නව ෂර්ලොක් හෝම්ස් කතා - පසන් ඉරෝෂණ බණ්ඩාර

suuraya

Member
Apr 27, 2013
1,036
65
0
තැන්ක්යූ මචන්. නොදන්න දේවල් ගොඩක් උඩින් තියන පොස්ට් එකේ තිබුන...
11.gif
true seen is, muu danna deyakuth na.. nodanna deyakuth na lol hehehehehe
 

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    [FONT=&quot]mama ikamanata ma ithuru tika daanawa. danata me tika balanna. me dawas wala wada wadiyi.

    කළු යක්ෂයා


    [/FONT]​
    [FONT=&quot]අපේ රියැදුරා අප ව ජනාකීර්ණ ලන්ඩන් වීථි වල සිට පටු ගුරු පාරවල් වැටුණු, හාත්පස ඕක් තුරු වදුලෙන් ගහණ වූ ගම්බද පෙදෙසක් කරා ගෙන යන්නට විය. පැය පහක පමණ දීර්ඝ ගමනකින් අනතුරුව අප ලඟා වූයේ කටු කම්බි වැටකින් ආවරණය වූ හමුදා කඳවුරක් වෙත ය. මේ ගමනේ දී අප දුටු විශේෂත්වයක් වූයේ මෙම කඳවුරට මයිලයක පමණ දුරක් පටන් අප දුටු අනතුරු ඇඟවීමේ සංඥා ය. මෙවායින් අනවසර ඇතුල්වන්නන්ට ලැබෙන දැඩි දඬුවම් ගැන පැවසුණු අතර සමහර ස්ථාන වල බිම්බෝම්බ වළලා ඇති බවක් ද සඳහන් විය. මෙතරම් ආරක්‍ෂාවක් යොදා ඇති මෙම ස්ථානය කුමක් ද යන්න මගේ සිතේ කුහුලක් ඇති කළේ ය.[/FONT]
    [FONT=&quot]අවි අත දරාගත් රාජකීය ගුවන් හමුදාවේ ආරක්‍ෂක භටයන් පිරිසක් අපගේ ලියකියවිලි පරීක්‍ෂා කළ අතර දැඩි සෝදිසියකින් අනතුරුව අපට ඇතුල් වීම සඳහා අවසර ලැබිණ.[/FONT]
    [FONT=&quot]මිනිත්තු දහයකට පමණ පසු අපි ඝන වනාන්තරය තුළින් එලියට පැමිණ විශාල තණබිමක් වෙත ලඟා විය.[/FONT]
    [FONT=&quot]ඒ මා දුටු විශ්මයජනක ම දර්ශනයන්ගෙන් එකකි. උතුරු අර්ධයේ වූයේ අහස් කුස සිපගනිමින් සිටි යායට විහිදුණු කඳුවැටියකි. දකුණු අර්ධය අයස්කාන්ත ජලතලයකින් වැසී පැවතිණි. මේ අතරින් මහා රූස්ස ගසින් යුතු වූ තුරුලතා වෘක්ෂාදියෙන් පරිපුර්ණ වූ වන පෙතකි. තුරු වදුලේ පුෂ්පයන් මත කෙළිලොල් වැ රඟමින් සිටි බිඟු කැල අන් කවරකු වෙතත් හෝම්ස් නම් වශී කර ගැනීමට සමත් විය. මේ අවස්ථාවේ අප ඉදිරියේ තිබුණු පැටලුණු ගැටලුව නොවන්නට ඔහු “රජ මී මැස්සිය වෙන් කර ගැනීම පිලිබඳ නිරීක්‍ෂණ සමහරක්” සිදු කරනවාට සැක නැත. නමුත් මේ අතුරින් අතිශයින් ම සිත් ඇදගන්නා සුළු දෙය වූයේ උතුරු කඳුවැටියේ උස ම කන්දේ පහළින් දකින්නට ලැබුණු කුරුබිලි කටයි. එය එලියේ සිට බලන අයකුට දැවැන්ත ගුහාවක් මෙන් පෙනුන ද ඇතුලට ගිය අපට ඒ ගුහාවෙන් එපිට ඇත්තේ දැවැන්ත ගුවන් පථයක් දැක ගැනීමට ලැබිණ. මෙය පසුව අපට දැන ගැනීමට ලැබුණු පරිදි ජර්මානු අගනුවර වූ බර්ලිනය සුන්නද්දූලි කළ තීරණාත්මක ගුවන් ප්‍රහාරයේ මුලස්ථානය වූයේ ය.[/FONT]
    [FONT=&quot]අප ගුවන් පථයට ඇතුල් වුණු විගස ම එහි සිටි ගුවන් හමුදා භටයන් කිහිප දෙනකු විසින් එහි තිබුණු තිරස් ව බෑවුණු බැරල් බාගයක් වන් කූඩාරමක සිට අත්තටු ගලවන ලද ගුවන් යානයක් එලියට ගන්නා ලදී. එය ගුවන් යානයකට වඩා ගුවන් යානයක කැබලි ගොඩක් යැයි පැවැසීම නිවැරදි ය. එහි බඳ, රාමුව, අත්තටු මෙන් ම එන්ජිම පවා වෙන් වෙන් ව අසුරා තිබිණ.[/FONT]
    [FONT=&quot]මින්පසු වැඩ කටයුතු සිදු වූයේ ක්‍ෂණික නූඩ්ල්ස් ක්‍රමයට ය. මට සිදු වූයේ කුමක් දැයි සිතා ගැනීමටත් පෙර ම ගුවන් යානය සෑදී නිමැවී අප ඉදිරියේ දිලිසි දිලිසී තිබිණ. තීක්‍ෂණ ඇසක් හෝම්ස්ට පවා සිදු වූ දේ ගැන වටහා ගැනීමට හැකි වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. මම හෝම්ස්ගෙන් සෙමෙන් මේ ගැන විමසුවෙමි.[/FONT]
    [FONT=&quot]“අපි වයසට ගිහිල්ලා නේ ද හෝම්ස්? ඔට්ටුයි අපිට මේ තරුණයෝ වැඩකරපු වේගයෙන් ගුවන් යානය සවි කිරීම කරන්නට බැහැ.”[/FONT]
    [FONT=&quot]“කීයක් ඔට්ටුදැ” යි හෝම්ස් මගෙන් විමසී ය. මම ද වැඩි දුර නොසිතා ම “පවුම් සීයක් ඔට්ටුයි” කියා පිළිතුරු දුන්නෙමි. සසෙක්ස් ප්‍රාන්තයේ බිඟු විද්‍යාඥයා කෙසේ නම් රහසිගත ගුවන් යානා සවි කරන්නට ඉගෙන ගන්න ද?[/FONT]
    [FONT=&quot]මා එසේ පැවසූ වහා ම හෝම්ස් කළේ මා හීනෙකින් වත් නොසිතූ දෙයකි. ගුවන් භටයන්ගෙන් ආයුධ මල්ල ඉල්ලා ගත් හෝම්ස් තනිව ම ගුවන් යානය කැබලි කරන්නට පටන් ගත්තේ ය. ගුවන් යානයේ මහත් බරකින් යුතු බඳ කොටස අතිමානුෂික ශක්තියකින් යුතු ව ගලවා මහ පොළොව කර මත තබා ගෙන සිටින ඇට්ලස් යෝධයා මෙන් තනිව ම ඔසවා ගත් හෝම්ස් ගුවන් යානය පෙර තිබූ තත්ත්වයට පත් කර නැවතත් එම ගුවන් යානය එකලස් කරන්නට වූයේ එහි සිටි ගුවන් භටයන්ගේ ඇරගත් කටවල් මධ්‍යයේ ය. පවුම් සීයක් තබා පැන්සයක්වත් මා සතුව ඒ මොහොතේ තිබුණේ නැත. මා මෙවර පත් වූයේ මහත් අකරතැබ්බයකට බව පසක් වන විට සියල්ල සිදු වී හමාර ය. හෝම්ස් විසින් ගුවන් යානය සම්පුර්ණයෙන් ම එකලස් කරණු ලැබ තිබිණ.[/FONT]
    [FONT=&quot]“අති විශිෂ්ටයි මහත්මයා! ඔබේ වයසට නෙවෙයි වැඩ! ඔබ ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන්නට පෙර සිටි නිලය කුමක් දැ?”යි එහි සිටි එක් ගුවන් භටයකු හෝම්ස්ගෙන් ප්‍රශ්න කළේ ය.[/FONT]
    [FONT=&quot]“මම ජීවිතේට ගුවන් හමුදාවේ වැඩ කරලා නැහැ” හෝම්ස් වැඩි ගණනක් නැතිව පැවසුවේ ය.[/FONT]
    [FONT=&quot]“මොනවා? එතකොට ඔබ මේ ගුවන් යානය එකලස් කිරීමේ කටයුතු ඉගෙන ගත්තේ කාගෙන් ද?” එතැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා නොසඟවා ගත් පුදුමයෙන් ඇසී ය.[/FONT]
    [FONT=&quot]“ඔබෙන්!” හෝම්ස් පිළිතුරු දුනි.[/FONT]
    [FONT=&quot]“මොකක්? ඔබතුමා අපට විහිලු කරනවා ද?” ගුවන් හමුදා නිලධාරියා ඇසී ය.[/FONT]
    [FONT=&quot]“කිසි ම විහිලුවක් මෙතැන නෑ! මම ඔබ සියලු දෙනා ම ගුවන් යානය සවි කරන ආකාරය ඉතා හොඳින් නිරීක්‍ෂණය කළා. ඔබ සවිකරන බෝල්ට් ඇණයේ සිට එන්ජිම දක්වා කොටස් එකලස් කරන ආකාරය මම මගේ මතකයේ රඳවා ගත්තා. ඉන්පසු ව මම සවි කරන ආකාරය මෙය නම් එය විඛණ්ඩනය කර වෙන් කළ යුත්තේ කෙසේ ද යන්න ප්‍රතිවර්ත ක්‍රියාවලියක් ලෙසින් මගේ සිතින් උපකල්පනය කළා. ඉතින් ඒ විදිහට උපකල්පනය කරලා මම ගුවන් යානය කැබලි කරලා නැවතත් එකලස් කළා. හැබැයි මින්පෙර මම ගුවන් යානයක් කැබලි කරනවා තබා හැබැහින් දැක තිබුණේ වත් නැහැ.”[/FONT]
    [FONT=&quot]“අතිශයින් ම පුදුමාකාරයි! ඔබේ ස්මරණ ශක්තිය සහ පරිකල්පන ඥානයට සම කරන්නට පුළුවන් තරමේ තවත් අයෙක් සිටී කියා මම විශ්වාස කරන්නේ නැහැ. ඇත්තෙන් ම ඔබ කවු ද?” ගුවන් හමුදා නිලධාරියා ඇතුලු මුළු කණ්ඩායම ම හෝම්ස්ගේ ක්‍රියාවෙන් පුදුමයට පත් වී සිටිය ද ඔහු කවු දැයි කියන්නට දැන සිටියේ නැත.[/FONT]
    [FONT=&quot]“ඔබ එතැන දී නම් වැරදියි යාලුවා! මගේ සහෝදරයා වන මයික්‍රොෆ්ට් හෝම්ස්ගේ පරිකල්පන ඥානය මට වඩා බොහෝ ම ඉහලයි. මම කවු ද? මගේ නම ෂර්ලොක් හෝම්ස්!”[/FONT]
    [FONT=&quot]“අහා! මම ඔබ ගැන අසා තිබෙනවා හෝම්ස් මහත්මයා! මම හිතන්නේ මේ දොස්තර ජෝන් වොට්සන් මහත්මයා වෙන්න ඇති. මම මෙතුමා පළකර ඇති ෂර්ලොක් හෝම්ස් පරීක්‍ෂණ වාර්තා කියවා තිබෙනවා. මම හිතුවේ ඒ සියල්ල ම කුඩා දරුවන් රවටන්නට ලියැවුණු සුරංගනා කතා, එහෙමත් නැත්තම් දැවැන්ත අතිශයෝක්ති වර්ණනාවක් කියලයි. දැන් බැලින්නම් මටයි වැරදිලා තියෙන්නේ! හෝම්ස් මහත්මයා! ඔබ බොහොම වයසට ගිහින් බව ඇත්ත. නමුත් ඔබ ඉදිරියේ අප සියල්ලන්ගේ ම බුද්ධිය කුරුමිට්ටන්ට එහා ගිහින් නැහැ.” [/FONT]
     
    • Love
    Reactions: Eranga.B

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    65
    0
    opps


    Hound of the Baskervilles - "බැස්කවිල් දඩ බල්ලා" පරිවර්තන‍ය කේ ජී කරුණාතිලක

    FYI චන්දන මෙන්ඩිස් සංෂිප්තව පරිවර්තනය කර ඇති අතර, කේ ජී කරුනතිලක අසංෂිප්තව පරිවර්තනය කර ඇත.

    KVTpEroh.jpg