නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගො&#350

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගො&

    මෙම ලිපිය උපුටා ගන්න ලද්දේ http://buwagesithuvili.blogspot.com/2011/09/blog-post_12.html

    මෙම ලිපිය උපුටා දැක්වුවත් මම නාථ දෙවියන්ට හෝ කිසිදු දෙවිකෙනෙකුට අවමන් නොකරමි. නාථ දෙවියන්ට කෙරෙන සැබෑ අවමානය වන්නේ මෙවැනි බොරු (lankaCnews හි ලිපිය ) කියා දෙවියන් ගේ තත්වය පහල දැමීමෙනි.




    ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල් වනාහි අතිශයින් සාමාන්‍යය දෙයකි . දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම් ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි දේශප්‍රේමී සී නිවුසිය තවත් සුපිරි වර්ගයේ ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා මේ ලියන මොහත වන විටත් ලිපිය කියවූ පසු ඇතිවූ සිනහව නවතා ගත නොහැකිය

    ආසනික් කථාවෙන් කල එලි බැසි නාථ දෙවියන් මෙවර ගේමට බසින්නෙ ලෝක විනාශයට ආසන්න කේස් එකක් සමඟින්ය . කලින් වතාවේ ගෙනා ආසනික් කතන්දරේ තවමත් එක තැන කැරකෙත්දී මෙවර ගෙන එන්නේ වඩාත් බරපතල සීන් එකක්ය . මේ දෙවියන් සැහෙන ප්‍රමාණයක් සමඟින් ගනුදෙනු කරනා පුද්ගලයෙකු සමඟින් සී නිවුසිය කල කථා බහකි

    මෙතනින් අදාල ලිපියට පිවිසෙන්න


    මුලු ආතල් එකම ගැනීමට ඔබ ලිපිය දෙතුන් වථාවක් කියවිය යුතුමය . මා පහතින් මතු කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කැලි පමණය

    "සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා"


    කාල වරෙන්කො ... සක්‍රයටයි වයිමාටයිත් වඩා පොරවල් ඉන්නවනේ බලාන ගියාම


    උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් ‍බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.



    දෙවිය ලොකේත් මෙහෙ වගේමයි ..ප්‍රමෝෂන් එහෙමත් තියෙයි . හැබැයි ඉතින් මෙහෙ හොඳයිනේ . මොකද සුදුසු කම් නැතත් පෝස්ට් වල ගිය හැකිනේ ??


    ආ... තව එකක් ඔච්චර බල ගතු නාථ දෙවියන් ගැන අපේ බෞද්ධ සාහිත්‍යයෙ පැරණි කථාවල සඳහන් වෙලා නැත්තේ මොකෝ දන්නේ නැනේ



    සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
    භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්‍ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.

    සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?

    භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

    අපරාදේ මහින්ද මහත්තය කොහේවත් යන පොන්සේකෙක් දාගෙන යුද්ධ කලේ , අන්තිමේදී තමන්ට වාතයක් කරගන්න . අපිට දිවිය ලෝකෙනුත් සප් එක තිබුන එකේ ෆොන්සේකා තියා ශවෙන්ද්‍ර සිල්වා මහත්තය නැතුව උනත් යුද්ධේ ගොඩ දාගන්න තිබුනා :yes::yes:

    අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.



    එක්සත් ජාතිගේ සැසිය අද , ඕං සම්බාධක එහෙම දානවලු . පිටරට කොම්පැනිවල වැඩ කරන උන් වෙන ජොබ් හොයා ගනිල්ලා . ඉගෙන ගන්න උන් අතැරල දාපල්ලා . වැඩක් නැ ජොබ් ගන්න වෙන්නෙ නැ . එලවලු එහෙම වවන්න පටන් ගනිල්ලා
    සෙල්ලං නැ ඕං , මේ නාථ දෙවියන්ගේ අනාවැකියක්


    ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ



    අප්පා අයිටීන් එකට බඩු ... කට්ටියම පිරිත් කියනවනෙ . පිරිත් පොත් විකිණිල ඉවර වෙන්න කලින් ඉක්මනට එකක් ගන්න වෙයි


    ම්ම්..........අර බුදු රැස් සුදු පාට පිලිම වලින් , ගල්විහාරේ වගේ ගල් පිලිම වලින් විදිදුනේ නැත්තේ , මොකෝ දන්නේ නැ , සම්‍යක් දෘෂ්ටික දෙය්යන්ට සුදු පාට පිලිම අකැපද දන්නෙ නැ . ඔය කාලේදි පේරදෙනිය කැම්පස් එකේ ලෙචාල සෙට් එකක් ප්‍රොජෙක්ටරයක් ආධාරයෙනුත් අපිට බුදු රැස් පෙන්නුවා සෙමිනා එකකදි . සම්‍යක් දෘශ්ටික දෙවිවරු බටහිර විද්‍යාවෙන් හොයාගත්ත කොම්පීතර, ප්‍රොජෙක්ටර වලට එහෙමත් බලපානාවද දන්නේ නැ



    etc...........................





    ඔබට සම්පූර්ණ ලිපියේ වැඩියෙන්ම හිනා ගිය කොටස කුමක්ද ? පත් ඉරුවක ලියා දේශීය ක්‍රමයට හංසයෙකු (සමාවෙන්න , හංසයා නෙවෙයි පරවියා ) අතේ අප වෙත එවන්න . ඔබ හිතන කොටස අප හිතන කොටසට සමාන නම් වටිනා ත්‍යාගයන් පිරිනැමේ . කුසපත් ඇදීම සම්‍යක් දෘශ්ටික දෙවිවරුනේ මූලිකත්වයෙන් තව්තිසාවේදී සිදුවන අතර . පලමු ජයග්‍රාහකයාට තව්තිසාවේ දින 7ක සවාරියක්ද, දෙවැන්නාට නාථ දෙවියන් විසින් රචිත පිරිත් පුස්ථකයක්ද . තුන් වැන්නාට ආසනික් රහිත දේශීය වල් නාශක කුප්පියක්ද හිමිවේ . ඉක්මන් කරන්න මේ දීමනාව . මේ සම්‍යක් ශෘෂ්ටික දෙවිවරුන් සෙට් එක පෝස්ට් වල ඉන්නකන් පමනයි
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සයිට් එක හිට් කරගන්න ගහන කෙබරනේ බං ඔය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය දාල තියෙන කෙනා හින්ද නමි නෙමේ ඔය නාථ දෙවියන් නැත්තන් මතු බුදුවන බෝධිසත්වයන් අපේ බුද්ධ සාසනේ ගැන නමි බලනව කියන කතාව විහිලුවක් නෙමේ :no:

    එය කතාව ඉස්සෙල්ලාම මතු වෙන්නෙ බලංගොඩ ආනන්ද මෛති හාමුදුරැවන්ගේ දේසනා වලින්. මම හිත්න්නෙ මේකේ කවුරැවත් ආනන්ද මෛති හාමුදුරැවන්ගේ පොත් කියවල ඇති. ඒවගේම උන්වහන්සේ පවසුවෙ ඇත්ත කියල වස්වාස කරනව. උන්වහන්සේ වදාරන පරිදි අනගාරික ධර්මපාලතුමා ,හෙන්රි ස්ටිල් ඔල්කටිතුමා සහ උන් වහන්සේ (තවත් කෙනෙක් හිටිය වගේ මතකයි නම හරියට මතක නැ ) දෙවිලොව සිට පැමින බුද්ධ සාසනේ බෙිර ගන්ඩ ,මතු බුදුවන බෝධිසත්වයන් එවපු පිරිස.
    මම කියන්නෙ නාථ දෙවියන් උපහාසයට ගන්ඩ එපා, ‍ඔය ආටිකල් එක ගිහිනුත් දැන් සතිගානක්,
    ඒත් කවුරැවත් නාථ දෙවියන් නැත්තන් මතු බුදුවන බෝධිසත්වයන් අපේ බුද්ධ සාසනේ,රට රකිනව කියන කතාවනමි අවිස්වස කරන්ඩ එපා.:yes:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,523
    113
    දැං ඔය හිනාවෙන එක්කෙනා ඔය සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්න කෙනෙක්ද? මොනාද එයාට ඔය භාවනානුයෝගියා කියල තියෙන දේවල් විවේචනය කරන්න තියෙන සුදුසුකම්? දැනගන්නයි අහන්නෙ.... :)