න්‍යෂ්ඨික සබ්මැරීනයක් තුල ජීවිත
නෞකාවක සේවය කරනවාට වඩා සබ්මැරීනයක් තුල ජීවත් වීම බොහෝ කටුක අත්දැකීමක් බව අමුතුවෙන් කිවයුතු නැත.නමුත් නාවිකයෙක් වශයෙන් සිය රට වෙනුවෙන් එවැනි දුෂ්කර කර්ත්ව්‍යයන් පවා භාරගැනීමට සිදුවේ.සබ්මැරීනයක් ජීවිතය තවමත්, නගරයක තදබදය සහිත කාමරයක් තුල ජීවත් වීමට සමානය.නමුත් ලොව පුරා නාවික හමුදා වඩාත් ආරක්ෂා සහිත සහ සුවපහසු සබ්මැරීන සිය නාවිකයන් සඳහා නිපදවා තිබේ.සමහර ඒවා සැලසුම් කර තිබෙන්නේ නාවිකයන්ගේ ශාරිරික යෝග්‍යතාවය පවත්වාගෙන යෑමට සහ වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කිරීමට වැනි විනෝදාස්වාදය ලබාදෙන ක්‍රියාකාරකම් සිදුකල හැකි පරිද්දෙනි.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ නූතන සබ්මැරීනයක් තුල නාවිකයන් සිය ජීවිතය ගෙවා දමන ආකාරයයි.
2016 ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය නාවික හමුදාව සතු එච් එම් එස් විජිලන්ට් නම් න්‍යෂ්ඨික අවි ශීර්ෂ ගෙන යන න්‍යෂ්ඨික සබ්මැරීනය මාධ්‍ය සඳහා විවෘත කරන ලදි.සබ්මැරීනයක් තුල නාවිකයන් දිවිගෙවන අයුරු ලෝකයා ඉදිරියේ පෙන්වා දෙන්නට එය කදිම අවස්ථාවක් විය.විජිලන්ට් සබ්මැරීනය ස්කොට්ලන්තයේ ක්ලයිඩ් නම් නාවුක කඳවුරේ නවතා තිබිණි.එහි ගෙන යන ට්‍රයිඩන්ට් න්‍යෂ්ඨික මිසයිල දියත් කිරීම සිදුකරන්නේ පහත දැක්වෙන රතු පැහැ කොකා ගැස්සීම ඔස්සේය.
ලුතිනන් කොමාන්ඩර් වූඩ් නම් අවි ඉංජිනේරුවා අතේ තබාගෙන සිටින මෙම උපාංගය,සබ්මැරීනය සතු න්‍යෂ්ඨික මිසයිල දියත් කිරීමේ අවසන් අදියරය ක්‍රියාවට නැංවීමට භාවිතා කරයි.බ්‍රිතාන්‍යය සතු වෑන්ගාඩ් පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීනවලට න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත ට්‍රයිඩන්ට් මිසයිල 8ක් රැගෙන යා හැකිය.
සේප්පුව:බ්‍රිතාන්‍යය අගමැතිවරයාගේ අවසන් උපදේශයන් සහිත ලියවිලි ආරක්ෂිතව ගබඩා කර තබන සේප්පුව අසල සිටින අණදෙන නිලධාරී ඩැනියෙල් මාර්ටින්.
38 හැවිරිදි දරුවන් තිදෙනෙක්ගේ පියෙක් වන ඩැනියෙල් මාර්ටින් විජිලන්ට් සබ්මැරීනයේ අණදෙන නිලධාරියා වීමට වසර 16ක් පුහුණු ලබා ඇත.මිසයිල දියත් කිරීමට අණ ලැබෙන විට ලුතිනන් කොමාන්ඩර් වූඩ් ,ඔහු සිටින ස්ථානය,ලෝකයේ සිදුවෙන්නේ කුමක්ද හෝ ඉලක්කය කුමක්ද කියා දන්නේ නැත.ඔහුට කරන්නට තිබෙන්නේ අණ ලැබුණු සැනින් දෙගිඩියාවකින් තොරව කොකා ගැස්සීම පමණි.
විජිලන්ට් සබ්මැරීනයේ සිදුකල සංචාරය අතරතුර ආරක්ෂක ලේකම් මයිකල් ෆෝලන් එහි ප්‍රධාන නිලධාරීන් දෙපළක් මැදිකරගෙන ගමන් කරන අයුරු.
ලුතිනන් ඇලෙක්සැන්ඩ්රා ඔල්සන්,බ්‍රිතාන්‍යයේ සබ්මැරීනයක සේවයට බඳවා ගත් පළමු කාන්තා නාවිකයා වන්නේ මැයයි.
ලුතිනන් ඔල්සන්ට අනුව ඇය සබ්මැරීනයක සේවය කිරීමට ඇලුම් කලේ ළමා කාලයේදී එච් එම් එස් ඔනෙක්ස් සබ්මැරීනය නරඹන්නට ගිය අවස්ථාවේදී බව පවසා තිබේ.
පාපන්දු වීඩියෝ ක්‍රීඩාවක නිරත වන නාවිකයන් දෙදෙනෙක්.
මිසයිල සහිත කොටසේ කටයුතු භාරව සිටින ලුතිනන් බෙන්සන්.
තාක්ෂණවේදියෙක් වන ජෝන්ස් හදිසි තත්ත්වයකදි පළඳින ශ්වසන ආධාරක උපාංග සහිතව පාලන මැදිරිය තුල .
සන්නද්ධ නාවිකයෙක් විජිලන්ට සබ්මැරීනය මත ඇවිදයමින්.
ඉහළ නිලධාරීන්ට වෙන්වූ මැදිරියක්
මිසයිල පාලන මැදිරියේ සිටින ලුතිනන් රොස්.
සබ්මැරීනයේ මුලුතැන්ගෙය
අවි ගබඩාව
සබ්මැරීනය මත තාවකාලිකව සැකසූ අට්ටාලයක් මත සිටින නාවිකයෙක්
සබ්මැරීනයේ සේවය කරන යාන්ත්‍රික අලුත්වැඩියා කටයුතු කරන නාවිකයෙක්
ඉංජිනේරු තාක්ෂණවේදී ජෝන්ස්, පාලන මැදිරියේ
ලුතිනන් කොමාන්ඩර් වූඩ් කොකා ගැස්සූ පසු සබ්මැරීනයෙන් නිකුත්වන මිසයිල අතරමගදී ස්වයංවිනාශ වීමක් සඳහා ක්‍රමයක් නොමැත.ඔබ එය දියත් කරල පසු ඉලක්කය සොයා ගොස් විනාශ කරන තෙක් බලා සිටීම හැර වෙනත් කල හැකි යමක් නැත.
ආරක්ෂක ලේකම්වරයාට සහ අනෙකුත් නරඹන්නට පහසුවෙන් සබ්මැරීනයට පැමිණීමට හැකිවන සේ නිර්මාණය කල තරප්පු පෙල සහ අට්ටාල.
රියර් අද්මිරාල් ජෝන් වේල් විජිලන්ට් සබ්මැරීනයේ සහායක ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
නාවිකයින්ගේ නිදන කාමරයක තදබදව නිර්මාණය කර තිබෙන ඇඳන්.
ට්‍රයිඩන්ට් මිසයිල වල තිබෙන විනාශකාරී බව නිසා ඒවා දේශපාලනික අවි පද්ධතියක් ලෙස හැඳින්විය හැකි යැයි ලුතිනන් කොමාන්ඩර් වූඩ් පවසයි.බ්‍රිතාන්‍යයන් 1969 සිට මෙවැනි න්‍යෂ්ඨික අවි සහිත සබ්මැරීන ලොව වටා යාත්‍රා කරවයි.නමුත් පසුගිය වසර 47 කාලය තුල අප මිසයිල දියත් කිරීමට කොකා ගස්සා නොමැත යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කාලයක් විජිලන්ට් සබ්මැරීනයේ අණදෙන්නා ලෙස කටයුතු කල පෝල් ඩන් එහි පාලන මැදිරියේ.
න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත මෙම මිසයිල ඒවා දියත් කරන ටියුබ්වල සිරස් අතට අහුරා තිබෙන අතර ඒවා සබ්මැරීනයේ තට්ටු හතරම පසුකරන ගෙන ගමන් කරයි(එක් මිසයිලයක් මීටර් 13ක් උසය ).මෙම න්‍යෂ්ඨික මිසයිලයක් හිරෝෂිමාවට හෙළු පරමාණු බෝම්බය මෙන් 8 ගුණයක් බලවත් බව කියවේ.එහි පරාසය කි.මී. 7400කි.
සබ්මැරීනයේ නාවිකයින්ට නිදාගන්නට සිදුවන්නේ මෙවැනි කුඩා ඉඩකය.මෙම ඉඩහි නවදෙනෙකුට ඇඳන් පිළියෙල කර තිබේ.
මෙහි දැක්වෙන ආකාරයේ පොදුවේ භාවිතා කල හැකි ශාලා තුනක් මෙම සබ්මැරීනය සතුය.මෙය ප්‍රධාන නිලධාරීන්ට වෙන්කල ශාලාවකි.
සබ්මැරීනයේ මුළුතැන්ගෙයි දිනකට පුද්ගලයින් 160කට පමණ ආහාර පිළියෙල කෙරේ.
පරීක්ෂකය යොදාගන්නේ සබ්මැරීනය මීටර් 50 ක් හෝ ඊට අවම ගැඹුරක තිබේ නම්ය.
ට්‍රයිඩන්ට් මිසයිලවල ආයු කාලය වසර 30කි.දැනට තිබෙන මිසයිල 2024දී කල් ඉකුත්වේ.
රාජකීය නාවික හමුදා සෙබලෙක් ක්ලයිඩ් නම් නාවික හමුදා කඳවුරේ නවතා තිබෙන විජිලන්ට් සබ්මැරීනය මත සිටගෙන සිටින අයුරු,2016 ජනවාරි 20,රූහ්,ස්කොට්ලන්තය.
විජිලන්ට් සබ්මැරීනයේ පාලන මැදිරියේ සිය රාජකාරිවල නිරතවන නාවිකයන්
වෑන්ගාඩ් පන්තියේ සබ්මැරීන පාලන මැදිරියක සමාකෘතියක් තුල කෘත්‍රිම ගින්නක් අතරතුර පාලන කටයුතු කරන අයුරු පුහුණු වීම.
විජිලන්ට් සබ්මැරීනයේ මිසයිල ගබඩා කර තිබෙන කොටසේ සිටින නාවිකයින්
විජිලන්ට් සබ්මැරීනයෙන් අවි දියත් කරන්නේ මෙතනින්ය.
නාවිකයෙක් මැදිරියකට ගමන් කරන අයුරු
සබ්මැරීනයේ සේවය කරන වෛද්‍යවරයෙක්
සබ්මැරීනයේ මුළුතැන්ගෙය සහ කෝකියෙක්
විජිලන්ට් සබ්මැරීනය තුල නාවිකයන්ට වීඩියෝ ක්‍රීඩා සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
ක්‍රීඩාවක නිරතවන නාවිකයන් දෙදෙනෙක්
නාවික නිලධාරීන්ට ආහාර ගැනීම සඳහා වෙන් කල මැදිරියේ ආවතේව කටයුතු කරන කාන්තාවක්
කුඩා ඉඩක් සහිත තට්ටු ඇඳන්වල නාවිකයන්ට නිදාගැනීමට සිදුවේ.
Source
--------
news.bbc.co.uk
telegraph.co.uk
dailymail.co.uk
businessinsider.com
-HarshaLulzSec-

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් මයිකල් ෆෝලන්(දකුණු පස),විජිලන්ට් සබ්මැරීනයේ අණදෙන නිලධාරි ඩැනියල් මාර්ටින් ඇතුලු පිරිස සබ්මැරීනය මතින් ගමන් කරන අයුරු.

එච් එම් එස් විජිලන්ට් සබ්මැරීනය - HMS VIGILANT
ට්‍රයිඩන්ට් මිසයිල 8ක් සහ එක් මිසයිලයක න්‍යෂ්ඨික අවි ශීර්ෂ 12 බැගින් ගෙන යා හැකි සබ්මැරීන 4ක් බ්‍රිතාන්‍යය සතුය.
ලොව දැනට තිබෙන න්‍යෂ්ඨික අවි ශීර්ෂ ගණන 17,000 පමණ වේ.ඉන් 180 ක් බ්‍රිතාන්‍යය සතුය.
එක් සබ්මැරීනයක් ටොන් 15,900ක් බරය.දිග මීටර් 149.9කි.
එහි තිබෙන මිසයිලයකට නාවික සැතපුම් 4,000ක් දුර ගමන් කල හැකිය.
එහි සිටින කාර්ය මණ්ඩලයේ 168 දෙනාගෙන් පස්දෙනෙක් කාන්තාවන්ය.
සබ්මැරීනවල කිසිදු විදේශීය නාවික හමුදා නිලධාරියෙක් ගමන් නොකරයි.
එහි සිටින පිරිසෙන් 4 දෙනෙක් පමණක් ඕනෑම වෙලාවක ඔවුන් සිටින්නේ ලෝකයේ කවර ස්ථානයක දැයි දනියි.
සබ්මැරීන වාසීන්ට සතියකට වරක් ඔවුන්ගේ පවුලේ උදවියගෙන් වචන 120කට සීමා වූ පණිවුඩයක් හෙවත් ලබාගත හැකිය.
නමුත් සබ්මැරීනයේ සිට තම නිවසට පණිවුඩ යැවීම කල නොහැකිය.
සබ්මැරීන වාසීන්ගෙන් කෙනෙකුගේ පවුලේ අයෙක් මියගොස් ඇත්නම්,සබ්මැරීනය තටාකගත කරන තෙක්/වරායකට පැමිණෙන තෙක් දැනුම්දීම සිදුනොකරයි.
සබ්මැරීනය තුල මාස තුනකට සෑහෙන ආහාර ගබඩා කර තැබේ.බිත්තර 18,000,චොකලට් බාර් 1440ක්,සොසේජස් බෑග් 250ක් ඒවා අතර වේ.
සබ්මැරීන වාසීන් දිනකට දෙවරක් විටමින් ඩී පෙති ලබාගනියි(ශරීරය හිරු එළියට නිරාවරණය නොවන නිසා)
එච් එම් එස් විජිලන්ට් යනු බ්‍රිතාන්‍ය නාවික හමුදාව සතු වෑන්ගාඩ් පන්තියේ තුන්වන සබ්මැරීනයයි.එය පලමුවරට දියත් කලේ 1995 වර්ෂයේදීය.සේවයේ පිහිටුවන ලද්දේ 1996 නොවැම්බර් මාසයේදීය.

ට්‍රයිඩන්ට්-2 මිසයිල රැගෙන යන මෙම සබ්මැරීන ඇණියේ නිවහන වන්නේ ස්කොට්ලන්තයේ බටහිර පෙදෙසේ පිහිටි ෆැස්ලේන් ආශ්රිත බොක්කේය.
කාලයක් විජිලන්ට් සබ්මැරීනයේ අණදෙන්නා ලෙස කටයුතු කල පෝල් ඩන් එහි පාලන මැදිරියේ.
මිසයිල දියත් කිරීමට විධාන ලබාදෙන්නේ මෙම පාලන මැදිරියෙනි.පාලන මැදිරියට ට්‍රයිඩන්ට් මිසයිල දියත් කිරීමට නියෝගය ලැබෙන්නේ ආරක්ෂික සන්නිවේදන ජාලයක් ඔස්සේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා එවන පණිවුඩයකිනි.
න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත මෙම මිසයිල ඒවා දියත් කරන ටියුබ්වල සිරස් අතට අහුරා තිබෙන අතර ඒවා සබ්මැරීනයේ තට්ටු හතරම පසුකරන ගෙන ගමන් කරයි(එක් මිසයිලයක් මීටර් 13ක් උසය ).මෙම න්‍යෂ්ඨික මිසයිලයක් හිරෝෂිමාවට හෙළු පරමාණු බෝම්බය මෙන් 8 ගුණයක් බලවත් බව කියවේ.එහි පරාසය කි.මී. 7400කි.
සබ්මැරීනයේ නාවිකයින්ට නිදාගන්නට සිදුවන්නේ මෙවැනි කුඩා ඉඩකය.මෙම ඉඩහි නවදෙනෙකුට ඇඳන් පිළියෙල කර තිබේ.
මෙහි සිටින නාවිකයා නමින් හෙන්ඩර්සන්ය.ඔහු වසර 16ක් සබ්මැරීන නාවිකයෙක් ලෙස සේවය කර තිබේ.මොහුගේ දීර්ඝතම චාරිකාව සති 13 සහ දින 5කි.අවුරුදු 7ක කාලයක් ඔහු විජිලන්ට් සබ්මැරීනයේ සේවය කර තිබේ.
මෙහි දැක්වෙන ආකාරයේ පොදුවේ භාවිතා කල හැකි ශාලා තුනක් මෙම සබ්මැරීනය සතුය.මෙය ප්‍රධාන නිලධාරීන්ට වෙන්කල ශාලාවකි.
සබ්මැරීනයේ මුළුතැන්ගෙයි දිනකට පුද්ගලයින් 160කට පමණ ආහාර පිළියෙල කෙරේ.
පරීක්ෂකය යොදාගන්නේ සබ්මැරීනය මීටර් 50 ක් හෝ ඊට අවම ගැඹුරක තිබේ නම්ය.
ට්‍රයිඩන්ට් මිසයිලවල ආයු කාලය වසර 30කි.දැනට තිබෙන මිසයිල 2024දී කල් ඉකුත්වේ.
රාජකීය නාවික හමුදාවේ වෑන්ගාඩ් පන්තියේ එච් එම් එස් විජිලන්ට් සබ්මැරීනය සංචාරයක් අවසන් කර යළි සිය රට බලා පැමිණෙමින්.විජිලන්ට් යනු එක්සත් ජනපදය සතු න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මකවන බැලස්ටික් මිසයිල ගෙන යන(ට්‍රයිඩන්ට් න්‍යෂ්ඨික මිසයිල )වෑන්ගාඩ් පන්තියේ සබ්මැරීන හතරෙන් එකකි.