නව යතුරුපැදි හිස්වැසුම් නීතිය තාවකාලිකව

donta

Member
Jun 11, 2013
2,916
304
0
නව යතුරුපැදි හිස්වැසුම් නීතිය තාවකාලිකව

යතුරුපැදිවල ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නව රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවූ බව පොලිසිය ප‍්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ කූට ව්‍යාපාරිකයන් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත් ඒ හේතුවෙන් අඩු ආදායම්ලාභී මහජනතාව ආර්ථික අපහසුතාවලට ලක්වන බවටත්, ලැබුණු තොරතුරු මත තාවකාලිකව මෙම තීරණය ගත් බවයි. ප‍්‍රමිතියෙන් තොර හිස් ආවරණ පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව තදින් නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පසුගිය 7 වැනිදා ප‍්‍රකාශ කළා.
hiru news
 

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔය ගොන් නිතිය 1991 UNP ඒකෙන සම්මත කරපු නීතියක් එත් ඕක ක්‍රියාත්මක කලේ නැහැ, මන් හිතන්නේ පොලිස් කාරයෝ උන්ට සල්ලි හොයාගන්න පුළුවන් නීති මොනාද කියලා බලන්න පොත පෙරලද්දීද කොහෙද ඕක හම්බෙලා තියෙන්නේ:lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    CHOGM ekata arakshawa ona nisa bike karayo check karanna oka damme.
    dan CHOGM iwara nisa ain karala.