ව ඝාතනය තහනම් කරමින් ශ්‍රී ලංකා රජය පසු ගිය 07 වන දා යෝජනාවක් සම්මත කළ බවට සමාජය තුල පැතිර යන රාවයේ කිසිදු පදනමක් නොමැති බව වාර්තා වෙයි. එවැනි කිසිදු තහනමක් රජය පනවා නොමැති සේම ගව ඝාතනය තහනම් කිරීමේ නීතියක් ක්‍රියාත්මක කිරීමේ කිසිදු සැළැසුමක් ද රජය සතුව නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.
මෙහි දී සිදුව ඇත්තේ ගව ඝාතනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට වාචිකව දන්වා සිටීමක් පමණි. එහෙත්, මෙය අධිකරණය මඟින් මරණීය දඬුවම නියම කොට ඇති ප්‍රේමලාල් ජයසේකර [චොකා මල්ලී] පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීම, ලංකාගමට පාරක් කැපීමේ මුවාවෙන් ලෝක උරුමයන් වන සිංරාජයත්, ඒ ආශ්‍රිත වැසි වනාන්තර සමූහයත් බරපතල හානියකට ලක් කිරීම සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට සහ වනාතවිල්ලුව රක්ෂිත වන කලාපයකට හානි කිරීම ආදී ක්‍රියා නිසා රජය කෙරෙහි ඇතිවන ජනතා අප්‍රසාදය යටපත් කිරීමේ උපක්‍රමශීලී පියවරක් පමණක් බවට සත්ව හිමිකම් සංවිධාන වලට තොරතුරු ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනුයේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කිසිවෙකුත් විරුද්ධ නොවූ බවයි. එමෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙම යෝජනාව සම්මත කළ බවක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මාධ්‍ය වෙත දන්වා ඇත. කෙසේ වෙතත්, ගව මස් අනුභව කරන්නවුන්ට අගතියක් නොවනු පිණිස ඒවා ආනයනය කිරීමටත්, ආගමික සංස්කෘතික පසුබිමක් තුළ ගව ඝාතන කරන්නවුන්ගේ හිමිකම් උල්ලංඝනය නොවන වගන්ති ද එක් කොට ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමටත් බලාපොරොත්තුවන බැවින් මේ සම්බන්ධයෙන් කිසිම පාර්ශවයක් කලබලයට පත් වියයුතු නැතැයි ද අගමැති වරයා මෙම රැස්වීම අවසානයේ විවිධ පාර්ශවයන් හමුවේ කියා ඇත.
නමුදු මේ සම්බන්ධ වැරදි ජනමතයක් පැතිර යාම නිසා ගව ඝාතනය තහනම් කෙරෙන පණතක් පාර්ලිමේන්තුවේ සම්මතව ඇතැයි යන පුවත් සමාජ ජාල වෙබ් අඩවි තුළින් පවා සංසරණය වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව රජය කෙරෙහි දැනට පවත්නා ජනතා අප්‍රසාදයන් අවම කිරීමට අගමැති වරයාගේ මෙම උපාය මාර්ගය සමත්ව ඇති බව ද සමහරෙක් කියති.
දමයන්ති ගමගේ