නවක වධ ඝාතකයන් හතරක් අත්අඩංගුවට ගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබුණි.

    ඒ අනුව 2025.05.04 වන අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර සිසුන් 2025.05.05 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විමර්‌ශන සිදු කර ගෙන යනු ලබයි.

    නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව මත මෙම සිසුවා සිය දිවා නසා ගත් බවට චෝදනා එල්ල වෙයි.


    මේ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් සරසවි සිසුන් රැසකගෙන් හා සිසුවාගේ පවුලේ අයගෙන්ද ප‍්‍රකාශ ලබාගෙන ඇත.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    37CZT96.jpeg
     
    • Haha
    Reactions: Smartm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රක්ෂිත බන්දනගරේ දැම්මා නම් සතියකට දෙකකට වත් සාදාරණයක් වෙයි

    athule inna ewunta kiyak hari wiyadan karala set karanna thiyenne supiri rag ekak
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    348
    63
    Malabe
    රැග් එක කන උනුත් පව් දෙන උනුත් පව්. රැග් එක දෙන උන් ඕක කරන්නේ උන්ගේ බැච් එකෙන් යට බැච් එකට කෙරෙන්න ඕන යුතුකමක්/වගකීමක් විදිහට. හැබැයි එකේ ගොඩක් දේවල් ගොන් කියලා රැග් එක දෙන උන්ට තේරෙන් නැති ගානට උන් බ්‍රේන් වොෂ් වෙලා ඉන්නේ.
    රැග් එක වෛරස් එකක් වගේ. උඩ බැච් එකේ උන් යට බැච් එකට බෝ කරවනවා. අන්තිමට දෙගොල්ලොම විඳවනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,224
    6,704
    113
    East Blue (Goa Kingdom)
    okunta degree eka denna hoda ne ballonta padamk igena gnna
    මේක වෙන්න ඕන ,
    අනිවාර්යෙන් රජයේ දේවල් වලින් blacklist කරලා නම් ප්‍රසිද්ධ කරන එක ඕන

    90s වලදී JVP ත්‍රස්තවාදියෝ චන්ද්‍රිකාට support කරන්න ඉල්ලුවම චන්ද්‍රිකාගෙන් ඉල්ලුවේ RAG කරලා හිරේ(remand නෙමේ වැරදි කාරයෝ වෙලා හිරේ ) ඉඳපු ජෙප්පෝ නිදහස් කරන්න . එහෙම කරාම support කරා



    මේ තියෙන්නේ rape කරපු උන්ට දුන්න දඬුවම දැනට තියෙන නීතියෙන් , පාර්ලිමේන්තුවේ නිකමෝ නීති වෙනස් කරන්න ඕන .

    එක දවසක් හිරේ ගියේ නැහැ , දඩ ගෙව්වෙත් ළමයිගේ මහපොළ සල්ලි පැහැර අරගෙන

    වැරදි කාරයොන්ගේ ලක්ෂ 10ක් දඩ university එකේ ළමයිගේ මහපොළ බලෙන් අරන් ගෙවලා .
    නවකවදයේ තවත් අප්‍රකට ඛේදවාචකයක්
    සටහන - නලින් සුබසිංහ

    දුප්පත් පවුලක තරුණයකු වූ ඩී.කේ. නිශාන්ත අගුණකොළපැලැස්ස මහානාග ජාතික පාසලෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළු වූයේ 2011 වසරේදීය.

    ඔහු සරසවියට ඇතුළු වී ටික දිනකට පසු රාත්‍රි කාලයේ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවක් අසල සිසුවෙකු බිම ඇද වැටී සිටිනු දුටු පිරිසක් ඔහුව රෝහල් ගත කරන ලදී. රෝහලේ අනාවරණය වූයේ නවකවදය ඔස්සේ මේ සිසුවා බරපතළ ලිංගික අතවරයකට ලක් කර ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ සිසුන් තිදෙනෙකුට විරුද්ධව නඩුවක් පැවරුණු අතර ප්‍රධාන සාක්ෂිකරුවා වූයේ රෝහල් ගත කළ සිසුවා සමඟ මාකස් ප්‍රනාන්දු ශාලාවේ එක කාමරයේ සිටි නිශාන්තයි. චූදිතයන් මහාධිකරණයේදී වරද පිළිගත් අතර ඔවුනට වසර දෙකක සිර දඬුවම් හිමි වුවත් එය වසර පහකට අත් සිටු විය. ලිංගික අතවරයකට ලක් වූ සිසුවාට මුදලින් රුපියල් ලක්ෂ 10ක් ගෙවීමටද ඔවුනට නියම විය.

    පසුව ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය කළේ සිය පීඨයේ සිසුන්ගේ මහපොළ ආධාර එකතු කර අර මහාධිකරණයෙන් වරදකරුවන් වූ සිසුන් තිදෙනාගේ දඩ මුදල් ගෙවා දැමීමයි.

    මේ අතර ලිංගික අතවරයකට ලක්වූ සිසුවාත්, සාක්ෂි දුන් නිශාන්තටත් සරසවිය තුළ අධ්‍යයන කටයුතු කිරීමේ වාතාවරණයක් නොවූ අතර ඔවුනට සිදු වූයේ සරසවිය හැර දමා යාමටයි. ඒ අනුව සිද්ධියෙන් සැබෑම දඬුවම ලැබුණේ නවකවදය මුවාවෙන් ලිංගික අතවර කළ සිසුන් තිදෙනාට නොව ඔවුන් දෙදෙනාටය. (වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියක්" ද ඇති ලංකාවේ ඇති බවද මෙහිදී මතක් කළ යුතුය.)

    මානව ශාස්ත්‍ර පීඨයෙන් උපාධියක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පේරාදෙණියට පැමිණි නිශාන්තට ඉන්පසු නැවත ගමට යාමටද නොහැකි වූ අතර ඔහුට සිදු වූයේ කොළඹ වරායේ ලොරි සහායකයකු ලෙස ජිවිකාව කිරීමටයි.

    එසේ සිටියදී 2014 වසරේ දිනකදී නිශාන්ත අතුරුදහන් විය. ඔහු ලැගුම් ගෙන සිටි බාප්පාගේ නිවසේ වූ අතර බාප්පා කඩවත පොලිසියට පැමිණිල්ලක් කළේය. කලක් ගත වන තෙක් ආරංචියක් නොවීය

    මේ අතර කලකට පසු පුහුණුවක් සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව අසළින් වනාන්තරයට ඇතුළු වූ බාලදක්ෂ සිසුන් පිරිසකට වන මැද ගසක එල්ලී මිය ගිය අයෙකුගේ බෙහෙවින් කුණු වී ගිය සිරුරක් හමු විය. ඒ සිරුර ඩී.කේ. නිශාන්තගේ බව හඳුනා ගනු ලැබුණේ මුදල් පසුම්බියේ වූ හැඳුනුම් පතිනි.

    දහසක් බලාපොරොත්තු ඇතිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණ එහිම ගසක එල්ලී අවසන් ගමන ගිය නිශාන්තට අවසන් මොහොතේ කුමන ආකාරයේ වේදනාවක් දැනෙන්නට ඇතිද?

    සටහන - නලින් සුබසිංහ