න්‍යෂ්ටික_සබ්මැරීනය
න්‍යෂ්ටික සබ්මරිනයකට යමු.
මම මෙම අවස්ථාවේදී සබ්මැරිනයක ඉතිහාසය සහ තාක්ෂණික ක්රියාකාරිත්වයන් ගැබුරින් පැහැදිලි කරන්න යන්නේ නැහැ. එහෙම ගියොත් පිටු 20- 30 ලිපියක් වෙන නිසා. පස්සේ එහෙම ලිපියක් දාන්න බලාපොරොත්තු වෙනවා.
මොකක්ද ඇත්තටම මේ න්‍යෂ්ටික සබ්මැරීනය කියන්නේ. මුල් කාලේ දෙවන ලෝක යුධ සමයේ සබ්මැරින් වලට ඉන්ධන වශයෙන් යොදා ගැනුනේ ඩිසල්. ඉස්සර මේ ඩිසල් ඉන්ධන වශයෙන් යොදා ගත් සබ්මැරීන වලට මහා මුහුද මැදදී විශාල අකරතැබ්බයන්ට මුහුණ දෙන්න උන. මොකද මහා මුහුද මැදදී ඉන්ධන අවසන්වීම නිසා බොහෝ වෙලාවට සතුරු ප්‍රහාරවලට ගොදුරුවෙන්න සිද්ද උනා. පස්සේ ඉංජිනේරුවන් විසින් මෙම ගැටලුවට පිලියමක් ලෙස සබ්මැරීන වල ඉන්ධන රැගෙන යා හැකි ධාරිතාවය වැඩි කළා . එමගින් සබ්මැරීනය ධාවනය කල හැකි දුර ප්‍රමාණය වැඩි උනත් ප්රශ්නය විසඳුනේ නැහැ. සාමාන්‍යයෙන් ටොන් කිහිපයක් ඉන්දන ගබඩා කරන්න හැකියාව ලැබුනත් පෙර පරිදිම ඉන්ධන ලබා ගැනීමට මුහුද මතුපිටට පැමිණෙන්න සිද්ද උනා. ගොඩක් වෙලාවට මුහුද මැදදී මෙවැනි අකරතැබ්බ වලට මුහුණ දෙන්න උනාම තව මිත්‍ර සබ්මැරීනයක් මගින් අවශ්‍ය ඉන්දන සැපයුම සිදු කල යුතු වෙනවා. නමුත් මෙය විශාල අවධානම් තත්වයක්. මොකද අහසේ ඔත්තු බලන ගුවන් යානා සහ යුධ නැව් වල උකුසු ඇස් යොමුවෙන්න තියන අවස්ථා බහුලයි. ඒවගේ වෙලාවක සබ්මැරීන දෙකම අනතුරකට පත්වෙන්න තියන සම්බවිතාව වැඩියි.
මේ තියෙන්නේ දෙවන ලෝක යුධ සමයේ භාවිතා කල USS Sablefish (SS-303) වර්ගයේ ඩිසල් සබ්මැරීනයක්.
මොකක්ද මේ න්‍යෂ්ටික සබ්මැරීන කියන්නේ ?
දෙවන ලෝක යුද්ධය අවසන් උනාට පස්සේ ඇමරිකාව කල්පනා කළා කොහොමද වැඩි දුර ධාවනය කල හැකි සබ්මැරීනයක් නිෂ්පාදනය කරන්නේ කියලා. මේ වෙනකොටත් න්‍යෂ්ටික තාක්ෂනය ඇමරිකාව සතුව පැවතුනා. වර්ෂ 1951 දී ඇමරිකානු නාවික හමුදාවට මේ සඳහා න්‍යෂ්ටික තාක්ෂනය යොදා ගැනීමට ඇමරිකාවේ කොන්ග්රස් මණ්ඩලය විසින් අවසර ලබා දෙනවා. පස්සේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව පළමු වතාවට ඔවුන්ගේම න්‍යෂ්ටික සබ්මැරීනය නිපදවනවා. ඒ වර්ෂ 1954 දී. එය USS Nautilus ලෙස නම් කරනවා.
මේ තියෙන්නේ මචන් ඇමරිකාව විසින් නිපදවපු ලොව පළමු නියෂ්ටික සබ්මැරීනය.
USS Nautilus
මෙම න්‍යෂ්ටික සබ්මැරීනය නිපදවීමත් සමග ඉන්දන ගැටලුව විසදෙනවා. යුරේනියම් 235 සමස්ථානිකය 4Kg දහනය කිරීමෙන් සැතපුම් ලක්ෂකට වඩා ධාවනය කිරීමේ හැකියාව ලැබෙනවා. කොහොමද වැඩේ නෙහ්
අපි දැන් බලමු කොහොමද මේ න්‍යෂ්ටික සබ්මැරීන ක්‍රියා කරන්නේ කියල. මේකත් න්‍යෂ්ටික විදුලි බලාගරයක ක්‍රියාත්මක වන ආකාරයටමයි වැඩ කරන්නේ. මේ සඳහා යොදා ගැනෙන්නේ යුරේනියම් 235 සමස්ථානිකය . ප්‍රතික්‍රියා කරලා තමයි ශක්තිය උපදවා ගන්නේ. පහත රුප සටහන බලන්න.
මේකෙන් පස්සේ ඇමරිකාව විසින් කාලයෙන් කාලයට නව දියුණු සබ්මැරින් නිෂ්පාදනය කරනවා. මේ සමගම සෝවියට් දේශයත් ඔවුන්ගේ න්‍යෂ්ටික සබ්මැරීන නිපදවන්න පටන් ගන්නවා. මොකද ඒ සිතල යුධ සමයයි.
පස්සේ විවිධ රටවල් න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනය කරනවා. මේ වෙන කොට න්‍යෂ්ටික සබ්මැරීන පහත සඳහන් රටවල සතු වෙනවා.
1: ඇමරිකා එක්සත් ජනපදය
2: එකල සෝවියට් දේශය ( වර්තමානය රුසියාව )
3: මහා බ්‍රිතාන්‍ය ( එංගලන්තය )
4: ඉන්දියාව
5: මහජන චීනය
6: ප්‍රංශය
7:බ්‍රසීලය
වර්තමානයේ තියන න්‍යෂ්ටික සබ්මරිනයන් අති දියුණ තාක්ෂණයකින් ක්‍රියා කරනවා. චන්ද්‍රිකා සමග දත්ත හුවමාරු කරගැනීම , දිය යට සිට බැලස්ටික් මිසයිල ප්‍රහාර සතුරු රටවලට එල්ල කිරීම වගේ ගොඩාක් දේවල් තියනවා. අද තියන සබ්මැරීන යුරේනියම් ස්වල්පයක් දහනය කොට සැතපුම් ලක්ෂ ගණනක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
කොහෙන්ද ඔක්සිජන්. කොහොමද හුස්ම ගන්නේ. ?
හුස්ම ගන්නේ නම් නහයෙන් නේ. හැබැයි හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නේ අර මාලුව උඩට ඇවිත් සමහර වෙලාවට හුස්ම ගන්නවා වගේනම් නොවෙයි. කෙලින්ම මුහුදු ජලය විද්‍යුත් විච්චේදනයට ලක් කිරීමෙන්. මෙම ජල බන්ධන විද්‍යුත් විච්චේදනයට ලකිරීමෙන් ඔක්සිජන් සහ හයිට්රජන් වෙන වෙනම ලබා ගන්නවා. මෙමගින් පැයකට ඔක්සිජන් ටොන් ගණනක් නිෂ්පාදනය කරගන්න පුළුවන්.
අපි දැන් යමු න්‍යෂ්ටික සබ්මැරීනයක් ඇතුලට.
මේ තියෙන්නේ එංගලන්තේ රාජකීය නාවික හමුදාවට අයත් ඇති නවීන න්‍යෂ්ටික සබ්මැරීනයක්. මේ සබ්මැරීනයට නැවත ඉන්දන ලබා ගැනීමකින් තොරව වසර 15 කට වඩා දිය යට රැදී සිටීමේ හැකියාවක් තියනවා. පට්ට නෙහ්. මෙය මෑතක නිෂ්පාදනය කරනලද අතර මේ සඳහා ඔවුනට බ්‍රිතාන්‍ය පවුම් බිලියන එකකට වඩාවියදම් වෙලා තියනවා.
මේ තියෙන්නේ ෆැක්ටරියේ නිෂ්පාදනය කරමින්
මේ තියෙන්නේ මිසයිල ගබඩා කරලා තියන කොටසක්.
මේ ලිපිය හදන්න මම විකි පීඩියා උපයෝගී කරගත්ත. පින්තුර සහ සමහර තොරතුරු ලන්ඩන් ඩේලි මේල් පත්තරය ආශ්රයෙන් ගත්තා.
ඔක්කොම ඉංග්‍රීසි ලිපි සිංහලයට පරිවර්තනය කලේ මම විසිනි. ඕනෑම කෙනෙකුට අනවසරයෙන් උපුටා ගැනීමේ පරම අයිතිය හිමිවේ.

Last edited: