නාගනන්ද_නාගනිද

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
නාගනන්ද_නාගනිද

ඔය කොච්චර කයිය ගැහැව්වත් නගානන්ද බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. එයාගේ පවුල ඉන්නේ එහෙ.අනික මෙහා හිතං ඉන්නේ තාම ලංකාවේ ජනාධිපතිධුරය කියන්නේ මහින්ද හිටපු කාලේ වගේ පවර්ස් තියෙන එකක් කියලා. මෙයා දන්නේ නෑ දැන් මේ මයිත්‍රීට වඩා පඹයෙක් වෙන ජනාධිපතිකමකටයි මෙයා තරග කරන්න ඉන්නේ කියලා.

ඊලග ජනාධිපතිට අවශ්‍ය විටක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිවීම, අග්‍රාමාත්‍යවරයාව ඉවත් කළ නොහැකිවීම, ඇමති මණ්ඩලය පත්කිරීම හා වෙනස් කළ නොහැකිවීම, ඇමති ධුර දැරිය නොහැකිවීම ආදී විධායක බලතල ගොඩක් ඇත්තේ නැහැ.ගොඩක් අය තාම හිතන්නේ ජනාධිපතිධුරයට බලතල තියෙනවා කියලා. ඒ ඔක්කොම මයිත්‍රීගෙන් පස්සේ ඉවරයි. එහෙම තමයි 19 වැනි සංශෝධනයේ තියෙන්නේ.

මේ මනුස්සයා මේ කියන දේවල් මොනවත් කරන්න බලතල ඊලග ජනාධිපතිට නෑ. වික්ටර් අයිවන් ගිය සතියේ රාවය පත්තරේ මේක දාලා තිබ්බ.

කැමති නං ඒ ලිපිය කියවන්න.
..
නව ජනාධිපතිවරයකු තේරී පත්වුවහොත් ඔහු තේරී පත්වන්නේ මුළු රටම ඡන්ද කොට්ඨාසයක් බවට පත්කර ගනිමින් පැවැත්වෙන ජනාධිපතිවරණයකින් වුවද ඔහුට හිමිවන්නේ විධායක ජනාධිපතිවරයකුගේ බලතල නොව නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ බලතලය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේදී මේ වෙනස බරපතළ ලෙස පෙනෙන්නට නොතිබුණේ ඔහු තනතුරට තේරී පත්වූයේ විධායක බලය සහිත ජනාධිපතිවරයකු වශයෙන් නිසාය. 19 වැනි සංශෝධනයෙන් විධායක බලතල නමැති තටු කපා හැරීමක් සිදුවුවද යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරයාට මුළුමනින් නොවෙතත් කිසියම් ප්‍රමාණයකට පරණ බලතල භුක්ති විඳින්නට ඉඩ දුන්නේය. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව කරන්නට බැරි දේවල් කරන විටත් විරුද්ධත්වයක් පළකිරීමකින් තොරව ඒවා කරන්නට ඉඩදී අගමැතිවරයා බලා සිටියේය. පළමු ධුර කාලය සඳහා පමණක් ජනාධිපතිවරයාට මහවැලි අමාත්‍යාංශයද තමන් යටතේ තබා ගන්නට ව්‍යවස්ථාවෙන්ම ඉඩදී තිබුණේය. ඒ නිසා මහජනයාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු ලෙස නොපෙනුණේය. ඒ නිසා පරණ ජනාධිපතිට හිමි මහේශාඛ්‍ය පෙනුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද පවත්වාගෙන යෑමට පුළුවන්කම ලැබී තිබුණේය.
එහෙත් ඒ සියල්ල අලුතෙන් තේරී පත්වන ජනාධිපතිවරයාගෙන් අවසන්වීමට නියමිතය. තමන්ට හිමි නියම බලතල මොනවාදැයි සොයා බලන්නට තේරී පත්වන නව ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේය. ජනාධිපතිවරයා සතු බලතල මොනවාද යනුවෙන් විග්‍රහ කරන්නට අධිකරණයටද සිදුවනු ඇත්තේය. තමන් තරග කළේ විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් සඳහා වුවත් තමන්ට ලැබී ඇත්තේ විධායක බලතල රකින නාමමාත්‍රික ජනාධිපති ධුරයක් බව තේරීපත්වූ ජනාධිපතිවරයා සමහරවිට පළමුවරට තේරුම් ගනු ඇත්තේ පදවිප්‍රාප්තියට පසුවය. එය හරියටම පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් සදහා (M.P.) සඳහා තරග කොට ජයගත් පුද්ගලයකුට සාම විනිසුරුකමක් (J.P.) ලැබීම හා සමානය.

යථාර්ථය තේරුම් ගැනීම

ඊළඟට තේරී පත්වන ජනාධිපතිවරයා විධායක බලතල සහිත ජනාධිපතිවරයකු නොව නාමමාත්‍රික ජනාධිපතිවරයෙකි. ඔහුට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. අගමැතිවරයා වෙනස් කළ නොහැකිය. ඇමති මණ්ඩලයද වෙනස් කළ නොහැකිය. දැන් පවතින ජනාධිපති ධුරයේ නියම තත්ත්වය තේරුම් නොගෙන ජනාධිපති ධුරයට තේරී පත්වන පුද්ගලයකු තමන්ට ලැබී තිබෙන්නේ විධායක බලය ඇති ජනාධිපති ධුරයක් නොව නාමමාත්‍රික ජනාධිපති ධුරයක් බව තේරුම් ගත් විට එය දරාගත නොහැකිවී ඒ නිසා ඇති කරගත් කම්පනයෙන් සමහරවිට මරණයට පවා පත්විය හැකිය. නැතිනම් පිස්සකුගේ තත්ත්වයකට පත්විය හැකිය.

සියලු ජනාධිපති අපේක්ෂකයන් සිටින්නේ යථාර්ථවාදී ලෝකයක නොව, මනෝරාජික ලෝකයකය. එය වඩාත්ම අදාළවන්නේ ජනාධිපති ධුරයට තරග කරන්නට අපේක්ෂා කරන ගෝඨාභය, නාගානන්ද, පල්ලෙවත්ත වැනි නවකයන්ටය. ඒ සියලුදෙනා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරන්නට යන දේවල් පිළිබඳව ඔවුන් කියන ලස්සන සුරංගනා කතා දෙස බලන විට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් ජනාධිපතිවරණයක් සඳහා කල්තියා අමුඩ ගසාගෙන සිටියද 19 වැනි සංශෝධනය විසින් ජනාධිපතිවරයාගේ තටු කපා ඔහු විධායක බලය රහිත ජනාධිපතිවරයකු බවට පත්කර තිබෙන්නේය යන කටුක යථාර්ථය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙන බවය. ඒ මූලික සරල දේ ගැනවත් හරි අවබෝධයක් නැති කෙනකු රට ගලවා ගන්නේ කෙසේද?

ගැලවීම ඇත්තේ කොතැනද?-වික්ටර් අයිවන්-රාවය
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Ithin president namata nam mokatada me ratata ekek?
    Nikan uwath nadaththu karanna wenne.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    බිරිතාන්‍ය පුරවැසියෙක් උනාට පොරත් ෂින්හලයෙක් නේ.

    සිරිලන්කික සිංහල, දෙමල, මුස්ලිම් නොවන කෙනෙක්ව තමයි පත් කරන්න ඕනා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Ithin president namata nam mokatada me ratata ekek?
    Nikan uwath nadaththu karanna wenne.

    ශින්හලු වෙනුවෙන් ජාතියන්තරේ පෙනීසිටින්න සොන්නයෙක් ඉන්න ඕනා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ithin president namata nam mokatada me ratata ekek?
    Nikan uwath nadaththu karanna wenne.

    ඔව් ඒක තමයි වික්ටර් අයිවනුත් කියන්නේ. රනිලා නියම ගේමක් ගහලා තියෙන්නේ මේ පාර. තාම ඒක තේරෙනෙන් නෑ මොකෙක්ටවත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔව් ඒක තමයි වික්ටර් අයිවනුත් කියන්නේ. රනිලා නියම ගේමක් ගහලා තියෙන්නේ මේ පාර. තාම ඒක තේරෙනෙන් නෑ මොකෙක්ටවත්

    පොනිල් දන්නවා උට ජනා වෙන්න බෑ කියාල

    උ ගේම ගැහුවා ඒ ජනා ගේ බලේ උට ගන්න

    :rolleyes:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය මොන හු&න්නිගේ පුතා ආවත් අපිට කෙලවන එක විතරයි කරන්නේ... මේ රට ගොඩගන්න බැහැ කවදාවත්.. එදත් අදත් හෙටත් අපි හිගන දියුණු වෙමින් පවතින පො?න රටක්!
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බිරිතාන්‍ය පුරවැසියෙක් උනාට පොරත් ෂින්හලයෙක් නේ.

    සිරිලන්කික සිංහල, දෙමල, මුස්ලිම් නොවන කෙනෙක්ව තමයි පත් කරන්න ඕනා

    මේ මනුස්සයටත් ගෝඨාභයට වගේ ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වෙනවා චන්දෙට එද්දී. අනික කොච්චර කැප කරලා ජනාධිපති උනත් වැඩක් නෑ. ඔය දැන් කියන කිසි දෙයක් කරන්න පවර්ස් නෑ. ඉතිං පිස්සු හැදෙයි ඊට පස්සේ. වික්ටර්ගේ ලිපිය කියවන්න
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පොනිල් දන්නවා උට ජනා වෙන්න බෑ කියාල

    උ ගේම ගැහුවා ඒ ජනා ගේ බලේ උට ගන්න

    :rolleyes:

    ඔව්. ඒකයි දැන් සිරා උනත් කොච්චර ගේම ඉල්ලුවත් රනිලා සද්දේ නැතිව ඉන්නේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය මොන හු&න්නිගේ පුතා ආවත් අපිට කෙලවන එක විතරයි කරන්නේ... මේ රට ගොඩගන්න බැහැ කවදාවත්.. එදත් අදත් හෙටත් අපි හිගන දියුණු වෙමින් පවතින පො?න රටක්!

    මම හිතන්නේ අපේ රටට අලුත් ජන්දදායකයෝ ටිකක් පත් කරගන්න ඕනි ඔක්කොටොම කලින්. :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නාගානන්ද ඉන්ටර්නෙට් සෙන්සේෂන් එකක් විතරයි බන්.
    නිතරම ඉන්ටර්නෙට් යන කොල්ලො කෙල්ලො ටික ඉතිං ඡන්ද දෙවි.
    කවුද දෙන්නෙ වෙන ?
    පොර හැම පක්ෂෙකටම බැන බැන යනවා එත් මෙ රටෙ ඡන්දෙ දිනන්න නම්
    එක්කො යු ඇන් පි එකත් එක්ක එහෙම නැත්තම් මහින්ද රාජපක්ෂගෙ සෙට් එකත් එක්ක සෙට් වෙලා පොදු අපෙක්ෂකයෙක් විදියට එන්න ඔනි.
    නැත්තම් බැහැ.

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ මනුස්සයටත් ගෝඨාභයට වගේ ද්විත්ව පුරවැසිකම ප්‍රශ්නයක් වෙනවා චන්දෙට එද්දී. අනික කොච්චර කැප කරලා ජනාධිපති උනත් වැඩක් නෑ. ඔය දැන් කියන කිසි දෙයක් කරන්න පවර්ස් නෑ. ඉතිං පිස්සු හැදෙයි ඊට පස්සේ. වික්ටර්ගේ ලිපිය කියවන්න

    නාගානන්දගේ ඉන්ටර්වීව් එකකදි කියනවා එයා බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අයින් කරගත්ත කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔය මොන හු&න්නිගේ පුතා ආවත් අපිට කෙලවන එක විතරයි කරන්නේ... මේ රට ගොඩගන්න බැහැ කවදාවත්.. එදත් අදත් හෙටත් අපි හිගන දියුණු වෙමින් පවතින පො?න රටක්!

    ලංකාවේ නොවන එකෙක් රජ වෙන්න ඕනා මේක ගොඩ ගන්න. ලංකාවේ ඉන්න සිංහල, දෙමල, මුස්ලිම් මේ 3 ම ලෝකේ ඉන්න පජාතම සෙට් එක.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නාගානන්දගේ ඉන්ටර්වීව් එකකදි කියනවා එයා බ්‍රිතාන්‍ය පුරවැසි භාවය අයින් කරගත්ත කියල.

    මාත් ඕක දැක්ක. 360 වෙන්න ඕනි. එච්චර කැප කිරීමක් කරලා ජන්දේ දින්නත් වැඩක් නෑ. ඔය කියන දේවල් කරන්න බලයක් නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නාගානන්ද ඉන්ටර්නෙට් සෙන්සේෂන් එකක් විතරයි බන්.
    නිතරම ඉන්ටර්නෙට් යන කොල්ලො කෙල්ලො ටික ඉතිං ඡන්ද දෙවි.
    කවුද දෙන්නෙ වෙන ?
    පොර හැම පක්ෂෙකටම බැන බැන යනවා එත් මෙ රටෙ ඡන්දෙ දිනන්න නම්
    එක්කො යු ඇන් පි එකත් එක්ක එහෙම නැත්තම් මහින්ද රාජපක්ෂගෙ සෙට් එකත් එක්ක සෙට් වෙලා පොදු අපෙක්ෂකයෙක් විදියට එන්න ඔනි.
    නැත්තම් බැහැ.

    ඉන්ටර්නෙට් යන අය දෙන චන්ද වලින් අඩුම ලක්ෂ 5ක් විතර ගත්තොත් ප්‍රධාන පක්ෂ වලින් එන අපේක්ෂකයට ඒක කෙලින්ම බලපානවා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නාගානන්ද ඉන්ටර්නෙට් සෙන්සේෂන් එකක් විතරයි බන්.
    නිතරම ඉන්ටර්නෙට් යන කොල්ලො කෙල්ලො ටික ඉතිං ඡන්ද දෙවි.
    කවුද දෙන්නෙ වෙන ?
    පොර හැම පක්ෂෙකටම බැන බැන යනවා එත් මෙ රටෙ ඡන්දෙ දිනන්න නම්
    එක්කො යු ඇන් පි එකත් එක්ක එහෙම නැත්තම් මහින්ද රාජපක්ෂගෙ සෙට් එකත් එක්ක සෙට් වෙලා පොදු අපෙක්ෂකයෙක් විදියට එන්න ඔනි.
    නැත්තම් බැහැ.

    ඔව්. මම හිතන්නේ ලංකාවේ ජන්ද දායකයන්ගෙන් අති බහුතරය නාගනන්දව දන්නේ නෑ. අර සිද්ධාලේප මුදලාලිට මීට වඩා රැල්ලක් තිබ්බා 2005 දී. එයා ජන්දේ ජනාධිපති උනාම හැම ගෙදෙට්ටම හරකෙක් දෙනවා කිව්වා නිසා ජාත්‍යන්තරයටත් ගියනි. ඒත් මිනිහාටත් මුළු ලංකාවෙන්ම ජන්ද පහළොස්දාහක් හම්බුනේ නෑ.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601

    1. නාගනන්ද කොඩිතුවක්කුට වඩා රොහාන් පල්ලෙවත්ත ඡන්දේ ගනවා. රොහාන් පල්ලෙවත්ත පක්‍ෂයත් හදාගෙන සාමාජිකයොත් බදවගෙන​, රැස්වීම් තිය තිය රට වටේ යනවා . ඒත් නාගනන්ද හැමෝටම් බැන බැන ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ රොහාන් පල්ලෙවත්ත පොහොට්ටුවේ පොදු අපේක්‍ෂකයා වෙයිද කියන එක​. රොහාන් පල්ලෙවත්ත රාජපක්‍ෂලගේ හොද යාලුවෝ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    1. නාගනන්ද කොඩිතුවක්කුට වඩා රොහාන් පල්ලෙවත්ත ඡන්දේ ගනවා. රොහාන් පල්ලෙවත්ත පක්‍ෂයත් හදාගෙන සාමාජිකයොත් බදවගෙන​, රැස්වීම් තිය තිය රට වටේ යනවා . ඒත් නාගනන්ද හැමෝටම් බැන බැන ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ රොහාන් පල්ලෙවත්ත පොහොට්ටුවේ පොදු අපේක්‍ෂකයා වෙයිද කියන එක​. රොහාන් පල්ලෙවත්ත රාජපක්‍ෂලගේ හොද යාලුවෝ

    රොහාන් පල්ලෙවත්ත, පල්ලෙවත්ත ගමරාළලාල්ගේ මයිත්‍රීපාල සිරිසේනගේ ඥාති සහෝදරයා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉන්ටර්නෙට් යන අය දෙන චන්ද වලින් අඩුම ලක්ෂ 5ක් විතර ගත්තොත් ප්‍රධාන පක්ෂ වලින් එන අපේක්ෂකයට ඒක කෙලින්ම බලපානවා.

    ඔය අර ප්‍රතිශතෙ සීන් එක නෙ ?
    ප්‍රධාන අපෙක්ෂකයො දෙන්නාට බැරි උනොත් 50% පන්න ගන්න තුන්වෙනියාට මනාප වැඩිම කෙනාට චාන්ස් එක එනවානෙද ?
    මෙකයි ඉතිං ඉන්ටර්නෙට් එකෙන් නාගනන්ද වගෙම අනිකුත් කන්ටෙන්ට්ස් බලන්නෙ රටින් පිට ඉන්න අය . එක්කො කොරියාවෙ මැදපෙරදිග ඕස්ට්‍රෙලියාවෙ
    රට ඉන්න අයට ඡන්දෙ දාන්න චාන්ස් එකක් දුන්නොත් නම් ඔය තත්වෙ වෙනස් වෙවි සැහෙන්න.
    එත් ඉතිං රට ඇටුහ්ලෙන් මිනිහාට පොඩි ක්‍රවුඩ් එකයි ඉන්නෙ. අනුර කුමාරත් ඔයවගෙම රැල්ලක් හදලා සුළු ප්‍රතිශතයක් ඡන්ද වැඩි කරගත්තා. එත් මෙ පාර ඡන්දෙදි මොකද උනෙ ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව්. මම හිතන්නේ ලංකාවේ ජන්ද දායකයන්ගෙන් අති බහුතරය නාගනන්දව දන්නේ නෑ. අර සිද්ධාලේප මුදලාලිට මීට වඩා රැල්ලක් තිබ්බා 2005 දී. එයා ජන්දේ ජනාධිපති උනාම හැම ගෙදෙට්ටම හරකෙක් දෙනවා කිව්වා නිසා ජාත්‍යන්තරයටත් ගියනි. ඒත් මිනිහාටත් මුළු ලංකාවෙන්ම ජන්ද පහළොස්දාහක් හම්බුනේ නෑ.

    ඉන්ටර්නෙට් එකෙන් බලන්නෙත් ගොඩක්ම රටින් පිට ඉන්න ක්‍රවුඩ් එක නෙ?
    ඒ අයගෙන් පුළුවන්ද වෙනසක් කරන්න.
    මන් හිතන්නෙ නැහැ නාගනන්දට පුළුවන් වෙවි කියලා රටක් ගොඩ ගන්න සහ ඡන්දෙ දිනාගන්න .
    අදහස් දැනුම නම් මන් ගාවත් තියෙනවා. එත් මට ඡන්දෙ දෙවිද මිනිස්සු ?

    රටෙ දැන් සිංහල ඡන්ද ටික බෙදෙන්නෙ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට.

    එකක් එක්සත්ජාතික පක්ෂයට හිතැති පාරම්පරික යු ඇන් පී පාක්ෂික ඡන්ද ටික

    මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපෙට ලැබෙන සිංහල ඡන්ද

    ඉතිං මේ රැලි දෙකෙන් එකක නාගනන්ද සෙට් වෙන්න ඔනි ඡන්දෙ දිනන්න.