නයිට් රේස් නවත්වන්න එන්නැයි ඥානසාර හිමිය
ගලගොඩ අත්තේ සාධු බුද්ධාගම බේරාගන්න පාරට බහින අයෙක් නම් ජීවමාන බුදුන් ලෙස සැලකෙන දළදා වහන්සේ සිටින නගරයේ මළ පහ කරනවා සේ සිදුකරණ නයිට් කාර් රේස් නැවැත්වීමට පාරට බැස වාඩිවෙන්නැයිද ඒ සඳහා තමාද ගලගොඩ අත්තේ සාධු සමග පාරේ වාඩිවෙන්න එන්නේ යයි නවසමසමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න පැවසීය.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළ ආචාර්ය බාහු වැඩිදුරටත් මෙසේ කීය.
''මේ ථෙරවාදී බුද්ධාගම තියෙන රටේ ලොකුම පූජනීය නගරය වන මහනුවර නගරය රේස් පිට්ටනියක් කරලා ජාත්‍යන්තර හොරු තක්කඩියෝ රේස් බලන්න සංවිධානය වෙලා ඉන්නවා. මේක සංවිධානය කරලා තියෙන්නේ රජගෙදරින්මයි. මේ රටේ රජ්ජුරුවන්ගේ පුත්තු තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. ඒ ගොල්ලෝ කතාවෙන්නම් ථෙරවාදී බෞද්ධයෝ. නමුත් මේක ථෙරවාදයට විශාල අගෞරවයක්. විශාල ජරාවක් ඒ පූජනීය නගරයට දාන්න මේ ථෙරවාදී බෞද්ධයෝ යැයි කියාගන්නා අය සූදානම් වෙලා තියෙනවා.
මහනායක ස්වාමීන් වහන්සේලා කීවා මේක නවත්තන්න මේක සුදුසු නෑ කියලා. කොහොමටත් රේස් දුවන එක මේ ලංකාවේ සම්ප්රදාය නොවෙයි. නමුත් බල කරලා තියෙනවා මේ වතාවට ඉඩ දෙන්න කියලා. නමුත් නායක ස්වාමීන් වහන්සේලාත් යටත් කරගෙන මේක මේ පාර තියනවා. දැන් කියන්නේ මේ පාර විතරයි. මීට පස්සේ තියන්නේ නෑ කියලා.
බුදුන් වහන්සේ ජීවමානව ඉන්න තැන මේ දළදා වහන්සේ ඉන්න තැන කියලා තමයි ලංකාවේ සහ ලෝක බෞද්ධයෝ පිලිගන්නේ. දැන් මේ භූමිය එක සැරයක් මළපහ කරලා දූෂ්‍ය කළාට කමක් නෑ. ඊට පස්සේ වන්දනා කරගෙන ඉන්නම් කියන එක තමයි කියන්නේ. එක සැරයක් අගෞරව කලාට කමක් නෑ කියන එත තමයි මේ උන් වහන්සේලා ලව්වා කියවන්නේ. නමුත් නගරයේ ඉන්නා භික්ෂූන් වහන්සේලාගේ සියළු බෞද්ධ සංවිධාන පමණක් නොවෙයි අනෙකුත් ආගමික සංවිධාන පවා මේකට විරුද්ධව මේක නවත්තන්න කියලා තියෙනවා.
එක් මුස්ලිම් ආගමික ඇමැතිවරයෙක් කියලා තිබුනා මේක මක්කම රේස් තියනවා හා සමානයි කියලා.
මං මීට පෙරත් කීවා මේක නවත්තන්න කරන්න තියෙන්නේ භික්ෂූන් වහන්සේලා පාරට එන එක විතරයි කියලා. භික්ෂූන් පෙරලාගෙන ආයිත් වාහන දුවන්න යන්නේ නෑ.
දැන් මේ රටේ බුද්ධාගම ආරක්ෂා කරන්න පාරට බහින්න ලෑස්තියි කියලා ඉන්න අපේ ගලගොඩඅත්තේ සාධුට මං කියන්න කැමතියි මෙන්න අවස්ථාව... පුළුවන් නම් පාරට ඇවිල්ලා නවත්තන්න මේ රේස්. දළදා වහන්සේ වැඩ සිටින පූජනීය නගරයේ මේක නවත්තන්න එන්න. ගලගොඅත්තේ සාධුට තියෙන්නේ...