නව_කියුබානු_ජනපති

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නව_කියුබානු_ජනපති

    කැස්ත්‍රෝවරයෙකු නොවූ නව කියුබානු ජනපති – ඩයස් කානල්

    miguel-diaz-canel7.jpg

    මිගල් ඩයස් කානල් නව කියුබානු ජනපතිවරයා ය. වසර 60 කට පසු පළමුවරට කැස්ත්‍රෝවරයෙකු නොවන තැනැත්තෙකු කියුබානු ජනපතිධූරයට පත්වී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා (19) කියුබානු ජාතික සංගමය ඔහුව නව ජනපති ලෙස තෝරාපත්කරගෙන ඇත.

    ජනපතිධූරයට පත්වීමෙන් අනතුරුව හවානා වේදී අදහස් දක්වමින් නව ජනපතිවරයා පැවසුවේ, තමන් ජනතාව වෙත කිසිදු පොරොන්දුවක් ලබානොදෙන බවත් කියුබාවට අතිශය වැදගත් වන තීරණ වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද රාවුල් කැස්ත්‍රෝ විසින් ගනු ලබනු ඇති බවත් ය.

    ධනවාදී ආර්ථික රැල්ලට පිවිසීමේ වුවමනාවක් නැති වුවද කියුබානු සමාජය මෙන්ම ආර්ථික දැක්ම ද නව මඟකට ගැනීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී පැවසුවේය. ‘සමාජවාදය නැත්නම් මරණය – අපි ජයග්‍රහණය කරමු‘ යන කියුබාවට සුපුරුදු වැකියෙන් ඔහු සිය කෙටි දෙසුම අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    නව නායකයා ලෙස කියුබාවේ දේශපාලන ගමන් මඟ සමබරව පවත්වාගෙන යාමේ වගකීම ඩයස් හට පැවරී ඇත. රාවුල් කැස්ත්‍රෝගේ සහයෙන් යුතුව නව ජනපති ලෙස තව දිගු කලක් ඩයස් කටයුතු කරනු ඇති බව පැවසේ. කෙසේවුවත්, කියුබාවේ අතිශය ශක්තිමත් ක්ෂේත්‍ර ලෙස පවතින ආරක්ෂක අංශය මෙන්ම කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධ බලතල රාවුල් කැස්ත්‍රෝ සතුව පවතිනු ඇති බවට විශ්වාස කෙරේ. එමෙන්ම, කියුබානු ජනතාව පෙළා දමා ඇති අපේක්ෂා භංගත්වයට විසඳුමක් සොයාගැනීමට ද ඔහුට සිදුවනු ඇත.

    පෞද්ගලික අංශයට ආයෝජනය කිරීමට හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සලසාදීම, දිගු කාලයක් පුරා කියුබාව සමග විරසකයෙන් පසුවූ ඇමරිකා එක්සත් ජනපදය සමග යළි අත්වැල් බැඳගත් රාවුල් කැස්ත්‍රෝ තමන්ගෙන් පසුව කියුබාව පාලනය කිරීමට ඩයස් කැනල් තෝරා පත්කරගැනීමත් සමග කියුබාවේ ඉදිරි දේශපාලන ගමන් මඟ තුළ සුවිශේෂී වෙනස්කම් සිදුවනු ඇති බවට විශ්වාස පළ කෙරේ.

    1959 දී පිදෙල් කැස්ත්‍රෝ කියුබානු ජනරජයේ අගමැති ධූරයට පත්වූ අතර ඔහු 1976 දක්වා එම ධූරය හෙබවූවේය. 1976 සිට 2008 වන තෙක් ඔහු ජනාධිපති ලෙස ද කටයුතු කළේය. පිදෙල් කැස්ත්‍රෝ සිය බලය 2006 දී සොහොයුරා වූ රාවුල් කැස්ත්‍රෝ වෙත ලබාදීමෙන් අනතුරුව 2008 වසරේ දී සිට ඔහු කියුබානු ජනපති ධූරය හෙබවූවේය.

    ඩයස්ගේ පත්වීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා (19) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කළේ, ඩයස් වසර 10 ක කාලයක් එනම්, දෙවරක් කියුබානු ජනපති ධූරය දරනු ඇති බවයි. එමෙන්ම, 2021 වන විට පක්ෂ නායකත්වය ඩයස්ට දී තමා එම ධූරයෙන් අස්වනු ඇති බව ද රාවුල් පවසා සිටියේය.


    b7a5bd89-f4e8-4141-a899-c415376f8ee6_750x422.jpg



    ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයින් පසුගිය 2015 වසරේදී කියුබාවේ සංචාරය කළ අවස්ථාවේදී ඩයස් කැනල්ගෙන් කියුබානු විප්ලවය ගැන විමසා සිටි අවස්ථාවේදී ‘මං ඉපදුණේ විප්ලවයෙන් අනතුරුවයි. ඒ 1960 දී. ඒ ප්‍රශ්නේට උත්තර දෙන්න පුළුවන් හොඳම කෙනා මම නොවෙයි‘ යන්න පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි. කෙසේවුවත්, අභිනව ජනාධිපතිවරයා ලෙස කියුබානු ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කිරීමට හා කියුබාව සෙසු ලෝකය සමග සම්බන්ධ කිරීමේ කාර්යයයේදී ඩයස් සුවිශේෂී වගකීමක් පැවරී ඇති බව පැහැදිලිය.

    අද දිනයේදී සිය දිවියේ 58 වන කඩඉමට පිවිසෙන ඩයස් සිය කුඩා විය ගතකර ඇත්තේ විලා ක්ලාරා හිදීය. ඔහුගේ මව ගුරුවරියක වූ අතර පියා කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇත. ලාස් විලාස් හි විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව හදාරා ඇති ඩයස් 1982 දී සිය උපාධිය හිමිකරගත්තේය. ඒ සමයේදී සිට කියුබානු කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට එක් වී ඇත.

    තරුණ කොමියුනිස්ට්වාදීන්ගේ සංගමය හා සම්බන්ධ වී ඇති ඩයස් පසුකාලීනව රාවුල් කැස්ත්‍රෝගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇත. ඩයස් පිදෙල්ගේ මෙන්ම රාවුල්ගේ ද හිතවතෙකු බවට පත්වන්නේ ද මේ හඳුනාගැනීම තුළිනි. ඉන් පසු වසර තුනක කාලයක් යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කරන ඩයස් නැවතත් පක්ෂය සමග ශක්තිමත් සබඳතා ඇතිකරගත්තේය. තරුණ වියේදී දිගු කෙස් කළඹකින් යුතු තරුණයෙකු වූ ඩයස් රොක් සංගීතයට ද ප්‍රිය කරන්නෙකු බව පැවසේ.

    ඩයස් 2013 වසරේදී කියුබානු උප ජනාධිපතිධූරයට පත්වූ අතර පසුකාලීනව කියුබානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. තරමක නිහඬ තැනැත්තෙකු වුවද අනෙකාට සවන් දෙන ඔහු මනා නායකයකු මෙන්ම අනාගත කියුබාව වෙනස් කිරීමට හැකි තැනැත්තෙකු වනු ඇති බව ජනතා විශ්වාසය වී ඇත.

    කියුබාවේ වත්මන් ජනපති පිළිබඳ පවසන එරට දේශපාලන විචාරකයන් ඔහු විසින් සිදුකළ යහපත් කාර්යයන් ගණනාවක් ගැන සිහිපත් කරයි. කියුබාවේ ගෑස් හිඟයක් උද්ගත වූ අවස්ථාවේදී ඔහු සිය පාපැදියෙන් ගමන් කළ බවත්, සැන්ටා ක්ලෙරාහි පැවති සමලිංගිකයින්ගේ සමාජ ශාලාවකට දැඩි විරෝධතා එල්ල වූ අවස්ථාවේදී ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි බවත්, උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස විද්වතුන් දැක්වූ අදහස් වලට වුවමනාවෙන් සවන් දුන් බවත් පැවසේ. එමෙන්ම, කියුබානු වැසියන්ට අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව උදාකිරීම සම්බන්ධයෙන් හඬ අවදි කළ කීපදෙනා අතරින් ඩයස් ද සුවිශේෂී චරිතයක් වී සිට ඇත. මෙහිදී ඔහු අවධාරණය කර ඇත්තේ කියුබානු ජාතිකයින් අනෙක් ලෝක වැසියන්ගෙන් වෙන්කර තැබිය යුතු නොවන බවයි. මේ වනවිටත් සිය නිවසේ හිඳිමින් අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව ඇත්තේ කියුබානු වැසියන්ගෙන් 5 % ක පමණ පිරිසකට පමණි.

    කෙසේවුවත්, ඩයස් සිය පක්ෂයේ ප්‍රතිපත්ති දැඩිව විශ්වාස කරන බවත් කියුබානු ආර්ථිකය – ගෝලීය ආර්ථිකයට දායකවීමට අවශ්‍ය නවීකරණයෙන් නිදහස් වීමට හැකි බවට වූ මතය දැඩිව විශ්වාස නොකරන බව ද පැවසේ. අභිනව ජනපති කියුබාවේ ඉදිරි ගමන් මඟ කෙලෙස තීරණය කරනු ඇති ද යන්න ගැන විවිධ කතාබහ ජාත්‍යන්තර මාධ්‍ය තුළ සටහන් වුවද අනාගත විදේශ ප්‍රතිපත්තිය ගැන ඔහු දරන මතය ගැන ඉඟියක් මේ ප්‍රකාශයෙන් විද්‍යමාන වේ. ‘මේ රටෙන් එපිට තිබෙන ලෝකය අප දිහා බලාගෙන ඉන්නේ, ගරිල්ලා කැරලිකරුවන්ගෙන් පසුව විප්ලවය අවසන් කෙරුණු බවට වූ නිසැක කතාවට වඩා වෙනත් ප්‍රශ්න ගණනාවකුත් අහන්නට බලාගෙනයි.‘ ඩයස් – කැස්ත්‍රෝවරුන්ගෙන් වෙනස් වූ නායකයකු ද යන්න ඉදිරි කාලයේදී දැකබලාගැනීමට හැකිවනු ඇත.

    74e7c6c8685445a8840958aa31e46f49_18.jpg







    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඉතිහාසේ පොඩ්ඩක් වෙනස් උනානම් 71 ඉදන් .....සමාජවාදය ලොව වැජබේවා ....... අ.. කුමාර සදාකල් දිනේවා....කියා කියා මතුර මතුර ඉන්න වෙන්නේ. අල මල්ලක් ආණ්ඩුවෙන් නිකම් හම්බවේවි.
     
    • Like
    Reactions: Oli_Vili

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කියුබාව කියන්නේ තවමත් 70 දශකයේ පරිසරයක් තියන රටක්. මිනිස්සුන්ට අලුත් වහනයක්වත් නැති රටක්. විකාර සමාජවාදී ක්‍රම හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීලා රට දියුණු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Oli_Vili

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කියුබාව කියන්නේ තවමත් 70 දශකයේ පරිසරයක් තියන රටක්. මිනිස්සුන්ට අලුත් වහනයක්වත් නැති රටක්. විකාර සමාජවාදී ක්‍රම හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීලා රට දියුණු කරන්න ඕනේ.

    කියුබාව තාම 70 දශකයේනම්, ලංකාව තියෙන්නේ තාම 50 දශකයේ කියල තම කියන්න වෙන්නේ.:rofl:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉතිහාසේ පොඩ්ඩක් වෙනස් උනානම් 71 ඉදන් .....සමාජවාදය ලොව වැජබේවා ....... අ.. කුමාර සදාකල් දිනේවා....කියා කියා මතුර මතුර ඉන්න වෙන්නේ. අල මල්ලක් ආණ්ඩුවෙන් නිකම් හම්බවේවි.

    කියුබාව කියන්නේ තවමත් 70 දශකයේ පරිසරයක් තියන රටක්. මිනිස්සුන්ට අලුත් වහනයක්වත් නැති රටක්. විකාර සමාජවාදී ක්‍රම හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීලා රට දියුණු කරන්න ඕනේ.




    Rep 13+++