නස්රුදීන්...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදීන්ගේ කතා​

    276107701.JPG

    නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.

    නස්රුදින් ‘මුල්ලා’(ගුරුවරයකු) කෙනකු ලෙස හැඳින්වෙනවා. නස්රුදින් තම රටේ කෙනකු ලෙස සලකන ලොව රටවල් ගණනාවක් ම තියෙනවා. රුසියාවෙදි ජනතා වීරයකු ලෙස සැලකෙන ‘මුල්ලා නස්රුදින්’ චීනයේ දී ‘නස්රුදින් අවන්ති’ වෙනවා. යුගොස්ලාවියාවෙදි ‘නස්රුදින් ගෝහා’ වෙනවා. Greece, France ආදී හැම රටකම ජනකතා අතර නස්රුදින්ගේ කතා තියෙනවා. ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.

    නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් තිබෙන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා.​




    කියවන එවුන් බම්ප් එකක්වත් දාලා පල..හොරෙන්ම යන්නේ නැතුව..
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ.

    ”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා.

    ”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි මේ ගමේ සීමාවෙදි හොරෙක් පැනලා මගේ හැමදේම උදුරා ගත්තා! මං හිතන්නේ ඒ මිනිහා මේ ගමේ කෙනෙක්. මගේ නඩුව අහලා මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න ස්වාමීනි!”

    ඒ අසරණයා බැගෑපත් වුණා.

    ”ඒ හොරා මගේ හැමදේම උදුරා ගත්තා. මගේ සපත්තු, මගේ කලිසම්, මගේ කමිසය, මගේ කලිසම, මගේ කබාය, මගේ මාලය, මගේ මේස් ඇතුළු මට අයිති හැම දෙයක් ම සොරා ගත්තා. මට කිසි දෙයක් ඉතුරු කළේ නෑ, ස්වාමීනි, මගේ නඩුව අහලා යුක්තිය මට ඉෂ්ට කරලා දෙන්න! සොරා අල්ලලා දඬුවම් දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා ආයාචනා කළා.

    නස්රුදින් පැමිණිලිකරු දිහා ටික වේලාවක් බලා සිටියා. බලා ඉඳලා මෙහෙම ඇහුවා.

    ”හොඳයි ඒත් මට පේනවා ඔහේ දිහා බැලූවාම, ඔහේ තවමත් ඔහේගෙ යට කලිසම පිටින් ඉන්න බව. ඔය කියන හොරා ඒක උදුරා ගත්තෙ නැද්ද?”

    ”නැහැ ස්වාමීනි! ” ඔහු උත්තර දුන්නා.

    ”එහෙනම් මට හොඳටම විශ්වාසයි, ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් නොවෙයි. ඒ හින්දා මට මේ නඩුව අහන්න විධියක් නැහැ.” නස්රුදින් පැහැදිලි කර දුන්නා.

    ”සමාවෙන්න! ස්වාමීනි ඔබතුමා හරියටම එහෙම කියන්නෙ කොහොමද?” පැමිණිලිකාරයා ආ පිට ඇහුවා.

    ”ඒ මොකද දන්නවද? ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් ඉන්තේරුවෙන් ම එයා ඔහෙගෙ යටකලිසමත් ගලවා ගන්නවා. ඔය වගේ පොඩි දෙයක්වත් ඉතුරු කරන්නේ නෑ. ඇත්තම කියනවා නම් මෙහෙ ඉන්නෙ හැම දෙයක් ම සර්ව සම්පූර්ණයෙන් ම කරන අයයි.” නස්රුදින් උත්තර දුන්නා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දවසක් දා නස්රුදින් වෙළඳපොළට ගියා. ඔහු දක්කා කුරුල්ලන් වර්ගයක් විකුණන්න තියෙනවා. ළංවෙලා බැලූවාම ඒ ගිරවු වගයක්. එකෙක් රුපියල් 500ටයි ඒ වෙළෙන්දා වික්කෙ.

    ”මගේ කුරුල්ලා මීට වඩා කොච්චර ලොකු ද? එයාට මීට වඩා මුදලක් ගන්න පුළුවන් වෙයි.” කියල හිතුව නස්රුදින් ඉක්මනින් ගෙදර ගියා.

    පහුවදා උදෙන් ම නස්රුදින් එයාගෙ සුරතල් කුරුල්ලත් අරන් වෙළෙඳපොළට ගියා.

    ”රුපියල් 50ක් දෙන්නම්” ගැනුම්කරුවන් හැමදෙනාම කිව්වෙ එකම ගණනක්.

    නස්රුදින්ට තරහ ගියා. එයා කෑගහල මෙහෙම ඇහුවා: ”මිනිසුනේ! ඒක හරිම අසාධාරණයි. ඊයේ ඔහෙලා මේ කුරුල්ලගෙන් බාගයක්වත් නැති එකෙක් රුපියල් 500කට වික්කා. මේ කුරුල්ලාට ඊයේ ගානෙන් දහයෙන් එකක් වගේ සොච්චම් මුදලකට ඉල්ලන එක හරිම අසාධාරණයක්. උඹලාට තේරෙන්නෙ නැද්ද?”

    නස්රුදින්ගේ ඒ කතාවට බාධා කරමින් එක් ගැනුම්කරුවෙක් මෙහෙම කිව්වා: ”නස්රුදින් ඊයෙ අපි වික්කෙ ගිරවු නෙ. උන්ට කතා කරන්න පුළුවන්. ඒ හින්දා වටිනාකම වැඩියි නෙ. ඔහෙගෙ කිකිලිට කතා කරන්න බැහැනෙ.”

    ”මෝඩ මිනිසුනේ! ඔහෙලා ඒ කුරුල්ලන්ට වැඩි මුදලක් දුන්නෙ කතාවට විතරද? ඒත් මගේ මේ කුරුල්ලාට හරිම සුන්දර දේ හිතන්න පුළුවන්. ඒ අතින් එයා කොච්චර වටිනවද? එයා තොරතෝංචියක් නැතුව කතා කරන ගිරවු වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නෙ නෑ. වැඩිය වටින්නේ සිතිවිල්ලද? කතාවද?” නස්රුදින් ඇහුවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් ජීවත් වූ ප‍්‍රදේශයේ එක් ධනවත් ගොවියකුට හිටියේ දියණියන් විතරයි. ඔවුන් ලොකු මහත් වූ පසු ඔවුන් දීග දීමට ඔහුට අවශ්‍ය වුණා. තම දියණියන්ට සුදුසු මනාලයන් සොයන්නට ඔහු හුඟක් මහන්සි ගත්තා. ඒත් හමු වුණේ නෑ. ඊළඟට ඔහු ඔවුන් වෙනුවෙන් දෑවැදි දෙන බවත් ප‍්‍රසිද්ධ කළා.

    මේ අතරතුර තමයි, ඔහුට නස්රුදින් හමු වුණේ. ඔහු නස්රුදින්ට මෙහෙම කිව්වා.

    "මං මගේ දූල හිස් අතින් අරින්නෙ නෑ. ඒ අයගෙ අත ගන්න එන මනමාලයන් එක්ක ගියාම ඒ අයට සතුටින් ඉන්න යහමින් මුදලක් අතට දෙනවා."

    "ඒ කිව්වෙ ?" නස්රුදින් ඇහුවා.

    "මගෙ බාලම දුවට වයස අවුරුදු විසිතුනයි. මම එයාට මුදලින් රුපියල් 25,000ක් දෙනවා. ඊළඟ දුවට වයස තිස් දෙකයි. මම එයාට දෙනවා රුපියල් 50,000ක්. ඊළඟ දුවට වයස හතළිස් තුනයි. මම එයාට දෙනවා රුපියල් 75,000ක්." ඒ ධනවත් ගොවියා මහ ආඩම්බරෙන් කිව්වා.

    ඒ අහපු නස්රුදින් එක්වරම කල්පනාවට වැටුණා.

    නස්රුදින් මොකුත් නොකියා කල්පනා කරන බව දැකපු ගොවියා ඇහුවා, "ඇයි මොනවද කල්පනා කරන්නෙ?" කියලා.

    "මං කල්පනා කළේ ඔහෙට තවත් වැඩිමල් දුවක් හිටිය නම් කියලයි".
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින්ට මඟුල් ගෙදරකට යන්න ඇරයුමක් ලැබුණා. ඒ රටේ සිරිතක් තමයි, ගෙදරකට ගොඩ වෙන කොට සෙරෙප්පු දෙක දොරකඩ තියල ඇතුළු වෙන එක.

    ඒත් කලින් වතාවෙ ඒ ගෙදරදි ඔහුගෙ සෙරෙප්පු දෙක හොරු ගත්තා නස්රුදින්ට හොඳට මතක තිබුණා. ඒ හින්දා ඔහු කල්පනා කළා සෙරෙප්පු දෙක ඒ ගෙදර දොරකඩ නොතියා යන්න.

    එහෙම කල්පනා කරලා ඔහු ඒවා ඔහුගේ කබායේ ඇතුළු පැත්තේ තිබුණු සාක්කුවේ දමා ගත්තා.

    ”මොකක්ද ඔහෙගෙ ඔය සාක්කුවෙ තියෙන්නෙ? පොතක්ද?” ගෙහිමියා ඇහුවෙ නස්රුදින්ගෙ කබාය ටිකක් ඉස්සිලා තිබුණු හින්දයි.

    ”ඔව්” කියූ නස්රුදින්, ‘මේ මිනිහ හදන්නේ මගේ මේ සපත්තුවලටත් අනින්න වගෙයි’ කියල හිතලා, ”දන්නේ නැද්ද? මං ඉතින් හුඟක් කියවන මිනිහෙක් නෙ” කියල හඬ නඟලා කිව්වා.

    ”මොකක්ද ඔය පොත?” ගෙහිමියා ඇහුවා.

    ”මේක අපූරු පොතක්. ලියලා තියෙන්නෙ ‘ස්ථානෝචිත ප‍්‍රඥාව’ ගැන.”

    ”කොයි තරම් අපූරු ද?” කියා ඒ ගැන සතුට පළ කළ ගෙහිමියා ඊළඟට ඇහුවේ, ”කොහෙන්ද ඔය පොත ලබා ගත්තෙ?” කියලයි.

    ”මං ඔහෙට ඇත්තම කියන්නම් කො, මේක මං ගත්තේ සපත්තු හදන්නකුගෙන්.”
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් වරක් රජ සභාවට ආවෙ ලස්සනට වැඩ දාපු තලප්පාවක් පැලඳ ගෙනයි. එහෙම ආවේ රජතුමා ඒක දැක්ක ගමන් ඊට ආසා හිතිලා අගේ කළාම, ඒක රජතුමාට සෑහෙන ගානකට විකුණ ගන්න පුළුවන් වෙයි කියලා හිතා ගෙනයි.

    හිතුව වගේම රජතුමාත් තලප්පාව දැක්ක ගමන් ඇහුව: ”නස්රුදින්, මේ හැබෑ ලස්සන තලප්පාවට තමා කොච්චර ගෙව්වද?” කියලා.

    ”දේවයන් වහන්ස, මේකට මං මසුරන් දාහක් ගෙව්වා” නස්රුදින් කිව්වා.

    රාජ පුරෝහිතයට වහාම තේරුණා නස්රුදින් කරන්න යන දේ. තේරිලා රජතුමාගෙ කනට කරලා මෙහෙම කිව්ව: ”ඔය තරම් ගාණක් තලප්පාවකට වියදම් කරන්නේ මෝඩයෙක් විතරයි.” එහෙම කිව්වෙ රජතුමා ඒක මිල දී ගැනීම වළක්වන්නයි.

    ඒක අහපු රජතුමා අනික් පැත්තට හැරිලා ඇහුවා නස්රුදින්ගෙන්, ”ඇයි, තමා එච්චර ගාණක් ගෙව්වෙ? මං කවදාවත් අහල නෑ, මසුරන් දාහක් වටින තලප්පාවක් ගැන.”

    ”දේවයන් වහන්ස, මං එච්චර ගාණක් ඒකට ගෙව්වෙ මේ වගේ දෙයක් මිල දී ගන්න පුළුවන්කම ඇත්තේ මේ මුළු ලෝකෙන්ම එකම එක රජ කෙනෙකුට විතරක් බව දන්න හින්දයි.” නස්රුදින් පිළිතුරු වශයෙන් කිව්වා.

    ඒ වර්ණනාව ගැන සතුටට පත් රජතුමා නස්රුදින්ට මසුරන් දාහක් දෙන්න නියම කරලා ඒ තලප්පාව ගත්තා.
    නස්රුදින් පස්සෙ ඉඩ ලැබුණු වෙලාවක පුරෝහිතයගෙ කනට කරල මෙහෙම කිව්වා: ”තමුසෙ දන්නවා ඇති තලප්පාවල වටිනාකම් ගැන. ඒත් මං දන්නවා රජවරුන්ගෙ තියෙන දුර්වලකම් ගැන.”
     
    Last edited:
    • Like
    Reactions: Appuham"e"

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් කාලයක් පර්සියාවේ සිට ගී‍්‍රසිය දක්වා එහා මෙහා ගමන් කළා. ඒ හැම වතාවක ම ඔහු දේශ සීමාව හරහා අනෙක් රටට ගියේ බූරුවකු පිටින්. මෙහෙම යන හැම වතාවක ම දේශසීමා රැකවලූන් ඔහුවත් ඔහු ගෙන ගිය බඩුත් හොඳින් පරීක්ෂා කරල බැලූව ඔහු හොර බඩු මොකුත් ගෙන යනවද බලන්න. ඒත් එක වතාවකවත් සැක කටයුතු කිසිවක් ඔහු ළඟ තිබුණෙ නෑ. පරීක්ෂා කරන හැමදාම බූරුවගෙ පිට උඩ තිබුණේ පිදුරුවලින් පිරුණු මල්ලක් විතරයි. රැකවලූන් ඒ මල්ලෙ පිදුරු හොඳට ගසල බැලූව සැක කටයුතු යමක් තියෙනවද කියලා. ඒත් කිසිම දෙයක් අහුවුණේ නෑ.

    ”නස්රුදින්, මොනවද ගෙනියන්නෙ?” හැමදාම ඔවුන් නස්රුදින්ගෙන් ඇහුවා.

    ”මොනවද ඉතින් හොර බඩු මිසක්” නස්රුදින් සුපුරුදු පරිදි උත්තර දීල සිනාසුණා.

    හැමදාමත් බූරුවා පිටින් ගිය නස්රුදින් ආපසු ආවේ පයින්.

    අවුරුදු ගානකට පස්සේ පර්සියාවේ සම්බන්ධය අත් ඇරපු නස්රුදින් ඊජිප්තුවට වෙලා ජැන්ඩියට ජීවත් වුණා. එහිදී ඔහුට පර්සියානු දේශසීමාවෙ සේවය කරල විශ‍්‍රාම ලබපු රැුකවලකු හමුවුණා. ඔහු නස්රුදින්ව අඳුනාගෙන මෙහෙම ඇහුවා:

    ”නස්රුදින්, ඒ දවස්වල ඔහෙ දේශසීමාව හරහා යන කොට මොනව හරි හොරෙන් ගෙනිච්ච බව අපි පිළිගත්තා. ඒත් කොච්චර පරීක්ෂා කළත් අපට ඒක හොයාගන්න බැරි වුණා. දැන් ඔහෙ මෙහෙ ජයට ඉන්නව. ඒ රටවල නීති මේ රටට බලපාන්නෙ නැති හින්දා දැන්වත් කියනවද මොනවද තමුසෙ හෙරෙන් අරන් ගියේ කියලා.”

    ”බූරුවෝ”
     
    • Like
    Reactions: kal00

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    ‘‘මට රස්සාවක් ලබා ගන්න බෑ’’ නස්රුදින් බිරිඳට කීවා. ‘‘ඒ මොකද මං දැනටමත් අති උත්තම දෙවියන්ගේ සේවයට කැපවෙලා තියෙන්නෙ.’’

    ‘‘එහෙමනම් ඔහෙගෙ පඩිය දෙවියන්ගෙන් ඉල්ලා ගන්නවා. ඒ මොකද හැම ස්වාමියකු ම සේවකයන්ට පඩි ගෙවන්න ඕනෑ.’’ බිරිඳ කීවා.

    ‘‘හරියට හරි’’ නස්රුදින් හිතුවා.

    ‘‘මට මෙච්චර කල් ගෙව්වෙ නැත්තෙ මං කවදාවත් ඉල්ලූවෙ නෑනෙ’’ ඔහු ඊළඟට කීවා.

    ‘‘ඉතින් එහෙනම් ගිහින් ඉල්ලනවා’’ බිරිඳ කීවා.

    නස්රුදින් ගෙයින් පිටත වත්තට ගියා. ගිහින් දණ ගහගෙන දෙවියන්ට යාච්ඤා කළා.

    ‘‘ ඕ අල්ලාහ්, මං මෙච්චර කල් ඔබ වහන්සේට කළ සේවයට හරියන්න පඩියක් වශයෙන් රන්මසු සීයක් එවනු මැනවි’’

    අල්ලපු වත්තෙ පදිංචිවෙලා හිටියෙ සල්ලි පොලියට දෙන මිනිහෙක්. එය නස්රුදින්ගේ මේ ඉල්ලීම අහගෙන හිටියා. ඔහු පුංචි විහිළුවක් කරන්න හිතාගෙන රන්මසු සීයක මල්ලක් ජනේලෙන් එළියට විසි කළා, නස්රුදින් දණ ගහගෙන යාච්ඤා කරමින් උන් තැනට වැටෙන්න. නස්රුදින් හිස ඔසවල බලපුවාම මෙන්න සල්ලි මල්ලක් තියෙනවා එයා ඉදිරිපිට.

    මිනිහ බොහොම ආඩම්බරයෙන්, සන්තෝසෙන් නැගිට්ටා. ‘‘මමත් සාන්තුවරයෙක්. දෙවියො මගෙ හිඟ පඩි එව්වා.’’යයි කියමින් ඔහු ඒ මුදල බිරිඳ අත තිබ්බා.

    ඇයටත් හරි පුදුමයි. ඒ වගේම සතුටුයි.

    මේ සියල්ල අල්ලපු ගෙදර මනුස්සයා වරින්වර හොරෙන් බලා සිටියා. නස්රුදින්ගෙ ගෙදර කලබලය ටිකක් වැඩි බව දැකල විමසිල්ලෙන් බලපුවහම ඔහුට පෙනුණා, ලී බඩු, ඇඳුම් පැලඳුම්, කෑම ජාති කරගහගත්තු මිනිස්සු ඒවා ගෙනත් දීල යනවා. විහිළුව ටිකක් දුර දිග ගිය බව ඔහුට තේරුණා. නස්රුදින්ගේ බිරිඳ ඒ මුදලින් අවශ්‍ය හැම දේම ගෙන්නා ගන්න කටයුතු කරන බව දැනිලා වැඬේ තව දුර දිග යන්න කලින් තමන් කරපු දේ ගැන කියන්න කල්පනා කළා. එහෙම කල්පනා කරල නස්රුදින්ගෙ ගෙදරට ගිහිල්ල වෙච්ච දේ කියල තමන්ගෙ සල්ලි ආපසු ඉල්ලූවා.

    ‘‘තමුසෙට පිස්සුද? තමුසෙ අහගෙන ඉඳලා මං ඒක දෙයියන්ගෙන් ඉල්ලනව, දැන් එනව ඒකට අයිතිවාසිකම් කියන්න. ඒක නම් හරියන්නෙ නෑ’’ නස්රුදින් කීවා.

    අසල්වැසියා කීවා, ‘‘මේක විනිශ්චය ශාලාවට ගිහින් බේරුමක් කර ගනිමු’’ කියල.

    ‘‘මට මෙහෙම යන්න බෑ’’ නස්රුදින් කිව්වා. ‘‘මට හොඳ ඇඳුමක්වත් නෑ. හොඳ අස්සයෙක්වත් නෑ. මෙහෙම ගියොත් අපි දෙන්නගෙ පෙනුම දිහා බලල නඩුකාරයා මගේ අවලස්සනකම ගැන කෝප වෙලා මට අසාධාරණයක් කරල ඔහෙගෙ පැත්තට අදීවි’’ එහෙම කියල යන්න බෑම කිව්වා.

    කොහොම හරි නස්රුදින්ව එක්ක යන්න කල්පනා කළ අසල්වැසියා ඔහුට තමන්ගෙම ඇඳුමක් අන්දලා තමන්ගෙම අස්සයකු පිට ඔහු නංවාගෙන නඩුකාරයා ළඟට එක්ක ගියා.

    ඉස්සෙල්ලම අසල්වැසියා පැමිණිල්ල ඉදිරිපත් කළා.

    ‘‘මොනවද මේ ගැන තමාට නිදහසට කියන්න තියෙන්නෙ?’’ නඩුකාරයා නස්රුදින්ගෙන් ඇහුවා.

    ‘‘ස්වාමීනි, මේ මිනිහට පිස්සු’’ නස්රුදින් කිව්වා.

    ‘‘මොනවද ඒකට තියෙන සාක්කි?’’

    ‘‘මිනිහගෙ කට ම තමා, මටත් සාක්කි කියන්නෙ. මිනිහ හිතනව මේ හැම එකක් ම එයාට අයිතියි කියලා. ඔබතුමා ම අහන්න මගෙ අස්සය ගැන, වෙන එකක් තියා මේ මගේ ඇඳුම ගැන අහන්න. ඔය රන්මසු වගේ ම මිනිහ ඒවත් එයාගෙයි කියාවි’’

    ‘‘ඒක ඇත්ත නෙ. ඒවා මගේ තමයි’’ අසල්වැසියා කැගහල කිව්වා.

    නඩුව අහක ගියා.
     
    • Like
    Reactions: KingCM

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් යාළුවෙකුත් එක්ක කතා කර කර ඉන්න කොට කළුවර වැටුණා.

    ‘‘දැන් කළුවර වැටුණා නෙ. ලාම්පුවක් පත්තු කරනවකො. ඔය ඔයාගේ වම් පැත්තෙ තියෙන්නෙ.’’ යාළුවා කිව්වා.

    ‘‘මෝඩයා, මං කොහොමද කළුවරේ මගෙ වම දකුණ හොයන්නෙ?’’ නස්රුදින් යාළුවාගෙන් ඇහුවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් යාළුවෙක් එක්ක දුර ගමනක් යද්දී අවන් හලකට ගොඩ වැදුණේ පිපාසය දරා ගන්න බැරි තැනයි.

    ඔවුන් දෙන්නා තීරණය කළා එක කිරි වීදුරුවක් අරගෙන දෙන්න ම බෙදා ගෙන බොන්න. ඒ මොකද දන්නවද? නස්රුදින්ගේ අතේ කාසි තිබුණෙ එක වීදුරුවක් ගන්න තරම් විතරයි. අනෙක් යාළුවගේ අතේ සල්ලි නෑ කිව්වා.

    නස්රුදින් කිරි වීදුරුව අර ගත්තා.

    ‘‘තමුසෙ බොනව ඉස්සෙල්ල තමුසෙගෙ බාගෙ.’’ යාළුව නස්රුදින්ට කිව්වා. ‘‘මොකද මං ගාව සීනි ටිකක් තියෙනව. ඒත් ඒක එක් කෙනකුට විතරයි සෑහෙන්නෙ. මං මගෙ බාගෙට ඒක එකතු කරල බොනව.’’

    ‘‘දැම්මම දානව. මං බොන්නෙ මගෙ බාගෙ විතරයි.’’ නස්රුදින් කිව්වා.

    ‘‘එක නං බෑ. ඒ සීනි ටික ප‍්‍රමාණවත් වන්නෙ කිරී වීදුරුවෙන් බාගයක් රහ කරන්න විතරයි.’’ යාළුවා කිව්ව.

    කිසි කතාවක් නැතුව නස්රුදින් නැඟිටල ගියා. ඔහු කෙළින් ම ගියේ අවන් හලේ අයිතිකාරයා ළඟටයි. මොනවාදෝ කතා කරල ආපහු ආවා. ඒ ආවේ ලුණු පැකට් එකක් අරගෙනයි.

    ‘‘හොඳ ආරංචියක් මිත‍්‍රයා’’ යළිත් සිය අසුනේ වාඩිවෙමින් නස්රුදින් කිව්වා. ‘‘තමුසෙ යෝජනා කරපු විදියට මං ඉස්සෙල්ලා බොන්න කැමති වෙනව. හැබැයි මං ඒක බොන්නෙ ලුණුත් එක්කයි.’’
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් ජල වාෂ්පයෙන් නාන්න හරිම ආසයි. එයා නිතරම වගේ ජලවාෂ්පවලින් නාන්න තැනූ පොදු නාන පොළකට ගියා. එහෙට වැඩිපුර ආවෙ තරුණයො. නස්රුදින් තරුණයෙක් වගේ විහිළු තහළු කරල ඒ අය එක්ක යාළු වුණා. නස්රුදින් අපිට හැමදාම විහිළු කරනවා, අපිත් නස්රුදින්ට විහිළුවක් කරමු කියල ඒ තරුණ කට්ටිය කලින් කතා වෙලා නස්රුදින්ට හොරෙන් බිත්තරේ බිත්තරේ අරන් ආවා.

    ”ඔන්න අද අපි මෙහෙම ඉන්න ගමන් බිත්තරේ බිත්තරේ දාන්න ඕනෑ.” වාෂ්ප නාන තැනට ඇතුළු වෙන ගමන් එක් තරුණයෙක් හඬ නඟලා කීවා.

    ”බැරි වෙන කෙනා අද අපි ඔක්කොගෙම නාන බිල ගෙවන්න ඕනෑ. සියලූ දෙනාම එක හඬින් එකඟ වුණා. නස්රුදිනුත් ඒක පිළිගත්තා.

    ටික වේලාවකින් හැමෝම පසු පස සඟවා ගත් බිත්තරේ බැගින් අතට ගෙන පෙන්නුවා. ඊට පස්සෙ ඔවුන් ඇහුවා නස්රුදින්ගෙන් බිත්තරේ ගැන.

    ”මෙච්චර කිකිළියො ඉන්න තැන අඩු ගානේ එක කුකුළෙක්වත් ඉන්න බාරිද?” නස්රුදින් එකවරම ඇහුවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දුර ගමනක් ගොස් ගෙට ආ නස්රුදීන් බිරිඳ අතට මස් රාත්තලක් දී මෙසේ කීය.


    "යෝදියෙ මෙන්න මේක උයල තියපන්කෝ. මම නා ගෙන එන්නම්."


    ඇය ඇයට වැටහෙන තරමට මස් ව්‍යාන්ජනය ඉව්වා ය. පදමට කුළු බඩු මුසු වී තිබූ එහි සුවඳින් මන්මත් වූ ඇය මස් කෑල්ලක රස බැලුවාය . ඉන් ඇගේ කුසගින්න ඇවිස්සිණි. ඒ අත බලා මේ අත බලද්දී මස් ඇතිලිය සිදී ගොස් අවසන්ය. කලයුත්තේ කුමක්ද?


    නස්රුදීන් ගෙට පැමිණ කෑමට වාඩි විය. බිරිඳ බෙදූ කෑම පිඟානේ මස්වල සලකුණක්වත් නැත .


    "ඈ බං ගෑනියෙ , කෝ බන් මස් ?"


    "අනේ බලන්ඩකෝ වැඩේ. මස් ටික ඔක්කොම මේ පුසා කෑවනේ ." ඇය කම්මැලි ලෙසින් නිදා සිටි කෙසඟ බළලා පෙන්වා කීවාය.


    නස්රුදීන් කිසි කතාවක් නැතිවම බළලා අල්ලා ඒ අසලම වූ තරාදියේ එක පැත්තකට දමා අනෙක් පැත්තට තරාදි පඩි දැම්මේය . පුසාගේ බර හරියටම රාත්තලකි . නස්රුදීන් ගෙනා මස් ප්‍රමාණයද රාත්තලකි. එහෙයින් ඔහු දැන් බිරිඳගෙන් අපුරු ප්‍රශ්නයක් ඇසුවේය.


    " හොඳයි මේ පුසා නම් කෝ මස්? අනෙක් අතට මේ මස් නම් කෝ පූසා ? "
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදීන් වෙනත් අයෙකුගේ වත්තකට හොරෙන් ඇතුල් වී එහි වු එළවළු කඩමින් ගෝනියකට දමමින් සිටියදී වත්ත අයිතිකරුට හසු විය.

    " මොකද ඕයි තමුසෙ මගෙ වත්ත ඇතුළෙ කරන්නේ? " අයිතිකරු කේන්තියෙන් කෑ ගැසීය.

    " මං මේ හුළඟට අහුවෙලා ගහ ගෙන ආවානේ " නස්රුදින් කිසි කලබලයකින් තොරව කීය. " "

    " ඒක නං බොරුවක් . එච්චර ලොකු හුළඟක් කොහෙද තියෙන්නෙ? " අයිතිකරු පැවසීය. " හා හොඳයි කමක් නෑ . අපි ඒක එහෙමයි කියලා කියමුකො. එතකොට... අර එළවළු මගෙ පාත්තිවලින් ගැලවුණේ කොහොමද? තමුසෙ ඒකට මොකද කියන්නේ? "

    " ඒක වුණේ මෙහෙමයි . මං ගහගෙන යද්දි ඒ ගස්වල එල්ලුනා. එහෙම නොකළා නම් මං තව ඈතට ගහ ගෙන යන්න තිබුණා "

    "ඒකත් එහෙමද? හරි ඒකත් ඇත්තයි කියමුකො. එහෙනම් කියනවා බලන්න මගෙ එළවළු තමුසෙගෙ ගෝනිය ඇතුළට ආවෙ කොහොමද කියලා? "

    නස්රුදීන් ඔලුව කැසුවේය. " අමිමපා. තමුසෙ මෙතෙන්ට එනකොට මමත කල්පනා කර කර හිටියෙත් ඕකමයි. " ඔහු කී්‍ය. " ඇත්තට කොහොමද එහෙම වුණේ?"
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    “මම ආගන්තුක සත්කාර වලට ඉතා කැමති මිනිහෙක්.”..දවසක් නස්රුදින් තේ කඩේදි යාලුවන්ට කිව්වා..
    “බොහොම හොඳයි එහෙනම් අද රෑ කෑමට තමුසෙ අපිව ගෙදර එක්කන් යනවා”..එතන හිටපු කෑදරම යාලුවා කිව්වා...

    කරන්න දෙයක් නැහැ නස්රුදින් යාලුවන්ව ගෙදර එක්කන් යනවා...ගේ ඉස්සරහ යාලුවන්ව තියලා මම ඉස්සෙල්ලා හාමිනේට කියලා එන්නම් කියලා නස්රුදින් ගේ ඇතුලට යනවා...ඒත් හාමිනේ කියනවා ගේ හරියේ මුකුත්ම උයන්න නැහැ කියලා...

    නස්රුදින් කියනවා එහෙම බැහැ මම එයාලට කිව්වා මම ආගන්තුක සත්කාර වලට කැමති මිනිහෙක් කියලා..ඒ පාර නස්රුදින්ගේ බිරිඳ උපදෙස් දෙනවා..ඔයා උඩ තට්ටුවට ගිහින් හැංගෙන්න මම කියන්නම් ඔයා ගෙදර නැහැ කියලා..

    පැයක් විතර බලන් ඉඳලා යාලුවන්ට ඇති වුණා...ඒ පාර දොරකඩට ඇවිත් දොරට තට්ටු කලා...
    බිරිඳ ඇවිත් කිව්වා නස්රුදින් ගෙදර නැහැ කියලා...

    “ඒත් අපි දැක්කනේ එයා මේ දොරෙන් ඇතුල් වෙනවා...අපි දොරකඩට වෙලාමනේ හිටියේ අපි දැක්කේ නැහැනේ එයා එලියට යනවා...”
    බිරිද නිහඬ වුණා...

    ඒත් එතෙක් වෙලා උඩ තට්ටුවේ ජනේලෙන් මේ දිහා බලන් උන්නු නස්රුදින්ට තව දුරටත් කට වහන් ඉන්න බැරිවුණා..ජනේලෙන් පිටතට ඔලුව දැම්ම ඔහු ..
    “ඉතින් මට පිටිපස්ස දොරෙන් එළියට යන්න බැරිද කියලා කෑ ගහලා ඇහුවා...”.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් එයාගෙ බිරිඳට පිස්සුවෙන් වගේ ආදරේ කළා. කොච්චරද කියනවා නම් ඔහු ඇයට කීවේ "මගේ පණ" කියලා.

    දවසක් රෑ මරණයේ දූතයා යම ලෝකයේ ඉඳන් නස්රුදින්ව ගෙනියන්න ආවා. "මම ආවෙ නුඹේ පණ අරන් යන්නයි...!" යමයා කිවුවා.

    එතකොට, නස්රුදින් අනික් ඇලයට හැරිලා එයාගෙ බිරිඳව ඇහැරවමින් මෙහෙම කෑ ගැහුවා.

    "ඒයි නැගිටිනවා... මෙන්න ඔහේව අරන් යන්න කවුද ඇවිත්....!"