නව ආණ්ඩුවේ බලාපොරාත්තුව

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
නව ආණ්ඩුවේ බලාපොරාත්තුව

‘අපි එක මවකගේ දරුවෝ වෙමු : ශීලාචාර රටක් හදමු‘ - රනිල්
ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
නව රජයේ නායක වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිතය.
නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ජනවාරි අට වැනි දා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.
මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තිතුය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.
දැන් ජයග්‍රහාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.
ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.
අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනිත් පැත්ත දින්නනම් ඉන්න හැකි වේද?

    මහින්ද දින්න නම් ගොඩක් උන් අද පොළොවේ අඩි 6ක් යට. හෙටින් පස්සේ මහින්දට සෙට් වෙයි කරපු ඒවාට. බුද්ධාගමේ කර්මය කියල එකක් කියල තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ.
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මහින්ද දින්න නම් ගොඩක් උන් අද පොළොවේ අඩි 6ක් යට. හෙටින් පස්සේ මහින්දට සෙට් වෙයි කරපු ඒවාට. බුද්ධාගමේ කර්මය කියල එකක් කියල තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ.

    ඉල්ග්ලිසියෙන් කර්ම ඊස් බීච් කියලත් කියනොවේ..:lol:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    14kwas8.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මහින්ද දින්න නම් ගොඩක් උන් අද පොළොවේ අඩි 6ක් යට. හෙටින් පස්සේ මහින්දට සෙට් වෙයි කරපු ඒවාට. බුද්ධාගමේ කර්මය කියල එකක් කියල තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ.

    :yes::yes: