උබලා වස්තු විද්‍යාවට අනුව ගෙයක් හදන්න හිතනවා නම් එක තමයි මචන් හරිම තීරනය. මොකද කියනවානම් ගෙයක් හදලා ඉවර වෙලා වාස්තු බැලුවොත් ඉතින් ඒක උබලාගේ තුට්ටු දෙකට තට්ටු වෙන වැඩක් වගේම ඉන්න ගෙදරක් කඩාගෙන හදනවා කියන්නේ හෙනම කරදර වෙන්න වෙන වැඩක්.
ඉඩම, ගේට්ටුව සහ ගෙදර තියන හැම කොටසක්ම වගේ වාස්තු වලට අනුව හදාගන්න පුලුවන්........ඒ කියන්නේ ගෙදර තියන හැම කොටසක්ම හොඳ දිශාවකට යොමු කරන්න පුලුවනි.
1. ජනේල් හා උලුවහු වල එකතුව ඔත්තේ වෙන්න ඔනි වගේම උලුවහු ගාණට වඩා ජනේල් ගාණ වැඩි වෙන්නත් ඔනි.
2. ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවට වෙන්න ඔනි, අඩුම ගානේ උතුර,නැගෙනහිර,දකුණ, බටහිර දිශාවට වෙන්න ඔනි.
3. නිදන කාමරයක තියන අල්මාරිය නිරිත දිශාවට වෙන්න තියන බිත්තියට කිට්ටුවන් තිබ්බා නම් හොඳයි.
4. කුස්සියට හොඳම දිශාව ගිණිකොන තමයි.ඒත් දාන්නම බැරිනම් විතරත් නැගනහිර,දකුණ, බටහිරට හොඳයි.
5. ඊසාන දිශාවට බාත්රූම්, ටොයිලට්, වතුර ටැන්කි දාන්න එපා.
6. පොඩි බබාලට කාමරයක් හදනවා නම් ඒක ඊසාන දිශාවට හෝ උතුර, නැගෙනහිර දිශාවට දාන්න.
අපිට වරදින්න පුලුවන් මෙන්න මේවගේ වෙලාවල් වල, පොඩ්ඩක් බලලා ඉදින්කෝ..........
1.අලුතින් හදන ගේදරට අසල්වැසි අයගෙන් උදවු ඉල්ලනේ නැති තරමට හොඳයි.නැත්තම් ඒක කාලයක් යද්දි එයාලට කරදරයක් වේවි.

2. ගෙදර හදාගෙන යද්දි ගෙදර කස්ටිය එක්ක පොඩ්ඩක් ගිහින් බලා පල්ලා ගෙදර කස්ටිය උපදෙස් නුත් වැදගත් වෙන්න පුලුවන්.

3. බාස් උන්නැහේලාට කැමති විදියට තනියම වැඩකරන්න දෙන්න එපා.පොඩ්ඩක් හොයලා බලන්න වැඩේ හරියට කරනවද කියලා.මොකද ගොඩක් බාස් උන්නැහේලා හෙන පන්ඩිතයි.

4.මේසන් වැඩයි ටයිල් වැඩයි එක්කේනාටම දෙන්නත් එපා. එතකොට මුලින් උන්ගේ අතින් වෙච්ච වැරදි එහෙම උන්ටම හන්ගලා කරන්න පුලුවන්.කිසිම බාස් උන්නැහේ කෙනෙක් සීයට සීයක් විශ්වාස කරන්නත් එපා.

ඔන්න එහෙනම් මම ගියා..

තෙරුවන් සරණයි.........!
වාස්‌තු විද්යාසව විශ්වකර්ම වැඩවලට අයත් උතුම් ශාස්‌ත්රරයකි. එය හරියාකාරව දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ. නිපුණත්වයක් නැතුව කටයුතු කිරීම හොඳ නැත. මෙහි නරක නිවාස හිමියාට පමණක් නොව නිවස ඉදිකිරීමට මූලික සැලසුම් සකස් කරන්නාට, උපදේශකයාටද, පාද බෙදා ලණු ගසාදුන් ශිල්පියාටද බලපායි. නිවාස දෝෂයක් ඇති වූ විට ගෙහිමියා ඔත්පලවීම්, කොරවීම්, අංශභාග රෝගාදියට ගොදුරුවීමද, අකල්හි මියයැමද වැනි විපාකයන් අත්වෙනවාමයි. එය වාස්‌තු විද්යාගව ප්රුකාශ කළ සෘෂිවරු පෙන්වා දී ඇත. 'මය' නම් මහා සෘෂිවරයා විසින් රචිත "මයමතය" නම් පොතේ මෙය හොඳින් පැහැදිලිව පෙන්වා ඇත. පසු කලක ලංකාවේ පඬිවරයකු විසින් "මයිමතය" යනුවෙන් කාව්යඇ පොතක්‌ද රචනා කොට ඇත. එහි එක් කාව්ය්යක මෙසේ සඳහන් වේ.
නිසිලෙසද වඩුවන් නොමදැන - වැරදිව කරමින් මිල ගෙන
කති තම අඹු දරු සමගින - ගෙයකි අයට අවැඩ යෙදෙන
ඒ වඩුතෙම මිය ගොසිනා - නරකෙ වැටී දුක් විඳිනා
මෙවදන මයිමත තිබුණා - වඩුවනි කොහොමද ඉතිනා
වඩු සිතයුරු මේ දෙන්නා - රවටා අන්දන ගන්නා
එනිසා දුක්‌පත් වන්නා - පෙර ඉසිවරු කිව් පෙන්නා
මෙම ඔවදන් අනුව යම් සේවාදායකයකු ප්රුධාන මර්මස්‌ථාන නමයට පීඩා ඇතිවන ලෙස නිවසක් සැලසුම් කළහොත් ඒ දොaෂයන් නිසා ගෘහාධිපතියාට ගෘහාධිපතිනියට දරු පරපුරට මා ඉහත කී නරක බලපා අකර්මණ්ය යව මියයයි. රෝගවලට ගොදුරුවෙයි. එය ඒකාන්තයි. එක් කර්මයක් ඔහුටම පමණක් නොව නිවාස සැලසුම් කළ වාස්‌තු ශාස්‌ත්ර ඥයන්ට, ගෘහ නිර්මාණකරුට ද වේ. පාපයෙන් නිදහස් වීමට ලෝකාග්රල සත්යර හා ධර්මය අනුව කිසිදාක නොහැකිය. එවන් ගොදුරු වූ මහා ගොඩනැඟිලි, නිවාස කොන්ත්රාුත්කරුවන්, වඩුවන් එදා කෝටිපතියන්ට මහා ගෙවල් ඉදිකරමින් හරි හම්බකල අය අද ඉන්නට තමන්ට කියා ඉඩමක් ගෙයක් නැතුව විනාශයට ගොදුරුව අනාථව සිටින ශිල්පියෝ අද මගේ ගමේ නිවස අසලම සැබැවින්ම සිටින බව සත්ය යි. ඒ නිසා මෙම වාස්‌තු විද්යා ශාස්‌ත්රඑය හොඳින් හරි හැටියට දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ.
එසේ නැතුව තැනින් තැනින් අහුලාගත් උපදේශනයන් අනුව හෝ නොදැන කිරීමට යාමනම් තමාට ගුණදායක නොවේ.
නිවසක් ඉදිකිරීමේදී මූලික සිද්ධාන්තයක් වන්නේ ගෘහහිමියාට සීහෙන ශුභ නැකතක් පළමුව සකසා ගැනීමයි. එය ඔහුට අවැඩක් නොවන නැකතක් විය යුතුයි. ඊළඟට ගෘහ පිණ්‌ඩය වර්ගකර ගළපාදීම, ෂොඩස ගෘහ ජීවිතය අනුව ඔහුට සුදුසු ගෘහය තෝaරාදීම දෙතිස් ද්වාරපල නිර්දේශයන් අනුව ද්වාර සටහන් කරදීම වාස්‌තු නර චක්රදය මර්මස්‌ථාන පීඩා නොවන ලෙස පාද බෙදාදීම ආදී නීති රීති නොදැන වාස්‌තු විද්යා් නිර්මාණයෙහි යෙදීම ඔහුගේ ආයුෂ කෙටිකර ගැනීමක් මෙන්ම මෙලොව හා එලොව කල්පාන්තරයක් දුකට පත්ව මහා පාප කර්මයකට අසු වේ.
ඒ නිසා නිවසක උළුවහු තැබීමද ප්රනධාන තැනක් ගනී. ප්රනධාන උළුවස්‌ස ලෙස අපි ගණන් ගත යුත්තේ ගෙට කුමන දිසාවකින් හෝ ඇතුළුවන උළුවස්‌සයි. මෙය අනිකුත් උළුවහු වලට වඩා ලොකු විය යුතුයි. රජවරු රජමැඳුරු, මාලිගා, මන්දිර හා කුඩා පොල්අතු පැලේ උවද තම හිතට එන එන තැන අලංකාරය සඳහා උළුවහු තැබීමෙන් නිවැසියන්ට අවැඩ සිදුවේ. දිග පළල ගැනද සැලකිලිමත් විය යුතුයි. ප්රැධාන දොරට අපි කියන්නේ මංගල උළුවස්‌ස කියාය. එසේ කියන්නේ රටක මහරජු මහා අමාත්යහවරු ප්රසභූවරු පමණක් නොව එහි පදිංචි නිවැසියන් එළියට ශුභ ගමන් සඳහා නිතරම පිටවන්නේත්, මනාලියක් මනාලයෙක් කැන්දන් එන්නේද මේ උළුවස්‌ස තුළින්ය. ඒ නිසා එයට මංගල උළුවස්‌ස කියා කියති. පෑලදොර නැතහොත් පිටුපස දොර කුඩාවිය යුතු අතර අනිකුත් හැම උළුවස්‌සක්‌ම කුඩා විය යුතුයි. පෑළ දොරින් අප කරන්නේ අපද්රුව්යඅයන් එයින් පිටතට දැමීමයි. විශේෂයෙන්ම නොපෙනෙන භූතප්රා්ණයින් ඒ අසල ගැවසේ. තවද පිටුපස දොරෙන් ඇතුළුවන්නේද රහසේ පිටවන්නේද හොරුන්ය.
මංගල උළුවස්‌ස තබන්නේ නිවසක පිහිටි හොඳම පාදයකය. එසේ නැතිව උළුවහු කාමරවල මැද බිත්තිවල ආදියේ අශුභ පාදවල හෝ භද්රහdරිත්තා යන කොටස්‌වලට අසුවීම භූමි නාගයාගේ හිසේ, පිටේ, වලිගයේ මුල් ගල තැබීම, නිවසේ දිග, පළල දෝෂ සහිතවීම නිසා නිවැසියන්ට අකල් මරණ ඇතුළු අශුභ පලයන් ඇතිවේ.
නවභාගං ගෘහං කෘත්වා
පාව භගන්තු දක්ෂිවණේ
ත්ර යි භාගං උත්තරේ කාර්යං
ශේෂං ද්වාර ප්රිකෘති තං
මෙයින් කියවෙන්නේ වමෙන් ද්වාරයට ඇතුළු වෙනු භාග නවයට බෙදූ නිවසේ දකුණු පැත්තට භාග පහක්‌ද වම් අත පැත්තට භාග තුනක් හැර ඉතිරි කොට ඒ දොර තබන්නේ යෑයි යනු වාස්‌තු විද්යා නීතියයි.
පුරාණයේ එදවස ඉදිකර ඇති අපේ රටේ බෞද්ධ සැදැහැවතුන්ගේ අප ලොව්තුරු බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටින මුදුන් මල් කඩවන ශ්රීඅ දළදා මාලිගයට කොටි ත්රඒස්‌තයන් බෝම්බ ගසා සුනු විසුණු කරන්න හැදුවද අබමල් රේණුවක තරම්වත් හානියක් නොවුණේ එදා එහි දොර, උළුවහු, කඩුලු ආදිය තැබීමේදී ශබ්දදොaෂ, ගෝෂේන ස්‌ථාරයෙන් ප්රණථමං ශිලක් යනුවෙන්, බෙර හඬ වයා රඹන් ගසා ශබ්ද පූජාවන් හා පුද පූජාවන් තබා විෂ්ණු ජගත් මාතා, විශ්වකර්ම ජගත් මාතා ආදී විශ්වකර්ම ස්‌ත්රොාaත්ර ද "කෛලාස්" හේමකූටෙ හිමගිරිතිලයේ මන්දිරේ මේරු සිංඟෙ සහ විෂ්ණු ස්‌ත්රොතaත්ර ද මන්ත්රා ස්‌ත්රො"aත්රතද ගයා නිර්මාණ ශිල්පියා ප්ර ධාන වඩුකාර්මික තැන නැකැත් ඒක රාශිවී ඇති වූ ඉරහඳ මුල්කොට පොළොව මුල්කොට සෘෂීන් බිහිකළ "ජ්යෙතdතිෂ විද්යාහව" හා උතුම් වාස්‌තු විද්යා්ව මිනිසාගේ දෑතේ පිහිටි ඇඟිලි හා එහි පිහිටා ඇති පුරුක් උපයෝගී කොට ගෙන ඒ අනුශාරයෙන් නිර්මාණය කර ඉදිකිරීමේ වාස්‌තු විද්යාඇවේ ඇති මහා තේජෝ බලය නිසා බැව් එකහෙලා කිව හැකිය. වාස්‌තු විද්යාිවේ විශ්වකර්ම උපදෙස් අනුව දොරටු මෙසේ වර්ග කොට ඉන් සැලසෙන ශුභා ශුභ සෙත මෙසේය. ධාන්යා වර්ගයට අයත් දොරටු නැගෙනහිර දිසාවට පමණි. දොරටුව වස්‌තු වන ධන භවභෝග සම්පත් ගලා එයි. එය ශුභයි. ජය වර්ගයට අයත් දොරටුව දකුණු දිසාවට පමණක් ඇති දොරටුව සතුට සහ විජයග්රයහණය ලබාදෙයි. ශුභයි. නන්ද වර්ගයට අයත් දොරටුව නැගෙනහිර හා දකුණු දිසාවට ඇති දොරටුව ස්‌ත්රීද විනාශය ඇති කරයි. අශුභයි. මනෝරාම වර්ගයට අයත් දොරටුව බටහිර හා දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් ලබාදෙයි. ඉතාම ශුභයි. සමුඛ වර්ගයට අයත් දොරටු නැගෙනහිර, බටහිර, දකුණු දිසාවට ඇත්නම් සැප සම්පත් සහ බව බෝග ගෙනදේ. ශුභයි. දුර්මුඛ වර්ගයට අයත් දොරටුව උතුරු දිසාවට පමණක් නම් මෙම නිවාස අවාසනාවන්තයි. උග්රව වර්ගයට අයත් දොරටු උතුරු නැගෙනහිර දිසාවට පමණක් නම් දුක් කරදර පීඩා මානසික අසහන ඔත්පල රෝග, අංශභාග හා නිධන් ගත රෝග ඇති කරයි. ඔල්මාද, පිස්‌සු පමණක් නොව අකල් මරණ පවා ඇතිවේ. රිපුද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු දිසාවල පමණ ඇත්නම් සතුරු භය ඇති කරයි. අශුභයි. ධතද වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, නැගෙනහිර දිසාවට පමණක් නම් මානසික සතුට හා ධන සම්පත් ලැබේ. ඉතාම ශුභයි. නාශ වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු දිසාවට පමණක් නම් නිවස ක්ර මක් ක්රගමයෙන් විනාශ වී යයි. ඉතාම අශුභ නිසා දොරටු තැබීමෙන් වළකින්න. අක්රාමන්ද වර්ගයට අයත් දොරටු උතුරු, නැගෙනහිර, බටහිර දිසාවට ඇත්නම් ගෙහිමියන්ට දුක, ශෝක ඇති කරයි. අශුභයි. විපුල වර්ගයට අයත් දොරටු උතුරු, දකුණු, බටහිර දිසාවට ඇත්නම් සැප සම්පත් ලැබේ. ඉතාම ශුභයි. විජය වර්ගයට අයත් දොරටුව උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර දිශාගත කර ඇත්නම් යස ඉසුරු ධනය සැප, සම්පත්, බව, බෝග නොඅඩුව ලැබේ