නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආ&#3515

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආ&#3515

    නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය…



    නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොන තරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක් සේ ලෝකයාට ලැඛෙනවා. ගස්වල වැඩ සිටින රුක්දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස් මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්වෙනවා. මේ ද්වේශයත් නව වසරක් උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක් නම් සිටිනවාද? මර බයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය, වෛරය සකස්වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්මයි. රතිඤ්ඤා කරලක් පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස් මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටුපඬුරක්මයි.

    ගස්වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම්කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි. ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව, අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී චේතනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතු වූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්කොට ගැනීමේ ස්වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැගව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා?

    පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මගුල් ඛෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්, සංයමයක් එහි තිඛෙනවාද. එම හඬින් ඉහතින් දැක්වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක් නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක් කිරීමට අවශ්‍ය නම් පමණක් මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මගුල් ඛෙරයක් නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක් බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක් වරදක් නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක් උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතලවල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්කේ. ශිල්පද ආරක්ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක් දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක් දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක් සකස් වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද.

    මේ පුංචි දෙය වෙනස් කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිඛෙනවාද…?

    මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපිපෙළින් උපුටාගත්තකි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අපි නම් පත්තු කරන්නේ නෑ..... මොකද අපේ බව්වෝ දෙන්නා බය වෙන නිසා..... නැකැත් වෙලාවලට, දෙන්නවම, අපි ඉන්න හරියෙන් තියා ගන්නවා.... එතකොට උන් ඉතින් බෝම්බයක් පිපුරුවත් බය වෙන්නේ නෑ..... :D
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අපි නම් පත්තු කරන්නේ නෑ..... මොකද අපේ බව්වෝ දෙන්නා බය වෙන නිසා..... නැකැත් වෙලාවලට, දෙන්නවම, අපි ඉන්න හරියෙන් තියා ගන්නවා.... එතකොට උන් ඉතින් බෝම්බයක් පිපුරුවත් බය වෙන්නේ නෑ..... :D
    අර පඩ ගැපා වගේ ඔයි පැත්තට අවොත් නම් ඉතින් සද්දේ ඇහුණාම බව්වොන්ටත් කලින් උබලා තමයි දුවන්නේ...මේකේ ත්‍රෙඩ් දාන විදියට උගේ ඒවා (උබගේ ක්‍රමේට)ලේලන්ඩ් එකකට බීට් එකක් ගැහුවා වගේ ඇති...:rofl::rofl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    amanussayanta saththunta pamanak nemei ban, apata unath kanak ahille inna thiyena ekakya!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane palayan ban yanna...wikara nokiya. api ada eeye patthu karapu rathinga da ban...
    mulu ratatama ahenna patthu karath awulak ne...mama nam kiyanne.