නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උතුරු පළාත් සභාව හා ජෙනීවා

    මේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය යි. එහි පළමු යුග තුන ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරෙයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු අභ්‍යන්තර වශයෙන් ගත්කල දෙමළ ජාතිවාදයට මෙරට කිසිදු ශක්තියක් තිබීමට හේතුවක් නැත. ඒ සමග දහනවවැනි සියවසේ මුල (1833 පමණ) ඇරඹි දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය කෙළවර විය යුතුව තිබිණි. ඉන්පසු පළාත් සභා ආකෘතිය හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබිණි. හිට්ලර්ගේ පරාජයෙන් පසු නට්සිවාදයට යුරෝපීය දේශපාලනයේ තැනක් නැත. දෙමළ ජාතිවාදයේ අවුරුදු දෙසීයයකට ආසන්න සිංහල විරෝධය හා බටහිර ගැති දේශපාලනය උරුම කරගත් ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසුව දෙමළ ජාතිවාදයට මෙරට තැනක් නොතිබිය යුතුව තිබිණි. ආණ්ඩුව හා රණවිරුවන් දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කර සාමය උදාකළ නමුත් රටේ අසහනයක් ඇත. එ ජා පක්‍ෂයේ කොටින් පරාජය කිරීමට විරුද්ධව ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කියමින් පාමංකඩ දිවූ බටහිර ගැති නායකයෝ, අද මෙරට සාමයක් නැත්තේ ආණ්ඩුවේ වරදින් යැයි කියති. එහෙත් මෙරට සාමයක් ඇත. අද කිසිම තැනක බෝම්බ පිපීරිමක් නැත. ලක්‍ෂමන් කිරිඇල්ලට වුව ද ඕනෑම ගොන් කතාවක් කියමින් බියක් සැකක් නැතිව රටේ ම්නෑම තැනකට ගිය හැකි ය. යම්කිසි ආකාරයකින් එ ජා ප ආණ්ඩුවක් (හෝ චන්ද්‍රිකා ආණ්ඩුවක් හෝ) තිබිණි නම් එක්කෝ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඊළම දී දේශසීමා අරගලයක් ඇතිවීමටත් බටහිර හමුදා සාමයක් ඇතිකිරීමට යැයි කියමින් රටට ඒමටත් තිබිණි.

    රටේ සාමය ඇතත් විශේෂයෙන් ඊනියා උගතුන් අතර අසහනයක් ඇතිකර තිබේ. නට්සිවාදයට අත් වූ ඉරණම දෙමළ ජාතිවාදයට අත්නොවිණි. ඒ බටහිර ගැති, එමෙන් ම ආණ්ඩු විරෝධී ලිබරල් හා ජ වි පෙරමුණ ද ඇතුළු කසිකබල් මාක්ස්වාදීන් කියන ආකාරයට ආණ්ඩුවේ වරදක් නිසාවත් බටහිරින් නඩත්තුවෙන රාජ්‍ය නොවන හා විශ්වවිද්‍යාලයීය නිවටයන් හා පුස්සන් (බටහිර ගැති දෙමළ ජාතිවාදීන්ට හා බටහිර විද්‍යාවේ දාසයන්ට අපහාස කිරීමට මම නො පැකිළෙමි. ඔවුන් කිසිම අපහාසයක් නොකරන සදාචාර සම්පන්න පුද්ගලයන් නොවන බව ඔවුන්ගේ ලිපි කියවන්නෝ දනිති) කියන ආකාරයට දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුම් දී නොමැති නිසාවත් ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් වී ඇති නිසාවත් නො වේ (නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේ ද?). දෙමළ ජාතිවාදය මෙරට ප්‍රශ්නයක් පමණක් වී නම් අපට කිසිම අසහනයක් නොමැතිවීමට තිබිණි. දෙමළ ජාතිවාදය ඇතිවුණේ ම බටහිරයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්නයක් ලෙස ය. එය මුල සිටම ඊනියා ජාත්‍යන්තර ප්‍රශ්නයකි. ලන්දේසිහු මෙරටට වෙල්ලාලයන් ආනයනය කර ප්‍රශ්නයට මුල පිරූහ. ඔවුහු සිංහල රජුට වත්මන් නැගෙනහිර පළාත අහිමි කිරීමට වෙල්ලාලයන් යොදාගත්හ. ඉංගිරිසිහු තමන්ට එරෙහිව සටන් වැදුණු සිංහලයන් පාගාදැමීමට වෙල්ලායන් යොදාගත්හ. සර්වජන ඡන්දයෙන් පසු දෙමළ නායකයන්ට රටේම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු බටහිරයෝ දෙමළ නායකයන්ට ඊළමක් දීමට සූදානම් වෙති. වෙල්ලාලයන්ට බැරි වූ එය ප්‍රභාකරන් ලවා කරවීමට උත්සාහ ගත් නමුත් එය ව්‍යවර්ථ විය. අද බටහිරයන් සූදානම් වන්නේ උතුරු පළාත් සභාව හා ජෙනීවා මගින් ප්‍රභාකරන් පරාජය කිරීමේ පළිය ජනාධිපතිතුමාගෙන්, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් හා රණවිරුවන්ගෙන් ගැනීමටත්, මේ ආණ්ඩුව බලයෙන් නෙරපා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් පත්කිරීමටත්, නිල නොවන අයුරෙන් ආර්ථික සම්භාධක පණවා සිංහලයන්ට දඬුවම් කිරීමටත්, ජනාධිපතිතුමාට වඩා පෘතුගීසීන් ලන්දේසීන් හොඳ යැයි කී රනිල් ලවා දෙමළ ජාතිවාදයට යථාකාලයේ දී ඊළම ලබාදීමටත් ය (පෘතුගීසීන් මෙරටට පැමිණීමට, පන්සල් කැඩීමට හා බලහත්කාර කතෝලිකරණයට අවුරුදු පන්සීයය පිරීම සැමරීමට රනිල් සූදානම් වූයේ නිවන් දැකීමට විය නො හැකි ය).

    බටහිරයන් අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ විසිරුණු දෙමළ ජනයා මගින් ය. දෙමළ ජාතික සංධානයේ ආනන්දී කණ්ඩායම බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ප්‍රභාකරන්ගෙන් පසු විග්නේෂ්වරන් ද ඇතුළු වෙල්ලාලයන්ට උතුරේ දේශපාලනයේ තැනක් නැත. ඉන්දියාව කෙසේ වෙතත් බටහිරයෝ ඒ බව දනිති. මෙරට ස්වෛරීභාවයට තර්ජනයක් වී ඇති ඇමරිකානු තානාපතිනිය ඇතුළු බටහිරයන් අද උතුරු පළාත් සභාවේ නිල නොවන මහඇමතිනිය ලෙස පිලිගන්නේ ආනන්දිව ය. ඔවුන් ආනන්දි ජෙනීවා ගෙන යෑමට ඇති ඉඩකඩ අධික ය. ඇමරිකානු තානාපතිනිය රටෙන් පිටුවහල් කිරීමට මේ සුදුසු ම කාලය නොවෙතත් ආන්ඩුවේ අවධානය එයට යොමු විය යුතු ය. කොටින් පරාජය කිරීමෙන් පසුව අද උතුරේ ඇත්තේ කඩදාසි කොටින් ය. එහෙත් බටහිරයන් කඩදාසි කොටින්ට පණ දෙන්නේ ජෙනීවා මගින් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් යොදාගනිමිනි. බටහිරයන් නොවන්නට ආනන්දී ඇතුළු කඩදාසි කොටින් කඩදාසි මෙන් පාවී ගොස් අවසන් ය. බටහිරයෝ දෙමළ ජාතිවාදය යොදාගනිමින් ආණ්ඩුව අස්ථායි කිරීමටත්, රටේ ඊනියා උගතුන් අතර අසහනයක් ඇති කිරීමටත් කටයුතු කරති. ප්‍රශ්නයේ මුල ඇති එංගලන්තය ජෙනීවා හි දී ඇමරිකාව ලවා ලංකාවට විරුද්ධව ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන මානව හිමිකම් නඩුවේ අරමුණ සිංහලයන්ට හා ආණ්ඩුවට දඬුවම් කර අවසානයේ දේශසීමා අරගල ඇතිකිරීම මිස ඊනියා මානව අයිතිවාසිකම් රැකීම නො වේ. ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කඩවීම් නම් බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට විරුද්ධව කිසිවක් නොකියන්නේ ඇයි? ෆොන්සේකාට ප්‍රභාකරන් මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා හොඳ ය. බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුදුකොඩි කතාවක් ඇද ගත්තේ ද ෆොන්සේකා ය. බටහිරයන්ට ඉතිහාසයේ කිසි දිනෙක මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් නො වී ය. පසුගිය දා බ්ලෙයාර්ට හා ඇමරිකන් ජනාධිපතිට එරෙහිව ඉරාක යුද්ධය සම්බන්ධ වාර්තාව පළකිරීම නවත්වා ඇති එංගලන්ත අගමැති කැමරන් ය. අප ජෙනීවා හි ද බටහිරයන් සතුටු කිරීමට දෙමළ ජාතිවාදීන්ට කිසිවක් දිය යුතු නො වේ. ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට අපි මුළුමනින් ම විරුද්ධ වෙමු. අවශ්‍ය නම් පසුගිය අවුරුදු තිහක කාලයක කොටින්ගේ හා ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවේ කරුණු සෙවීමට නීතිඥයන්ගෙන් නොව සඟ වෙද ගුරු ගොවි රණවිරුවන්ගෙන් සැදි කමිටුවක් පත්කරමු. අප කළ යුත්තේ බටහිර නොවන රටවලට කරුණු පැහැදිලි කර හැකිනම් එංගලන්ත ඇමරිකානු යෝජනාව ජෙනීවාහි දී පරාජය කිරීම ය. ඒ සඳහා 2012ට පෙර කළ ආකාරයට දහතුන ක්‍රියාත්මක කිරීම වැනි සිංහල විරෝධී පොරොන්දු නොදිය යුතු ය. අප ජෙනීවාහි දී පැරදුණත් එය අසහනයට කරුණක් කරගත නො යුතු ය. බටහිරයන්ට අවශ්‍ය අසහනය වැඩිකර අප හෙම්බත් කර නැතිකර දැමීම ය. අවශ්‍ය වුවහොත් අපි බටහිරත් සමග ඕනෑම ආකාරයක සටනකට සූදානම් වෙමු. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගැනීමට ද ක්‍රියාකරමු. ඇමරිකාව වියට්නාමයෙ දී ඉගෙන ගත් පාඩම එමෙන් දහස් ගුණයකින් එංගලන්තයට ඉගැන්වීමට ලංකාවේ දී කටයුතු කරමු.



    නලින් ද සිල්වා

    2014-02-02
     
    Jul 5, 2012
    1,773
    265
    0


    මම amilaxp ට දාපු රිප්ලයි එකේ තිබ්බ ලින්ක් එකට ගිහිල්ලා බලපන් 76න් පස්සෙ මෙයාව ලෝකෙ ලංකාවෙ ඇරෙන්න මෙලෝ තැනක පිළිගෙන තියෙනවද කියලා? තියෙන හරියක publication තියෙන්නෙ කැළණිය කැම්පස් එකේමයි! හයියෝ සල්ලි.

    Nalin de Silva's articles on arXiv

    [1] arXiv:1008.4213 [pdf, ps, other]
    On Schrödinger's cat
    Nalin de Silva
    Comments: 7 pages
    Subjects: General Physics (physics.gen-ph)

    [2] arXiv:1006.4712 [pdf, ps, other]
    Quantum Physics in a different ontology
    Nalin de Silva
    Comments: 17 pages, 2figures
    Subjects: General Physics (physics.gen-ph)
    [3] arXiv:0812.3740 [pdf, ps, other]

    The Merger of the Schwarzschild metric and the Robertson-Walker metric
    Bethmini Senevirathne (Department of Physics and Astronomy, University of Glasgow, UK), Nalin de Silva (Department of Mathematics, University of Kelaniya, Sri Lanka)
    Comments: 3 pages
    Subjects: General Physics (physics.gen-ph); General Relativity and Quantum Cosmology (gr-qc)

    [4] arXiv:astro-ph/0601536 [pdf]
    A Universe with both acceleration and deceleration
    Nalin de Silva
    Comments: 5 pages, 1 figure
    Subjects: Astrophysics (astro-ph)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නලිය මට නං දෙයියෙක් නෙවෙයි. හැබැයි නලින් ෆිසික්ස් දන්නේ නැහැ හරි ඌ විද්‍යාව දන්නේ නැහැ කියනව නං ඒ කියන එකාගේ දැනුමෙ දිග පලල තමයි ඒකෙන් තේරෙන්නෙ. නලින් ගෙ කන්ට්‍රිබියුශන් එක වඩාත් වැදගත් වෙන්නෙ විද්‍යාවේ දර්ශනය (Philosophy of Science) , සහ Epistemology කියන ෆීල්ඩ් එකට. නලියා ඒ සම්බන්දයෙන් කරපු වැඩේ ඇත්තටම ඔරිජිනල්. නලිය ඇත්තටම අසමසම මීටරයක් බව නං අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා.

    හැබැයි නාතයි, මහින්දයයි ගාගෙන නලියා ඌට තියෙනෙ තත්වෙත් නැති කර ගත්ත එකයි උනේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    මෙන්න මේ අයගෙ කතා ටිකක් අහන්නකො / පොතක් දෙකක් කියවන්නකො ශුවර් ම නැත්තම්

    Stephen Hawking
    Richard Dawkins
    Neil DeGrasse Tyson
    Christopher Hitchens




    ඇපල් එක්ක ඇපල් සංසන්දනය කරන්න මහත්තයෝ. විකටයෝ ඕන තරම් ඉන්නවනේ මේ රටේ. ඔය ලිස්ට් එක නලින් ගේ මතය නිෂේදනය කරන්න ගැලපෙන්නේ නැහැ. නලින් ගේ මතය එක්ක හැප්පෙන්න ගෙන්න

    Paul Feyerabend
    Thomas Khun
    Jacques Derrida

    මේ කට්ටිය ගේ ලෙවෙල් එකේ ආගියුමන්ට්. නැත්තං ඔයා ජෝක් වෙන එකයි වෙන්නේ.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    hqdefault.jpg
     

    AnuradhaRa

    Well-known member
  • හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    නලින්ද සිල්වගෙ දේශපාලනයට මමත් කැමති නෑ..
    ඒ උනාට ඔහු කියන දේවල් වල ඇත්තක් තියෙනව
    දෙවියන් සමග කතා කරන දේවල් නෙමේ මම කියන්නෙ
    අර විදුසර පත්තරේ තියෙන්නෙ අපේ ප්‍රවාද කියල
    ඇත්තමයි මම මෙච්චර කල් නොදැකපු දේවල් ගැන, මගේ ඇස් ඇරුණ..
     

    AnuradhaRa

    Well-known member
  • ජිංතක ජිල්ලබකිට;18124774 said:
    නලිය මට නං දෙයියෙක් නෙවෙයි. හැබැයි නලින් ෆිසික්ස් දන්නේ නැහැ හරි ඌ විද්‍යාව දන්නේ නැහැ කියනව නං ඒ කියන එකාගේ දැනුමෙ දිග පලල තමයි ඒකෙන් තේරෙන්නෙ. නලින් ගෙ කන්ට්‍රිබියුශන් එක වඩාත් වැදගත් වෙන්නෙ විද්‍යාවේ දර්ශනය (Philosophy of Science) , සහ Epistemology කියන ෆීල්ඩ් එකට. නලියා ඒ සම්බන්දයෙන් කරපු වැඩේ ඇත්තටම ඔරිජිනල්. නලිය ඇත්තටම අසමසම මීටරයක් බව නං අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා.

    හැබැයි නාතයි, මහින්දයයි ගාගෙන නලියා ඌට තියෙනෙ තත්වෙත් නැති කර ගත්ත එකයි උනේ.

    මාත් කියන්නෙ ඒකයි.. නාත දෙයියො කමක් නෑ.. මහින්දට කඩේ ගිය එක තමා මට පෙන්නන්ඩ බැරි.. මාර මොලයක් බං මේ නලින් ද සිල්ව.. අනික මේ අමුතු අමුතු දේවල් කිව්ව කියල, ඔහුව විවේචනය කරන්නත් බෑ.. මොකද ?
    ගණිතය, ක්වොන්ටම් භෞතිකය, දර්ශනය පැත්තෙන් ඉහළටම ගිය කෙනෙක්නෙ..
    අනික එතුමාම කියනව, ඔහුත් සෑහෙන කාලයක්, දැන් හිතන විදියට නෙමේ හිතුවෙ කියල..

    එතුමගෙ දැනුම අවබෝධය විශිෂ්ටයි.. පොඩි පොඩි අඩුපාඩු කං කීපයක් හින්ද, ඒ දැනුම ලඝු කරල සලකන්ඩ එපා..
    වැරදි දේට වැරදියි කියනව වගේම, හරි දේට හරියි කියල කියන්ඩත් පුරුදු වෙන්ඩ ඕන.. මේ දෙකම එක පුද්ගලයෙක් ගාව තිබුණත්.. ඒකයි මම කියන්නෙ.. මම නං වැරැද්දක් විදියට දකින්නෙ මහින්ද ගැන ඕනවට වඩා තියෙන භක්තියයි...
     
    Mar 9, 2009
    85
    2
    0
    මේකා බිලා ද කොහෙද? බලහන්කො කතා කරන විදිය .මේ යකාට ටික කලෙක ඉදන් පිස්සු බන්.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සංවේගයෙන් දැනුම් දෙන වග නම් නලින්ද සිල්වා යනු Schizophrenia රෝගියෙකි !
    http://en.wikipedia.org/wiki/Schizophrenia

    එම රෝගය බහුල උගත් පිරිස් අතරය....

    ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම Schizophrenia රෝගියා මොහු බව මගේ අදහසයි !

    මොහු සමග සිටින නාථදේව සන්නිවේදිකාවද එසේම කෙනෙක් බව හැගේ !

    අනිත් එක ඔහුගේ සෑම කතාවක්ම මාතෘකාවෙන් විශාල වශයෙන් එපිට දේවල් කතා කරනවා...
    කතා කරන දේ මාතෘකවෙන් නිතරම පිට පනිනවා.. එක දේකට focus කරන්න පුළුවන් කමක් නැහැ. ඒ Schizophrenia රෝගියෙක් ගේ මුලික දෙයක් !
    මොකද මෙච්චර උගත් කෙනෙක් වෙලත් තමන්ගේ දේශනය එම මාතෘකාවට focus කරන්න බැරි වීමයි.. මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නම කමක් නැහැ!

    Schizophrenia රෝගය ගැන වැඩිදුර දැනගැනීම සදහා

    A Beautiful Mind (2001) චිත්‍රපටිය බලන්න.

    මෙම චිත්‍රපටියේ ඉන්නේ නොබෙල් සම්මානලාභී John Forbes Nash Jr. කියන මෙම රෝගය හැදුනු මහාචාර්යවරයාගේ ඇතුලාන්ත කථාවයි.

    මොහුගේ උගත්කම ගැන මට ප්‍රශනයක් නැහැ ! මානසික රෝගියෙක්ට බනින එකත් සාදාරණ නැහැ!

    ප්‍රශ්නය ඔහු පතුරවන බටහිරකරණයේ අනියත බියයි ! සහ අනිත් මිත්‍යාවන් රැසයි!
    මොහු කියන ආකාරයට බටහිර විද්‍යාව ප්‍රශ්නයක් නම් ඔහු බටහිර බෙහෙත් ගන්නේ නැතුව සිංහල වෙදකමෙන් ජීවත් වෙනවා නම් .... ඒක ලෝක විහිළුවක් !

    මොකද බටහිර බෙහෙත් විතරක් නෙමෙයි මොහු සහ ඔහුගේ අනුගාමික සිසුන් අත්හැරිය යුතු
    උදේ ඉදන් රෑ වෙනකම්ම අපි හැමෝම මේ බටහිර විද්‍යාවෙන් බිහිවුණු දේවල් වලින් තමයි අපේ හැම දෙයක්ම කරන්නේ !

    දත් බෙහෙත්, සබන්, වාහන, ශීතකරණ, පරිගණක, දුරකථන ආදී නොයෙකුත් දේ අත්හරින්න වෙනවා

    අනිත් එක නාථ දෙවියන් ගැන සිංහල බෞද්ධ විද්‍යාවක් ගැන කතා කරන මොහු
    බටහිර විද්‍යාවේ තියෙන රසායනික පරීක්ෂණ ගැනත් ඒවායේ ප්‍රතිපල ගැනත් කථා කරනවා!

    මේ ගැන විවුර්ත මනසින් බලන්න...

    එතුමාගේ අනුගාමිකයන්ට තේරෙන ආකාරයට මට හැකි පමණින් පැහැදිලි කලේ...


    හොද අර්ත දැක්වීමක්... නලින්ද සිල්වා උගතෙක් වුනාට මනුස්සයාගේ වෙනත් භාවිතා අප්සට් බව මම ප්‍රත්යක්ශයෙන් නොදැන ගත්තට අනුමාන කරනවා.ඔය දෙවියන් සමග සම්බන්ද වෙන කාන්තාවට නම් යම් මාන්සික ව්යාකූල තාවයක් ඇති බව පේනවා. අචාර්ය කොවූර් ඔවැනි පලාපල කියන, අන්ජනම් බලන, ආරූඪ වෙන කට්ටිය මානසික රොගින් බව ඔප්පු කලා.
    එයා කියන දෙය නලින්ද සිලවා අපිට කියන්න නම් ඔහු ප්‍රත්යක්ශයෙන් එය ස්ත්යක් ලේස දන්නේ කොහොමද අර කාන්තාව පවසන දෙය හැර.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    දෙවියො පැටව් ගහන්නෙ නැහැලුනෙ. උන්ට ශිශ්නයක් / යෝනියක් එහෙම නැහැලු:nerd:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්ද බන්. වෙන කෙනෙක් ඔය වගේ කතාවක් කිව්ව නම් මම පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒත් නලින් sir කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. ලංකාවේ ඉන්න ලොකුම බුදිමතුන්ගෙන් කෙනෙක් මචන්.
    පිස්සෙක් බන්.. අමූ අන්තවාදියෙක්.. ඇත්ත ඇති සැටියෙන් දැකීමයි, අන්තවාදයයි දෙකක්.. බටහිර විද්යාව බොරුවක් කියලා TV එකේ කියපු එකෙක්නේ.. එදායින් පස්සේ හසන්ත ලොක්කා දොරමඩලාවට මිනිහා ගෙනාවෙත් නැ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොද අර්ත දැක්වීමක්... නලින්ද සිල්වා උගතෙක් වුනාට මනුස්සයාගේ වෙනත් භාවිතා අප්සට් බව මම ප්‍රත්යක්ශයෙන් නොදැන ගත්තට අනුමාන කරනවා.ඔය දෙවියන් සමග සම්බන්ද වෙන කාන්තාවට නම් යම් මාන්සික ව්යාකූල තාවයක් ඇති බව පේනවා. අචාර්ය කොවූර් ඔවැනි පලාපල කියන, අන්ජනම් බලන, ආරූඪ වෙන කට්ටිය මානසික රොගින් බව ඔප්පු කලා.
    එයා කියන දෙය නලින්ද සිලවා අපිට කියන්න නම් ඔහු ප්‍රත්යක්ශයෙන් එය ස්ත්යක් ලේස දන්නේ කොහොමද අර කාන්තාව පවසන දෙය හැර.

    නලින්ද සිලවාට විතරක් නෙමෙයි. ඔය රොගේ හැදුන බටහිර මිනිස්සුත් ඉන්නවා ආසියාව අප්‍රිකාව, චීන ශිශ්ටාචාරය පෙන්නන්න බැරි.. දෙගොල්ලටම තියෙන්නේ එකම ලේඩේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොද අර්ත දැක්වීමක්... නලින්ද සිල්වා උගතෙක් වුනාට මනුස්සයාගේ වෙනත් භාවිතා අප්සට් බව මම ප්‍රත්යක්ශයෙන් නොදැන ගත්තට අනුමාන කරනවා.ඔය දෙවියන් සමග සම්බන්ද වෙන කාන්තාවට නම් යම් මාන්සික ව්යාකූල තාවයක් ඇති බව පේනවා. අචාර්ය කොවූර් ඔවැනි පලාපල කියන, අන්ජනම් බලන, ආරූඪ වෙන කට්ටිය මානසික රොගින් බව ඔප්පු කලා.
    එයා කියන දෙය නලින්ද සිලවා අපිට කියන්න නම් ඔහු ප්‍රත්යක්ශයෙන් එය ස්ත්යක් ලේස දන්නේ කොහොමද අර කාන්තාව පවසන දෙය හැර.

    ඔය ගෑනිට ළමයි නැති නිසා පිස්සු හැදිල කියල කියන්නෙ:(
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හොද අර්ත දැක්වීමක්... නලින්ද සිල්වා උගතෙක් වුනාට මනුස්සයාගේ වෙනත් භාවිතා අප්සට් බව මම ප්‍රත්යක්ශයෙන් නොදැන ගත්තට අනුමාන කරනවා.ඔය දෙවියන් සමග සම්බන්ද වෙන කාන්තාවට නම් යම් මාන්සික ව්යාකූල තාවයක් ඇති බව පේනවා. අචාර්ය කොවූර් ඔවැනි පලාපල කියන, අන්ජනම් බලන, ආරූඪ වෙන කට්ටිය මානසික රොගින් බව ඔප්පු කලා.
    එයා කියන දෙය නලින්ද සිලවා අපිට කියන්න නම් ඔහු ප්‍රත්යක්ශයෙන් එය ස්ත්යක් ලේස දන්නේ කොහොමද අර කාන්තාව පවසන දෙය හැර.

    නලින්ද සිල්වාගේ අනිත් පැත්ත තමයි කොවුර් කියන්නේ. කොවුර් කිසි තැනක ඔප්පු කලේ නැහැ සාස්තර කියන හැමෝම මානසික රෝගීන් කියල. හරියට සාස්තර කියන තැන් ඕනෑතරම් තියනවා. කොවුර් ට විසඳන්න බැරි උන සිද්දීන් ගොඩක් තියනවා එත් අර විසඳන්න පුළුවන් උන සුළුතරය අරගෙන නොපෙනන ලෝකයක් නැහැ කියනවා. :rofl: