නව ඡන්ද හිමි නාම ලේඛනය වෙබ් අඩවියේ
නව ඡන්ද හිමි නාම ලේඛනය වෙබ් අඩවියේ
රනිල් ධර්මසේන
නව 2015 ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලබා ඇත්දැයි ඡන්ද දායකයන්ටම මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි යෑයි මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුවේ www.slelections.gov.lk වෙබ් අඩවියට පිවිස එහි වම් පස ඇති ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පත 2015 නමැති අයිකනය වෙත පිවිසිය යුතුයි. අනතුරුව නව පිටුවේ ඇති ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි අදාළ දිස්‌ත්‍රික්‌කය තෝරා තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් පසුව ලියාපදිංචි වී ඇත්නම් තම ඡන්ද බල ප්‍රදේශය, පළාත් පාලන ආයතනය හා තම සම්පූර්ණ නම දිස්‌වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික හැඳුනුම්පත නොමැති හෝ එම අංකයට අනුව තමාගේ නම ඉදිරිපත් නොවන විට අදාළ දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරි කාර්යාලයට ගොස් අදාළ ලේඛන පරීක්‍ෂාකර ලියාපදිංචිය තහවුරු කරගත යුතුවෙයි.
කෙසේ වෙතත් ඉහත කී ආකාරයට නම් ඇතුළත්ව නොමැති සියලු පුරවැසියන්ට ලබන 12 වැනිදා දක්‌වා තමාගේ නම් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ගැනීමට හිමිකම් අයෑදුම්පතක් දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කළ හැකිය. මෙම ඉල්ලුම්පත් මෙම වෙබ් අඩවියෙන් හෝ ග්‍රාම නිලධාරී කාර්යාල හා දිස්‌ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් ලබාගත හැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.