසිම හාවක් හූවක් නැත. එහෙත් ඇතුල් කාමරයකින් කථා බහක හඩ මෙන්ම නිවසේ පිටුපස පෙදෙසින් ඉහළට නැගෙන දුම් කදක සේයාවකුත් අඩ අදුරේම සිරිදාසට පෙනෙයි.
සැපතිල්ලා ගසෙන් මෑත් වී නැවතත් ගමන ඇරඹූ සිරිදාස එවර සියල්ලන් රැස්ව උන් ඇතුල් කාමරය දක්වාම ඇදුනේය.
දැන් පොඩි ගුණයක් තියෙනවා නෙවෙද රාළහාමි....
යකුනේ තොපිට කී සැරයක් කියන්නද....මේ ලෙඩාට හුස්මක් කටක් ගන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් ඈත් මෑත් වෙලා අල්ලන කස්තිරමක් අල්ලපියව්කො.....
අර ඒදන්න කිව්ව කැද සුට්ට රත් වෙලා අහවරද හාමිනේ....වෙද රාළහාමිගේ කටහඩ නිවසේ රට උළු වහලයේ වැදී තම දෙකන් තුලට රිංගනවා මෙන් සිරි දාසට දැනේ...
මේ ඇන්න එනවා රාළහාමි.....මැගිලිං...ඔය කැද ඩිංගිත්ත ලිපෙන් ඈත් කරලා සුනංගු නොවී රස්නෙ අඩු කරලා මෙහෙට ගෙනෙන්....මුදලාලි හාමිනේද දැන් සිරිදාසගේ දසුනට හසු වෙයි.
මේ මොන අටමගලක්ද යකෝ මේ....යනුවෙන් තමාටම කියා ගනිමින් ඇල්බට් මුදලාලි බාවා තිබූ ඇද අසලට සිරිදාස ලං වූයේය. කාමරයේ වූ ජනෙල් රෙදි අතරින් කොලු නාම්බෝ මෙන්ම වැඩිහිටියෝද බිත්තියට එපිටින් හේත්තු වී බලා සිටිති.
කොට්ටය පිටින්ම ඉහළට ඔසවා ගත් මුදලාලිගේ හිස තමාට වත්තම් කර ගනිමින් වෙද රාළහාමි මුදලාලිට කැද පොවයි...තවත් ගැහැණියක් මුදලාලිගේ දෙපයේ තෙල් වර්ගයක් උලයි....ඊට අමතරව සර්පයා දෂ්ඨ කල තැන බැද තිබූ විශාල බෙහෙත් පොට්ටනියකි.
කැද බිදක් පොවා වට පිට බැලූ වෙද මහතාගේ දැක්මට සිරිදාස හසු වූවේය.
උඹ මොකද ලෙඩා දිහා මූකලං බස්සෙක් වගේ බලාන ඉන්නෙ සිරිදාසයො...මාටියා ලගින් පැලුන රා ගද මෙහෙට්ට එනවා....ඈ යකෝ... කථා කරපිය...
නෑ නෑ....වෙ වෙද......කියන්නට ආ දෙය උගුරේ හිර වී හඩ එළියට ආවේ නැති විත්තිය සිරිදාසට වැටහුනේය.
මොකද උඹ ගොළු වෙලාද ? වෙද රාළහාමිගේ රකුසු දෙනෙත් තමා වෙතම යොමු වී ඇති අන්දම දැක යම් කැලඹීමක් සිතේ ඇති වුනත් මෙවර නම් කියන්නට ඇති දෙය කියනවාමයි....සිරිදාස එසේ සිතා කට ඇරියේය.
වෙද රාළහාමි...ඔය පොවන කැදවල තියෙන සාරය ඇගට උරාගන්නෙ මුදලාලිගෙ බොකු බඩවැල් වලින් නේද ?
නැත්තං මුදලාලිගෙ අහවල් එකෙන්ද බොල..
මම ඒ ටික හනික ගොහින් ඇන්න එන්නම් එහෙනං....දවාලෙ එම්බාම් කරපු වේලෙ අපේ පීටරයා මුදලාලිගෙ බොකු බඩවැල් එළියට ඇදලා පෝර කවරෙකට ඔබනවා මගේ මේ ඇස් පනාපිට මම දැක්කා.