ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.
ඒ අනුව 2025.05.04 වන දින සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් 2025.05.05 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.05.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2025.05.05 වන දින මෙම සිද්ධියට සම්බන්ධ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 2025.05.06 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.