සාදු සාදු... ජීස්ටාර් සහෝදරයා ඔබ නිවැරදි දැක්ම ඇති පුද්ගලයෙක් බව මාහට නිසැකය...
මමත් දන්නා ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් මා මුලසුන ලබා දෙන්නේද අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපානන්ටය...
නමුත් ඊටම නොදෙවෙනි වන තවත් දේශකයාණන් වහන්සේ නමක් මා දන්නේය...
ඔබ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ගැන අසා තිබේද? නොමැති නම් ඒ උන්වහන්සේ ප්‍රසිද්දියට අකමැති නිසාය...
කෙසේ නමුත් ඔබට උන්වහන්සේගේ ධර්ම දේශනා <මෙම වෙබ් අඩවියෙන්> ලබාගත හැකිය...