නව ජනපති දිවුරුම් දීම 'අද සවස'
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද සිකුරාදා සවස නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් ඒ බව කියා සිටි පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, නව අගමැතිවරයා හෙට සෙනසුරාදා දිවුරුම් දීමට නියමිත බවද සඳහන් කළේය.
බ්‍රහස්පතින්දා පැවති ජනාධිපතිවරණයේ අවසාන පතිඵලය තවමත් නිකුත් වී නොමැති නමුත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදෑසන සිය පරාජය පිළිගත්තේය.
කිසිදු ගැටුමක් ඇති කර නොගෙන, සාමකාමීව ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කළේය.
පක්ෂ නායකත්වය
නව ජනාධිපතිවරයාගේ සියලු යහපත් ක්‍රියාවන්ට සහයෝගය දක්වන බව සඳහන් කළ පදවියෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා, තමන් එකඟ නොවන වැඩසටහන් පමණක් විවේචනය කරන බවත් සඳහන් කළේය.
ජනපති පදවියෙන් ඉවත්වුවත්, තමන් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටින බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ.
ජනාධිපතිවරයා රැස්වීම අමතද්දී, බොහෝ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කඳුළු සැලූ බවද වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව ඔහු ජනපති මන්දිරයේ කාර්ය මණ්ඩලයද ඇමතීය.
'පළිගන්නේ නෑ'
වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙමින් පළිගැනීමේ චෝදනාවෙන් කටයුතු නොකරන බවට නව ජනපති පදවියට පත්වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා අද සිකුරාදා උදෑසන පොළොන්නරුවෙන් කොළඹ බලා ඒමට ප්‍රථම ප්‍රතිඥාවක් දුන්නේය.
බුදුදහමට නිසි ගෞරවය ලබා දී, මාතෘභූමිය රැකගැනීමට කැප වන බව සඳහන් කළ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා යහපාලනයෙන් යුත් 'ආධ්‍යාත්මික සමාජයක් ඇතිකිරීමට කැපවන බවට පතිග්නා දුන්නේය.