නාට්සින්ට එරෙහි වූ යෞවනිය : ලෙපා රාඩිච්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නාට්සින්ට එරෙහි වූ යෞවනිය : ලෙපා රාඩිච්

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අණ පරිදි නාසි සෙබලුන් විසින් අනුකම්පා විරහිත ව මරු තුරුලට යවන ලද තරුණ ජීවිත ප්‍රමාණය ගණනය කිරීම අතිශය අපහසු කටයුත්තක් බව පැවසීම බොරුවක් නොවෙයි. ඒකාධිපති ලේ පිපාසිතයෙකුගේ සිහිනයක් සැබෑ කරනු වස් එසේ අකාලයේ ලොවට අහිමි වූ තරුණ තරුණයින්ගේ නම් ඇතුළත් ලේඛනයක් සකස් කළහොත් ‘ඈන් ෆ්‍රෑන්ක්’ යන්න එහි ඉහළින් ම වැජඹෙන නාමයක් බවට පත් වන බවට සැකයක් නැහැ. නමුත් මේ ලිපිය ඈන් ෆ්‍රෑන්ක් ගැන නොව ඇගේ නාමය ආසන්නයෙන් ම සටහන් විය යුතු තවත් නමක හිමිකාරියක් පිළිබඳ ව යි.
    දා හත් හැවිරිදි වියේ දී ලෙපා රාඩිච් නම් යුගොස්ලෝවියානු ජාතික යෞවනිය, බොසන්ස්කා කෘෘපා නුවර දී අවසන් සුසුම පවනට මුසු වන තුරු ප්‍රසිද්ධියේ එල්ලා තබන්නේ ඇය සිය ගණනක් වූ අහිංසක ජීවිත බේරා ගැනීම උදෙසා නාට්සින්ට එරෙහි ව සටන් කිරීම හේතුවෙන්. පසු කාලීන ව ජාතික වීරවරයක් ලෙස නම් කරන ලද ලෙපා රාඩිච්ගේ වික්‍රමාන්විත කථාන්තරය යි මේ.
    v-ssdvsdPicture-1-547x720.jpg

    © Wikimedia Commons

    යුගොස්ලෝවියාවේ උපන් වීරවරිය

    1925 දෙසැම්බර් 19 වැනි දින ලෙපා ස්වෙටොසාරා රාඩිච් උපත ලබන්නේ යුගොස්ලෝවියානු රාජධානියේ (වර්තමානයේ දී බොස්නියා සහ හර්සගොවීනා) බොසන්ස්කා ග්‍රාඩිෂ්කා නුවර ආසන්නයේ පිහිටි ගාස්නිට්සා නම් ගම්මානයේ දී යි. අසල්වැසි බිස්ට්‍රිට්සා ගම්මානයේ පිහිටි පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඇය උසස් අධ්‍යාපනය හැදැරීම සඳහා ඇගේ වැඩිමල් සොයුරිය වූ ඩාරා ද සමග බොසන්ස්කා කෘෘපා නුවර පිහිටි පාසලකට ඇතුළත් වෙනවා. අනලස් සිසුවියක් වූ ඇය, පොත්පත් කියවීම ප්‍රිය කළ අයෙක්. එසේ ම කම්කරු වෘත්තීය සමිතීන් හි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ව්ලඩේටා රාඩිච් නම් ඇගේ මාමාගේ ආභාෂය ද මේ කාලයේ දී ඇයට නොඅඩු ව ලැබුණු බව සඳහන්.
    දෙවැනි ලෝක සංග්‍රම සමයේ දී ජර්මනිය ඇතුළු අක්ෂ පක්ෂය (axis party), සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම සඳහා සැලසුම් සකස් කළ අතර එය හඳුන්වන ලද්දේ ‘බාබරෝසා මෙහෙයුම’ ලෙස යි. එය සාර්ථක කර ගැනීමේ එක් පියවරක් ලෙස 1941 අප්‍රේල් 6 වැනි දින ඇඩොල්ෆ් හිට්ලර් යුගොස්ලෝවියාව ආක්‍රමණය කළ අතර ලෙපා රාඩිච්ට වීරවරියක් ලෙස නැගී සිටීමට පදනම සපයන ලද්දේ මෙම සිදුවීම බව යි මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ. යුද පෙරමුණේ දී නාට්සින්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරයන්ට මුහුණ දෙන යුගොස්ලෝවියාව කෙටි කලකින් ම පරාජයට පත් වී නාට්සින්ගේ පාලනයට නතු වෙනවා.
    vsdvvvvPicture-2-540x720.jpg

    © Wikimedia Commons

    දෙවැනි ලෝක සංග්‍රම සමයේ දී

    සිය මාමාගේ මග පෙන්වීම අනුව යමින් පහළොස් හැවිරිදි ලෙපා රාඩිච්, SKOJ හෙවත් යුගොස්ලෝවියානු තරුණ කොමියුනිස්ට් ලීගය සහ යුගොස්ලොවියානු කොමියුනිස්ට් පක්ෂය සමග එක් වන්නේ මේ කාලයේ දී යි. 1941 අප්‍රේල් මාසයේ දී සිදු වූ යුධ කටයුතුවලින් අනතුරු ව නාට්සින්ට එරෙහි ව කැරැල්ලක් සංවිධානය වන බව ලෙපා රාඩිච්ට දැන ගැනීමට ලැබෙන අතර ඒ සඳහා අවැසි ආයුධ එක් රැස් කිරීමට ද ඇය උපකාර කර තිබෙනවා.
    1941 ජූලි මාසය වන විට ඇගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු නාට්සින්ට එරෙහි ව සටන් වැදීම සඳහා කැරලිකරුවන් සමග එක් වන නමුත් 1941 නොවැම්බරයේ දී ලෙපා ඇතුළු රාඩිච් පවුලේ සියලු ම සාමාජිකයින් ව අත්අඩංගුවට ගැනීමට උස්ටාෂා-ක්‍රොඒෂියානු විප්ලවවාදී ව්‍යාපාරය (යුදෙව්වන් ඝාතනය කිරීමේ යෙදුණු ක්‍රොඒෂියානු ව්‍යාපාරයක්) සමත් වෙනවා. නමුත් රහසින් ක්‍රියාත්මක වූ පක්ෂ සාමාජිකයින් විසින් දින විස්සකට පසු ව ග්‍රාඩිෂ්කා හි පිහිටි උස්ටාෂා බන්ධනාගාරයෙන් ලෙපා රාඩිච් සහ කැරලිකරුවන් පිරිස බේරා ගත් බව සඳහන්.
    vsdvvvPicture-3-680x453.jpg

    © World War Two Group / Google Plus

    අත්අඩංගුවෙන් බේරී පැමිණි ලෙපා සහ ඩාරා රාඩිච්, 1941 දෙසැම්බර් මාසයේ දී නාසි විරුද්ධවාදීන් හා එක් වන්නේ සටන්කරුවන් ලෙස යි. කෙටි කාලයක් හෙදියක් ලෙස ද කටයුතු කරන ලෙපා රාඩිච්, යුද පෙරමුණේ දී තුවාල ලබන සෙබලුන් ව ආරක්ෂිත ස්ථාන කරා ප්‍රවාහනය කිරීමට ඉදිරිපත් වී ඇත්තේ ස්වේච්ඡාවෙන්. බාධාවකින් තොර ව ඇය වසරක පමණ කාලයක් තුවාල ලද සෙබලුන් ප්‍රවාහන කිරීමේ යෙදෙනවා.
    අවසන් සුසුම පවනට මුසු වන තුරු එල්ලා මරනු!

    නමුත් 1943 පෙබරවාරි මාසයේ දී අක්ෂ පක්ෂයට හසු නොවී පලා යාමට තැත් කරන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකුට උපකාර කරමින් සිටිය දී ලෙපා රාඩිච්, නාට්සින්ගේ ග්‍රහණය නතු වෙනවා. වහාම ක්‍රියාත්මක වන ඇය, තමන් සතු වූ පතරොම් අවසන් වන තෙක් ඔවුන්ට වෙඩි තැබුව ද ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යාමට ඇයට හැකි වන්නේ නැහැ.
    ලෙපා රාඩිච් ව අල්ලා ගැනීමෙන් පසු ව නාට්සින් ඇය ව එල්ලා මැරීමට තීරණය කරන අතර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පෙර දින තුනක කාලයක් ඇය ව රඳවා තබා ගනිමින් වද හිංසාවට ලක් කරන නාට්සින්ගේ අරමුණ වන්නේ ඇය සතු තොරතුරු සියල්ල ලබා ගැනීම යි. නමුත් වද හිංසාවන් හමුවේ නොසැලුණු ලෙපා රාඩිච්, ඇගේ ප්‍රධානීන් ගැන තොරතුරු කිසිවක් හෙළි නොකළ බව යි සඳහන් වන්නේ. ඇය ව එල්ලා මැරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ දී ඇය නිර්භය ව ප්‍රකාශ කර ඇත්තේ “මම කිසිම විටෙක මගේ ජනතාව පාවා දෙන ද්‍රෝහියෙක් නොවෙයි. ඔබ යම් පුද්ගලයෙකු පිළිබඳ ව තොරතුරු හෙළි කරන්න යැයි මට බල කරනවා ද ඒ සෑම පුද්ගලයෙක් ම, ඔබලා වැනි පව්කාරයින් ව සහමුලින් ම තුරන් කර ජයග්‍රහණය අත් කරගත් දිනෙක ඔවුන් විසින් ඉදිරියට පැමිණෙනු ඇත” යන්න යි.
    vsdvdvPicture-4-546x720.jpg

    © Pinterest

    තම ජනතාව වෙනුවෙන් සටන් කළ 17 හැවිරිදි ලෙපා රාඩිච් නම් නිර්භය යෞවනිය ව 1943 පෙබරවාරි 11 වැනි දින බොසන්ස්කා කෘෘපා නුවර දී ප්‍රසිද්ධියේ එල්ලා මරණයට පත් කරන ලද අතර ඇය විසින් සිදු කරන ලද සේවය අගයමින් යුගොස්ලෝවියානු රජය විසින් 1951 දෙසැම්බර් 20 වැනි දා ඇය ව ජාතික වීරවරියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.


    Roar
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    No matter how cruel it seems, Hitler killed Jews out of necessity.

    Much like the Muslims today, Jews were dominating the Europe back inn early 1900s. They were fucking and pumping babies like rabbits.

    Getting rid of Jewish scum was in fact necessary.