නාකි ෆෝම් වෙන මොබයිල් ත්‍රෙඩ්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    තොපිලට කොහෙන්ද මේවා nokia 9500 ❤️

    ඒකාලේ මේවා දැක්කම කට්ටිය අඩනවා යකෝ

    ඒකාලේ word excel වැඩකරපු එකම phone එක

    මට මතක විදියට මම මේක ගත්තේ 2005 වගේ

    vUcYRto.jpeg
    ado thama wadada?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,837
    2
    15,574
    113

    Sony Ericsson වලට එ‍් කාලෙ තිබ්බ ගැම්ම අම්මෝ.

    මට ගෙදරින් මුලින්ම අරන් දුන්නෙ නම් 2007 O/L වලට A10 ක් ගත්ත නිසා Nokia 1200 එකක්. (එ‍්ක තාම වැඩ 🤣) හැබැයි මම හිමින් සැරේ pocket සල්ලි එකතු කරල 2009 දි වගේ Sony Ericsson K770 යක් ගත්තා. එ‍්ක තමයි මගෙ මුල්ම feature phone එක. එ‍්ක කාලයක් හොඳට පාවිච්චි කරා, හැබැයි නිතරම memory card එක කේස් යන ප්‍රශ්නයක් තිබ්බා. තව signal අවුල් අ‍ාවා. ඉතින් එ‍්ක අයින් කරා.

    2010 A/L කරාට පස්සෙ මගෙ ලව් එක සෙට් වුණානෙ. (කලින් කීපයක් තිබ්බා කිස් එකක්වත් දීලා තිබුණෙ නෑ එකකටව‍ත්. Chat only) ඊට පස්සෙ photo එහෙම යවන්න ගෙන්න ගන්න ඕන නිසා Sony Ericsson C510a එකක් ගත්තා. අම්මෝ එ‍්ක තමයි මගෙ උත්තුංග phone එක. කැම්පස් එකේදිත් එ‍්කම තමයි තිබ්බෙ. Smart phone ටිකක් level එකට එනකල් මට touch මගුල්වලට වඩා button හොඳයි කියල හිතුණා.

    C510a එකෙන් තමයි phone එකකින් ගන්න පුළුවන් උපරිම වැඩ ටික ගත්තෙ. එ‍් දවස්වල ‍dongle වල software මළ ජරාවල් නිසා lap එකට එළියෙදි internet පවා ගත්තෙ C510a එකේ Bluetooth/USB cable වලින්. Game ගැහුවා ලෙලි යන්ඩම. එ‍්කෙන් මම එ‍් දවස්වල අ‍ාපු Java games සෑහෙන්න ඉවර කරා. UC browser එක දාගෙන feature phone එකකින් හිතන්නත් බැරි වැඩ කරා. Wikipedia article පවා ගැහුවා. Memes එහෙම හැදුවා. Facebook, email වැඩ සේරම කරගත්තෙ එ‍්කෙන්. UC browser එකේ තිබ්බ 2GB cloud එකෙන් පට්ට වැඩක් ගත්තා එ‍් කාලෙම. වැල site වලින්, facebook එකෙන් එහෙම විඩියෝ convert කරල බා ගන්න එහෙමත් පටන් ගත්තා. එ‍්කෙ play වුණේ 240x320 Mp4 හෝ 3gp විතරයි, හැබැයි විවිධ site වලට දාලා වැඩේ කරගන්න පුළුවන් වුණා. Online-converter.com වගේ නමක් තියෙන site එකක්. Uc browser එකේ තිබ්බ direct download to cloud feature එක නම් සිරාවටම පට්ටම වටිනවා ‍එ‍් කාලෙ.

    කොටින්ම දැනටත් මගෙ tech පැත්තෙ තියෙන දැනුම, ඕනම දෙයක් phone එකෙන් කරගන්න තියෙන හැකියාව එහෙම හැදුණෙ C510a එකෙන්. මොකක් හරි දැක්කම කොහොම හරි කරල uc cloud තිබ්බ උවමනාව තමයි පස්සෙ කාලෙක මම හිතන්නෙ OnaHuptak එක හදන්න පවා මුල් වුණේ. අදටත් ඉස්සර වගේ තමයි, වටින දෙයක් දැක්කොත් අනිවා download එකක් දා ගන්නවා. දැන් නම් ක්‍රම කෝටියක් තියෙනවනෙ.

    පස්සෙ ඉතින් C510a එක මදි වෙන කාලයක් අ‍ාවා.

    2015 කැම්පස් වැඩ තිබ්බ නිසා smartphone එකක් ගත්තා, මළ සාපයක් Huawei G510 කියලා. රු. 19,990 යි සිංගර් එකෙන් ගත්තෙ. එ‍් දවස්වල තිබ්බ temple run එකවත් ගහන්න බෑ හිර වෙනවා. කැමරාව එහෙම ගූ හතයි. එ‍් ලබ්බ root කරල එක එක ROM ගහල පුදුම ගේමක් දුන්නා, සමහර ROM නම් චුට්ටක් fast. කොහොම හරි එ‍් දවස්වල තිබ්බා RAM මදි නම් memory card එකකින් space ගන්න පුළුවන් root app එකක්. උන් කියලමයි තිබ්බෙ memory card එකේ කාලෙ බහිනවා කියල. මම ඉතින් ඉන්ඩ බැරුවට memory card එකට නැතිව phone memory එකෙන් ගන්ඩ දැම්මා. 🤣 දවස් 5 යි ගියේ phone එක boot screen එකෙන් එහාට යන් නැති වුණා.

    ඊට පස්සෙ හදන්න try කරා හරි ගියේම නෑ. Phone එක shape එකේ unroot කරල warranty තිබ්බ නිසා සිංගර් එකටම දුන්නා එකපාරටම මෙහෙම වුණා කියල පචයක් ගහල. උන්ටත් කොහොම හරි සතියක්ම බලල අවුල හොයා ගන්ඩ බැරි වුණා. 😂😂

    අ‍ාතල්ම සිද්ධිය තමයි warranty තිබ්බ නිසා උන් මට කිව්වා වෙන phone එකක් ගන්න කියල 19,990 ට. අර ලබ්බ ගන්න කාලෙ 24,990 නිසා ගණන් වැඩි Samsung Galaxy S duos 2 එක එ‍් වෙද්දි 19,990 ට බැහැල තිබ්බා. ඉතින් එ‍්ක ගන්න සෙට් වුණා. මටත් මාරම happy.

    S duos 2 එක නම් එ‍් කාලෙ හැටියට පට්ට phone එක. හොඳට වැඩ ගත්තා. ටිකක් කල් ගිහින් මට Roar Media එකේ වැඩවල සල්ලි එන්න ගත්තට පස්සෙ Galaxy J7 2015 එකක් ගත්තා. 2022 වගේ වෙනකල්ම පාවිච්චි කරේ එ‍්ක. කොටින්ම ඔය මුල් කාලෙ අමාශ් කාවින්ද ගගා photo දාපු සේරමත් J7 එකෙන් ගත්ත එ‍්වා. 😁

    ඔය කාලෙ පුරාවටම මගෙ Sony Ericsson C510a එක දිගටම වගේ පාවිච්චි කරා. කොරෝනා කාලෙ තමයි එ‍්කෙ display ගිහින්, ගෙන්නන්න විදිහක් නැති නිසා පාවිච්චිය අඩු වුණේ. එ‍්කෙන් මම එ‍් දවස්වල තිබ්බ Java game සෑහෙන්න ඉවර කරා. කොටින්ම එ‍්ක කෙළවුණාට පස්සෙත් Java emulator පවා J7 එකට දාගෙන ගැහුවා.

    පස්සෙ Sony Ericsson වලට තිබ්බ අ‍ාසාව නිසාම මම Sony Xperia XZ3 used එකක් ගත්තා. කාලයක් පුරාම මගෙ main phone එක වුණේ එ‍්ක තමයි. හැබැයි එ‍් ලබ්බෙ signal ටිකක් අවුල්. Bloat ware ත් වැඩියි Japanese market model එකක් නිසා. ROM එකක් ගහල යාන්තම් හදා ගත්තා. කැමරාව, screen එක අරවා මේවා සුපිරි වුණාට කෝල් එකක්වත් හරියට ගන්න බැරි වුණා. ඉතින් J7 එකේ තමයි main sim තිබ්බෙ. අරක wifi වලින් විතරක් පාවිච්චි කරා.

    පස්සෙ කරුමෙට J7 එකේ board එක ගිහින් සාපයක් වුණා. Call ගන්ඩ ඊට පස්සෙ Greentel O40 යක් ගත්තා. ඔහොම ගිහින් ගිහින් තමයි ගිය අවුරුද්දෙ මම දැන් නිතරම වගේ පාවිච්චි කරන Redmi 13C එක ගත්තෙ. එ‍් වගේම යාන්තම් අමාරුවෙන් Ali express එකෙන් C510a display එකක්, keypad එකක් එහෙම ගෙන්නගෙන මගෙ අ‍ාදරණීය Sony Ericsson C510a එක අ‍ායෙ හදා ගත්තා. සේරම full circle වගේ තමයි ඉතින්. 😁

    මේකෙ බැටරි නම් දැන් හොයන්නත් බෑ වගේ. තියෙන එ‍්වත් චොර. හැබැයි වයර් දෙකක් අමුණලා මගෙ Nokia 1200 එකට දාන BL-5C වලින්ම හොඳට game එහෙම ගහන්න පුළුවන්. අවුරුදු 15 ක් විතර තාමත් අ‍ැතුළ සුපිරියටම වැඩ. Speaker එකත් නියමයි. එකම දේ බැටරි ගලවල charge කරන නිසා කරදරයි.

    හැබැයි අදටත් ඉඳල හිටල වගේ එ‍් කාලෙ nostalgic feeling එක ගන්න සුපිරි phone එක. අනික එ‍් කාලෙ මම girlfriend එක්ක එ‍්කෙන් chat කරපු පරණ මැසේජ් තාමත් එ‍් විදිහටම තියෙනවා. කොච්චර කෙල්ලො සෙට් වුණත් එ‍් love feeling එක වෙන අයගෙන් හම්බෙන් නෑනෙ. 😍
     
    Last edited:
    • Like
    Reactions: Gal_banisa

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,574
    2,445
    113
    අනික එ‍් කාලෙ මම girlfriend එක්ක එ‍්කෙන් chat කරපු පරණ මැසේජ් තාමත් එ‍් විදිහටම තියෙනවා. කොච්චර කෙල්ලො සෙට් වුණත් එ‍් love feeling එක වෙන අයගෙන් හම්බෙන් නෑනෙ. 😍

    මේක නම් සිරාම කතාව බං...ඒ මැසේජ් සේව් කරන් ගත්ත ෆීලින් එක ආයේ නම් කවදාවත් ගන්න වෙන්නේ නෑ :yes:
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,705
    2
    1,899
    113
    On a Cloud

    ethakota Range Rover eka gaththe koi kaleda bn????
     
    • Like
    Reactions: Gal_banisa

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    තොපිලට කොහෙන්ද මේවා nokia 9500 ❤️

    ඒකාලේ මේවා දැක්කම කට්ටිය අඩනවා යකෝ

    ඒකාලේ Word, Excel, PowerPoint, PDF වැඩකරපු එකම phone එක

    මට මතක විදියට මම මේක ගත්තේ 2005 වගේ

    vUcYRto.jpeg
    Thiyanawa ban wada na… wada karapu ekak. Me lagadi aiyage podi ewun eka aran kadalaa dekata

    මේක නම් සිරාම කතාව බං...ඒ මැසේජ් සේව් කරන් ගත්ත ෆීලින් එක ආයේ නම් කවදාවත් ගන්න වෙන්නේ නෑ :yes:
    ත්‍රෙඩ් නෙමේනෙ.. සෙන්ඩ් රිසීවු වෙනම එක ගානේ.. ඒකාලෙ මතකයි @a2mdb පෝන් එක දිහා බලන්නෙත් නෑ... තනි අතින් කොටනවා පත හෑලි කෑල්ලට
    ------ Post added on Jul 23, 2025 at 1:22 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Thiyanawa ban wada na… wada karapu ekak. Me lagadi aiyage podi ewun eka aran kadalaa dekata

    ත්‍රෙඩ් නෙමේනෙ.. සෙන්ඩ් රිසීවු වෙනම එක ගානේ.. ඒකාලෙ මතකයි @a2mdb පෝන් එක දිහා බලන්නෙත් නෑ... තනි අතින් කොටනවා පත හෑලි කෑල්ලට
    ------ Post added on Jul 23, 2025 at 1:22 PM
    පල ඩෝ යන්ඩ... අපි ඒ කාලෙ ගෑල් ලමේක් දිහා ඇහැක් ඇරලා බලපු නැති රත්තරං ලමයි..
     
    • Wow
    Reactions: Gal_banisa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,463
    20,962
    113
    Panadura
    sonyericsson-k310.gif

    sonyericsson-k810.gif

    K810i එක නම් තාම තියෙනවා හැබැයි දැන් වැඩ කරන්නේ නෑ බොක්ස් එක, සීඩී එක, මැනුවල් පවා තාම තියෙනවා චාජර් එක විතරයි අඩු
    අම්මයි තාත්තයි අරන් දුන්නේ 2008 දී