නාථ දෙයියන් ආසනික් කෑවාද? කැවුණාද?
ආසනික් සම්බන්ධ ප්‍රශ්නයක් උද්ගතව තිබේ. මුලින්ම එය ආවේ කෘෂි රසායනවල ආසනික් අඩංගු බවට ගෙනා මතයක් සමගින්ය. රේගුව විසින් ආසනික් සහිත යැයි සැක කළ කෘෂි රසායන අඩංගු කන්ටේනර් 11ක් රඳවා ගනු ලැබීය. අනතුරුව රජරට සහල්වල හා ජලයේ ආසනික් අඩංගු බවටත් ප්‍රකාශ විය. රජයේ නිලධාරීන් මේ මත ප්‍රතික්ෂේප කර තිබේ.
ආසනික් ආවර්තිතා වගුවේ 33වන මූලද්‍රව්‍ය වන අතර එය ලෝහ අලෝහ උභය ගුණ දක්වන්නකි.
ක්‍රි.ව. 300පමණ කාලයේදී ආසනික් භාවිත කළ බවට තොරතුරු ඇත. සොක්රටීස් මිය ගියේ ආසනික් අඩංගු ජලය පානය කිරීමට දීමෙන් යැයි මතයකි. ආසනික් මූල ද්‍රව්‍යයක් ලෙස වෙන් කර ගෙන තිබෙන්නේ 1250දී පමණය.
මීට දශක කිහිපයකට පෙර ආසනික් ඍජුවම වල් හා කෘමීන් මර්දනයට යොදා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේද රබර් වගාව ආශ්‍රිතව ආසනික් භාවිත කරන ලද බව සැලකේ. කෙසේ වෙතත් ආසනික් විෂ සහිත වීම නිසා එම භාවිතය අත්හිටුවනු ලැබීය. එහෙත් ඉන් අනතුරුවද ආසනික් සක්‍රිය ද්‍රව්‍ය වූ පලිබෝධනාශක භාවිත විය. ආසනික් සක්‍රිය ද්‍රව්‍ය වූ පලිබෝධ නාශක යනු පලිබෝධනාශක යෙදීමෙන් අදාළ අරමුණ ඉටු කරන ප්‍රධාන ද්‍රව්‍ය ආසනික් වීමය. 2001දී එවැනි කෘෂි රසායන ගෙන්වීම අත්හිටුවන ලද අතර ආසනික් සක්‍රිය ද්‍රව්‍ය නොවූ පලිබෝධනාශක ගෙන්වීම පනත මගින් අත්හිටුවා නැත.
ආසනික් ශරීර ගත විය හැකි ප්‍රධාන ක්‍රම වන්නේ ආහාර,ජලය සහ වාතය මගින්ය. කෙසේ වෙතත් ඉතා සුළු වශයෙන් නිතිපතා ආසනික් ශරීර ගත වන බව පොදු පිළිගැනීමය. ඇතැම් විට ස්වාභාවිකවම ජලයේ ආසනික් අන්තර්ගත විය හැකිය.
ලංකාවේ ආසනික් ප්රශ්නය කරලියට ආ ආකාරය ගැන මිතුරකු මට පැහැදිලි කළේ මෙසේය.
"මචං ඉස්සර වෙලාම ආසනික් එක්ක හාල් කැවිලා තියෙන්නේ නාථ දෙයියන්ට. උන්නාන්සේ ඒක කවුදෝ ස්ත්‍රියාවකට කිව්වාලූ. ඒ ගෑනු කෙනා ඒක නලින්ද සිල්වා මහත්තයාට කිව්වාලූ"
නාථ දෙයියන්ට කැවුණු හාල්වල ආසනික් අඩංගු වුවත් නැතත් රජරට සහල්වල ආසනික් අඩංගු නැතැයි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ නිමල් දිසානායක මහතා කියයි. ඔවුන් පවසන්නේ නලින්ද සිල්වා ඇතුළු ජාතික බලවේග නාථ දෙයියන් සමග එක්ව ආසනික් සොයා ගත් ක්‍රමවේදය ඉදිරිපත් කළ යුතු බවයි. මේ දක්වා එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පෙන්වා දෙන අන්දමට කෘෂිරසායන 28කින්ම සුළු වශයෙන් ආසනික් අඩංගුව තිබෙන්නේ දෙකක පමණි.
ආසනික් ප්රශ්නය සමාජ ගත කළේ ආණ්ඩුවේ ජාතිවාදී කල්ලියයි. රතන හිමියන් මාධ්‍ය හමුවක් පවත්වා ආසනික් ත්රස්තවාදයක් ගැන දේශනා කළේය. ඇතැමුන් ආසනික් සමග එන බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන බිරුසන් දුන්නේය. ආණ්ඩුවේ එම කල්ලිය ආසනික් ත්‍රස්තවාදයෙන් රටම භීතියට පත් කළේ චැනල් 4,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය,බෑන් කි මූන්ගේ කමිටුවේ වාර්තාව ආදී ජාත්‍යන්තර බලපෑම් සමග එකම වර්ගීකරණයකට දමමින්ය. ඒ නිසා ආසනික් පසුපස ඇති ජනතාව දෙසට එල්ල වී තිබෙන දේශපාලන අවිය සමාජයේ අවධානය යොමු විය යුතුය.
නලින්ද සිල්වා මහතා ඇතුළු ආසනික් ඇති බව කියන කණඩායම අවධාරණය කරන්නේ තමන් විසින් කරන ලද පරීක්ෂණවලදී සිය මතය තහවුරු වූ බවයි. මෙවැනි ප්‍රශ්නයක් ආ විට වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා වඩා නිවැරදි තොරතුරු සමාජගත කළ යුතුය.
ආසනික් නැතැයි කියන්නේ කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු පිරිසකි. ඔවුන්ද ආණ්ඩුවේමය. විවිධ විද්වතුන් විසින් දක්වනු ලබන මත පසෙක තිබියදී මෙම ප්රශ්නය ආණ්ඩුව තුළ සිටින කල්ලි සිය පැවැත්ම රැක ගැනීමේ පිදුරු ගසක් බවට පත් කර ගෙන තිබේ. මේ නිසා පීඩාවට පත්ව සිටින්නේ අහිංසක ජනතාවයි.
ආසනික් හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවේ නැත. ජලයේ හෝ සහල්වල ආසනික් අඩංගු නම් එය ඉතා බරපතළ තත්වයකි. රජරට ඉතා දරුණු ලෙස පැතිර යන වකුගඩු රෝගයට සැබවින්ම ආසනික් බලපාන්නේ නම් ඒ පිළිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම රජයේ බලධාරීන්ගේ වගකීමකි. ආසනික් ඇතත් නැතත් දැන් වසර ගණනාවක සිට රජරට ජනතාව මිය යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවට කිසිසේත්ම හැකියාවක් නැත. මීට පෙර ඇලූමිනියම්,කැඩිමියම්,නීලහරිත ඇල්ගී ආදී හේතුකාරක රැසක් වකුගඩු රෝගයට හේතුව ලෙස ඉදිරිපත් කෙරුණද මෙතෙක් ඒ කිසිවක් ගැන පොදු එකඟතාවක් නැත.
ඒ නිසා ආසනික් ත්‍රස්තවාදියකු මවන්නේ හෝ ආසනික් ත්රස්තවාදයට යට වන්නේ නැතිව ඇත්ත කුමක්ද යන්න පිළිගත හැකි සාධක සහිතව සමාජය හමුවේ තැබීමේ වගකීම ආණ්ඩුවට තිබේ. එසේ නැතිව, පාං පිටි ත්‍රස්තවාදය සේ මාධ්‍ය හරහා යුද්ධ නොකළ යුතුය.