මං උබ කියන දේට එකග වෙන්නේ නෑ මචන්...නමුත් ඒ අපේ පාරම්පරික දැනුමට අපහාස කරන්න අදහස් කරලා නෙමෙයි..(එහෙම කරන්න ඕන නම් මං මේ වගේ thread එකක් දාන්නේ නෑ නේ)
මං අනිවාර්යයෙන් විස්වාස කරනවා, අපේ පැරැන්නන්ට ඔවුන්ගේම අත්දැකීමෙන් ලද දැනුමක් තිබුනා කියලා...ඒකයි මං කලිනුත් කිව්වේ, අදටත් සිංහල වෙද මහත්තයෙක් බෙහෙත් සීට්ටුවක් ලියද්දි, "අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි" කියන වචන දෙක භාවිතා කරන්නේ, ඔවුන් තමන්ගේම අත්දැකීමෙන් තමයි ඒ බෙහෙත ලෙඩාට දෙන්නේ...
නමුත්, මං කියන්නේ ඒ අත්දැකීම ලබාගන්න පෙර, මුලින්ම ඒ බෙහෙත සෑදීම පිළිබද දැනුම ඔවුන් ලබාගන්න ඇත්තේ, සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ මාර්ගයෙන් කියලා...යම් වෙද පරපුරක, මුල් ම පුරුක් වල හිටපු වෙදමහත්වරුන්ට, එහෙම දෙවියන්ගෙන් දැනුම ලබාගන්න පුළුවන් තරම් අධ්‍යාත්මික ශක්තියක් තියෙන්න ඇති..නමුත් ඇතැම්විට පසු කාලීන පරපුරට එහෙම නොහැකිවීම නිසා, ඔවුන් ඒ වෙදකම, පුස්කොලපොත් සහ අනෙකුත් වෙද ග්රන්ථ වල ලියා තැබීම මගින්, පාරම්පරිකව ඒ දැනුම, නොනැසී පවත්වාගෙන යන්න ඇති..පසු කාලීනව සිදු උන චෝල, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්රීසින්ගේ කෲර ආක්‍රමණ නිසා මේ පොත් පත් මුළුමනින්ම විනාස උනා..(අපි දන්නවා ආසියාවේ විශාලම බෞද්ධ පුස්තකාලය උන, නාලන්දා විශ්වවිද්‍යාලය, අරාබි ජාතිකයින් මුළුමනින් ම ගිනි තියල විනාස කරපු හැටි...ඒ වගේම අපේ රටේ විහාර වල තිබුන පොත් ගුල් මුළුමනින් සුද්දෝ ගිනි තියල විනාස කරපු විදිහ, අපේ ඉතිහාසයේ තියෙනවා..)
මං මෙහෙම කියන්න හේතුවත් කියන්නම්...අපිට (අපිට විතරක් නෙමෙයි, ලෝකේ හිටපු අනෙකුත් ශිෂ්ටාචාර වලටත්..මං කොහෙදිවත් කිව්වේ නෑ දෙවියන්ගෙන් දැනුම ලැබුනේ සිංහලයනට විතරයි කියල.,මිසරය, චීනය, ඉන්කාවරු, මායාවරු වගේ වෙනස් ශිෂ්ඨාචාර වලට ඔවුන් අදහන දෙවියන්ගෙන් දැනුම ලැබෙන්න ඇති.) කිසිම අවස්තාවක දෙවියන්ගෙන් හෝ වෙන බලවේගයකින් දැනුමක් ලැබුනේ නැත්නම්, ඒ කාලේ සිදුකරපු සෑම ඉදිකිරීමක් ම කලේ, මිනිස් පරිණාමයත් සමග ඔවුන් තමන්ගේ අත්දැකීමෙන් එකතු කරගත්ත දැනුමෙන් නම්..., අද එදා ඉදල අවුරුදු දහස් ගානක් ගිහින් තියෙනවා..උබ කියන විදිහට අත්දැකීමෙන් දැනුම ලැබුන නම්, (මේ සියවස් ගාන තුල, මිනිසා ලබපු අත්දැකීම් ප්‍රමාණය විශාලයි ) අද වෙනකොට ඉතිහාසයේ තිබුන තාක්ෂනය වගේ දස දහස් ගුණයක තාක්ෂණයක් අපිට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම තියෙන්න ඕන..(හේතුව, උබ කියන විදිහට අපි දැනුම ලබාගත්තේ අපේම අත්දැකීම් සහ ඉතිහාසයෙන් නිසා)
නමුත් අදටත් පුලුවන්ද මීට අවුරුදු 4,000 කට විතර කලින් හදපු පිරමීඩ ප්‍රතිනිර්මාණය කරන්න? අපේ රට ගත්තොත්, රාවනා රජු භාවිතා කළා කියන දඩු මොනර යන්ත්‍රය වගේ දෙයක් අපිට අද හදන්න, ඒ ගුවන්යානා තාක්ෂනය තියෙනවද? මොන ආක්‍රමණ ඇවිත් මොන විනාසේ කලත්, මිනිස්සුන්ගේ අත්දැකීමෙන් පමණක් ගොඩනැගුනු දැනුමෙන් නම් ඒ නිර්මාණ කලේ, ඒ නවත්තපු තැන ඉදල යන්න කිසිම බාධාවක් නෑ, ඒ මුළු ශිෂ්ටාචාරයම සමූල ඝාතනය උනේ නැත්නම්...මොකද මුළු ශිෂ්ඨාචාරය පුරාම, දැනුම එක හා සමානව පැතිරිලා තිබුන නිසා (උබ කියන විදිහට)..
නමුත් මගේ තර්කයට අනුව, අපිට දැනුම ලැබුනේ, දෙවියන් හා සන්නිවේදනය කරන්න පුළුවන් කමක් තිබුන සීමිත පුද්ගලයන්ගෙන් පමණයි...ඔවුන්ගේ අභාවයෙන් පස්සෙත්, ඒ දැනුම රැකිලා තිබුනේ, ඔවුන් ඒ දැනුම පොත් පත් වල ලියල තිබුන නිසා.(විශේෂයෙන් වෙදකමේදී)..නමුත් අර පසුව ඇති උන ආක්‍රමණ වලදී, ඒ පොත් පත්, පුස්කොලපොත් වැඩි ප්‍රමාණයක් විනාශ උන නිසා, දෙවියන්ගෙන අපි ඒ ලද දැනුම, ඉදිරි පරම්පරාවට ගෙනියන්න බැරි උනා..(උබේ කලින් comment එකක මං දැක්කා උබ අහල තියෙනවා, ඔය කියන ලොකු දැනුමක් ඉස්සර තිබුන නම්, අද ඒ දැනුම පාවිච්චි නොකර, සුද්දන්ගේ tv, radio පාවිච්චි කරන්නේ ඇයි කියල...ඒකට උත්තරේ තමයි මේ..නමුත් ආපහු ඒ දැනුම හොයාගෙන, ඒක ප්‍රතිෂ්ඨාපනය කරන්න යද්දී, උබල වගේ අයම තමයි විරුද්ධ වෙන්නෙත්)
බටහිරයන්ගේ ආක්රමණයත් එක්ක ආපු සංස්කෘතික හා ආගමික සෝදා පාළුව නිසා, අතීතයේ හිටියා වගේ අධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් බිහි වීමක් වෙන්නේ නැති තත්වෙටම පත් උනා..
මේ දේ සිද්ධ උනේ අපේ රටේ විතරක් නෙමෙයි...බටහිරයන්ගේ සහ අරාබින්ගේ යුධ සහ සංස්කෘතික ආක්‍රමණය නිසා, ලෝකේ පුරා විසිරිලා තිබුන අධ්‍යාත්මිකව දියුණු ජාතීන්ගේ ශිෂ්ටාචාර කඩා වැටුනා..ඔවුන්ට ඔවුන්ගේ පිරමීඩ හදපු ශිෂ්ටාචාරය එක්ක තිබුන දැනුම, අරාබි-මුස්ලිම් සංස්කෘතියෙන් විනාස කරන කොට, අපිට රාවනා රජු සිට ගැමුණු කුමාරයා දක්වා පැවතීගෙන ආපු දැනුම, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙන් හා ඒ දැනුම් පද්ධතියෙන්, මොට කරලා දැම්මා..
ඒ කතාවට අමතරව බැලුවොත්, උබ කියනවා "ඔය ප* දෙවියෝ නෙවි ඕව අපේ සිංහලු මහන්සිවෙලා හොයාගත්තු දැනුම......සහ අතීතයේ ඒ ඒ රටවල් හිටිය මිනිස්සු නව දැනුම් සොයාගෙන....." කියල..නමුත් එහෙම මහන්සි වෙලා නව දැනුම් හොයා ගත්ත විදිහ ගැන අදහසක් උබට නෑ..නමුත් මං අනිවාර්යයෙන් පිලිගන්නවා, දැනුම දෙවියන්ගෙන් ලැබුනට, ඒ දේවල් අපිට ගැලපෙන විදිහට යොදා ගනිමින් ඒ නිර්මාණ කරන්න මහන්සි උනේ අපේ පැරැන්නන් කියන එක..උබ සමහර විට අදහස් කලේ ඒකද මං දන්නේ නෑ..එහෙම නැතුව රුවන්වැලිසෑය හදන්න දෙවියෝ ඇවිත් ගඩොල් ඇද්දේ නෑ නේ... (එහෙමනම් ඉතින් ගැමුණු රජු මැරෙන්න කලින් දෙවියෝ ඉදිරිපත් වෙලා චෛත්‍යයේ වැඩ ඉවර කරලා දෙනවනේ)
දෙවියන්ගෙන් ලැබුනේ දැනුම පමණයි මචන්..නමුත් ඒ එක්කම කියන්න ඕන, අපිට යම් දැනුමක් තිබුන නම්, ඒ සියලුම දැනුම අපි ගත්තේ ඔවුන්ගෙන් කියලා මං කියන්නේ නෑ...උබ කිව්වා වගේ මිනිස්සුන්ගේ අත්දැකීම් මත පදනම් උන දැනුමකුත් තියෙන්න ඇති...නමුත් ඒ දැනුම විතරක් තිබුන කියල නෙමෙයි මං කියන්නේ..විශේෂයෙන් වැව්, ඇල වේලි, දාගැබ් හදද්දී, දෙවියන්ගෙන් ලැබුන දැනුම යොදා ගත්තා කියල තමයි මං කියන්නේ..
(ඉතිහාසයට අනුව ජලය සම්බන්ධ කටයුතු වලදී නාග ගෝත්‍රිකයෝ තමයි මුල් වෙලා තියෙන්නේ...ඔවුන් , තමන් අදහන දෙවියන් මාර්ගයෙන් ඒ වාරිමාර්ග කරන්න ඕන ස්ථානය වගේ දේවල් දැනගන්න ඇති..ඒකයි අනුරාධපුරයේ තියෙන හැම වැවකම වගේ නාග රූපය කොටපු ගලක් තියෙන්නේ, ඒ තමන්ට දැනුම දුන් දෙවියන්ට උපහාරයක් විදිහටත්, තවදුරටත් ඔවුන්ගේ රැකවරණය සලසන්න කියල ඉල්ලීමක් විදිහටත් වෙන්න ඇති..අදටත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ලාංචනය වෙන්නේ නාග රූපයක්)
අන්තිමට උබ කියනවා "අපිට වගේම උන්ටත් දැන් ඒ දැනුම නෑ. එක තමා ලෝක ස්වභාවය. ලෝකය වෙනස් වෙනව." කියල..
ඇත්ත..මිසරය පසුකාලීනව මුළුමනින්ම මුස්ලිම් සංස්කෘතියට යට උනා...මායාවරුන්ගේ මුළු ශිෂ්ටාචාරයම මොන යම් හේතුවක් නිසා නැති උනා..නමුත් ලෝකේ පැරණිම ශිෂ්ටාචාර වලින් එකක් උන චීන සංස්කෘතිය අදටත් තියෙනවා..ඒ වගේම ඔවුන්ගේ පැරණි දැනුමත් යම් ආකාරයකට සුරක්ෂිතව තියෙනවා කියල කියනවා..සමහර විශ්ලේෂකයෝ කියනවා, ඔවුන් ඔත්තු බැලීමේ කටයුතු වලට අධ්යායාත්මිකව හිත දියුණු කරගත්ත පුද්ගලයන් යොදාගෙන ඉන්නවා කියල..ඒකෙ ඇත්ත නැත්ත කවුරුත් දන්නේ නෑ...(මොනවා උනත් ඇමෙරිකාව වගේ හත් පලේ ගාගෙන නෑ නේ)
අපේ රට ගත්තොත්, මෙච්චර කල් නොතිබුන අවස්තාවක් දැන් හම්බ වෙලා තියෙනවා...දෙවියන් සතු දැනුම ලබාගන්න හැකියාවක් දැන් ලැබිලා තියෙද්දී, ඒ අවස්තාව අපතේ යවන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න එක අපේ වැඩක්..තමන්ට භාවනා කරලා, තමන්ගේ අධ්‍යාත්මය වර්ධනය කරගන්න උවමනාවක් නැත්නම්, කරන්න පුළුවන් ලොකුම දේ, ඒ දේවල් වලට ගරහන්නේ නැතුව ඉන්න එක..අසරණ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඔවුන් කරන දේවල් වලට, විද්‍යාත්මක ක්‍රමයක් ඉස්සරහට දාගෙන ඒක කඩාකප්පල් කරන්නේ නැතුව ඉන්න එක..අවුරුදු 20 ක් තිස්සේ ඔය විද්‍යාත්මක ක්‍රමයට රජරට මිනිස්සු මැරෙන එක නවත්තන්න බැරි උනා නේ..ඒ නිසා දැන් ඔවුන්ට අවස්තාව දෙන්න මේකට විසදුමක් දෙන්න..