නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    image_702e1073e2.jpg

    නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි.

    අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් එච්. එස්. එස්. තුයියකොන්තා මහතා එම රථයේ සිට නැතැයි පොලිසිය සඳහන් කරයි. එහි රියදුරුවන යුද හමුදා සෙබළා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අමාත්‍යාංශයේ සිට ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා කියැහැම් හන්දියේ සිට පොල්දූව දෙසට ධාවනය වෙමින් තිබියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වම් පස දියවන්නා වගුරු බිමට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

    වේගය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරින් අත්අඩංගුවට ගත් රියදුරුට කිසිදු තුවාලයක් සිදු වී නැත. අනතුරින් ඩිපෙන්ඩර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.

    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අසුබ ලකුණු

    ඊයේ වාහන බාරදී ගෙදර ගිය අමාත්‍යාංශ ලේකම්වරු යලි සිය පත්වීම් ලබා
    අද එම වාහනද රැගෙන පිටවයයි ...

    =================================

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති අනුර කුමා දිසානායක මැතිතුමන් විසින් ඊයේ දින ඝෝටාබය සහ රනිල් ජනාධිපතිවරුන් යටතේ අමාත්‍යංශ වල සිටි අමාත්‍යංශ ලේකම් වරුන් නැවතත් අමාත්‍යාංශ ලේකම් වරු ලෙස පත් කොට ඇත.
    01 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම්
    (හිටපු ලේකම් රනිල් ජනපතිගේ අමාත්‍ය මණ්ඩලය )

    02 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
    (හිටපු ලේකම් වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය)"

    03 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා - මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
    (හිටපු ලේකම් මුදල් අමාත්‍යාංශය)

    04 අරුණි විජේවර්ධන මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය
    (හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය)

    05 - ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය - අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
    (හිටපු ලේකම් කර්මාන්ත අමාත්‍යාංශය)

    06 - කේ. මහේසන් මහතා - කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය)

    07 එම්.එම්. නයිමුදීන් මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය)

    08 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා - ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය "හිටපු ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක
    (හිටපු ලේකම් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය )

    09 පාලිත ගුණරත්න මහීපාල මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය
    (හිටපු ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය)

    10 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා - අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය)

    11 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා - පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
    (හිටපු කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්)

    12 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා - කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ධීවර අමාත්‍යාංශය)

    නව පත්වීම් ලද පැරණි අමාත්‍යාංශ ලේකම් මඬුල්ලට සුබපැතුම් !!!
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    22 re pelawatte jeppange office eke idala ekek giya prado ekaka harakek wage high speed, mongal un innawa itin kohet
     
    • Like
    Reactions: Tricle_Buwa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    Amathaka nokala yuththa gov services wala inne pera pawathi rajayanta da gathikam kala niladarin bawai, onawata wada wiswasaya nodi, oun samaga ganu denu kirime di sakaye wasiya thaba ganna,
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,853
    113
    image_702e1073e2.jpg

    නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි.

    අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් එච්. එස්. එස්. තුයියකොන්තා මහතා එම රථයේ සිට නැතැයි පොලිසිය සඳහන් කරයි. එහි රියදුරුවන යුද හමුදා සෙබළා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අමාත්‍යාංශයේ සිට ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා කියැහැම් හන්දියේ සිට පොල්දූව දෙසට ධාවනය වෙමින් තිබියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වම් පස දියවන්නා වගුරු බිමට පෙරළී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

    වේගය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරින් අත්අඩංගුවට ගත් රියදුරුට කිසිදු තුවාලයක් සිදු වී නැත. අනතුරින් ඩිපෙන්ඩර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.
    පරන jvp පුරුද්දට ඉස්සරහ හමුදාවෙ ඉන්නව දැකලා කැලේට පනින්න හැදුවා වෙන්න බැරිද? :unsure: :unsure:
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    තුයියකොන්තා හොද මනුස්සයෙක් වගේ පේනව. මොකක් හරි වුණොත් අපරාදෙ