නස්රුදීන්...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින්ට කසාදයත් ප්‍රශ්ණයක් වුණා..ගෑණු දෙන්නෙක්ම ඔහුගේ අතගන්න ආවා.. ඒ දෙන්නා දවසක් නස්රුදින්ව කොටු කරගෙන වැඩි‍යෙන් ආදරේ කාටද කියලා ඇහුවා...

    “එහෙම බැහැ ඕක වෙන විදිහකට අහන්න..මට කරන්න පුල්වන් දෙයක් හැටියට අහන්න.

    "හොඳයි අපි දෙන්නවම ගඟට වැටුනොත් ඔයා බේරාගන්නේ කොයි එක්කෙනාවද ?”ඔවුන් අතරින් වඩා ලස්සන කුඩා යුවතිය ඇසුවා...

    නස්රුදින් වහා අනිත් අතට හැරී වඩා පෙහොසත් මහත යුවතියගෙන්
    ” ඔයාට පීනන්න පුලුවන් නේද සුන්දරිය” කියලා ඇසුවා...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගෙ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු ගොඩනැගිල්ලකයි. එක දවසක් එහෙදි නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගේ මලූවලට පුරවද්දී ඔවුන්ගේ අතට ම අහුවුණා. ඔවුන් නස්රුදින්ව අල්ලගෙන නඩුකාරයා ළඟට අරන් ගියා.

    ‘‘මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්නෙ වී අඳුනන්නෙ නෑ’’ නස්රුදින් එහෙදි නිදහසට කරුණු වශයෙන් කීවා.

    ‘‘එහෙම නම් ඇයි තමාගෙ වී අනිත් අයගේ මලූවලට දැම්මෙ නැත්තෙ ? නඩුකාරයා ඇහුවා.

    ‘‘ආ! මං මගෙ වී අඳුනනවා. මං එච්චර මෝඩයෙක් නෙවෙයි’’ නස්රුදින් උත්තර දුන්නා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    එක් වංශාධිපතියෙක් රජතුමාගෙන් වරමක් ලබා ගත්තා නස්රුදින් වගා කළ ඉඩමෙන් ලැබෙන ආදායමෙන් පංගුවක් ඔහුට ගන්න පුළුවන් විදියට. රජ සබේ ලේකම් ගෙන් එසේ ආදායමෙන් පංගුවක් ලබා ගන්නට අවසර ලැබෙන බලපත‍්‍රය ලියවා ගනිද්දී ‘පොළොවෙන් උඩ සියලූම දේ’ ඔහු ලැබෙන ලෙස ලියන්නැයි ඔහු ලේකම්ට කීවා. ඔහු කල්පනා කෙළ් ප‍්‍රයෝගයක් කර නස්රුදින්ගේ මුළු අස්වැන්නම ලබා ගන්නයි.

    ඔහු මේ රාජ මුද්‍රාව සහිත ලිපියත් අරගෙන නස්රුදින්ගේ ගෙදරට ගියා, අස්වැන්න ලබා ගන්න. ඒත් ඒ අවුරුද්දේ නස්රුදින් වවා තිබුණේ අල වර්ගයක්. ඒ නිසා පොළොවෙන් ඉහළ වූ කොළ විතරයි, ඔහුට ලැබුණේ. නස්රුදින්ට ඔක්කොම අල ඉතුරු වුණා.

    ඊළඟ අවුරුද්දේ වංශාධිපතියා රාජ නියෝගය වෙනස් කරවා ගෙන ආවා. අස්වැන්න ගෙනි යන්න. ඒ වතාවෙ ඔහු රජ සබේ ලේකම්ගෙන් බලපත‍්‍රය ලියවා ගෙන තිබුණේ ‘පොළොවෙන් යට ඇති සියලූම දේ’ ඔහුට අයිති වන විදියටයි.

    ඒත් ඒ වතාව නස්රුදින් වවල තිබුණේ තිරිඟුයි.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    ”අපි කොහෙන්ද එන්නේ ? කොහාටද යන්නේ ?” තැනින් තැන යන එක් ආගමික දේශකයෙක් රැස්ව සිටි පිරිසකගෙන් ඇහුවා.

    ”ඒක නම් මං දන්නේ නෑ. ඒත් ඒක කොහේ වුනත් මහා භයානක කටුක තැනක් වෙන්න ඕනෑ.” ඒ පිරිස අතර උන් නස්රුදින් කිව්වා.

    ඒ පිරිසේ ම තවත් කෙනෙක් නස්රුදින්ගෙන් ඇහුවා, ”එහෙම කියන්නේ ඇයි?” කියලා.

    ”මං දැකල තියෙන විදියට අපි ළදරුවන් හැටියට මේ ලෝකෙට එන්නෙ එහේ ඉඳලා අඬා ගෙන. යන කොට යන්නෙත් අඬා ගෙන.”
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්.

    දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.එකපාරට ම තද වැස්සක් ආවා. අහල පහළ වැස්සකට නවතින්න තැනක් තිබුණෙ නැහැ. දඩයමේ ගිය මිතුරා ඇතුළු පිරිස හැමෝට ම වැස්සෙන් බේරෙන්න ගෙදරට ම දුවගෙන එන්න සිදු වුණා.හැමදෙනා ම වැස්සට අහුවෙලා හොඳට ම තෙමුණා. ඇඳුම් සේරම තෙත බරි වෙලා තමයි, ඔවුන් හැම දෙනා ම ගෙදරට ආවෙ.

    ඒත් නස්රුදින් විතරක් තෙමුණෙ නෑ. නස්රුදින් කළේ, වැස්ස පටන් ගන්න කොට ම එයාගෙ ඇඳුම් ගලවලා හොඳට නවලා අස්සයාගෙ පිට උඩ කියලා ඒවා මත වාඩිවෙලා හෙමින් හෙමින් ආපසු ගෙදර එන්න පිටත් වුණු එකයි.අතරමගදි ම වැස්ස පෑව්වා. නස්රුදින් අසු පිටින් බැහැල ඇඳුම් ටික ආයිත් ඇඳගෙන වැස්සක් ඇති නොවුණු ගානටයි ගෙදර ආවෙ. කාටවත් හිතා ගන්න බැරි වුණා, නස්රුදින් අනෙක් හැමෝටමත් වඩා වැඩි වෙලාවක් වැස්සෙ ම ගෙදර එන්න ගත කරලත් ඔච්චර ලොකු වැස්සකට නොතෙමී ආවෙ කොහොමද කියලා.

    ”හරි පුදුමයි! නස්රුදින් ඔහෙගෙ ඇඳුම් විතරක් තෙමිලා නෑ, ඔය තරම් ලොකු වැස්සක් වැහැලත්. කොහොමද ඒවා විතරක් තෙමුණෙ නැත්තෙ? අපේ ඇඳුම් කොච්චර තෙමිලා ද? ඇරත් ඔහෙ අපට වඩා කොච්චර පහුවෙලා ද ගෙදර ආවේ? මොකක් ද රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.”රහස ඔයා දුන්න අස්සයා. ඔයා තමයි මට ඇඳුම් නො තෙමී එන්න උදවු කළේ” නස්රුදින් පිළිතුරු දුන්නා.පහුවදා දඩයමේ යන කොට මිතුරා කල්පනා කළා නස්රුදින්ගේ අස්සයා තමන් අරගෙන වේගයෙන් යන තමන්ගේ අස්සයා නස්රුදින්ට දෙන්න.

    ඒ වතාවෙ නස්රුදින් වේගයෙන් යන අස්සයා අරන් මිතුරා පසු කරගෙන හුඟක් ඈතට ගියා.අතරමගදී කලින් දා වගේම වැස්සක් කඩා වැටුණා. ඒ වතාවෙදිත් නස්රුදින් කළේ ඉක්මනට ඇඳුගෙන සිටි ඇඳුම් ටික ගලවලා හොඳට නවලා අසුපිට තියලා ඒ මත වාඩිවෙලා අසු පදවා ගෙන ගිය එකයි.අතරමගදී වැස්ස පායපුවා ම මොකුත් නොවුණු ගානට ඒ ඇඳුම් ආපහු ඇඳගෙන නස්රුදින් ගෙදර ආවා. මිතුරා ගෙදර ආවේ හොඳටම තෙත බරිවෙච්ච ඇඳුම් පිටින්. නස්රුදින්ගෙ ඇඳුම් පොඞ්ඩක් තෙමිලා තිබුණෙ නෑ.

    මිතුරාට ඒ වතාවෙත් හරිම පුදුමයි!”මොකක්ද නස්රුදින් මේකෙ රහස?” මිතුරා නස්රුදින්ගෙන් ඇහුවා.”රහස ඔයා දුන්නු අස්සයා. එයා තමයි මට නොතෙමී ඉන්න උදවු කළේ. නොතෙමී ඉන්න අස්සයගෙ වේගෙ ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මෙහිදි අපි හිතන වේගයයි වැදගත් වෙන්නෙ!”
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දිනක් නස්රුදින් තමන් තරම් දුන්නෙන් විදින්නට දක්ෂයෙකු නැතැයි පුරසාරම් දෙඩූ, ඒ පළාත භාර අධිපතියාද සමග දඩයමේ ගියේය. ඒ යන අතරමගදි හබන් කුකුළෙකු හමු විය. අධිපතියා දුන්න මානා කාලය ගෙන ඌට විද්ද නමුත් ඉලක්කය වැරදුණි. සතා පැන ගියේ ය.

    " හරි ෂෝක්! " නස්රුදීන් කෑගැසී ය. " "

    අධිපතියා කේන්තියෙන් යුතුව නස්රුදීන් දෙස ඔරවා බැලීය. " ඈ නස්රුදීන් උඹ මට නේද ඒ විදිහට නින්දා කළේ? "

    "මම? මම කොහෙද ඔබතුමාට අපහාස කළේ? "

    " එහෙනම් අර හරි ෂෝක් කිව්වෙ? ඒ මටනේ? "

    " මං මොකටද ඔබතුමාට අපහාස කරන්නෙ? මං ඒ හරි ෂෝක් කිව්වෙ ඌ දුවපු විදිහටයි. දැක්කා නේද ඊතලේ ඈතින් ගියාට පස්සෙ ඌ දුවපු දිවිල්ලක තරම!!
     
    • Like
    Reactions: marachoon

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදීන්ගේ මස්සිනා දුර පළාතකට ගියේය. ඒ යාමට පෙර ඔහු ඉතා ආදරය කළ බළලා නස්රුදීන් භාරයේ තබා ගියේය. ටික දිනකින් ඔහුට නස්රුදීන්ගෙන් ලිපියක් ලැබුණි. එහි මෙසේ සඳහන් විය. " මස්සිනා උඹේ පූසා මැරුණා. "

    ඉන් කෝපයටත් ශෝකයටත් පත් මස්සිනා නස්රුදීන්ට පිළිතුරක් යැවීය. , " නරක පණිවිඩ දෙන්න ඕනෑ ඔහොම නොවෙයි. පූසා මැරුණා නම් මුලින්ම කරන්න තිබුණෙ එක පාරටම ඒක කියන එක නොවෙයි. ඉස්සර වෙලා ලියලා එවපන් " පූසාගේ හැසිරීම ටිකක් අමුතුයි" කියලා . තව දවස් කීපයකට පස්සෙ ලියුමක් එවපන් " පූසාට ටිකක් අසාධ්‍යයි " කියලා. එතකොට මගෙ හිත ටික ටික හැඩ ගැහෙනවා. ඊටත් දවස් කීපයකට පස්සෙ ලියපන් " උඹේ පූසා මැරුණා " කියලා. නරක පණිවුඩ දෙන්න ඔීනෑ එහෙම මිසක කැත්තෙන් පොල්ලෙන් ගහනවා වගේ නොවෙයි."

    නස්රුදීන් ඒ අවවාදය පිළි ගත්තේය. තවත් සති කිහිපයක් නිහඬව ගෙවී ගියේය. එක් දිනක වෙනත් ලිපියක් නස්රුදීන්ගේ මස්සිනාට ලැබුණි. එහි වූයේ එකම එක වගන්තියකි.

    "මස්සිනා, ඔන්න උඹේ අම්මාගේ හැසිරීම නම් ටිකක් අමුතුයි.!"
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    නස්රුදීන්ට නරක කාලයක් ලැබුවේය. එවැනි අවස්ථාවලදි සුපුරුදු ලෙස සිදුවන අන්දමටම බොහෝ මිතුරන් ඔහු අත හැර ගියේය. මේ අතර බොහෝ වැර වෑයමෙන් තමා ගොඩ නැගූ , මෙතෙක් ජීවත් වූ නිවස විකිණීමට නස්රුදීන්ට සිදුවිය. ගැනුම්කරුවෙකු ඔහු ඉදිරියට පැමීණ නිවස මිලට ගැනීමට ඉදිරිපත් විය. නස්රුදීන් අමාරුවේ වැටී සිටින බව දුටු ඔහු නිවස සඳහා දෙන්නට එකඟ වූයේ ඉතා අඩු මුදලකි. කේවල් කිරීමෙන් පලක් නොවීය. නස්රුදීන්ගේ සිත හොඳටම රිදුණි. මේ මිනිසා තමා අමාරුවේ වැටී සිටීමෙන් අයුතු ලාබයකට මාන බලන බව ඔහුට වැටහුණි. එහෙත් කළ හැකි වෙනත් දෙයක් නොවුයෙන් ඔහු ඒ ගණනට නිවස විකිණිමට කැමති විය.

    "හැබැයි එක චූටි කොන්දේසියක් තියෙනවා. " නස්රුදීන් කීය.

    " ඒ මොකක්ද? "

    " අන්න අර කොක්ක " සාලය මැද බාල්කයකින් එල්ලෙමින් තිබු තරමක් ලොකු යකඩ කොක්කක් පෙන්වමින් නස්රුදීන් කිය. " ඕක අපේ මැරිච්ච තාත්තා හයි කළේ. තාත්තාව මතක් වෙන්න ඔච්චරමයි තියෙන්නෙ. ඒ කොක්ක මට අයිතියි . මට ඒක බලන්න එන්න ඉඩ තියෙන්න ඕනෑ."

    "නිතර නිතර එනවද?

    " නෑ. නෑ. ඉඳලා හිටලා "

    " හා . ඒකට කමක් නෑ. " නොමිලේම වාගේ ගෙයක් ලැබීමේ ප්‍රීතියෙන් ඔද වැඩී ගොස් සිටි අලුත් අයිතිකරුවා එකඟත්වය පළ කළේය.

    මාස කිහිපයක් ගෙවී ගියේය. හිටිහැටියේ දිනක් නස්රුදීන් පැමිණියේය. " මට කොක්ක බලන්න පුළුවන්ද? " ඔහු ඇසීය.

    "පුළුවන්. අර තියෙන්නෙ "

    "මේක මේ තාත්තා හරි ආදරෙන් පාවිච්චි කරපු තොප්පිය " පරණ හිස් වැස්මක් කොක්කේ එල්ලමින් නස්රුදින් කීය.

    තවත් මාස ගණනක් ගත විය. නස්රුදින් යළි ආවේය. එවර ඔහු ආවේ කබායක් රැගෙනය.

    "තාත්තාගෙ කෝට් එක. මං ඒක කොක්කෙ එල්ලනවා. " නිවසේ අලුත් හිමිකරුවාගේ මුහුණ නරක් වුවද ඔහුට කළ හැකි දෙයක් නැත. ගිවිසුම අනුව කොක්ක අයිති නස්රුදීන්ටය.

    ඊළඟ වාරයේ නස්රුදීන් එන විට ගෙන ආ දෙය දුටු ගෙහිමියාගේ ඉවසිල්ල නැත්තටම නැති විය.

    "මේ මොකක්ද ඕයි මේ? "

    "අපේ තාත්තා බොහොම ආදරෙන් හදා ගත්තු බල්ලා ඊයෙ මැරුණානේ . මේ එ් සතාගෙ මළකුණ "

    "ඉතින් මෙහෙ ගෙනාවෙ? "

    "තාත්තාගෙ බල්ලානේ. තාත්තාගෙ කොක්කෙ එල්ලන්න. "

    නිවැසියා දත් මිටි කෑවේය. එහෙත් අන්තිමේදි නස්රුදීන් බලු සිරුර කොක්කේ එල්ලා යන්නට ගියේය.

    බල්ලාගේ සිරුර කුණු වී ගඳ ගසන්නට විය. "කමක් නෑ ටික දවසකින් ගඳ නැති වෙන්නෙ නැතෑ. ඕකා ආයෙත් එන එකක් නෑ " අයිතිකරු සිතුවේය. ඔහුගේ සිතුවිල්ල නිවැරැදි විය. එහෙත් එ තවත් මාස කිහිපයක් ගත වන තෙක් පමණි, දිනක් ඔහුගේ ගෙදර දොරට තට්ටු කරනු ඇසිනි. දොර හැර බලන විට එහි සිටියේ නස්රුදීන්ය. ඔහු රැගෙන විත් තිබු කරත්තයේ තට්ටුව මත යමක් විය.

    "මේ මොකක්ද මේ?"

    "අපේ තාත්තා පුන්නක්කු දීලා හදා වඩා ගත්ත එළදෙන මැරුණානෙ. මං ඉතින් මේ එළදෙන තාත්තගේ කොක්කෙ එල්ලන්..."

    නස්රුදීන්ට කතාව අවසන් කිරීමට ඉඩක් නොලැබුණි, අලුත් අයිතිකරුවා කතාවට කඩා පැන්නේය. "පිං අයිති වෙයි නස්රුදීන් .තමුසෙ අර කොක්කයි , ගේයි දෙකම තියා ගන්නවා. මට දැන් මේ ගේ එපා වෙලා ඕයි."

    " ඒකත් එහෙමද? එහෙනම් ඉතින් මොනවා කරන්නද?" නස්රුදීන් යළිත් නිවසේ අයිතිකරු බවට පත් විය.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දිනක් දැකුම්කලු තලප්පාවක් හිසේ බැඳගත් ඇසෙන්ඩි නස්රුදින් නිවසින් පිටව ඇවිදින්නට ගියේය. හදිසියේ ම ඔහු හමුවට පැමිණි මිනිහෙක් නස්රුදින් දෙස බලා මෙසේ කීය.

    “මහත්මයා කරුණාකරලා මේ ලියුම මට කියවලා දෙන්න”

    “මම අකුරු දන්නෙ නැහැ නෙව. මං උගතෙක් නෙවෙයි” නස්රුදින් අහිංසක සිනාවක් පාමින් කීවේය.

    “ඔච්චර අගේ කරන්න එපා... ඔබ හිසේ බැඳ සිටින තලප්පාවේ හැටියට ඔබ බොහොම උගත් කෙනෙක්” මිනිසා නැවත කීවේය.

    එය ඇසූ නස්රුදින් තම හිස පැලඳි තලප්පාව ගලවා එය මිනිසාගේ හිස මත තැබීය.

    “උගත්කම තියෙන්නේ මේ තලප්පාවේ නම් මම ඒක ඔබට දෙනවා. එතකොට ඔබේ ලිපිය ඔබටම කියවා ගන්න බැරියැ...”
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    පුරපති- ඒයි නස්රුදින් තමුසෙ හරි ප්‍රසිද්ධයිලු නේද බොරු කියන්න? හා එහෙනම් මටත් බොරුවක් කියනවා බලන්න. හිත හිතා ඉන්නැතුව උණු උණු බොරුවක් කිවුවොත් මං තමුසෙට ඩොලර් පණහක් දෙනවා.

    නස්රුදින්- ඈ? ඩොලර් පණහක්? ඇයි දැං චුට්ටකට කලින් පොරොන්දු වුණේ ඩොලර් සීයක් නේද?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    දවසක් නස්රුදින් ගමනක් යද්දි, ඇවිදලා ඇවිදලා මහන්සිය නිසා ගලක් උඩට වෙලා ඉන්න ගමන් නිකමට "බැල්ලිගෙ පුතෝ" කියලා කෑ ගැහුවා.

    කරුමෙට, ඒ වෙලාවෙම, එතන පහු කරගෙන ගිය මිනිහෙක් හිතුවා නස්රුදින් ඒ කෑ ගැහුවෙ තමුන්ටයි කියලා. ඉතින් ඒ මිනිහා හොඳටම කේන්ති ගිහින් නස්රුදින්ව උසාවියට අරන් ගියා.

    නඩුව අහපු නඩුකාරයා අර මිනිහට කරපු අපහාසයට වන්දි වශයෙන් ඩොලර් පහක් ගෙවන්න කියලා නස්රුදින්ට නියෝග කළා. නස්රුදින් ඩොලර් දහයක් නඩුකාරයට දුන්නා. නඩුකාරයා ඉතුරු සල්ලි දෙන්න සල්ලි මාරු කරන්න එහාට මෙහාට දඟලද්දි නස්රුදින් නඩුකාරයගෙන් මෙහෙම ඇහුවා.

    "කාට හරි සාප කළොත් දඩ ගහන්නෙ ඩොලර් පහයි නේද?"

    "ඔව්."

    "එහෙනම්, ඉතුරු දෙන්න ඕනෙ නෑ, ඒ ඩොලර් පහ උඹ ම තියා ගනිං බැල්ලිගෙ පුතෝ."