සහෝලා අපේ නාගම්මා ගැන වචනයක් කතා කිරීමට හිතුනා. නගම්මා කියන්නේ අපේ ගෙදර House Keeping කරන කෙනා. ඇය ඉතා ප්‍රියමනාපය. පිරිසිඳුය , කඩිසරය. ඇය මාගේ ආච්චිගේ වයසේය. අයට දැන් වයස 67 පමණ වේ.
ඇය ඉතා රසවත් කෑම අපහට උයා පිහා දෙන්නීය. අප නිවස ඉතා අලංකාරව තබා ගනී. ඇය සිටින විට නිවසේ එක කුණු පොදක් නැත. ඇය සාමාන්‍යයෙන් උදේ 6.00 වන විට නිවසට පැමිණෙයි. පැමිණ අප සියලු දෙනාටම තේ සදා දී නිවාස පිරිසිඳු කරයි. ඉන් පසුව අපේ උදැසන ආහාරය පිලියල කරන ඈය අප හට ප්‍රනීත ආහාරයෙන් සංග්‍රහ කරයි. ඉන් පසුව දවල් ආහාරයද පිලියල කර රාත්‍රී ආහාරය ද පිලියල කර අප නිවසින් සවස 8.30 පමණ පිටව යයි. ඇය වෙන අය මෙන් වැඩි වැටුප් ඉල්ලා හම්පුතුන්ව සුරා නොකයි. ඇයට ඉල්ලා සිටින වැටුපද ඉතා සාධාරණය . එය රුපියල් 18500 කි. අය සිටින නිසා රැකියාවක යෙදෙන අපේ අම්මාටද මහත් සහනයකි.
ඉතින් සහෝලා ඇය පිලියල කරන ලද ආහාරයක කොටසක් පෙන්වන්නම්. ඇය අද අපිට තොසේ හදලා ගිහින්. අක්කටයි මටයි හදල දීලා ගියා.
Last edited:


