නවීන_වෛද්‍ය_විද්‍යාවේ_හාස්කමක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
නවීන_වෛද්‍ය_විද්‍යාවේ_හාස්කමක්

ති‍්‍රමාන ක‍්‍රමයට තැනූ උපාංගයක් ලබා පුංචි බබා දිවි බේරා ගනියි! නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්!

ඒ පුංචි ළමයට කවදාවත් ඉස්පිරිතාලෙන් ගෙදර යන්න ලැබෙන එකක් නැහැ කියලයි, දොස්තරල කිව්වෙ. ඒත් නවීන ති‍්‍රමාන (3D) මුද්‍රණ ක‍්‍රමයට පින්සිදුවෙන්නට සැත්කමට අවශ්‍ය උපාංගය තනා ගෙන සැත්කමකින් ඒක බද්ධ කළා. දැන් ගෙදර ගිහින් විස්මයජනක ලෙස ජීවත් වෙනවා.

කායිබා ජියොන්ෆ්රිඩෝට මුලදි හැමදාම වගේ හුස්ම ගන්න බැරිව ගිහින් සිහි නැති වෙනවා. ඒක එදා මාරක තත්වයක්. ඒත් දැන් එයාට සාමාන්‍ය විධියට හුස්ම ගන්න පුළුවන්. වෛද්‍යවරුන් කළේ ශ්වසන නාල බද්ධයක් සිදු කරමින් කෘති‍්‍රමව ශ්වසන මාර්ගයක් ඇති කිරීමයි.

අලූතින් නැඟ එන ක්ෂේත‍්‍රයක් වූ රසායනාගාරය තුළ සිරුරු කොටස් වැවීමේ ක‍්‍රම වේදයක් වූ ප‍්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ (regenerative medicine) හාස්කමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

article-0-19F1E088000005DC-747_634x435.jpg

නිරෝගී අනාගතයක්: කායිබා ජියොන්ෆ්රිඩෝ පුංචි බබා පවුලේ බලූ සුරතලා සමග ඔහියෝවල යන්ස්ටවුන්හිදී වාර්තාකරුවකුගේ කැමරාවට මුහුණ දුන් අයුරු.

මුලදී කයිබා තත්වය ඉතාමත් අනතුරුදායක වුණා. වෛද්‍යවරුන්ට මොහොතක්වත් බලා සිටිය නොහැකි වුණා. ඔහු උපතින් ම මාරක ආබාධ තත්වයකින් පෙළුණා. මේ දරුවාගේ හුස්ම ගැනීම එක්වරම බිඳ වැටුණා. ඒ සමගම හදවතත් නතර වුණා.

ඒ වන විට මිචිගන් වෛද්‍යවරුන් කෘති‍්‍රම ශ්වසන නාල පතුරු ගැන අත්හදා බලමිනුයි, උන්නේ. ඒත් කවදාවත් එවැනි පතුරු බද්ධ කිරීමක් රෝගියකුට කරල තිබුණෙ නෑ.

ඒත් එක් දිනයක් තුළ ඔවුන් ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයට කඩදාසි වෙනුවට තුනී ප්ලාස්ටික් ස්තර භාවිත කරමින් පරිගණකය මගින් ලේසර් ක‍්‍රමය යොදා ගෙන එක එක හැඩයේ, එක එක දිගින් යුත් කුඩා නාල 100කට වැඩිය තනා තිබුණා.

පසුවදා ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියේ විශේෂ අවසරයක් ලබා ගෙන මේ එක් නාලයක් කයිබාට බද්ධ කළා. කයිබා ජීවත් කරන්න වෙන කළ හැකි දෙයක් නොතිබුණු නිසා ඊට අවසරය ලැබුණා. ලෝකයේ මෙවැන්නක් කළ පළමු වන වතාවයි, ඒ.

හදිසියේ ම, වෛද්‍යවරුන් පණ පිටින් රෝහලෙන් යන්න බැරි වෙයි කියූ දරුවා පළමු වතාවට සාමාන්‍ය විධියට හුස්ම ගන්න පටන් ගත්තා.

පසුගිය වසරේදී මේ සැත්කම කරන විට ඒ දරුවාගේ වයස මාස තුනයි. දැන් එයාට මාස 19ක්.

article-0-19F1E266000005DC-980_634x452.jpg

කයිබා සිය මව සමග පසුගියදා කැමරාවට මුහුණ දුන් අන්දම. මිචිගන් වෛද්‍යවරුන්ගේ හපන්කම නිසා අද ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිව තියෙනවා.

දැන් එයාට සැත්කමකින් උගුර සිදුරු කර එක් කළ කෘති‍්‍රම ශ්වසන මාර්ගය ඉවත් කිරීමටයි, ඇත්තේ. ඒක දැම්මේ එයාට ශ්වසන යන්ත‍්‍රයක් අවශ්‍ය වෙලා තිබියදියි.

ඒත් දැන් එයා ගෙදර ගිහින් අවුරුද්දකටත් වැඩියි. ඒත් කිසිම අවස්ථාවක හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණේ නැහැ.

”දැන් එයා හොඳ නිරෝගී දරුවෙක්.” විශේෂඥ වෛද්‍ය ග්ලෙන් ගී‍්‍රන් කියනවා. ඔහු මේ සැත්කම කළ ඈන් ආබෝවල පිහිටි මිචිගන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ සී. එස්. මොට් ළමා රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයායි.

මේ සැත්කම පිළිබඳ විස්තරයක් ඇමෙරිකාවේ නිව් ඉන්ග්ලන්ඞ් වෛද්‍ය ජර්නලයේ අලූත්ම කලාපයේ පළ වී තියෙනවා.

මේ ගැන විශේෂඥයන් බොහොමයක් මත පළ කරල තියෙනවා. මේ ති‍්‍රමාන ක‍්‍රමයට වෛද්‍ය අවශ්‍යතා සඳහා තවත් නොයෙකුත් කොටස් අනාගතයේ දී නිපදවිය හැකියැයි ඔවුන් විශ්වාස කරනවා.

”මේක තමා අනාගත රැල්ල. මට සතුටුයි ඔවුන් කළ දේ ගැන.” කැන්සාස් සිටි, මිසෝරි විශ්ව විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය රොබට් වෙදර්ලි මේ පර්යේෂකයන් කණ්ඩායමට සුබ පතනවා.

මේ වන විට වැඩිහිටි අය කීප දෙනකුට ශ්වාසනාල බද්ධ සැත්කම කර තියෙනවා. හැබැයි මේ ක‍්‍රමයට නොවෙයි. පිළිකා නිසා විනාශ වූ ශ්වාසනාලවලට බද්ධ කරනු ලැබුවේ රසායනාගාරවල කඳ ෙසෙල වලින් වැඩෙන්න සැලැස් වූ ඒවා හෝ මිය ගිය දායකයන් ගෙන් ලබා ගන්නා ලද ඒවායි. මෙසේ ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමයට තැනූ කොටසක් බද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.

article-0-19F1E24F000005DC-606_634x350.jpg

මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරුන් ලොව ප‍්‍රථම වරට ප්ලාස්ටික් අංශු යොදා ති‍්‍රමාන ක‍්‍රමයට තැනූ නළයක් ශ්වාස නාළයට බද්ධ කර කුඩා දරුවකුගේ ජීවිතයක් බේරා ගත්තා. මේ එම නාලයයි.

කයිබාට තිබූ ගැටලූව ශ්වාසනාලිකාවේ කොටසක් සම්පූර්ණයෙන් වැඩි නොතිබීමයි. ඇමෙරිකාවේ විතරක් මෙවැනි ගැටලූ ඇති ළමුන් 2000ක් පමණ වසරකට උපදිනවා. එයින් බොහෝ දෙනකු වැඩෙත්ම මේ අඩුපාඩු සම්පූර්ණ වෙනවා. එසේ නොවන අය තමයි, මිය යන්නේ. සමහර විට තමා දරුවාට එවැනි ගැටලූවක් ඇති බව මාපියන් දැන ගන්නේ හදිසියේ හුස්ම ගැනීම නතර වී ළමයා මිය ගිය පසුවයි.

කයිබාටත් ඉපදී සති හයක් ගත වෙද්දී එවැනි දෙයකට මුහුණ දෙන්න සිදු වුණා. එයාගේ මවත් පියාත් ජීවත් වූයේ ඊසානදිග ඔහියෝවල යන්ස්ටවුන්හියි. ඔවුන් හෝටලයක සිටියදි තමයි, ඒක සිදු වුණේ.

article-0-19F1E257000005DC-419_634x804.jpg

කයිබාට බද්ධ කළ නාලයේ දික් අතට කැපුමක් තියෙනවා. එය ඔහු වැඩෙද්දී ඒ සමගම ප‍්‍රසාරණය වෙනවා. මෙය කෘති‍්‍රම ව බද්ධ කරන වෙනත් නාල වගේ නෙවෙයි. ඒ නිසා ඔහුට පසුව ප‍්‍රශ්න ඇති වන්නේ නැහැ.

”පුතා එකපාරටම නිල්පාට වුණා. හුස්ම වැටෙන්නෙ නැති වුණා.” පුංචි බබාගේ මව වන ඒපි‍්‍රල් ජියොන්ෆ්රිඩෝ කියනවා. කයිබාගේ පියා ඔහුට හදවත තෙරපීමක් කර ප‍්‍රථමාධාරයක් දුන් බව ඇය තවදුරටත් කීවා.

වරින් වර කයිබා ලෙඩ වෙන්න පටන් ගත්තා. වෛද්‍යවරුන් ඔහු තත්වය සුව කළ නොහැකි බව කීවා. ඒත් ඇක්රොන් ළමා රෝහලේ වෛද්‍යවරයකු වූ මාක් නෙල්සන් ඔවුන් දැනුවත් කළා මිචිගන් වෛද්‍යවරුන් කරන අත්හදා බැලීමක් ගැන.

article-0-19F1E241000005DC-902_634x516.jpg

කයිබා ඔහුගේ දෙමාපියන් වූ ඒපි‍්‍රල් හා බ‍්‍රයන් ජියොන්ෆ්රිඩෝ සමග

ඒක ක්ෂුද්‍ර ජීවීන් විසින් ජීර්ණය කළ හැකි පොලියෙස්ටර් විශේෂයක් යොදා ගෙන ශ්වාසනාලිකා කොටස් තනන අත්හදා බැලීමක්. ඒ වන විට ඒවා අස්ථි හා කාටිලේජ සඳහා විතරයි, යොදා ගනු ලැබුවේ.

කයිබාගේ මාපියන් වහා ගොස් මිචිගන් වෛද්‍යවරුන් හමු වුණා. ඒ අනුව 2012 පෙබරවාරි 9 වැනිදා සැත්කම සිදු කෙරුණා. ඔහුගේ දෝෂ සහිත ශ්වාසනාලිකා කොටසට ති‍්‍රමාන ක‍්‍රමයට තැනූ නාලිකා කොටස බද්ධ කළා.

එම නාලයෙහි ඇති කැපුම නිසා එය ඔහුගේ වැඞීමත් සමග ප‍්‍රසාරණය වෙනවා. ඒ සමගම එහි පොලියෙස්ටර් අංශු දියවී ගොස් ඒ මත සාමාන්‍ය පටක වැඩෙන්න පටන් ගන්නවා. වසර තුනකදී එය සාමාන්‍ය සිරුරු කොටසක් බවට පත් වෙනවා.

”මේ ප්ලාස්ටික් වර්ගය සෙමින් දිය වී ගොස් වෙනුවට සාමාන්‍ය නිරෝගී පටක හැදෙන ආකාරයටයි සකසා තියෙන්නෙ.” ස්කොට් හොලිස්ටර් කියනවා. ඔහු තමා මේ නාලිකා නිර්මාණයට මූලිකත්වය දුන් ජෛවරසායන ඉංජිනේරුවා.

ගී‍්‍රන් හා ස්කොට් හොලිස්ටර් යන දෙදෙනා තමයි, මේ සඳහා හිමිකම් බලපත‍්‍රය ඉල්ලා තියෙන්නේ.

නිව්යෝක්හී ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජෝන් බෙන්ට් කියන්නේ මෙහි සාර්ථකත්වය ගැන සම්පූර්ණ පිළිගැනීමක් එන්න තවත් කාලයක් ගත වෙන බවයි. ඒත් ඔහු මේ උත්සාහය ගැන මේ නව තාක්ෂණික කාර්යයට දායක වූ හැමටම ප‍්‍රශංසා කරනවා.


ගත්තේ "මල් කැකුළු" එකෙන්...


 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිධිල....:rofl:
    මට රිධෙන්නේ අහවල් එකට ද බං.......

    මම කිවිවේ තාත්තා පට්ට බුවෙක්කියල....බලහං කෝ පච්ච කොටා ගෙන නිකං බැරකූඩාව වගේ ඉන්න හැටි..............:baffled::baffled::baffled:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මට රිධෙන්නේ අහවල් එකට ද බං.......

    මම කිවිවේ තාත්තා පට්ට බුවෙක්කියල....බලහං කෝ පච්ච කොටා ගෙන නිකං බැරකූඩාව වගේ ඉන්න හැටි..............:baffled::baffled::baffled:

    එක තමයි මමත් මේ බැලුවේ, එහෙම කිව්වේ ඇයි කියලා. ස්කුවිගේ ගෙවල් කිට්ටුවද දන්නැහැ...
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    හාස්කමක් කිව්වහම මම හිතුවේ අපේ දුමියා ගැනවත්ද කියලා...

    TFS..