ඕනේම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියන්නේ මේක තමා. මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්න කෙල්ලෙක්. මෙයාට හරි මාර්ගෝපදේශනයක් ලැබුනොත් හොදයි. නැත්තම් අන්තිමට පිස්සු හැදිලා නවතියි. මේ කෙල්ලම කියනව අවු.35 වෙනකන් ඉදීද දන්නෑ කියලා. මැදුම් පිළිවෙතේ යන්නේ නැතුව අන්තගාමී වෙලා දැන් හැමදේම එපා වෙලා. මේ කෙල්ලට පිස්සු නෑ. හිතේ තියන දේවල් ලිමිට් නැතුව කියලා දානවා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතලා. අපි හැමොමත් මේ වගේනේ බං. නිකන් ඉන්න වෙලාවක කල්පනා කරලා බලහන්කො අපි මේ හැමදේම කරන්නේ මොකටද කියලා?. අපි හිතින් අහන ප්රශ්න කොයි තරම් විකාරද කියලා. එහෙම බැලුවොත් අපි ඔක්කොටොම පිස්සු බං. විශේෂයෙන මට පිස්සු කියලා මටම තේරෙනවා


හිටං කරන වැඩ දැක්කම පොලොන්නරුවේ ඉන්න උන්ට පිස්සු කියන්න බෑනේ බං.
රනිල කරන්නේ කොහොමත් පිස්සුනේ. ඒ කියලා කොළඹ ඉන්න ඔක්කොම පිස්සොද. ඒ වගේ තමා. සයිටම් වහන්න කියලා උපවාස කරන ලමයි දැකලා මේ කෙල්ලට හිතෙනවා එයත් ගිහින් ඒකමද අන්තිමට කරන්නේ කියලා.
මේ හාමුදුරුවෝ ගැන නම් ඒ හැටි පැහැදීමක් නෑ කරන වැඩ දැක්කම. ඒත් මේ වෙලාවේ දුන්නු උපදෙස් හිතට වැදුනා.
