මචන්, මොරටුවේ කැම්පස් එකේ දේශනය මං සම්පූර්ණයෙන් ඇහුවා...එතන කවුරුත් හූ කියන්නේ නෑ...නොදන්නා මිනිස්සුන්ට වැරදි අදහස් දෙන්න එපා...
එකම එක පාරක් හූ කියනවා, ඒ නලින් ද සිල්වාට නෙමෙයි...දේශනයට කිසිසේත් අදාළ නොවෙන, මාක්ස්වාදය සහ මහාචාර්යතුමාගේ පුද්ගලික ජීවිතය ගැන අහපු ජේ.වී.පී පැටියෙක්ට තමයි කොල්ලෝ හූ කියන්නේ..අන්තිමට ඌ, හෝල් එකේ ඉන්න බැරුව නැගිටලා යනවා නෝන්ඩිය ඉවසන්න බැරුව..මහාචාර්යතුමා අහනවා, "කොහෙද යන්නේ? මං මේ තාම උත්තර දීල ඉවර නෑ" කියල..ඒත් ඌ යනවා..
සාමාන්‍යයෙන් කැම්පස් එකක, පිටින් ආපු එකාට හූ කියනවා මිසක්, උගෙන් ප්‍රශ්න අහපු , තමන්ගේම බැච් එකේ කොල්ලෙක්ට හූ කියන සම්ප්‍රධායක් නෑ...
මට සෑහෙන සාධාරණ සැකයක් තියෙනවා, ඒ දේශනයේදී කොල්ලෝ හූ කිව්වේ උබටද කියල..
අනික, පැය 1.22 ක සම්පූර්ණ කතාවෙන් උබට තේරුනේ "වෙනින් මොකද්ද එක" විතරමද?
කරන කතාවට අදාළ නැති අහු මුළු තමයි ලොකුම ප්‍රශ්න..
කවදා තිබුන දේශනය ගැනද ඔය කියන්නේ?
පැය ගානක් තිබුණ දේවල් මට නං කොහෙත්ම පිළිගන්න බෑ. අනික ඔය ඔක්කොම දේවල් කියන්නේ ලියන්නේ ඔය මොකද්ද එකෙන් කියලනේ එයා කියන්නේ. ඉතින් ඒ මොකද්ද කියන එක අනිත් ඔක්කොටම වඩා වැදගත් වෙනවා කියල මට හිතෙන්නේ.




