ක්නයිට් ටෙම්ප්ලාර්වරුන් පාප්වහන්සේ ගේ ඍජු ආඥාව යටතේ ක්රියාත්මක වූවන් කොටසක්. ඔවුන් ගේ ප්රමුඛතම කර්ය භාරය වූයේ ශුද්ධ වූ දේශය වෙත යන බැතිමතුන් ආරක්ෂා කිරීම. නමුත් මේ උඩින් පෙනෙන අරමුණට වඩා වෙනත් යටි අරමුණු ගනනාවක් ඔවුන් ගේ සංවිධානය තුල පැවති බවට සාධක ඕනෑ තරම්. ශුද්ධ වූ දේශය සිතියමෙන් අකා මකා දමන්නට අර අදින මොහම්මදිකයන් ගේ ආක්රමණ සමතික්රමණය කිරීම, කතෝලික දහමට අවහිරකම් පානා අයවලුන් දඩයම් කිරීම වගේ ම, කතෝලික ලබ්ධිය හා සබැදි යම යම් රහස් ආරක්ෂා කොට පවත්වා ගැනීම ආදිය ද ඔවුන් අතින් සිදු වී තිබෙනවා.
අදත් මේ කියන ක්නයිට් ටෙම්ප්ලාර් වරුන් සංවිධානාත්මකව සිටින බවට සාධක බොහොමයි. ඔවුන් රහසේ ක්රියාත්මක වීමත්, ආඥාව පැන නැගෙන තැන අතිශය රහසක් ව පැවතීමත් නිසා වර්තමානයේ ඔවුන් ගේ ක්රියාකාරීත්වය එතරම් කෑපී පෙනෙන ආකාරයකට නොවන ලෙස පැවතීමට හේතුයි.