නවි පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
නවි පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්

1185319_10151809894154253_2073437511_n.jpg

එක්සත් ජාතීන්ගේ නාකව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ සැමියා අත්අඩංගුවට පත්වූ ත‍්‍රස්තවාදී සැකකරුවෙක් යයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවා අංශයේ ත්‍රීරෝද රථ සේවාව ප්‍රජා හිතකර ස්වයං රැකියාවක් බවට පත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ ත්‍රීරෝද රථ සඳහා නොමිලේ මීටර් ලබා දීමේ රෝද තුනට මනු සවියක් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. මෙම උත්සවයේදී ත්‍රීරෝද රථ මනු 1260ක් බෙදා දුන් අතර මෙම ව්‍යාපෘතියේදී මනු 3850ක් බෙදා දීමට නියමිතය.

ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.

‘මේ දවස්වල අපේ රටට ඇවිල්ලා ඉන්නවා නෝනා කෙනෙක් නවි පිල්ලෙ නෝනා. පිල්ලේ නෝනා එනකොටම අපි කිව්වා පිල්ලේ නෝනා අපිට වානා කියලා. සමහරු අපෙන් අහනවා තමුන්නාන්සේලා පිල්ලේ නෝනා වානා කියලා කිව්වට නෝනාට එන්න කිව්වේ ආණ්ඩුවෙන් නේද ඇයි මේ අහක යන නයි ගෙනල්ලා රෙද්දේ අස්සේ දාගන්නේ කියලා.

මිත්‍රවරුණි ආණ්ඩුවට එහෙම එන්න කියන්න සිද්ධ වුනේ පසුගිය මාර්තු මාසෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරපු යෝජනාවේ තියෙනවා එතුමියට ලංකාවට ගිහිල්ලා මානව හිමිකම් රැකීමේ ලංකාවේ තත්ත්වය පරික්ෂා කරලා බලලා ලබන සැප්තැම්බර් මාසෙ තියෙන 24 වැනි සැසි වාරයට වාචිකවත් 25 වන සැසි වාරයට ලිඛිතවත් කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුවටත් අද සිද්ධ වෙලා තියෙනවා කපන්න බැරි අත සිඹින්න. ඇයි අපි පිල්ලේ නොනාට වානා කියන්නේ අන්න ඒක අපි හොයලා බලන්න ඕනේ.පිල්ලේ නෝනා නීතිඥ නෝනා කෙනෙක්. නීතියේ තියෙනවා ස්වභාවික යුක්ති මූලධර්ම කියලා කාරණයක්.

පළවෙනිම නීතිය තමයි ඒකේ තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුයි කියලා. අර සිංහල කියමනක් තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපාය කියලා. ඒකම තමයි මේකෙත් කියන්නේ. කෙනෙක් තමන්ගෙ මිත්‍රයෙක්, තමන්ගෙ නෑදෑයෙක් තමන් කුමන ආකාරයකින් හෝ බැඳුනු කණ්ඩායමක් ගැන නඩු නොඇසිය යුතුයි කියලා නීතියේ නියමයක් තියෙනවා. අපි හැමෝම දන්නවා නවිනීදන් පිල්ලේ මැතිණිය දෙමළ ජාතික කාන්තාවක්. එතුමිය ලංකාවට එන්නේ උතුරේ අහිංසක දෙමළ ජනතාව හතළිස් දහසක් අපේ රණවිරුවන් මරා දැම්මාය කියන චෝදනාව ගැන ඇත්ත නැත්ත හොයා බලන්න. එහෙම නම් තමන්ගෙ අය ගැන, තමන්ගෙ අයව මරා දැමුවාද නැද්ද කියන කාරණය හොයා බලන්නයි මෙතුමිය එන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතුමිය කුඩා කාලෙ ඉතාම දිළිඳු කාන්තාවක්. තාත්තා රියදුරෙක්. ඒ නිසා විශ්ව විද්‍යාලෙ ගියාම උගන්වන්න අම්මට තාත්තට සල්ලි තිබ්බේ නෑ. නගරෙ හිටපු දෙමළ ජනතාවගෙ සල්ලි එකතු කරලා තමයි මෙතුමියට අධ්‍යාපනය ලබා දුන්නේ. ඒ නිසා තමන්ගෙ ජනතාව වෙනුවෙන් ලොකු යුතුකමක් කරන්න බැඳියාවක් තියෙන කාන්තාවක්. අපි එතුමියගෙ ජාතිය සිහිපත් කරනවා නෙවෙයි. ඕනම පුද්ගලයෙක් තමන්ගේ වර්ගයා වෙනුවෙන් නඩු අසන්නට සුදුසු නැහැ කියන එක තමයි අර තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුයි කියලා නීති මූලධර්මයක් තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි නවිපිල්ලේ මැතිණියගේ සැමියා ගැබි පිල්ලේ 1971 අත්අඩංගුවට ගන්නවා ත්‍රස්තවාදී සැකකරුවෙක් විදිහට. එතකොට ගැබි පිල්ලේ වෙනුවෙන් බේරගන්න උසාවි ගිහිල්ල කතා කරන්නේ නවි පිල්ලේ නෝනා. දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළවෙනි වතාවට මෙතුමියගේ තර්කවලට ඇහුම්කම් දීලා ත්‍රස්තවාදී සැකකරුවා වෙච්ච ගැබි පිල්ලේව උසාවි නියෝගයකින් එළියට දානවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ කවුරුහරි ත්‍රස්තවාදී සැකකරුවෙක් විදිහට අත්අඩංගුවට ගත්තම හැමෝම දුවගෙන ගියේ නවි පිල්ලේ නීතිඥ නෝනා අල්ලගන්න. එතකොට මෙතුමිය ත්‍රස්තවාදී සැකකරුවන් සියගණනක් වෙනුවෙන් පෙනී සිටිය නීතිඥවරියක්. එතකොට දකුණු අප්‍රිකාවේ කරපු අරගලය සාධාරණ වෙන්න පුළුවන් නමුත් එතුමියට ත්‍රස්තවාදීන් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ගෙ සැමියා. සෑම ත්‍රස්තවාදියෙක්ගෙන්ම නවි පිල්ලේ නෝනා දකින්නේ තමන්ගේ සැමියා. සෑම ත්‍රස්තවාදියෙක්ගෙන්ම නවි පිල්ලේ නෝනා දකින්නේ තමන්ට හැඟීම්බර කතා කිව්ව සේවාදායකයා. එහෙම කෙනෙක් කොහොමද සාධාරණව ත්‍රස්තවාදී නඩුවක් අහන්නේ ? සාධාරණව ත්‍රස්තවාදය ගැන හොයලා බලන්නේ ?

ඒ විතරක් නෙවෙයි මේ ලංකාවෙ අහිංසක දෙමළ ජනතාව හතළිස් දහසක් මරා දැම්මාය කියන කෙප්පය ගෙතුවේ දරුස්මාන් වාර්තාව කියන වාර්තාවෙන්. ඒ වාර්තාව හැදුවා තුන් දෙනෙක්. තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි යස්මින් සූකා. මේ යස්මින් සූකා තමයි නවි පිල්ලේ නෝනත් එක්ක එකට එන්.ජී.ඕ කරන තමන්ගෙම හොඳම මිතුරිය. දෙන්නා එකට එන්.ජී.ඕ කරනවා. දෙන්නා එකට මැගසින් ගහනවා. දෙන්නා තමයි දකුණු අප්‍රිකාවේ බොහොම කිට්ටුම මිතුරියන් දෙන්නා. මෙදා පාර අර සූකා දුන්න වාර්තාව නවි පිල්ලේට භාර දෙනවා කියන්නේ හෙරගෙ යාළුවාගෙන් පේන අහනවා වගේ වැඩක්. අන්න ඒ නිසයි අපි නවි පිල්ලේ නෝනාගේ වාර්තාව දකින්නත් කලින් මේක කෙප්ප වාර්තාවක් මේක පච වාර්තාවක් මේක ප්‍රතික්ෂේප කළ යුතු වාර්තාවක් කියලා අපි කියන්නේ.

අපේ නවනීදන් පිල්ලේ නෝනට මානව හිමිකම් කඩවීම් ගැන හොයලා බලන්න ඕනේ නම් අන්න යන්න ඉරාකෙට. අන්න යන්න ඇෆ්ගනිස්ථානෙට. අහිංසක ජනතාව දශ ලක්ෂයකට වැඩි පිරිසක් අමරිකානු හමුදා ටෝරා බෝරා කන්දට ටොන් ගණනින් බෝම්බ අතඇරලා මරලා දැම්මා. ඇයි මේවා ගැන හොයන්නේ නැත්තේ ? එතුමියට ඒ පැත්තේ යන්න වීසා නෑ. ඊශ්‍රායලයේ ගාසා තීරයේ අහිංසක පලස්තීන ජනතාව සිය ගණනින් මරලා දානවා දිනපතා එතුමියට ඊශ්‍රායලයට යන්න වීසා නෑ. මෙ අහිංසක පුංචි ලංකාවටම රිදවන්න. වනසන්න තමයි එතුමිය එන්න හදන්නෙ.

ලිබියාවේ හිටියා මුහම්මර් ගඩාෆි කියලා ජනාධිපති කෙනෙක් ජනතාව පත් කරගත්ත ජනප්‍රිය ජනාධිපති ඇමරිකාවෙ මැරයො පාරෙ දිගේ ඇදගෙන ගිහිල්ලා කාණුවකට දාලා, මහ පාරේ මරලා දැම්මා. දස දහස් ගණන් ජනතාව බලං ඉද්දි මරලා දැම්මේ. මේ ගැන වීඩියෝ පට අන්න යූටියුබ් එකේ තියෙනවා. කෝ එයාට යුක්තිය ? මුලු ලිබියාවේම ජනාධිපති. ලිබියාවේම මානව හිමිකම් කඩ කරලා. කෝ ඒ ගැන විමර්ශනය කරන්න මෙතුමිය යනවද ? ලිබියාවේ ජනාධිපතිතුමාට පෞද්ගලික ආරක්ෂක බළකායක් තිබ්බා ඒ ආරක්ෂක බළකායේ හිටියේ සම්පූර්ණයෙන්ම කාන්තාවන්. ජනාධිපති මරලා මේ ඇමරිකානු මැරයෝ නිකන් හිටියේ නෑ. අර සෙබළියන් ප්‍රසිද්ධියේ දූෂණය කරලා, වධහිංසා දීලා ගිණි තියලා මරා දැම්මා. ලිඛිත සාක්ෂි තියෙනවා, වීඩියෝ පට තියෙනවා. ඇසින් දුටුව පිරිස් දාස් ගණනක් ඉන්නවා. කෝ ඒ අයගේ මානව හිමිකම්?

ඊජිප්තුවේ ජනතාව ඡන්දයෙන් පත් කරගත්තා මුස්ලිම් සහෝදරත්වය කියන පක්ෂයේ නායකයා රටේ ජනාධිපති විදිහට මොහොමඩ් මොර්සි. ඇමරිකාව මැදිහත් වෙලා හමුදා කුමන්ත්‍රණයක් කරවලා ඒ ජනාධිපතිව ගෙදර යවලා නිවාස අඩස්සියට දාලා හමුදාව අද රට පාලනය කරන් යනවා අමරිකාවට ඕනෙ විදිහට. කෝ මෙතන මානව හිමකම් හොයන්න නවනීදන් පිල්ලේ මහත්මිය යනවද ? මේක මායාවක් මේක බොරුවක්.

අපේ රණවිරුවන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන්, ඇමරිකාවට බැරි දෙයක් මේ පුංචි රටේ රණවිරුවා කරපු නිසා අපේ රණවිරුවන්ට දඬුවම් දෙන්නයි නවනීදන් පිල්ලේ එවලා තියෙන්නේ. මෙයා පිල්ලේ නෙවෙයි. මෙයා පිල්ළියක්. රට වනසන්න. රට නැති කරන්න එව්ව බටහිර පිල්ළියක්. මේ පිල්ළේ කියන්නේ මර පිල්ළයක් කියන එක මේ නිසා අපි සිහිපත් කරන්න ඕනේ.

ලිපිය ෆේස්බුක්හි ෂෙයා කරන්න මෙතනින් යන්න.
https://www.facebook.com/photo.php?fbid=10151809894154253
 
Aug 25, 2013
241
11
0
me nonawa lankawe ewun lassanata hawa kerewwa...:yes::yes:
hodata andila yanne meya..
ada lokkawath meet wenawa kiyala tibbe...:rofl::rofl:
lokka meyawa ganan gatte na,ekai meya apu dawase belarus welata giye..mekige kanata gahuwa wage tiyenne athi..meki enakota lokka maaru!:rofl::rofl:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    mahinda kiyanneth aparada karayek pille kiyanneth kotiyek itin okkoma ekama boottuwe aya