න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.​

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    FB_IMG_1565503675956.jpeg

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.​

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessel)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ.

    FB_IMG_1565503669190.jpeg

    මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක.

    ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.ම්උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.(න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.​

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    FB_IMG_1565503614942.jpeg

    • බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.
    • බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.
    • බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.​

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.​

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.​

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

    SOURCE - https://androidwedakarayo.com/myths-about-nuclear-power-plants/
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    ඔය ඔක්කොම හරි වෙන්ඩ පුලුවන්, ඒත් උඹට එස් බී දිසාණායක ශුවර් ද...?
    oke wada karana ewun union hadan ona kamin plant ekata kelewwe naththan kisi awlak wenne na..
     
    • Like
    Reactions: SpaceX and batwise

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා
    WTF England😂😂
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඔය ඔක්කොම හරි වෙන්ඩ පුලුවන්, ඒත් උඹට එස් බී දිසාණායක ශුවර් ද...?

    කොමිස් නොගහා හරි ප්‍රමිතියකට හැදුවොත් හරි නැත්නම් ඉතින් වැස්සට පාවෙන පාරෙ කාපට් වගේ වෙයි.🥴

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.​

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කොච්චර නීති තිබුනත් ලංකාවෙ ඒවට වංගු තියෙනවා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    කොච්චර නීති තිබුනත් ලංකාවෙ ඒවට වංගු තියෙනවා.
    ආවට ගියාට හදන්න බෑ බං. අනික ඕවට හෙන cost එකක් යනව. තෙල් නැති ලංකාවට මොන nuclear plants ද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ලංකාවෙ හදන නිසා තමයි ප්‍රශ්නේ. අනිවා චීනා බහින් නැද්ද බලපන්.
     
    • Like
    Reactions: NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඒකනේ කීවෙම්. අවුම්ලක් නෑම් කියලම්....!! සෝලා ට්‍රෙන්ඩ් එක ඉවරයි පෙන්ස්. දැම් ට්‍රෙන්ඩ් එක නුයුක්ලියර්! ඔයාල බයවෙම්න එම්පා , මන්නාරමට ගිහින් ලිදකට බාල්දියක් ගැහුවනම් බොර තෙල්. :baffled: :baffled: බලසත්ති අර්බුදයක්නෑ අපිටම්.

    ඔය ලමයි දැම් ගෙදර යම්න! නස්ටික බම්ලාගරයක් හැදුවත් සුපුරුදු පරිදි අපි තමයි හොදටම කරම්නෙ!:cool::cool::cool:

    gotabaya-pissek.gif

    තිමිර අයිය ආයෙ සීන් එකේ වගේ ඉන්නෙ!;);)

    *ආතල් එකට කීවෙ යාලුවෝ අවුල් ගහන්න එපා. දේසපාලන සීන් එකක් නෑ මට. කෝමත් අනාගතේ අපිට නියුක්ලියර් වලට මාරු වෙන්න වෙයි ගොඩක් දුරට. වෙන ලාබ විසදුමක් නැති වෙයි. කොයි රටේ කොයි තරම් කොල්ටියට හැදුවත් ඔතන පොඩි රිස්ක් එකක් තියේ. කෙලවීමක් වෙන්න,අපි ඉතින් හිත නිවන කතා කියලා හිත රවට්ටගන්න ඕන නෑ. ඇත්තට මූන දෙන්න ඕන.

    කෝමත් අනාත කුකුල් පීපල්ස්ලාට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කාලෙකට කලින් ඔලුවට මෙහෙම දාල බය නැති කරන එක කරන්න වෙනවා. නැත්නම් බලාගාරෙට මුල් ගල තියන දවසෙම රෙදි කරට අරන් ඇවිල්ලා ඔතන බුදියගන්නවනෙ!

    බ්‍රේන් වොශ් පාර දීලා පටන් ගත්තම ලෙඩ අඩුයි. ඒත් ඉතින් කොයි පක්ශෙන් ඕක පටන් ගත්තත් ඒ කාලෙට විපක්ශ වල ඉන්න උන් ටික ගේම අදිනවා ඕකට.
     
    Last edited: