නව අරහාදී කවි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බෞද්ධ හැමෝම බලන්න. මට ලැබුනෙ ඊමේල් එකකින්. පුංචි කාලෙ පංසලේදි ඇහුවට පස්සෙ අදයි මේ කවි ටික දකින්න හරි ලැබුනෙ.

    රහසත් පව් නො කොට
    කෙලෙස රයනුත් දුරු කොට
    නිසි වූයෙන් පුදට
    අරහ යයි නම කියති මුනිඳුට

    තුන්කල්හි ම පැවැති
    පදරුත් සියල් ලොව ඇති
    අතැඹුලසෙ දැන ගති
    එයින් සම්මා සම්බුදුන යෙති

    විද්දෑ නැණ අට ද
    පසළොස් සරණ ගුණය ද
    ඇතියෙන් එමුනි සඳ
    පිරුණු විජ්ජා චරණ නම් ලද

    යහපත් කොට යෙතැ යි
    සුන්දර තැනට සැපතැ යි
    සොඳුරු බස් කියතැ යි
    කියති ඒ මුනිරජුට සුගතැ යි

    තුන්ලොව තතු ලෙසට
    දැනගෙන නො දත් මෙ ලොවට
    දෙසුයෙන් නියම කොට
    ලෝකවිදු යයි කියති මුනිඳුට

    හැම ගුණයෙන් නඳා
    සමවැඩි සතක් හැමඳා
    දියතෙහි නැති සඳා
    අනුත්තර යයි කියති මුනිඳා

    බඹ සුර යකුන් තද
    දමනය කර තමන් ලද
    සෙත් දී මුනිඳු සඳ
    පුරිස දම් සාරතී නම් ලද

    බව කතරින් එතෙර
    ලනුයෙන් සතන් හැමවර
    තිලෝගුරු මුනිවර
    වීය සත්තා නමින් පුවතර

    බෙදුයෙන් දහම් කඳ
    බජනය කෙළෙන් ගුණ කඳ
    බග දනමින් සස ඳ
    බැවින් බගවත් වීය මුනි සඳ

    බුදුගුණ අලංකාරය