නසනීන්_සගාරි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයගේ නිදහස වෙනුවෙන් පවුම් මිලියන 450 පියවීමට බ්‍රිතාන්‍යය සුදානම්

gqOUGqpiaTVWmdr-800x450-noPad-735x400.jpg


ඇය නසනීන් සගාරිය ( Nazanin Zaghari ). ඉරානයෙන් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ නසනීන් තම බ්‍රිතාන්‍ය ස්වාමිපුරුෂයා සමග ලන්ඩන් නගරයේ ජිවත්වුවාය. 37 හැවිරිදි නසනීන් රැකියාව වශයෙන් බ්‍රිතාන්‍යයේ ඉරාන පුණ්‍යායතනයක සේවය කලාය. මේවන විට ඇය ද්විත්ව පුරවැසි භාවය හිමි කාන්තාවකි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇය තම සිඟිති දියණියද සමග ඉරානයේ ටෙහෙරාන් නගරයට පැමිණියේ තම පවුලේ සාමාජිකයින් සමග ඉරාන අලුත් අවුරුදු උත්සවයව සැමරීම සඳහාය. ඉරාන අවුරුදු උත්සවය අවසන් වීමෙන් පසුව ඇය 2016 අප්‍රියෙල් 3 වන දින ටෙහෙරාන් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන්නේ නැවත එංගලන්තයට බලා යාමටය. ඇය ගුවන්තොටුපොළේ සිටිනවිට පැමිණි ඉරාන කැරලිකාර ආරක්ෂකයෙකු විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කොට ඇත. ඇයව ඉරානයේ ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව කාර්මාන් ( Kerman ) පළාතේ හඳුනා නොගත් ස්ථානයක සිරගත කොට තබා ඇත. කාර්මාන් පළාත ටෙහෙරාන්වලට කිලෝමීටර් 1,000 පමණ දුරින් පිහිටා ඇත. එහිදී දින 46 රඳවා තබා ගෙන ඇති බවට වාර්තා වේ.


95767218_hi034122335.jpg



නසනීන් මේවන විට කැරලිකාර ආරක්‍ෂකයින්ගේ යටතේ ටෙහෙරානයේ එවින් සිරගෙදර (Evin prison ) සිරගත ජිවිතයක් ගෙවන්නීය. ඇයව උසාවියට ඉදිරිපත් කිරීමට පෙර විප්ලවවාදී ආරක්ෂකයින්ගේ විවිද රහස් පර්යේෂණ වලට ඇයට මුහුණ දීමට ද සිදුවිණි. පසුව විප්ලවාදීන්ගේ අධිකරණයේ මහේස්ත්‍රාත් සැලවටි ( Salavati ) විසින් ඇයට තම ස්වාමි පුරුෂයා වන රිචර්ඩ් හට දුරකථන ඇමතුමක් ලබා දීමට අවස්ථාව සලසා දෙනු ලැබිය. දුරකථන ඇමතුම අතරතුර තමා හට වසර පහක සිර දඬුවමක් නියම වූ බව ඇය තම ස්වාමියා වෙත දන්වා සිටියාය. එහිදී ඇය ඉතා කම්පනයටත් , දුකටත් පත්ව සිටින බව රිචර්ඩ් විසින් මාධ්‍ය වෙත වාර්තා කොට තිබුණි. ඇය ඇත්තටම අහිංසකයි. ඇය ඉරානයේදී කිසිම විනය විරෝදී කටයුත්තක් කරලා නැහැ. ඇය ගියේ දෙමව්පියෝ සමහ අලුත් අවුරුදු උත්සවය සමරන්න. ඇයට උසාවිය විසින් ලබා දුන් දඬුවම ඉතා අසාධාරණ තීන්දුවක්. ඒවගේම ඇයගේ ජිවිතයට කරන ලද ලොකුම අපරාධයක්. ඇය මේවන විට ටෙහෙරානයේ එවින් සිර ගෙදර හුදකලාව සිය සිර ජීවිතය ගෙන යන්නීය. නසනීන්ට ලැබුණු සිර දඬුවමත් සමග ඇය දැඩි මානසික පිඩනයකින් සහ නිසි පෝෂණයක් නොමැතිකමින් මන්දපෝෂණයෙන් ද පෙලෙන බව රිචර්ඩ් විසින් මාධ්‍ය හමුවේ තව දුරටත් ප්‍රකාශ කොට සිටියේය. ඇය සිරගත වූ දිනයේ පටන් අද දක්වා ඇයට ලබාගත හැකිව ඇත්තේ දුරකථන ඇමතුම් දෙකක් පමණි.

ඇය සමග නසනීන්ගේ බිලිඳු දියණියද අත්අඩංගුවට පත්වූ අතර දියණියගේ ගමන් බලපත්‍රය උසාවිය විසින් රඳවා තබා ගෙන ඇත. ඇයගේ දියණිය ගෙබ්‍රියෙල්ලාය. දැන් ගෙබ්‍රියෙල්ලාගේ වයස අවුරුදු 1 කි. මේ වන විට ඇයගේ දියණිය ගෙබ්‍රියෙල්ලාද ඉරානයේ සිටින මවගේ දෙමවුපියන් ( අච්චි සහ සියා ) සමග ජිවත් වෙයි.

Gabriella-300x200.jpg



මේවන විට නසනීන් නිදහස් කරගැනීමට බ්‍රිතාන්‍ය රජය මැදිහත්ව කටයුතු කරගෙන යනු ලබයි. බ්‍රිතානයේ විදේශ කටුතු අමාතයවරයා වන බොරිස් ජොන්සන් (Boris Johnson ) ඇය මුදවා ගැනීමට ඉරාන බලධාරීන් සමග සාකච්චා පවත්වමින් සිටින බව වාර්තා වේ. 1970 වර්ෂයේදී ඉරානය සහ එංගලන්තය අතර සිදුවූ යුද ටැංකි අවි ගනුදෙනුවකදී බ්‍රිතාන්‍ය විසින් ඉරානයට ගෙවිය යුතුව තිබු පවුම් මිලියන 450 ක ණය මුදල ගෙවා දැමීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වී ඇත. මෙම ණය මුදල පියවා දැමීමෙන් පසුව නසනීන් මුදවා ගැනීමට හැකියාවක් තිබේදැයි සාකච්චා පවත්වමින් සිටියි.

එකල ඉරානය පාලනය කල මොහොමඩ් රිසා ශා විසින් බ්‍රිතාන්‍යයෙන් චීෆ්ටන් වර්ගයේ යුධ ටැංකි ( Chieftain Tanks ) 1750 මිලට ගැනීමට පවුම් මිලියන £650 ක මුදලක් බ්‍රිතාන්‍යට ගෙවන ලදී. නමුත් බ්‍රිතාන්‍යයට සැපයිය හැකිවුයේ යුධ ටැංකි 185 පමණි. ඒ ශා පාලනයේ බිඳ වැටීමත් සමග පැමිණි නව රජය විසින් යුධ ටැංකි මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම හේතුවෙනි. මෙම ගිවිසුම අවලංගුවීමත් සමගම පවුම් මිලියන 450 මුදලක් ඉරානය වෙත නැවත ගෙවිය යුතුව තිබිණ. තවමත් නොගෙවා ඇති මෙම ණය මුදල පියවා දැමීමෙන් පසුව නසනීන් සිර ජිවිතයෙන් මුදවා ගැනීමට බ්‍රිතාන්‍ය රජය බලාපොරොත්තුවන බව බොරිස් ජොන්සන් විසින් ප්‍රකාශ කොට සිටියේය.


0001D22C00000C1D-5087177-King_Hussein_of_Jordan_drives_a_Chieftan_tank_at_Bovington_Dorse-m-2_1510787756404.jpg

1966 වර්ෂයේ චීෆ්ටන් වර්ගයේ යුධ ටැංකියක් මත ගමන් ගන්නා ඉරානයේ හුසේන් ජෝර්ඩාන් රජු






උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
Last edited: