නවතම සමීක්ෂණ වාර්තාවක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අන්ෆ්රෙල් සහ බිටිඅයි ආයතන මගින් පවත්වා ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව මේ වනවිට රජයේ සමාජ පිළිගැනීම තරුණ අය අතර තනි අගයකට වැටි ඇති බව කියවේ.

    ඉදිරි වසර තුන කාලයේදී මහජන මතය වෙනස් නොවුනහොත් මැතිවරණ ජයක් කිසි ලෙසකවත් ඔවුන්ට නොලැබී යනු ඇත.

    සමීක්ෂණ වාර්තාවලට අනුව සමාජයේ විවිධ වයස් මට්ටම්වල අය මේ දත්ත විශ්ලේෂණයට යොදාගෙන ඇත.

    මේ අනුව:

    වයස 18 සිට 27 දක්වා කාණ්ඩය:
    සජබ - 31%
    ජවිපෙ - 18%
    එජාපෙ - 14%
    පොහොට්ටුව - 8%
    වෙනත් - 29% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 28 සිට 37 දක්වා කාණ්ඩය:

    සජබ - 26%
    ජවිපෙ - 11%
    එජාපෙ - 34%
    පොහොට්ටුව - 16%
    වෙනත් - 13% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 38 සිට 47 දක්වා කාණ්ඩය:

    සජබ - 22%
    ජවිපෙ - 17%
    එජාපෙ - 24%
    පොහොට්ටුව - 21%
    වෙනත් - 16% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)


    වයස 48 ට වැඩි කාණ්ඩය:

    සජබ - 30%
    ජවිපෙ - 12.5%
    එජාපෙ - 29%
    පොහොට්ටුව - 21.5%
    වෙනත් - 7% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)


    මේ සමීක්ෂණය සඳහා දිස්ත්‍රික්ක සියල්ලම නියෝජනය කරමින්, පුද්ගලයින් එක දිස්ත්‍රික්කයකින් 15000ක් පමණ යොදාගෙන කල විශාල සමීක්ෂණයක් බව පවසා තිබේ.
    යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, වන්නි පළාතේ නියැදි ප්‍රමාණය අඩු අගයක් ගෙන තිබේ.

    තවද පසුගිය මැතිවරණයේ 3%ක් ව පැවති ජවිපෙ ප්‍රමුඛ සන්ධානයට පැහැදිලි පිම්මක් ලැබී තිබේ.
    නමුත් එය රජයක් ලබාගැනීමට තවමත් හොඳ මට්ටමකට ළඟාවී නොමැති බවද විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

    මේ සමීක්ෂණය සැම මාස 10කට වරක් පැවැත්වීමට නියමිතය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපෝ මුං එළවලා සජබ ද බං ගේන්න හදන්නේ? අනුරයා තැනක් හදා ගත්තොත් හොදයි..
    උඹටත් රාජපස්සලා එපා වෙලා නේද? සන්තෝසයි :D
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නාකි වෙන්න නාකි වෙන්න පොහොට්ටුවට බරවෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මේ විදිහට බැලුවොත් @erozan ගේ වයස අවුරුදු 300 ක් වත් වෙන්න ඕනේ :eek:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස්

    තව පරම්පරා දෙකක් යනකල් මේ තියෙන ප්‍රධාන පක්ෂ අතර තමයි ආණ්ඩුව හැදෙන්නේ

    මේක ඇත්තටම කිවුවොත් ඕන අසියා රටක එකයි. මොකද දේශපාලනේට යන්නේ පවුල්.

    ජවිපෙ එකට සමාජ මතයක් තිබ්බත් ආණ්ඩුවක් හදන්න විදිහක් නැහැ.
    හැබැයි පාර්ලිමේන්තුවේ වැඩි පුටු ටිකක් ලැබෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මෝඩ සජිය දිනන් නැ, චන්දෙ වේදිකාවෙ ගොන් කතා දෙක තුනක් ඕක අත ඇරිය ගමන් ඌ ඉවරයි..